මේ වසරේ දී අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නව දෙනකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටින බව අල්ලස් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජී ජේ ඩී එස් බාලපටබැඳි මහතා කියයි.
එම විමර්ශනවල රහස්‍ය භාවය රැකිය යුතු නිසා නම් හෙළි කළ නොහැකි බව ද, ඔවුන් සිදු කළ බව කියන දූෂණ හා වත්කම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
ඔය වගේ විහිලු කතා අපි මීට කලින් අහල තියෙනවා.(නදී)
මහත්වරුනි, ඔබ දන්නවද ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් ඒකමතිකව අත් ඔසවල සම්මත කරපු පනත් කීයක් ලංකාවේ තියෙනවද කියල? දෙක තුනක් ඇති ඕන නම්. මෙන්න එකක්, 'අල්ලස් පනත'. එදා කට්ටිය එකතුවෙලා පෙන්නපු උද්යෝගයත් එක්ක ක්‍රියා කලාපයත් සසඳලා බලනකොට, ඇඩෙනවා (නදී)
ජනාදිපතිතුමාට මේ හොරුන්ගේ වැඩ පෙන්නුවොත් තව ටික කාලයක් ඉන්න පුලුවන්.(නදී)
මේවා හඑියටම රටට එලි කරනව නම් තමයි රටේ නියම ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා වෙනවා කියන්නෙ.මොන රහස් භාවයක්ද? ජනතාවගේ ඡන්දයෙන් ගියේ නැති නම් ඔන්න කමක් නැ. (ස)
අල්ලස් චෝදනා එල්ලවූ එස් බී.දිසානායකට පරීක්ෂණ අවසන් නොකරම සමාව ලැබුනා. දෑත් ශක්තිමත් කරන දිගු ගමන යන්න තිබුන නිසා. දෑත් ශක්තිමත් කරන්න නාවොත් ඔය නිදහස දෙන දෑතින්ම තමා මේ චෝදිතයන්ට විලංගු වැටෙන්නේ. මෙන්න මේ වෙනස පමණක් හඳුනාගෙන ජීවත් වන්න. (නදී)
රජයේ දෙයක් විවේචනය කරපු කට්ටියක්ද? (නදී)
මේ අය අල්ලේ විතරක් නොවෙයි හැමතැනම රතු ගා ගත්ත බව පත්තර වලින් දකින්ට ලැබෙනවා. (ස)
මම හිතන්නෙ නමයට ගොඩක් වැඩියි. (ස)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
අනේ මෙයාලගේ රහස්‍ය බාවය. (ස)
මැති ඇමතිවරුන්ට විරුද්ධව පැමිණිලි ලැබෙනවා. නමුත් ඒවා විභාග කර දඩුවම් නියම කරපු බවක් නම් මම අහලා නැහැ. ඔය ප්‍රකාශ බොරුවට අපිව රවටන්න කරන ඒවා. අනේ මහත්වරුනි හරියට කොමිසමේ රාජකාරි කරන්න බැරිනම් අපේ සල්ලි කාබාසිනියා කරන්නේ නැතුව ගෙදර යන්න.(නදී)
මම හිතන්නේ කණ්ඩායමෙන් ඉතිරි වන්නේ නවයටත් අඩු සංඛ්‍යාවක් කියලා. (ස)
මේ වසරේ නමයයි. පසුගිය වසර වල අල්ලේ නෙමේ අත් දෙකෙම රතු ගාගත්ත උදවියගේ නම් අදටත් එලි කරලා නැහැ. (ස)
අපේ රටේ වැරදි කරන ඇමති මහත්තුරු ඉන්නවද ?.(නදී)
පිස්සු ද ළමයිනේ...අල්ලක් රතු ...අල්ලක් නිල්...මල්ලක් කොළ... දුප්පත් අපි කහ...කහ... (ස)
ඒ වුණාට මුළු සර්වාංගයේම රතු නා ගත්ත අය නම් කී දෙනෙක් ඇද්ද අපි අතර? (නි)
හරි ඔය කොමිසම අපි වගේ දුප්පත් මනුස්සයෙක් කරානම් අපේ අම්මගේ ,තාත්තගේ ,ඔක්කොම නම දානවා මේවා රහසේ තියාගන්නවා බලමුකෝ බලන්ඩ ඕක විසදන විදිය ..(නදී)
මේ අය අනිවාර්යෙන්ම විරුද්ධ පක්ෂවල වෙන්න ඇති. එය එසේ නම් පැත්ත මාරු කරන්න මෙය අනියම් පෙලඹවීමක් විය හැකිය.එහෙම වුනොත් නුදුරේම තවත් ඇමතිවරු වැඩි වේවි.(නදී)
මේ පරීක්ෂණ ගැන එතරම් විස්වාසයක් , බලාපොරොත්තුවක් තියා ගන්න බැහැ.පසුගිය කාලේ කලූතර පැත්තේ ඇමති කෙනෙකුගේ කෝටි ගණනක් විමර්ශනය කරන්න ගිහින් එම නිලධාරීන් අම්පාරට මාරු කරලා එම දත්ත ඇතුලත් පරිගණකයත් ඉස්සුවනේ.මේවා මේ කාවහරි බය කරලා තියා ගන්න කරන වැඩ.(නදී)
මේ පරීක්ෂණ කියා කරන්නේ මොනවාද කියලා බලමු (නි)
දුප්පත් මිනිහෙක් රුපියල් 200 ක අල්ලසක් ගත හොත නම ගම සහ පින්තුර පවා වැටෙනවා පුවත් පත් වල ගුවන් විදුලි නාලිකා සහ රුපවාහිනී නාලිකා වල (දිල්)