රත්නපුර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත වැවිලි සමාගමට අයත් වතුවල තේ සහ රබර් කර්මාන්ත ශාලා හතක දෙසීයකට ආසන්න පිරිසක් අද (01) සිට වැඩ වර්ජනයක් ඇරඹූහ. එම වතු සහ කම්හල් පරිපාලන සහ සේවා කටයුතු මුලූමනින්ම අඩාල වී ගිය බව සේවකයෝ පවසති.
සේවක අර්ථ සාධක මුදල් පෙබරවාරි 29 දින වනවිට මහ බැංකුවට ගෙවා අවසන් කරන බවට වූ පොරොන්දුව කඩ කිරිම නිසා වර්ජනය ක‍්‍රියාත්මක කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි. අගලවත්ත වැවිලි සමාගමට අයත් දොළොස්වල, පින්කන්ද, වටාපොත, කිරිබත්ගල, නොරගොල්ල, නිරිඇල්ල සහ දෙල්ගොඩ යන වතුවල ද, දොළොස්වල, නිරිඇල්ල, වටාපොත සහ දෙල්ගොඩ තේ කම්හල් වලද, කිරිබත්ගල, දොළොස්වල සහ පින්කන්ද යන රබර් කම්හල් සේවකයෝ මේ වර්ජනයට එක් වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ආදායමක් ලබපු කර්මාන්තශාලා. මීට වසර කීපයකට පෙර අපිත් ඔය වතු කීපයක රැකියාව කලා. කුඩා වතු හිමියන්ගේ තේ දළු පවා ඔය සියලුම කර්මාන්තශාලා වලට ලැබුනා. නමුත් තේ කර්මාන්තශාලා වල රැකියාව කරන නිලදාරීන්ගේ දුෂණ නිසාවන් අගලවත්ත වැවිලි සාමාගම ඔය තත්වයට පත්වීමට හේතුවක් ලෙසයි මා දකින්නේ. වගකීමෙන් සොයා බලන්න කව්රුන් හෝ සිටියානම් අද ලංකාවෙන්ම හොදම තේ නිෂ්පාදනය අගලවත්ත සමාගමට හිමිවීමට ඉඩ තිබුණි. මා මෙය හොදින්ම දන්නා කාරණයකි. (ර)