IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මඩකලපු සිංහල අයිතිය රැකෙයි

මඩකලපුව   පට්ටිපොල කෙවිලියාමුඩුව ගම් හතරක  හාරසියයක් පමණ වන වැසියනට  ග්‍රාම සේවා සහතික ,පොලිස් සහතික ඇතුළු රජයේ ලියවිලි  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් නොදෙතියි පවසමින්  පවසමින් ගම්වාසිහු  අද  මඩකලපුව  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය  අසල ඇරැඹු උද්ඝෝෂණය පැය තුනකට පසු අවසන් විය.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් බී එස් එම් චාර්ල්ස් මහත්මිය  එහි පැමිණ රජයෙන් සැලසෙන සියලු පහසුකම් ලබා දෙන බව ලිඛිත පොරොන්දුවක් දුන් පසු උද්ඝෝෂණය අවසන් විය.

සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති  පුලියද්දේ සුධම්ම, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප සංඝනායක අම්පිටියේ සුමනරත්න හිමි වරුන් ඇතුළු භික්ෂුහු  මේ උද්ඝෝෂණය මෙහෙයවුහ.

මඩකලපුවේ පදිංචිව සිටි  මෙම සිංහල වැසියෝ  යුද්ධය සමයේ අම්පාර වැනි පෙදෙස් වලට ගොස් සාමය උදා වු පසු යළි සිය ගම් බිම වලට ආහ.

 

 

 

 



අදහස් (0)

මඩකලපු සිංහල අයිතිය රැකෙයි

චන්දන Thursday, 06 March 2014 06:49 AM

ඔබ වහන්සේලාට මුළුමහත් සිංහල ජාතියේම උත්තමාචාරය හා ගෞරවය පිරිනමනවා (දිල්)

:       0       0

කෙනත් Wednesday, 05 March 2014 01:44 AM

"ලෝකේ නරකම සුළු ජාතීන් ඉන්නේ ලංකාවේ" ඒ වගේම ලෝකේ අසරණම පීඩිතම මහා ජාතිය ඉන්නෙත් ලංකාවේ, මේ අසරණ මහා ජාතිය චුට්ටක් හරි තමන්ගේ උරුමය ගැන කතකොලොත් ජාතිවාදී ලෙස ලේබල් ගහල ලෝකෙටම කෑගහන්න මේ සුළු ජාතීන් දත නියවන් ඉන්නේ. ඒවා දඩමීම කොරගෙන මේ සිංහල බොදු සිස්ටචාරයට පහර ගහන්න බටහිර ජාතීනුත් මාන බලමින් ඉන්නේ. අද සිංහලයට උතුරට යන්න බැහැ, නැගෙනහිරට යන්න බැහැ, අපේ විරුවන් දහස් ගණන් සිහල ලේ හලලා දිනපු රට උන්ට ලියල දෙන්නලු දැන්.(නදී)

:       0       0

කෙනත් Wednesday, 05 March 2014 02:30 AM

හැකිතරම් සිංහල ජනතාව උතුරු නැගෙනහිර පදිංචි වෙන්න ඕනා. ලංකාවේ අනෙක් පැතිවල වගේ ජන සංයුතිය වෙනස් කරන්ට ඕනා. එතකොට ඔය නිජබිම් කතා, වෙනම රටක් ඕන කියන කතා, ඔක්කොම හකුලාගන්න වෙනවා. (නදී)

:       0       0

රජරට Wednesday, 05 March 2014 02:36 AM

ඔබවහසේලාට ජාතියේ ප්‍රණාමය ! (නදී)

:       0       0

රොස්චින් ද සොයිසා Wednesday, 05 March 2014 03:48 AM

ස්වාමීන්වහන්සේලා නැත්තම් රටත් අපිට නැත.කුඩාපොළ හිමියන්ද මතකයට එයි.(නදී)

:       0       0

දීපාල් Wednesday, 05 March 2014 03:54 AM

අගය කල යුතුයි මේ අයිතිවාසිකම් ලබා දෙන්න බලදාරීන් කරුණාවෙන් අවදානය යොමු කරත්වා.(නදී)

:       0       0

අසංග Wednesday, 05 March 2014 10:04 AM

ජය වේවා.(දිල්)

:       0       0

සෑම් Tuesday, 04 March 2014 12:34 PM

මෙයට දායක වු සිහල රාවය සංවිධානයට හා අනෙකුත් සියලුම දෙනාට අපගේ ස්තුතිය...(දිල්)

:       0       0

චන්දි Tuesday, 04 March 2014 12:41 PM

දැන් ලංකාවේ උද්ඝෝෂණ නොකර කිසිම දෙයක් බේරගන්න,ඉෂ්ට කරගන්න බැරිද.(දිල්)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 05 March 2014 02:50 PM

කෙනත් හරියටම හරි (දිල්)

:       0       0

ප්‍රියංකර Tuesday, 04 March 2014 02:24 PM

අත අරින්ඩ එපා මේක අපේ රට.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 04 March 2014 03:01 PM

සිංහලයාගේ රටේ ඕන තැනක ජීවත් සිංහල ජනතාවට පුලුවන් මඩකලපුව කියන්නේ තමිල් නඩුවේ කොටසක් නෙමේ නිසා. අපේ සිංහල මිනිස්සුන්ටම ඇයි වල කපන්න හදන්නේ. මේ වගේ බලදාරී ඇයි මෙහෙම කරන්නේ අහිංසක ජනතාවට. යුද්දෙන් වසර ගානක් පිඩාවට පත් වෙච්චි ජනයාට උද්ගෝෂණ කරන්නේ නැතිව තමාගේ අවස්‍ය තාවයන් ලබාගන්න බැරිද. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 04 March 2014 03:04 PM

ඉස්සර නම් මෙවැනි දේවල් කළේ සුළු ජාතිය. දැන් මහජාතියටත් කරන්න වෙලා.(නදී)

:       0       0

නුවන් Tuesday, 04 March 2014 05:05 PM

ස්වාමීන්වහන්සේලා කරන දේ අනිවාර්‍යෙයන්ම ඇගයිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site