IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ලන්ඩන් වඩිති

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ උරුමයේ වටිනාකම පිළිබඳව පොදුජනතාව දැනුවත් කිරීම  සඳහා කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ මේදිනවල මහා බ්‍රිතාන්‍යයට වැඩමකර සිටිති.

බ්‍රිතාන්‍යයේ විවිධ නගරයන්හි පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයෝ බොහෝදෙනෙක් උන්වහන්සේ හමුවීමටත්, ධර්මදේශනාවන්ට සවන්දීමටත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා ආගමික සහ සංස්කෘතික වාතාවරණය පිළිබඳව කරුණු විමසා දැනගැනීමටත් උනන්දුවක් දක්වති.

ඒ අනුව එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකමුතුවී පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්මදේශනා සහ සුහද හමු පෙළක් එංගලන්තයේ ප්‍රධාන නගර කිහිපයකම සංවිධානය කිරීමට යති.

මේ සම්බන්ධ විස්තර 07728799123 සහ 07834564706 යන දුරකතනයන්ට කතා කිරීමෙන් ලබා  ගතහැකි බව සංවිධායකයින් පවසති.

පඤ්ඤාලෝක හිමියන් නොවැම්බර් මාසයේ මැද භාගය දක්වා එංගලන්තයේ නැවතී සිටීමට නියමිතය. 

 

 



අදහස් (0)

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ලන්ඩන් වඩිති

කුමාර් Monday, 16 September 2013 07:39 PM

සාදු, සාදු! හාමුදුරුවෝ වැඩම කර ඇත්තේ අපේ බෞද්ධ උරුමය ගැන කියා දෙන්න කිවුවාම හිතෙනවා, පිටරට වෙසෙන අයටත් මෙරට වෙසෙන සංඝයා වහන්සේලාටත් ගුරුහරුකම් කියා දුන්නොත් හොඳයි කියා.පන්සලකට ආධාර පිණිස කියා පැදුරු පාටියක් දමනවා කියා දැන්වීමක් දැක්කා.තවත් පන්සලක හාමුදුරුවන්ට ව්‍යායාම කරන්න මැෂිමක් පුජාකරලා...බුදු දහම හරියට කියා දෙන්න මේ අයට. ගිහියන්ට වඩා සමහර පැවිදි අය දහම පිළිබඳ දැන ගතයුතුයි අනිවාර්යයෙන්.මෙය කියවන අයට පහර ගහන්න නොවෙයි මෙය ලිවුවේ.අපි අපේ වැරදි හදා ගන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණි Monday, 16 September 2013 08:10 PM

බෞද්ද කටයුතු අමාත්‍යංශයේ තොරතුරු වලින් කියවෙන පරිදි භික්ෂූන් වහන්සේ නැතිව පන්සල් 284 වැසිලා තියෙන කොට (අ)

:       0       0

රත්නපුරේ නන්දාලෝක හාමුදුරුවෝ Monday, 16 September 2013 09:09 PM

මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියනි, ඔබ වහන්සේ අපට මහා මෙරක් වන ශක්තියකි. වියැකෙන ජාතික සටනට පෑයූ පුන් සඳකි. ඔබ වහන්සේ එතෙරට වැඩම කොට මේ සිදු කරන්නේ මේ මොහොතේ සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයත් අවශ්‍යම මෙහෙවරකි. ඔබ වහන්සේට අපගේ සුභ පැතුම්..! (නි)

:       0       0

උස්සික පැතුම් Thursday, 19 September 2013 02:37 PM

ඔබ වහන්සේට ගොඩක් පින් මගේ ආගම වෙනුවෙන් කරන දේවල් වලට.(නදී)

:       0       0

පිටිගල Monday, 16 September 2013 09:24 PM

අනේ හාමුදුරුවනේ, අපේ රටේ ඉන්න අයට ඕක කියලා දීලා ඉන්නකෝ පළමුව. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 September 2013 11:28 AM

මහේෂ්, පන්සල දෙවාලයක්ය සහ පන්සලේ හාමුදුරුවෝ පූසාරියෙක්ය කියන මතයේද ඔබ ඉන්නේ? එදින හාමුදුරුවෝ වෙනත් දානයකට හෝ රෝහලක රෝගියෙක් බලන්න හෝ වෙනත් කාර්යයකට වඩින්න ඇති. ඔබ රෑ දැකපු සිහිනයකින්ද කොහෙද කලබල වී කරපු පවක් මතක් වී සිතට නැගුනු දුක වේගයෙන් නිවා ගන්න 'හදිසියේ' පන්සලට නොකියා දානේ අරන් ගියාට හාමුදුරුවෝ පලි නැහැ. මින් පසු හාමුදුරුවන්ට කතා කර දානයට ආරාධනා කර දානය සපයන්න. (නි)

:       0       0

සුරංග Tuesday, 01 October 2013 04:16 AM

බොහොම වටිනවා. තිසරණ සරණයි හාමුදුරුවනේ (නි)

:       0       0

නුවන් රංගන Monday, 16 September 2013 04:27 PM

සිංහල, බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී හිටින නිහතමානීම භික්ෂුවක්... තමන් සසුන්ගත වූ උතුම් කරුණද මහා ජාතියක් හා දර්ශනයක් පෙර ගමන වෙනුවෙන් කැප කල පඤ්ඤාලෝක හිමියන්ට තමන් කැපවූ කාර්ය සාර්ථක කරගැනීමටත් කෙළවර අමා මහ නිවන් සුව ලැබීමටත් හේතු වාසනා වේවා!! සාධූ සාධු සාධු! (ස)

:       0       0

අමරසිරි නිස්ඩන් Monday, 16 September 2013 04:36 PM

අහන්නත් සතුටුයි. අපේ ගෞරවනිය හාමුදුරුවෝ ලන්ඩනයේදී දකින්න ලැබීම වාසනාවක්. ලංකාදීප එසැන පුවත් සහ තිස්ස මඩවලට අපේ ස්තුතිය මේ වගේ වැදගත් තොරතුරක් ලබා දුන්නට. ධර්ම දේශනා, සාකච්ඡා තියෙන ස්ථානත් දැනගන්න සලස්වන්න. කාලෙකට පස්සේ ලන්ඩනයේ ලාංකිකයන්ට හොඳ අවස්ථාවක් වේවි. (ස)

:       0       0

අසිත දික්වැල්ල Tuesday, 17 September 2013 01:01 PM

අපි මෙහේ තියන අපේ ප්‍රශ්න ගැන ලිවුවොත් පොතක් ගහන්න වෙයි.වැරදි කරන කවුරු වුණත් ලොකු කුඩා බේදයක් නැතිව සසුනෙන් පන්නා දමන්න ඕනෑ.විශේෂයෙන් පිටරටවල මේ ප්‍රවණතාවය වැඩියි.අපි නිදි නැහැ.ලියන්න ඕනෑ වැරදි කළු සුද්දන්ට ඇස් ඇරෙන්න. (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 01:17 PM

ආධාර පිණිස ඩාන්ස් එකක් දමනවා නම් අපිත් එනවා නටන්න.අනේ අපට වෙච්ච දෙයක්.කාටවත් බැනලා වැඩක් නැහැ. (නි)

:       0       0

සමන් Monday, 16 September 2013 05:47 PM

ලංකාවේ ඉන්න අයවයි කලින් හදන්න ඕනෑ, මෙන්න මෙහෙ ලංකාවේ ඉන්න දුෂ්ශීලයන්ට පළමුව ධර්මදේශනා කරන්න හාමුදුරුවනේ (නි)

:       0       0

මහේෂ් Tuesday, 17 September 2013 02:55 AM

කුමාර හරියටම හරි. සමහර පන්සල් වල බොහොමයක් හාමුදුරුවන්ට බණක් ‍දේශනා කරගන්නත් බැහැ. සමහර පන්සල් වල සංවිධාන කල්ලි එක එක්කෙනාට දොස් පවරා ගන්නවා. සමහර උපාසිකාවන් හැසිරෙන්නේ බොහොම අශීලාචාර විදියට. එක දවසක් දවල් දානයක් හදිස්සියේ පන්සලට හදාගෙන ගියාම පන්සලේ එක හාමුදුරුවෝ කෙනෙක්වත් නැහැ. දවල් බුද්ධ පුජාවවත් තියන්න වුණේ අපට. මෙන්න මෙහෙ පන්සල් වල තරම. ලියනවා නම් ලියන්න පුළුවන් පිටු පිරෙන්න. එහෙත් වැඩක් නැහැ. ඒ තරමට මෙහෙ ප්‍රසිද්ධ පන්සල් ගැන කළකිරිලා. අනගාරික ධර්මපාලතුමා සිංහල ජනතාවට කරපු සේවාවට දැන්වත් නිගා නොකරව්!!! (නි)

:       0       0

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Tuesday, 17 September 2013 03:53 AM

හාමුදුරුවනේ,සුද්දට වඳින, දරුවන්ට බලෙන්ම සිංහල අමතක කරවන, ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසි බැරි සහ මෙහෙ පැමිණි පසු සිංහල බැරි ලක් මාතාවට පිළිලයක් වූ මෙහි ඉන්න ලංකා කළු සුද්දන්ගේ මොළය පිරිසිදු කරන බණක් කියන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

රජරට කොල්ලෝ Monday, 16 September 2013 06:56 PM

අනේ අපටත් වාසනාව තියෙනවද හමුදුරුවන්ගෙන් බණක් අහන්න ලන්ඩන්වලදී? මේ ගැන දැනුම් දුන්නාට ලංකාදීපයටත් තිස්ස මඩවල වර්තාකරුටත් ගොඩක් පිං (නි)

:       0       0

සුමේද Tuesday, 17 September 2013 08:25 AM

මහේෂ්, ඕක තමා ප්‍රශ්නය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site