මඩු රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් එක්ලක්ෂ විසිහත්දහසක් පමණ වටිනා බුරුත දැව කඳන් 16 ක් දහයියා ගෝනි වලින් වසා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මඩුපාර අඩවි වන නිලධාරීහු කියති.
සැකකරු හා ඔහුගේ ලොරි රථය සමග බුරුත දැව කදන් තොගය අඩවි වන නිලධාරීහු තම බාරයට ගෙන (20) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර බුරුත දැව තොගය රාජ සන්තක කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පරිසර පාළුවෝ? (නි)
දැවවල වටිනාකමටත් අඩුයිනේ දඩය ? එතකොට රක්ෂිතයට කල හානියට , පරිසර විනාශයට දඩය කොහොමද ගණනය කලේ ? ඒ කියන්නේ රුපියල් 50 ක් වටිනා පාන් රාත්තලක් හොරකම් කලොත් දඩය රුපියල් 50 ට අඩුයිද? ලංකාවේ වැරදිකරන්නන් අඩුකරගැනීමට නම් දඩ වැඩි කරන්න ඕනේ !(රේ)
පලවෙනි වතාවට වෙන්න ඇති ඕක කරන්නේ ඇත්තේ.(හේ)
මරු මරූ ... මාත් පටන් ගන්නවා ... ලක්ෂයක් කියන්නේ බොහොම පොඩි ගානක්... ඒ වගේද බුරුත! ඉඳල හිටලා කළුවර,.(රේ)
පරිසරය රැකගන්නේ සමුළුවලින් විතරද ? (ම)
බුුරැත කඳන්16 ක් වටින්නේ රුපියල් 125,000.00 ද?මේකට නම් දේශපාලන්ඥයෙක් සම්බන්ධ අැති..(රේ)
අපොයි මෙහෙමත් අපරාධ! (නි)