ස්පාඤ්ඤ පොප් ගායක එරිකේ ඉග්ලියාසිස් ‘සෙක්ස් ඇන් ලව්‘ සංගීත රාත්‍රිය පැවැත්වූ කොළඹ වේදිකාවට ප්‍රේක්ෂිකාවක සිය සිය තන පටය ගලවා විසි කිරීම හා තවත් පිරිසක් වේදිකාවට නැඟුනු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනපති කළ ප්‍රකාශයට ලොව පුවත්පත් ප්‍රසිද්ධියක් දුන්නේය.
අශිෂ්ඨ ගැහැනුන් වේදිකාවට නැගීමේ එම ප්‍රසංගය සංවිධානය කළ අයට විෂ සහිත මඩුවලිගයකින් තැලිය යුතු යැයි ජනපති කී කතාව ඔවුන්ගේ සිරස්තලයට යොදා ගෙන ඇත.
මත්පැන් බී සිටි ප්‍රේක්ෂකයන් සම්බන්ධයෙන් ජනපති කෝපයෙන් කතා කළ බව ද ලන්ඩන් ටයිම්ස් පත්තරය කියයි.
ලයිව් ඉවෙන්ට්ස් නම් සමාගම මේ ප්‍රසංගය සංවිධානය කළ බවත්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන ක්‍රිකට් ක්‍රීඩකයන් එහි අයිතිකරුවන් වන බවත් එම පත්‍රය සඳහන් කරයි.
සිදුවූ අඩුපාඩුවලට සංගක්කාර හා මහේල ජයවර්ධන කණගාටුව පළ කළ බව ද එම පත්‍රය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ සංගීත සංදර්ශනයට සහභාගිවුණ පොප් සංගීත ගායක එන්රික් මඩු වලිගයට බයේ යන එන මං නැතුව ඉන්නවද දන්නෙත් නැහැ (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
විදෙස් ගායකයා ගෙන්වූ ප්‍රසංගයේ දී මුලින් ම බොහෝ සංවාද ඇති වූයේ එහි සහභාගි වූ රසික රසිකාවන්ගේ හැසිරීම පිලිබඳව ය. මෙරට මුදල් එලෙස පිටට යෑම, ග්‍රීසිය ගිය පාරේ වේගයෙන් ගමන් කරමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාවට කෙසේ බලපානවා දැයි කිසිවෙක් ප්‍රශ්න කෙරුවේ නැත. අැඟලුම් කර්මාන්තයට අමතරව මෙරට යැපෙන්නේ මැදපෙරදිගට ලේ මස් නහර විකුණා වහල්කම්කොට මවුවරුන් උපයනා මුදලිනි. ඒ ගෙන එන මුදලින් මේ පිටට ගිය මුදල සැලකිය යුතු මුදලක් නොවන්නේ යැයි කිව හැකි ද? මිතුරනි එන්න. නැව ගිලුණත් බෑන් චූන් දමමු. (ර)
ඇමරිකාව ඇඟට පතට නොදැනී අපේ රටට සුක්ෂමව කරන විනාශය ගැනත් මෙහෙම අදහස් පළකරනවා නම් අපි කැමතියි (නි)
ඒක නොසිතූ ආකාරයට ජනප්‍රිය වුණා තමයි... (නි)
ලංකාවේ මත්කුඩු ගෙන්වන අයට, මිනීමරුවන්ට, ස්ත්‍රී සහ ළමා දුෂකයන්ට නොදෙන නොකෙරෙන දඬුවම් මොකටද මේ සංගීත සංදර්ශනයකදී සිදුවූ සුළු දෙයකට? මේවද ලංකාවේ අපරාධ? තුමාට මේකට වඩා අනෙකුත් අපරාධ සහ දුෂණ පෙනෙන්නේ නැද්ද? අනෙක මහජන මුදලින්ද දන්නෙ නැහැ ඔය මඩු වලිග ගන්නෙත්? (නි)
ඒ වගේ කඩවසම් කොල්ලෙක් දැක්කහම තමන්ට තමන් ඉන්න තැන මොකක්ද, කරන්නේ මොකක්ද කියලා අමතක වෙන්න ඇති (නි)
මේ ජවනිකාවේ තිත්ත ඇත්ත කුමක්දැයි අපිට සිතාගැනීමට අපහසු නොවේ (නි)
ලෝකයා මේවා බල බලා හිනා නොවන්නේද? තිසරපටයකින් ජීවන වියදම්, රැකියා, අධ්‍යාපන, සංවර්ධන ප්‍රශ්න වසාදැමිය හැකිද? (නි)
"නඩුත්" ඒගොල්ලන්ගේ, "බඩුත්" ඒගොල්ලන්ගේ. (නි)
මහේල සහ කුමාර් සංගක්කාර වැනි අප දේශයට කීර්තියක් ගෙනදුන් ලක් පුතුන් අපේ අයට මෙවැනි දසුන් පෙන්වීමට පෙළඹීම කණගාටුවට කරුණකි. විවිධ හේතුන් නිසා දැන් පසුබෑමට ලක්වී ඇති අපේ නර්තන ශිල්පීන්ගේ රැඟුම් විදේශිකයන්ට පෙන්වීමට ඔවුන් තීරණය කළහොත් රටට විදෙස් විනිමය මෙන්ම අපේ සංස්කෘතිය ලොවට දැක්වීමට හොඳ රුකුලක් වනවා නොවේව්ද? (නි)
කොළඹ ප්‍රධාන පාසලක අපේ සංගීත කණ්ඩායමක ගායකයෙක් මීට වසර කීපයකට පෙර අසභ්‍ය විදියට ගීත ගායනා කරපු බවත් අපිට මතකයි (නි)
මෙයාලා ලොකු ප්‍රතිරූප ගොඩනඟාගෙන හිටියට හිතලා බලන්න මොනවද මේ අය දැන්වීම් වලින් විකුණන්නේ නැත්තේ කියලා. සිමෙන්ති, කිරිපිටි, තීන්ත, කමිස... හැබැයි අපේ රටේ ගරුකටයුතු ක්‍රීඩකයොත් හිටියා දැන්වීම් වලට නොගිය (නි)
මීටවැඩිය දේවල් ඔය සමහර ලොකු ඉස්කෝලවල වෙනවා බිග් මැච් කාලෙට. ඒවා ගැන කතා නැහැ (නි)
මේකට අර යහපාලනයට කඩේ ගිය ගායකයන් මොකද කියන්නේ? (නි)
ලංකාවට මත්කුඩු ගෙන්වන අයටත්, මිනීමරුවන්ට, ස්ත්‍රී සහ ළමා දුෂකයන්ටත් පළමුව මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
ජනාධිපතිතුමා මේ රටේ දරුවනට හොද අාදර්ශවත් වැඩිහිටියෙක් එතුමා ආගමට සංස්කෘතියට ගරු කරන නායකයෙක් (ම)
ජනපතිගේ පුතාටත් බෑනටත් තලන්න වෙනවා නේද ඒ දෙන්නත් එ්ක බලන්න ගියාලු නේද (බ)
මට හිතෙන්නේ අපි තාම නොදියුණු ජාතියක් කියල. සමාජයේ කොටසක් විශේෂයෙන් ම තරුණ පරම්පරාව ලෝකයත් එක්ක ඉදිරියට යද්දී තවත් ගතානුගතික කොටසක් තම විවේචන ඉදිරිපත් කරන්නේ බොහොම ග්‍රාම්‍ය විදියට . අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය කිව්වට එය ඇතුලේ ඉන්දියානු, යුරෝපීය වික්ටෝරියානු ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් තියනවා ....(බ)
දහම් පාසල් ලමයි ඉන්න සභාවක කියන කතා ද මේ? ජනපතිට කතාවක් පවත්වන්න දැනුමක් නැතිනම්, උපදේශක වරැ ලියා දෙන දෙයට වඩා දෙයක් මුවින් පිට නොකළ යුතුයි...(බ)
මේ වගේම අපේ රටේ බස් රථ වල කනක් ඇහෙන්න නැතිව දාන, හැමදාම එක එක විදිහට එකම සින්දු ටික කියන ප්‍රසංග වේදිකාවල කරන කුනුහරප වැඩ ගැනත් යමක් කීවොත් නරකද? (බ)
කොහෙවත් නැති කෙනෙක් අපේ සල්ලිත් අරගෙන මාරුවුණා. දැන් රටම ගිනි අරගෙන... (නි)
මඩු වලිගෙන් තලන්න ඕනේ ජන්දෙ දීපු අයට (ම)
මඩු වලිගෙන් තලන්න ඕනෑ සංදර්ශනයක් සංවරව නොබලන අයටයි, ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් විකුණන අයටයි, එම ස්ථානවල අන් අයට කරදරයක් වන ලෙස හැසිරුණු අයටයි. (නි)
මඩු වලිගෙත් හොඳ වැඩියි මෙහෙම මිනිසුන්ට (නි)
මත්පැන් බී අශෝභන ලෙස හැසිරුණු ප්‍රේක්ෂකයන්ට තැලිය යුතු විදිය ජනපති කී විදිය හොඳ වැඩිය. මන්ද ඔවුන් නිසා සංවිධානය කළ අයටත්, රටටත් අපකීර්තියක් ඇතිවූ බැවිනි. (නි)
ප්‍රසිද්ධිය ලැබුනත් ඒකෙන් ඒ රටවල ඇතිවුණ ප්‍රතිරූපය නම් හොඳ එකක් නෙමෙයි. මොකද එවැනි ප්‍රසංග ඉතාමත් සාමාන්‍ය දේවල් ඒ රටවල. අනික ඔය සිද්ධිය ජාතික ප්‍රශ්නයකුත් නෙමෙයි. මේ රටේ ඕනෑතරම් ප්‍රශ්න තිබෙනවා කතා කරන්න. (නි)
අපේ අදහස් වලට තැනක් දෙන ලංකාදීප එසැණට අපේ ප්‍රණාමය! (නි)
මේ සිද්ධියට අනවශ්‍ය ප්‍රචාරය ලැබුන එකෙන් රටට වුණ හානිය මුල් සිද්ධියට වඩා වැඩි බවයි මගේ නම් අදහස (නි)
තනපටයක් ගිය දුර! (නි)
මේවට සහභාගි වෙන්නේ සමාජයේ එක පැළැන්තියක්. එමනිසා කවුරුවත් මේවට කලබල වෙන්න ඕනෑ නැහැ (නි)
එතුමා ඒ කතාව කිවුව නිසා ගොඩක් ප්‍රශ්න වැළකුනා (නි)
ජනාධිපතිතුමාට අපහාස වෙන්න එම ප්‍රකාශය යොදාගන්න එක හොඳ නැහැ (නි)
මම නම් එතුමා කියපු කතාවට එකඟයි (නි)
ජනාධිපතිතුමා ගත් තීරණය නිවැරදියි. එතුමා කතානොකර හිටියා නම් සමහරු මෙය ලොකු ප්‍රශ්නයක් ලෙස කතාකරන්න තිබුනා. (නි)
අනේ මන්දා?(හේ)