මඩකලපුව පදිංචි තරුණියක රුපියල් පනස් තුන් ලක්ෂ හැටහතර දහසක් වටිනා රන් ආභරණ පැළඳ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්ට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
ඇගේ වයස අවුරුදු විසි එකකි. ඇය පැළඳ සිටි රන් ආභරණ වල බර ග‍්‍රෑම් එක් දහස් තුනකි. මේ අතුරින් බොහොමයක් නිම නොකළ රන් ආභරණ බව රේගුව කියයි.
ඇය ඊයේ මධ්‍යම රාත‍්‍රියේ ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 141 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දී ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ රේගු නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට දෙන්ට ඕන බරපතල දඬුවම්. එහෙම කළාමවත් මේවා නවතියිද කියල බලමු. (නදී)
සාමාන්‍යයන් කොච්චර රත්තරන් ඇදන් රට යන්න පුලුවන්ද. දන්නා කෙනෙක් කියන්න ඇගේ පැළදගෙන යන්න පුළුවන් රත්තරන් බර ප්‍රමාණය.(නදී)
කෙනෙකුට පැලඳගෙන යා හැකි රන් අබරණවල බර සීමාවක් නීතියේ තියෙනවාද? දන්නා කෙනෙක් කියා දෙන්න. (නදී)