මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතාවට ලක්ව සිටිති.
ජලය,විදුලිය,ඇඳුම් ,පැළැඳුම් ,ආහාර,නිවාස,සෞඛ්‍ය,අධ්‍යාපනය ඇතුළු පොදු පහසුකම් කිසිවකු නොලැබෙන ගම්මුන්ට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතත්න හිමියන්ගේ උදව් ලැබී ඇතැයි ගම්මු පවසති.
මෙම ගම්මු සතියකට වරක් දිය නාන බවත් බීමට ඇති ජලය දැඩි අපිරිසිදු තත්ත්වයේ ඇති බවත් ඔවුහු කියති.
දිනකට එක් වේලක් සරි කැර ගන්නා මොවුන් ජීවත් වීම උදෙසා ජනතාවගේ සහාය ඉල්ලති.
( 077 -1791883 මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරත්න හිමියන්ගේ දුරකතන අංකයෙන් මේ පිරිස ගැන විස්තර ලබා ගත හැක.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න වතුර නැතුව මිනිස්සු මලත් කොළඹ මහජන මුදල් නස්ති කරලා ජවුසන් නැටුවොත් ඒ ඇති. (ස)
දිනකට තුන් වේලම කාලා බෙහෙත් පෙති හොන්ඩර ගානක් ගිල දාන මිනිසුන්ට වඩා මේ මිනිස්සු මොන තරම් නිරෝගීද. පොදු පහසුකම් සපයනවා නම් මේ මිනිස්සු 120 ට 220 ක් ජීවත්වේවි. (ස)
අපේ රටේ බඩගින්නේ ඉන්න අය නැහැ කියලා මීට දවස් දෙක තුනකට කලින් අදහස් දාපු අය ඉන්නවද? (නි)
ඔව්. අපි තව කාර් රේස් එහෙම තියමු (නි)
කෝ , අපේ ඇමතිලා ටික නිදිද? මේ අසරණයන්ට ඉක්මනට පිහිට වෙන්න. (නි)
මේ ගම ලංකාවේ වෙන්න බැහැ. ලංකාවේ ඉන්න හැම මිනිහටම ගුවන් තොටුපළවල් දෙකක් , වරායවල් තුනක් , අධිවේගී මාර්ග හතරක් පහක් තියෙනවා ....එහෙව් ආශ්චර්ය උතුරා ගිය මිනිස්සු ඉන්න රටක මෙහෙම හිගන්නෝ වගේ ජීවත්වෙන මිනිස්සු ඉන්නවද ? (ස)
ඔය වගේ ජීවිතයක් මටත් තිබුණා, අද මම උගත් මිනිහෙක්. එංගලන්තෙ ඉන්නෙ. (ස)
මම නිතරම කියනවා වගේ ඇති නැති පරතරය මේ තරම් අධිකව පවතින එකම රට ලංකාව වෙන්න ඇති. (ස)
අර සංජීව කිව්වා වගේ මේ ගම ලංකාවේද? ජිවිතේ ජයගන්න මොවුන්ට උදව් ඕන. ආසියාවේ හොඳම රට වෙන්න නං මේවා එක්ක බැ. මුස්ලිම් ජාතිකයොත් ඉන්නවා මේවගේම. (ස)
මේ අපේම අය, ගොඩක් දේශපාලකයින්ට එයාලව ඕන එක කාලෙකට විතරයි. ඒ අයගෙ පිහිටට එන්නෙ එක්කො හාමුදුරු කෙනෙක් නැත්නම් ස්වාමි කෙනෙක්.අන්තිමට එයාලටත් බනිනවා. (ස)
එන්.ජි.ඕ. වලින් සිංහලයන්ට සෙතක් කරන්නේ නැද්ද? (නි)
මේ මිනිස්සුන්ට ගෙවල් වතුර නැතිවුනාට අපේ මන්ත්‍රීවරුන්ට මාදිවෙල අලුත් ගෙවල් හදන්න පටන් අරගෙන තියෙනවා නේද? (නි).
මේ සිංහල මිනිසුන්ට උදව් කරමු. පෙළපාලි ගිහින් උද්ඝෝෂණ කරනවට වැඩිය වැඩක් බොදු සංවිධාන වලට කළ හැකියි. (නි)
අනේ දයාල්, ඔයාට හැකිනම් ඔයාගේ අතීතය මතක් කරලා එංගලන්තයේ ඉන්න අනෙක් ශ්‍රී ලාංකිකයන්වත් එකතු කරගෙන මේ මිනිස්සුන්ට යම් උපකාරයක් කරන්න. එය මහා පුණ්‍යකර්මයක් (නි)
"දිනකට එක් වේලක් සරි කැර ගන්නා මොවුන් ජීවත් වීම උදෙසා ජනතාවගේ සහාය ඉල්ලති". ජාත්‍යන්තර කුන්ත්‍රණයක්.දෙසප්ප්‍රේමී රජය අපහසුතාවයට පත් කිරීමට ගන්න උත්සහයක්. (අ)
කෙස් පැලෙන තර්ක/අදහස් දානවට වඩා කවුරු කවුරුත් එකතුවෙලා මේ මිනිසුන්ට උදවු කරොත් නරකද? (ස)
මේ ප්‍රදේශවල ජනතාව ගැන බලන්න ඇමතිලා ඉන්නවා ආණ්ඩුවෙන් පත්කරලා. මේවා ඉතින් කාට කියන්නද ? (නි)
මට මතකයි ටික දවසකට කලින් කවුදෝ කිවුවා රට සහලින් ස්වයං පෝෂිතයි කියලා. වෙන රටක් ගැන වෙන් නැති කියන්න ඇත්තේ. (ස)
හරියටම හරි අමිල. (නි)
පිලි ගන්න කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ ජීවත් වෙන 90% කගේ ජීවිතයේ යතාර්ථය ඕක තමයි. මම නම් මගේ පෙම්වතියගේ උපන් දිනයට සුදු අස්වයෙකුයි, ලැම්බෝගිනි කාර් එකකුයි තැගි කළා.(නදී)
කෑගහන සේනාවලට පුලුවන් මේවා බලා උදව් කරන්න... (ස)
අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ.තව හුඟ දෙනෙක් මෙහෙම තමයි ජීවත් වෙන්නේ.නමුත් ලැජ්ජාවට නිහඩව ඉන්න ජනතාව එමටයි.ඒවගේම අපේ පාලකයින් වැය කරන නාස්තිකාර වියදම මඩින්න කටයුතු නොකලොත් වැඩි කල් නොයා රටෙන් බාගයකට වැඩිය ඔය තත්වයට ඇදෙනවා වලක්වන්න නම් බැරියෝ. (ස)
අපේ අයට පිහිට වෙන්න කිසිකෙනෙක් න්දද? (නි)
හැම එකටම කලින් ඒ පැත්තේ ඉන්න බල්ලෝ ටික අල්ලලා පෝරුවේ තියලා කසාද බන්දලා හිටියා නම් තමයි හොඳ. දැන් ඒ ටිකනේ සිරි ලංකාවට අඩු වෙලා තියෙන්නේ. (නි)
අපි මයිකල් ජැක්සන් ගේ අයියා ගෙනල්ලා මේ ගොල්ලන්ට පෙන්වමු මේ ප්‍රශ්න අමතක වෙන්න. (නි)
මේක රජය අපහසුතාවයට පත් කරන්න කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)
දයාල් මල්ලි, ඔන්න කරනවා නම් ඔයාට වැඩක්. නරකද යාලු මිත්‍රයෝ එකතු කරගෙන මේ මිනිස්සුන්ට උදව් කළොත්? (නි)