‘මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කිරීමට මා ඕනෑම වෙලාවක කැමතියි. නමුත් එය කියන තරම් ලේසි නෑ. එහෙම කළොත් සමහරවිට ආණ්ඩුවත් පෙරළෙයි. අරක්කු සිගරට් බොන අය ඒ තරම් ප්‍රබලයි.‘ මෛත්‍රිපාල සිරිසේන ජනපති කෑගල්ලේදී අද එසේ ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමක් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී අමතමින් ජනපති එසේ කීවේය.
ඕනෑම වේලාවක මත්ද්‍රව්‍ය තහනම් කිරීමට ජනපති සූදානම් යැයි කී විට සභාවේ සිටි අය අත්පොළසන් දී සතුට පළ කළහ. ජනපති එවිට පැවසූයේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි වලින් රජයට වාර්ෂිකව රුපියල් කෝටි 11,500 ක බදු ලැබෙන බවයි.
මත්ද්‍රව්‍ය වලින් කෝටි 6000 ක්ද දුම්වැටිවලින් කෝටි 5500 ක් ද බදු රජයට ලැබෙන බව ජනපති කීවේය.
කළ යුතු හොඳම දේ මතට හා දුමට ඇබ්බැහි වූවන්ද ඇබ්බැහි නුවූවන්ද දැනුවත් කර ඔවුන් ඉන් වළක්වා ගැනීම බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව රැකගන්න එකද රට රැකගන්න එකද ලොකු? අනේ අපිත් ඡන්දෙ දුන්නනේ! (නි)
මත්පැන් පාවිච්චි කිරීම හෝ නොකිරීම ජනයාගේ නිදහස් අදහස් අනුව විය යුතුය (ම)
රට දැය විනාස කරනු ලබන දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පිලිලක්සේ පැතිර ඇති කුඩු වසංගතය මැඩලීමට වහාම පියවර ගතහොත් නව රජය ජනප්‍රසාදයට පත්වනවා නොඅනුමානය. (ර)
අමාරුකම් බැරිකම් කියන්න වෙලාවක් ඉතිරිවෙලා නෑ රටට ... ආර්ථිකය සහ සමාජය ගොඩනංවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගමු.. රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේද? යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ කෙසේද? රටේ අධ්‍යාපනය රට සංවර්ධනය කිරිමට යොදාගන්නේ කෙසේද? මේවා ගැන පියවර ගමු (ම)
ඕක තියාගෙන හිටියත් අපට ඇති සෙතේ කුමක්ද ? (බ)
අපේ රට සංවර්ධනය කරනවානම් ඩුබායි රටෙන් ගතහැකි දේ බොහොමයි පහුගිය දශකය තුළ දැවැන්ත සමාජ සංවර්ධනයක් අපි අත්විඳිමින් සිටිමු ඔවුන් නුතන තාක්ෂණය සමාජ සංවර්ධනය යොදාගෙන ඇති ආකාරය ලෝකයටම ආදර්ශයක් (බ)
අපි ඔබතුමාගෙන් ඍජු තීරණයක් බලාපොරොත්තු වෙනවා (නි)
සෞඛ්‍ය ඇමැති කාලේ ඉටුකර ගන්න ඉඩ දුන්නේ නැති බවට පසුගිය රජයේ ප්‍රබලයින්ට දොස් කියා ස්ටේජ් වල කෙඳිරි ගාපු හැටියට මම නම් හිතුවේ ජනාධිපති වෙලා මේ වෙනකොට දුම්වැටි සහ මත්පැන් සම්පුර්ණයෙන්ම නතර කරාවි කියල. (බ)
ඇමැති කාලෙත් බැරි වුනා. ජනාධිපතිවෙලත් කරගන්න බෑ. (බ)
නෑ, බෑ, අනේ අපොයි, අහෝ, එහෙම කළොත් මෙහෙම වෙයි, මෙතුමා කථා කළොත් අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා විතරයි. මෙහෙම කෙනෙකුගෙන් රටට කුමක් සිදුවෙයිද අපි නොදනිමු. නමුත් හංසයාට ඡන්දය දුන් (දැන් කවුරුත් නොදුන් ගානට සිටින) ලංකාවේ රැල දන්නවා විය හැක. (බ)
ගංජා නිළරථයේ තිබු හමු වුන මහඇමති තුමත් ඔය ඉන්නේ...(රේ)
වාරිමාර්ග ඇමති වෙලා කෘෂිකර්මය ජීවිතය උෟ රජරටට කිසිම දෙයක් නොකරපු, සෞඛ්‍ය ඇමැතිවෙලා රජරට වකුගඩු රෝගීන්ට මොකුත් නොකරපු මෙතුමා, බෑ කිය කියා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (රේ)
බැරිනම් ඕක ළමයෙකුට දෙන්න.(රේ)
මත් වතුර සහ මත් ද්‍රව්‍ය වලින් ලැබෙන අදායමට වඩා වැඩි මුදලක් මෙම දේවලින් ලෙඩ වන අයට බෙහෙත් කරන්න වියදම් යනවා. එම නිසා මෙම විනාසකාරී වස අනිවාර්යයෙන්ම අපේ රටෙන් තුරන් කළ යුතුයි. ජනධිපතිගේ මෙම කතාව ගැන මම ඉතාම කනගාටු වෙනවා.(හේ)
ඒ කියන්නේ මතයි ආණ්ඩුවයි දෙකම ඕනි.(හේ)
තව කුඩු ගෙන්වන කීප දෙනෙකුටත් එතනෝල් ගෙන්වන කීප දෙනෙකුටත් ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කර රාජ්‍ය ඇමතිකම් දුන්නොත් හොද නැද්ද ?(හේ)
අරක්කු සිගරට් නොවෙයි නවත්වන්න ඕන කුඩු, ඒක තමයි භයානක. (ර)
මත නැති කරන්න අපේ සහයෝගය. (ර)
ඉස්කෝලේ ළමයි උත්සව වලට එපා කිව්වා නේද ? (ර)
වෙලාවට සෝභිත හාමුදුරුවෝ අපවත් වුනේ මේවා අහන්න ඉන්නේ නැතුව (බ)
"මත." නැතිවෙනවනම් ආණ්ඩුව නැත්තටම නැතිවුනත් මටනම් කමක් නැහැ. මම ආණ්ඩුවෙන් දේශපාලුවන්ගෙන් යැපෙන පරපුටුවෙක් නොවෙයි. (ර)
මත නැති කලොත් ආණ්ඩුවට සල්ලි නැහැ (ර)
මොනවද මේ වෙන්නේ දැන්.(හේ)
ලොකු කොම්පැනි නිසා ඕක කරන්න බැහැ නේද. නැතුව මහා ජනතාව පාවිච්චි කරන එක නවත්තන්න ක්‍රියා මාර්ග ගන්න එක බොහොම සුළු දෙයක්. රජයේ රෝහල් වලින් ඔය දෙක බිවුවම හැදෙන ලෙඩ වලට නොමිලේ බෙහෙත් දෙන එක නවත්වන්නකෝ ප්‍රතිපල බලන්න.(හේ)
ඒ කතාව නම් ඇත්ත. ඒත් මත් විරෝධි ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි.(හේ)
මත් උවදුර තුරන් කල යුතුයි. (ර)
කුඩු වසන්ගතය නම් තුරන් කල යුතුයි. (ර)
පොරොන්දු එක එක කඩවුණ පොරොන්දු (ම)
මෙහෙම කෙනෙකුගෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් සිද්ද වුණා කියන දුෂණ වංචා ගැන හොයන්න කියනවනම්, අපිට පිස්සු වෙන්න ඕනේ .(ම)
මත නැතිකරන එක නම් කරන්න හම්බ වෙන්නේ නැහැ මෙහෙ තියා ලෝකයේ කිසිම රටක.. කරගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් ම සුද්ධ කරලා පටන් ගන්න. (රේ)
මහින්ද මහත්තයට ඔය හැම එකක්ම පුළුවන්. (ර)