විදේශීය ආයෝජකයින් සහ රාජ්‍යයන් ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට පැමිණෙද් දී ඊට බාධා එල්ල කරමින් පැන නැගුණු බොහොමයක් කරුණු පසුගිය කාලයේ අවම වෙමින් පැවති බව ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වාභාවික ගෑස් පිළිබඳ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් පැවසීය.
බලශක්ති උත්පාදනය පිළිබඳ තම අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දීමට අවස්ථා උදාවීම සතුටට කරුණක් බව ද ඔහු කීවේය.
මේ අතර කලාපීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, සාගර ආරක්‍ෂාව, සයිබර් සුරක්‍ෂිතතාව ආදී කරුණු සම්බන්ධව ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ අගමැති සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං අතර පැවති සාකච්ඡාවල දී අවධාරණය කෙරිණි.
මේ වැඩ පිළිවෙළෙහි ආරම්භයක් ලෙස මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ක්‍රියා කිරීමේ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ද මෙහිදී තීරණය කෙරිණි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය නිල සංචාරය නිමවා අද (6) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම අහනවා, වැඩියක් මිස අඩුවක් නැහැ. ලංකාවේ බුදුදහම ප්‍රායෝගික නැහැ. අනෙකුත් රටවලින් එය අඩපන කරලා තියෙන්නේ. බුදුදහම ප්‍රායෝගික කළොත් ලංකාව සැමඅතින්ම ලෝකයේ තියෙන පොහොසත්ම රට වෙයි. (නි)
ගරු අගමැතිතුමාට ජයවේවා.! ශ්‍රී ලංකාව මත් උවදුරින් දුරුවේවා..! (ර)
කොටි විනාස කරන්න ඉන්දියාව දුන් සහය අපි අගය කරනවා... මත වුවදුර තුරන් කරන්න ඉන්දියාවේ සහය අපිට ඉතා වැදගත්. ඉතා බුද්දමත් නිවැරදි තීන්දුවක්... අගමති තුමාට ජයවේවා..! (ර)
පුදුම වැඩ. වැඩිපුරම ගේන්නෙත් එහෙන් නේද.? (ර)