
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබ තොරතුරු මත උග්ගල්බඩ දී අයිස් මත් ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි 8 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම තොරතුරු අනුව හෝටල් කළමනාකරුට මත් ද්‍රව්‍ය ලබා දෙන බව කියන රාගම ප්‍රදේශයේ පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
අනතුරුව රාගම පදිංචි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ජේලර්වරයකු ඔහුට මත් ද්‍රව්‍ය ලබාදීම සිදු කරන බව අනාවරණය වීය.
ඒ අනුව එම බන්ධනාගාර දෙවන පන්තියේ ජේලර්වරයා ගම්පහ, කිරිදිවිට ප්‍රදේශයට ගෙන්වා ඔහුද අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත් ද්‍රව්‍ය බවත් පොලීසිය පවසයි.
මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 වයසැති පුද්ගලයකු බව පවසන පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Great! පාතාලයො එක්ක ඉන්න ජේලර්ල රටට හෙනයක්.පාතාලයො සියලු දෙනා දූපතක ට දාන්න ඕනෙ