මහනුවර මඩවල නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය සහ මඩවල ජාතික පාසල අද (10) අලුයම සොරුන් විසින් බිඳින ලදැයි වත්තේගම පොලිසියට පැමිණිලි කැර ඇත.

මුස්ලිම් පල්ලියේ සහ ජාතික පාසලේ කාර්යාල කාමර සොරුන් කඩා ඇති බවත් ලිපි ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවත් එම ආයතනවල ප්‍රධානීන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මෙම ස්ථාන දෙකෙන් සොරුන් රැගෙන ගොස් ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත නොමැති බව පොලිසිය කියයි.