(අජන්ත කුමාර අගලකඩ)
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් අතර එකඟතාවක් පළ නොවූ බව වාර්තා වේ.
එම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳව ඇමැතිවරුන් විවිධ අදහස් පළකළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගත යුතු යැයි පවසා ඇත.
ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් පවසා ඇත්තේ මෙම විශ්වවිද්‍යාලය රජයට ගැනීම මගින් විදේශ ආයෝජන මගින් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එහිදී අදහස් දක්වා ඇති පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වහාම රජයට ගතයුතු බව පවසා ඇත.
මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට ගන්නේ නම් එය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන්නේද නැතිනම් රජය යටතේ මුදල් අයකරන විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් ද ඇමැතිවරුන් අතර අදහස් හුවමාරු වී ඇත.
නැවත එම වාර්තාව අධීක්ෂන කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට ද ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙයක් හරි කරලා ඔය අට මගලෙ අස්සෙ ගෝත්‍රික අන්තවාදීන් බෝ කිරීම නතර කරන්න ඕන. ඒ ගෝත්‍රික අදහස් ලෝකෙටම විනයක්.
පාඨලී අපි ඔබ සමගයි.
මෙම විශ්වවිද්‍යාලය අනිවාර්යෙන් රජයට පවරගතයුතුමයි. මෙම විශ්ව විද්‍යාලය නිසා ලොකු ජාතිවාදී කලබලයක් ඇතිවිමට ඉඩ ඇත. මින් ඉදිරියට මෙවන් විශ්වවිදයලයන් ඉදි කරනන්ට පාඩමක් වියයුතුයි.
සරසවි ගිහින් තියෙන්නේ 225 කී දෙනෙක්ද. ඉතින් කොහොමද ප්‍රශ්න විසදන්නේ. උගතුන් සියයක් එක්ක කතා කෙරුවත් එක මෝඩයෙක් හිටියොත් ඇති.
කොහොමත් ඔය ඇමතිලා කියන අයගේ කිසිම එකඟතාවයක් තිබ්බේ නැහැනේ රටේ ජනතාවට ආරක්ෂාවට හොදක් වෙන දේකට
පක්ෂ, පාට නොහොත් බලයට ඇති කෑදරකම නිසා සුළු ඡන්ද ප්‍රමාණයකට අනාගතයේ දී තවත් ජාතිය ව්‍යසනයකට ඉඩ නොතබන්න. නියපොත්තෙන් කැඩිය හැකි දෙයක් පොරවෙන් කපන තත්වෙකට පත්කරන්න එපා.
මේකෙන්ම පේනවා මේ ඇමතිලාට මේ ප්රශ්නය විසදන්න අවංක උවමනාවක් නැති බව.
රටටම බලපාන එක නීතියක්. එක ව්‍යවස්තාවක් රටේ තියෙන්න ඕනේ. එක එක දේශපාලකයන්ට ඕනේ විදියට නීතියත් ක්‍රියාත්මක නොවෙන විදියට. මුස්ලිම් නීති, දෙමල නීති සිංහල නීති, කියල වෙන් වෙන්ව නීති හැදීම දැන්වත් නවත්වන්න. එක නීතියක් නැති රටක කිසම දෙයක් බලාපොරොත්තුවෙන්න එපා. , සාමය, යහපාලනය හෝ දියුණුව බලාපොරොත්තු වෙන්න එපා.
කොන්ද පනනෙති නිවටකම නැවත පෙන්නනවා මේ තරම් මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිදැල්ලේ කරගන්න ඉඩ හැරලා තවත් ඡන්ද කෑදරකමට තියෙන නිවටකම...
රතන හාමුදුරුවන්ට පුලුවන්ද මේ කැබිනට් එකට එරෙහිව මාරාන්තික උපවාසයක් කරන්න...
කරුණු කෙසේවෙතත් මෙහි නම් සඳහන් කර ඇති, ඇමතිලා දෙදෙනෙකුට නම් විවිධ අල්ලස් චෝදනා එල්ලවී තිබු බවට නම් මතකයක් තියනවා. කුට්ටිය ගිහිල්ලද දන්නේ නැහැ ?
ආරක්ෂක විශ්ව විද්දීයාලයක් බවට පත් කරමු.
කෝ මේ ජී.එම්.ඕ.ඒ, අන්තරේ කට්ටිය? නිදිද?
අහවල් මගුලකටද ඇමතිලගෙන් අහන්නේ ජනපතිට පුළුවන්නේ මේක පවර ගන්න අගමැති අයින් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන් නම් ඇයි මේක කරන්න බැරි..... සල්ලි අරන් තියන හන්දද නිහඩ ජනතාව ගොනාට අන්දන්න හදන්න එපා මරණ දඩුවම හා මේ පවරා ගැනීම නොකළ හොත් මේ ඉන්න ජනපතිත් ආණ්ඩුවත් ගෙදර යවනවා යවනවමයි එක දෙකක් නැහැ....