පිළියන්දල බට කැත්තර මඩපාත කර්මාන්ත ශාලාවක් අසල පදිංචි 40 දෙනෙකු පමණ විෂ රසායනිකයක් වැදීමෙන් රෝහල් ගත කළ බව අවට පදිංචිකරුවෝ කියති.
මේ ප්‍රදේශයේ සබන් කුඩු නිෂ්පාදන කම්හලක් ඇතැයි ඔවුහු පවසති.
බොහෝ දෙනෙකු පැවසුවේ එක්වරම හුස්ම ගැනීමේ අපහසුව ඇති වු බවයි.
පිළියන්දල බට කැත්තර මඩපාත කර්මාන්ත ශාලාවක් අසල පදිංචි 40 දෙනෙකු පමණ විෂ රසායනිකයක් වැදීමෙන් රෝහල් ගත කළ බව අවට පදිංචිකරුවෝ කියති.
මේ ප්‍රදේශයේ සබන් කුඩු නිෂ්පාදන කම්හලක් ඇතැයි ඔවුහු පවසති.
බොහෝ දෙනෙකු පැවසුවේ එක්වරම හුස්ම ගැනීමේ අපහසුව ඇති වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුෂ්පා, ඔයාගේ කතාව හරිම මෝඩයි. හතු පිපෙන්න වගේ කර්මාන්තශාලා එනවා නම් කොයි තරම් හොඳඳ? ඒක තමා රටක දියුණුව. මට පෙනෙන විදියට ඔයා ආණ්ඩුවේ ජොබ් එකක් කරන ඉබේ පඩි ලැබෙන කෙනෙක්ද කොහෙද. ඔක්කොම මෝඩයෝ ටික එකතු වෙලා කර්මාන්ත ශාලා ටික වැහුවම වැඩ කරන මිනිස්සුන්ට කන්න වෙන්නෙ පස්. (ස)
පුෂ්පාගේ මහත්තයා ඕකේ වැඩ කලා නම් ....අනේ නිකන් ඉන්න පුෂ්පා. (ස)
ලංකාවේ පරිසර දූෂණය හරියට සිදුවෙනවා. ආවරණ වලින් තොරව පින්තාරු කරන වෑඩපලවල් ගරාජ් කොපමණ තිබෙනවාද?ටින්කර් වැඩපළවල් වලින් මොනතරම් ශබ්ද දූෂණයන් සිදුවෙනවාද? එම දේවල් නිසා අවට ගෙවල් කීයකට පාරිසරික හානි සිදුවෙනවාද? රජයෙන් නිසි ප්‍රමිතීන් හදුන්වා දිය යුතුයි.මේ ගැනත් පරිසරවේදින්ගේ මෙන්ම රජයේත් අවධානය යොමුවේවා. (නි)
මොහාන් වගේ මෝඩ තීරණ ගන්න මිනිස්සු ඉන්නකම් මේවා වෙනස් කරන්න අමාරුයි. නිසි ප්‍රමිතියක් ඇතිව හතු පිපෙනවා නම් ප්‍රශ්නයක් නැත. වැඩේ තියෙන්නේ මේ පිපෙන්නේ ඔක්කොම විස හතු නේ. සොබාදහම ගැන කිසිම කැක්කුමක් නැති මිනිස්සු. රටක් දියුණු වෙනවා කියන්නේ ආර්ථික දියුණුව විතරක් නෙමෙයි, මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු වෙන්න ඕන... (ස)
සබන් කුඩු හදන්ට කෝස්ටික් සෝදා වැනි විෂ රසායනයන් යොදනවා ඇති. රෙදි ඉක්මනින් පිරිසිදු කිරීමට. ලංකාවට ගිහින් මම රෙදි හෝදලා ඇගිලි ඔක්කොම තුවාල වුණා. මේක අනිවාර්යෙන්ම ඔය කර්මාන්ත ශාලාවෙන් වුනු දෙයක්.(නදී)
සුබෙ ලා වගේ බුද්ධිමත්තු හිටියා නම් , ලෝකේ තාම ගල් යුගේ. ආකල්ප දියුණු නිසා තමා නව නිපැයුම් බිහි වෙන්නේ. ඔය වගේ වචන කතා කරන්න හරි ලේසි පින් පඩි කකා ඉන්න මිනිස්සුන්ට. ඔය කියන කර්මාන්ත ශාලාව නිසා අවට ගම් වල 3000 කට අධික මිනිස්සු ජීවත් වෙනවා. ඔක්කොම සේවකයන්ට වැඩට එන්න ප්‍රවාහන සේවා සපයනවා. ආහාර සපයනවා.දැන් මේ විදියට ඒක වහල දාන්න ඕන වහාම.අනේ මේවා නිසා මමත් මේ අහක ඉන්න බූරුවන් ගෙන් මොඩයා කියල අහ ගන්නවා. අනේ මගේ කට. (ස)
මෙම සිද්ධියට සබන් කර්මාන්ත ශාලාව කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. නමුත් එක් දෙයක් කිව යුතුයි. තැනින් තැන හතු පිපෙන්නාක් මෙන් මතුවන කර්මාන්ත ශාලා, නිෂ්පාදන ආයතන ලංකාවට හරිම හිසරදයක් වෙලා. මෙම ආයතන බොහෝමයකට අවශ්‍ය ප්‍රමිති හෝ අනුමැති ඇත්තේ නැහැ. මිනිස් ජිවිත අවතක්සේරු කරමින්, ස්වභාවික පරිසරයේ තුලනය විනාශ කරමින් ක්‍රියාත්මක වන මෙම ආයතන වල එකම අරමුණ මුදල් ඉපයීමයි. රජය සහ මේ සම්බන්ධව ක්‍රියා කළ යුතු ආයතන මෙයට වැඩිය විමසිලිමත් විය යුතුයි. ඵලදායි ස්ථාවරයක සිටිය යුතුයි. (නි)
සහතික ඇත්ත පුෂ්ප, නමුත් අපේ රටේ සිදුනොවන්නෙත් ඔය දෙයමනේ.ඒ සදහා ආයතන තිබෙනවා,නිලධාරීන් ඉන්නවා. එහෙත් කාර්යය ඉටුවන්නේ නැහැ.කාරණා ගොඩයි.දේශපාළුවන්,බලපුලුවන්කාරයින් ,අත යට ගනුදෙනු.අවංකව රාජකාරිය ඉටුකරන්න ගියොත් ස්ථාන මාරුවක් හෝ ගෙදරටම මාරුවක්. අපි කවදා හැදෙයිද මන්දා? (නි)
අද ලෝකය තේරුම් අරන් තියනවා ජනාකීර්ණ පෙදෙස් වල කර්මාන්ත ශාලා වීවෘත කිරීමෙන් මිනිසුන්ට නොයෙකුත් ලෙඩ රෝග වලින් පීඩා විදින්න වන බව. එ නිසා තමයි ඒ සදහා වෙනම සීමා පනවා ජනසුන්‍ය පෙදෙස් වලට ගෙනියන්නේ. ඒක දැන් ඉන්න පොඩි එවුනුත් දන්නවා. කොයි දේ කරන්නත් මිනිස්සු නිරෝගීව ජීවත් වෙලා ඉන්න ඕනා.(නදී)
අපේ රටේ ඔහොම තමයි (නි)
පුදනකොටම කාපී යකා කියලා පුෂ්පා කියන්නේ මේ සිද්ධියට කර්මාන්ත ශාලාව සම්බන්ධ නැහැ කියලද?. ඕක තමයි අන්තිමට එන තීරණය. නඩු අහන්නත් කලින් තීන්දුව දීලා ඉවරයි. කාලේ නාස්ති කරන්නත් ඕනෑ නැහැ. හැබෑව. මිනිස්සු වගේද කර්මාන්ත ශාලාවක්? මිනිස්සුන්ට ඉන්න බැරි නම් ප්‍රදේශය හැර දමා යන්න කියන්න. (නි)
එම්, මම ලියලා තිබෙන දේ සිහි බුද්ධියෙන් යුතුව කියවා තේරුම් ගන්න බලන්න. මම කොතැනකවත් කිව්වේ නැහැ මෙම සිද්ධියට එම කර්මාන්තශාලාව සම්බන්ධ නැහැ කියලා. ඔයාට සිංහල හරියට තේරුම් ගන්න බැරිනම් මම ඒකට මොනවා කරන්නද? (නි)
ලෝකේ දවසින් දවස දියුණු වෙනකොට ලංකාව දවසින් දවස පසුපසට යාමට හේතුව තේරුම් ගැනීමට , ඉහළ පළවී ඇති අදහස් දැක්වීම් හොඳින් කියවා බැලීමම ප්‍රමාණවත් වේවි. මේ වගේ උදවිය හිටියා නම් දුටුගැමුණු මහා රජතුමාට රුවන්වැලි සෑය ගොඩ නැගීමටත් බාධා කරාවි. මොකද දාගැබ ගොඩනැගීමට මැටි ගත් වළවල් තමා පසුව එම රජවරුන්ම මහා වැව බවට පරිවර්තනය කළේ. මුලින්ම මැටි කපනකොට පරිසරය දුෂණය වෙන බව ,ගස්කොළන් විනාශ වෙන බව කියලා එය නොකර හිටියා නම් අද අපිට අනුරාධපුර නගරය දකින්න ලැබෙන්නේ මොන විදියෙන්ද ? කටු පඳුරු විතරක් තිබෙන මහා කැළෑවක් නේද. ටිකක් සංවාදයක් කරලා බලමු! මම ලංකාදීපයට තුති පුද කරනවා අපේ අයගේ සිතුම් පැතුම් ලෝකයට හෙළිකිරීමට ඉඩක් දීම පිළිබඳව. (නි)
පුෂ්පා කියන කතාවේ ඇත්තක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් නිවසක් හදන්න ගියත් මොන තරම් දේවල් ඉල්ලනවද? අදාල ආයතන අනුමැතිය දීම සඳහා. ඉතින් මේ වගේ කර්මාන්ත ශාලා වලට එහෙම නොවෙන්නේ මන්ද කියන එකයි ප්‍රශ්නෙ. (ස)