ලග්ගල හත්තොට අමුණේ මැණික් ව්‍යාපාරිකයකුට අයත් පතලකින් සොරකම් කරන ලදැයි කියන නිල් මැණික රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට විකුණා ඉන් ලබා ගත් රුපියල් කෝටි තුනක මුදලින් රුපියල් දෙකෝටි අනුහත් ලක්ෂක් සොයා ගත් බව ලග්ගල පොලීසිය කියයි.
මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ලග්ගල දාස්ගිරියේ පදිංචි සැකකරුගේ බකමුණ සෝමිල් ප්‍රදේශයේ පදිංචි සහෝදරයකුගේ නිවසක් ආසන්නයේ රම්පේ පඳුරක් යට සඟවා තිබු රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයක් ද ඒ ආසන්නයේම ලඳු කැළැවක සඟවා තිබු රුපියල් එක්කෝටි තිස් එක් ලක්ෂයක්ද සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය සදහන් කළේය.
තමන්ට අයිති මැණික් පතලකින් සේවකයකු විසින් සොරා ගත් නිල් මැණික් රත්නපුර ප්‍රදේශයේ විකිණිම සදහා ගෙනවිත් ඇති බවට ගැනුම්කාර ව්‍යාපාරිකයාගෙන් ලැබුණු තොරතුරක් අනුව නිල් මැණික අයිති ලග්ගල හත්තොට අමුණ කේ එම් පියදාස මහතා මාතලේ මුලස්ථාන පොලීසියට මේ පිළිබද පැමිණිලි කළේ ඉකුත් 27 වැනිදාය.
ඒ අනුව පරික්ෂණ කළ මාතලේ විමර්ශණ ඒකකය හා ලග්ගල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කරනලද ප්‍රශ්න කිරීම් වලදී මැණික් ගල විකුණා ඔහු ලබා ගත් මුදල් කොටස් වශයෙන් සොයා ගත් බව ද පොලීසිය කීයයි.
රත්නපුරයේ මැණික මිලට ගත් ව්‍යාපාරිකයා සොයා ගොස් ඔහුගෙන් ප්‍රශ්න කළ බවත් ඔහුගේ කළමණාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.
මැණික් ගල විදේශීය සංචාරකයකුට විකුණා ඇති හෙයින් එය සොයා ගැනීමට හැකි නොවු බව ද පොලීසිය සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි විදේශ විණිමය ලැබුනනේ. දැන් ඉතින් ඕක අමතක කරල දාන්න. (ස)
පියදාස මුදලාලි සල්ලි කාරයෙක්නෙ .මැණික සොරාගත් සේවකයා සමාජ දැනුම සහ බුද්ධිය අඩු කෙනෙක් වගේ පෙනන්නේ .නැත්නම් ටපේ ගස් අස්සේ සල්ලි හංගනවද.අනික තමන්ට හිමි නැති වස්තුවක්නේ .එයා හිර දාන්නා එපායැ .හොරා ගත් හැටි අහල ගානක් දන්නා ඕන. (ස)
දැන් කොහොමද ඔප්පු කරන්නේ මැණික හම්බ උනේ පතලෙන්මයි වික්කේ ඒකමයි කියලා. වලක් කපනකොට හමු උනා වික්කා. පියදාස මහත්තයා බොරු කියනවා වගේ? (නදී)
මොලෙය් නැති මිනිහා, ලැබුනාට වාසනාව කන්න පින නැහැ. (ස)
මැණික් ගලේ පය හැපුනත් සල්ලි රම්පෙ ගස්යට කියන්නේ මේවට තමා. (නදී)
අනේ අපේ පැත්තේ මැණික් හම්බ වෙන්නේ නැහැනේ , නැත්තම් අධි වේගේ පාර කපනකොට කොයි තරම් පස් කැපුවද ? මැණිකේ අගය කනා දන්නේ නැහැ. නමුත් අගය බාල වෙන්නේ නැහැ.(නදී)
මේ හොරකම හරියි කියලා දාලා තියෙන අදහස් දැක්කාම මට හිතුනේ අපේ පොලිසි උසාවි ටික වහලා දැම්මා නම් හොඳයි කියලා. (නි)
මට අර පරණ කොළඹ සන්නිය කියන චිත්‍ර පටිය මතක් උන,නොබලපු ය බලන්න,යු ටියුබ් එකේ තියනවා,(දිල්)
පියදාස මුදලාලි සල්ලි කාරයෙක් හින්ද ඔහොම මැණික් ගලක් පතලෙන් හම්බ උනේ නෑ කියල හිත හදාගත්තනම් ඉවරයි නේ .. එහෙමනම් හොරෙක් උනත් ලංකාවට තව කෝටිපතියෙක් බිහිවෙනවා නේ ...සල්ලි කොච්චර තිබුනත් මදි කියන්නේ ඕකට තමයි .. අන්තිමේට කෝටි ගානක් ටික වෙලාවකට හරි රම්පෙ ගස් අස්සෙත් තිබුන ... ඕක නිකන් හරි වෙන මනුස්සයෙක් දැක්ක නම් ඒ මනුස්සය මොන තරම් වාසනාවන්තයෙක්ද ...(දිල්)