සාලාව කඳවුරේ පිපිරීමෙන් හානියට පත් නිවාස සඳහා වන්දි මුදල් ලබාදීම සඳහා මුදල් වෙන්කරන තෙක් මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීමට මුදල් නිදහස් නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාරගාරයට නියෝග කර ඇතැයි රජයේ ආරංචි කියයි.
මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට රුපියල් කෝටි 118කට වැඩි මුදලක් ඉල්ලා පසුගියදා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවීගේ විස්වාශභංගය දැන් ඉවරයිනේ! අනේ පව් මෝඩ ඡන්දදායකයෝ! (නි)
සහෘදයිනි,ඔබට එක පැතිකඩක් වැසිලා. බලන්න රජයක තිබෙන ගති! දුප්පතුන්ට ත්‍රීවිල් ආදී වාහන වල බද්ද වැඩිකරලා තවත් සුපිරි වාහන ගෙන්වන්නයි සුදානම. හරි පුදුමයිනේ! (නි)
අතීසාරයට අමුඩය ගැසීමක් (නි)
කල් දාන්න නොවේ රටේ මිනිස්සු කියන්නේ ඕක අවලංගු කරන්න කියල අගමැති තුමනි (ම)
රටේ සංවර්දනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙලීම අනිවාර්රයයෙන් කළ යුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙලීම මේ අතරින් ප්‍රදානයි. (ම)
ඔය යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ඔය දෙය කරන්නට තිබුණේ (ම)
රටේ බහුතරයක් ජනතාවට මිල දැරිය නොහැකි නිසා ඌණ පෝෂණයෙන් පෙළෙනවා. බඩු මිල අඩු කිරීමට පියවර ගන්න (ම)
ඒ කියන්නේ මේක නවත්තන්නේ නැද්ද? මිනිස්සුන්ගේ විරෝදය ගණන් ගන්නේ නැද්ද? (ම)
"රථගායට" ප්‍රතිකාර තාවකාලිකව අත්හිටවනු ඇත. තාවකාලිකව ජයවේවා! (බ)
සාලාවේ ගෙවල් කෙසේ වෙතත් හෙට අනිද්දම ඔය වාහන ටිකනම් ගේනවා. නැත්නම් ඔය ඇමැතිලා ටික විපක්ෂෙට යනවනේ. සාලාවේ ගෙවල් කැඩුන වගේද විපක්ෂෙට ගියොත්. (බ)
ප්‍රශ්නයක් නැහැ ඉතින් පොඩි ප්‍රමාදයක් විතරයි.(ම)
අගමැති තුමාට කාලෙකට පස්සේ සත් සිතක් පහලවෙලා. මේකනම් හොද වැඩක් , අවතැන්වූ ජනතාවට සෙතක් වෙනවනම් ,අපි යාපනයට උදව්කරනවා, එ්ත් මම නම් කියන්නේ ඔය වාහන ඕනෑම නැහැ කියලයි ,,,පරණ වාහන වලින්ම යන්න කියන්න..(බ)
අගමැති තුමාගේ මේ උසස් තීරණය හැමදෙනා විසින්ම අගය කළයුතු වෙනවා. පෞද්ගලික සැප මොහොතකට අමතක කර අසරණවුන ජනතාවට පිහිටවීමට මැති ඇමතිවරුන් එක්විය යුතු කදිම අවස්ථාවක් මෙය !!!! (බ)
ගරු අගමැතිතුමනි , කිසිදු මැති කෙනෙකුට රජයේ (පොදු) මුදල් භාවිත කොට වාහන ගේන්න දෙන්නනම් එපා. දැනට තිබෙන වාහන වල වරද මොකක්ද? ඉස්සර වීල්බැරෝවත් තිබුන නැති ගම් කබරයෝ , සුපිරි වාහන ඔබගේ පුද්ගලික මුදල් වලින් ගන්නකො.(බ)
සාලාවේ ගෙවල් කැඩුනට පස්සේ නේ වාහන ගෙන්න අනුමත වුනේ දැන් බොරු අනුකම්පාව ගන්න හදනවා (බ)
මෙයාලට මොකක්ද තියන සුදුසුකම මේතරම් මහජන මුදල්වලින් සැප විඳින්න . මහජන ඡන්දයෙන් මෙයාලව පත්කරගත්තේ ජනතාවට සේවයක් කිරීමට මිස සුපිරි දිවියක් ගතකරන්න නොවන බව මෙයාලට තේරෙන්නේ නැද්ද ඡන්දය දිපු අයගෙන් කීදෙනාද කැමති මේ යෝජනාවට (බ)
හොඳ නායකයෙක් නම්, මේ වගේ නාස්තිකාර වැඩ සම්පුරණයෙන් නවත්වන්න ඕනී. පරණ හොරු වගේම අලුත් හොරුත් අල්ලන්න ඕනේ. (බ)
අපෝ එහෙම බැහැ. අර එක අැමතිතුමෙක් කියන්නේ වාහන නැතිව එයාලට ජනතාවට සේවය කරන්න බැහැ කියලා. (බ)
කාලෙකට පස්සේ ගත්තු හොද තීන්දුවක්. අගමැති තුමනි ඔබතුමාටත් ජනාධිපති තුමාටත් මේ රට හදන්න අවංක ඕනෑකමක් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් වටේ ඉන්න අය තමන්ගේ වාසියට වැඩ කරන නිසා ඒක කරන්න අමාරු වෙලා. ඔබතුමා 2001 අගමැති වුනු වෙලාවේ පත්කළේ ඇමතිවරු 25 කට අඩු ගණනක් නේද. නමුත් ඇමතිකම් හම්බ නොවුණු අය ආණ්ඩුවෙන් වෙන්වෙලා යන්න හදපු නිසාවෙනුයි නැවත වරක් ඇමති මණ්ඩලය විශාල වුනේ. කොහොම වුනත් අපිට බදු පිට බදු ගහලා අපිව අසරණ කරලා ඇමතිවරුන්ට වාහන වලට මෙච්චර ලොකු මුදලක් වියදම් කරන එකනම් ජාතික අපරාධයක්.(බ)
මේවා ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් මෙවැනි අදහසක් හෝ ඉදිරිපත් කිරීම වටිනවා! එම නිසා එම අදහස ක්‍රියාත්මක කරන්න සියලු බලධාරීන්ට හැකියාව සහ ශක්තිය ලැබේවා කියල අපි හැමදෙනාම ප්‍රර්ථනා කරමු! (බ)
දැන් ඉතින් දෝෂාභියෝගය දිනාගත්තනේ. මොලයක් නැති මන්ත්‍රී වරුන්ට දැන්වත් තේරෙනවා ඇති මේ කට්ටිය කරපු වැඩේ (බ)
ඔව් ඔව් මේ වෙලාවේ එපා. අපිට පොඩ්ඩක් අමතක වෙනකම් ඉන්න. (බ)
රටේ සියලුම දෙනාම තමාට කියා වාහනයක් ගන්නකම් අපි අලුතෙන් වාහන ගන්නේ නෑ කියන වචන කාණ්ඩය දියවන්නාව පැත්තෙන් ඇහෙන්නේ කවදාද,ඒ සුදනෝ කවදා පහල වේවිද. (බ)
ඔවු සිංහලයට ඉක්මනට අමතක වෙනවනේ .නමුත් ඇදුමක් ඇඳගෙන මේගොල්ලන්ට ඔය වාහනවල යන්න එපා කියන්න (බ)
මේවා ලංකාවට ගෙන්වලා රේගුවේ තියල තියේවි (බ)
අර පොදු රජය සමුළුවට මහින්ද 2014 ගෙනාපු බෙන්ස් කර 52 සැප මදිද (අ)
ඡන්දයට කලින් ඔබ තුමා පතුරවපු දේවල් අද ඒ ගැන හිතුවම අපුරුයි හැමෝම අහනවා සතුටුද (බ)
ඔය මන්ත්‍රීවරුන් කලින් මහජන සේවයට ගියේ මොනවායේද? (නි)
තාවකාලික තහනමක් වගෙයි (නි)
ඒ කියන්නේ පහුවෙලා ක්‍රම ක්‍රමයෙන් ගෙන්වනවා කියන එකනේ (නි)
ඔබතුමාගේ මොළේ තරම මන්ත්‍රීලට තවම තේරුනේ නැහැනේ. (නි)
මහජන ඡන්දෙන් පැරදුන අයටත් ඇමතිකමක් දීලා අලුත් වාහනයකුත් දීමට අනුමත කිරීමෙන් හිතාගන්න බැරිද මෙයාලගේ වැඩ. මහත්තයෝ, ඔය ලුණු ගොරකා වලට ජනතාව තම්බපු කාලේ ඉවරයි. සාලාව කඳවුරේ බෝම්බ පිපිරුවට පස්සෙ නේද වාහන වලට මුදල් අනුමත කෙරුනේ. (නි)
මේ අය මහජන මුදල් පාවිච්චි කරන්නේ තමන්ගේ බුදලය වාගේ. මහජනතාව මෙයට දැඩි විරෝධය පළ කළයුතුයි. (නි)
පිළිකා රෝගීන් වෙනුවෙන් පෙට් ස්කෑන් යන්ත්‍රයක් අරගෙන දෙන්න සල්ලි නැහැ. ඒකත් මිනිස්සුම තමන් වෙනුවෙන් කරගන්න ඕනෑ. මොකටද මේ වගේ අය අපේ බදු මුදලින් සුඛිතමුදිත කරන්නෙ? (නි)