ඓතිහාසික මඩු දේවස්ථානයේ සතියක් පුරා පැවති මඩු මංගල්‍යය අවසන් දින අදයි
අද තුන්ලක්ෂයක් පමණ වන්දනාකරුවෝ පැමිණ සිටියහ.
යුද්ධයෙන් පසු පළමු වතාවට දුම්රියෙන් මඩු දක්වා ගමන් කිරීමට ඔවුනට අවස්ථාව ලැබිණි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව වන්දනාකරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීය.
රායප්පු ජෝසප් මන්නාරම රදගුරු, තෝමස් සවුන්ද්‍රනායගම් යාපනය රදගුරු, නෝබට් අන්ද්‍රාදි අනුරාධපුර රදගුරු වියානි ප්‍රනාන්දු මහනුවර රදගුරු උදෑසන ප්‍රධාන දේව මෙහෙය පැවැත්වූහ.
වතිකාන තානාපති ජොසෆ් වික්ටෝරි විශේෂ ආරාධිතයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් අමිල, වැනි, මෙරට ආක්‍රමණය කල අය සාන්තුවරු, මව් බිම බේරාගත් සැබෑ වීරයින් යක්ෂයින් ලෙස සලකන වහල් මානසිකත්වය ඇති අය මේ රටේ ඉතිහාසය විකෘති කරනවා. ලංකවට වහින්නේ යුරෝපයේ සාන්තුවරුන්ගේ හෝ ඔවුන්ගේ දෙවියන්ගේ අනුහසින් නොවේ. දහසය වන සියවසේ මැදදී ගෝවේ සිට ක්‍රියාත්මකවූ ස්පාඤ්ඤ ජාතික ෆ්‍රැන්සිස් ක්ෂේවියර් නිසා ලංකාවේ යාපනය ආශ්‍රිත මුහුඩුබඩ ප්‍රදේශවල ධීවර ප්‍රජාව අතර කතෝලික ආගම පැතිරුණා. රෙපරමාදු ලන්දේසින්ගේ ආක්‍රමණය නිසා 1670 දී යාපනේ කතෝලිකයින් පිරිසක් පලා ඒමෙන් මඩු පල්ලිය බිහිවුනා. ඕන කෙනෙක් කැමති ආගමක් ඇදහුවට අපිට කමක් නැහැ. ඒත් රටේ ඉතිහාසය විකෘති කරන්න ඉඩදෙන්න බැහැ. බොරු හාස්කම් ප්‍රචාරයකර මේ රටේ මිනිසුන් අන්දන්න දෙන්නත් බැහැ. ඒනිසා කොයි කොයි ආගම්වාදියොත් රටේ දේශපාලනයට හා ඒකීයභාවයට ඇඟිලි ගැසීමෙන් වැලකීමත්, රටේ ඉතිහාසය සිතැඟි පරිදි විකෘති කිරීමෙන් වැලකීමත් අවශ්‍යයයි. (ස)
සුභ පැතුම්! (නි)
මඩු මෑණියන්ගේ පිහිටයි! ජේසු පිහිටයි! (නි)
නීල් රනා මම ලංකාවේ ඉතිහාසය දන්නවා. රජගොල්ලො ගැනත් දන්නවා. එහෙම වුණොත් ජාති අවුස්සනවා කියාවී, මම කිව්වේ සත්‍ය සිදුවීම, ඔයා නොදන්නා ගොඩක් දේවල් තියනවා, ඔයාලා දෙන්නා ලියලා තියෙන්නේ ඉතිහාසයේ හොද පැත්ත විතරයි ,තව තියනවා මම ලියන්න කැමති නැහැ. (ස)
නීල් රනා මම කිව්වේ නුවර හිටපු රජු ගැන නෙමෙයි.එදා ලංකාව පාලනය කරපු රජු ගැනයි ,එයා තමයි අවසර දුන්නේ .මම කියන්නේ ඔප්පු කරන්න පුළුවන් දේවල් තමයි. (ස)
මඩු මෑණියනි, දෙසැම්බර් මම අපගේ පව්ලේ සැම රැගෙන එනවා (නි)
අනේ මේ අදහස් දාන අයට අනෙකුත් ආගම් වලට එරෙහිව හඬ නගන්නේ නැතුව එහි හොඳ දේවල් අගය කරන්න බැරිද? (නි)
රාසප්පු ජෝශප් කියන්නේ අර පුල්ලි තියන රදගුරුතුමා නේද? රජයට ස්තුති කලාද දන්නේ නැහැ මඩු වන්දනාව නැවත පෙර පරිදිම තියන්න පසුබිම සකස් කරලා දුන්නට. (නදී)
ධිනා රොෂාන් සත්‍ය ඉතිහාසයයි මම ඔයාට කිව්වේ. ආගමික පමණක් නොව කිසිම දෙයක් ගැන වෛර සිතින් බලන්නේ නෑ නමුත් ඇත්ත තිත්තයි.ඔය ආගම පතුරුවපු හැටි කව්රුවත් ඉගැන්නුවේ නෑ නේද? බෞද්ධ අපට කිසිසේත් ලතවෙන්න දෙයක් නෑ. එත් අපේ උරුමය රැ කගන්න විශාල ප්‍රයත්නයක් එදා සිටම දරුවා. අනිත් රටවල් දියුණුද කියල නුවනින් බලන්න. මම ඉන්නේ විදේශයක. හොදින් දන්නවා. දියුණුව කියන්නේ පාර,ගොඩනැගිලි ,පාලමද ? ලෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන් සරල ,නිරවුල් ,සදාචාරසම්පන්න ,සන්හින්දියාවෙන් යුතු සමාජ ක්‍රමයක් බිහි වුයේ ලංකාවේ. එය විනාශ වුයේ කෙසේදැයි කිවයුතු නෑත. නමුත් දැන් උතුරු ඇමෙරිකාව, යුරෝපය වැනි රටවල මිනිස්සු ලංකාවේ පැරණි කාලේ පැවතී සමාජ ක්‍රමය වගේ තත්වයන් අගය කරමින් ඒ ක්‍රමයට හුරුවෙන්න පටන් ගන්නවා. අපි දියුණුයි කියල අපේ දේ නැති කරලා මොනවද ගන්න හදන්නේ? (නදී)
1981 ගියාට පසු යන්න බැරි උනා. ""ජපමාල මෑණියනි නැවතත් ඔබේ දෙපා නැමදීමට ඒමට අපට වරම් දුන මැනව!""(නදී)
රොෂාන්, ලියන්ට අදහස් තියෙනවා. එත් ආගමකට සම්බන්ධ දෙයක් නිසා ලියන්නේ නෑ. ඔබ සැමට දේව මෑණියන්ගේ පිහිටයි. (ස)
දීනා ඔයාගේ කතාව ඇත්ත. සෙනෙවි, නීල් l රනා ඇතුළු අයට පැහැදිලි කරලා වැඩක් නැහැ ඒගොල්ලෝ අන්තවාදීව හිතන්නේ,ලෝකේ අනිත් රටවල් දියුනුයි. අපි තාම එතන හේතුව දන්නවනේ. මම ලියන්න කැමති නැහැ මෙමගින් ඔක්කොම කියන්න බැහැ.(නදී)
1982 ගියාට පසු යන්න බැරි උනා. ""ජප මාල මෑණියනි,මඩු මෑණියනි නැවතත් අපගේ පව්ලේ සැම ඔබේ දෙපා නැමදීමට ඒමට අපට වරම් දුන මැනව! "මඩු මෑණියන්ගේ" පිහිට ලක්මවට ලැබේවා!(නදී)
වැදූ මවත්, දිනූ දේශයත් උරුම ආගමත් අමතක කොට පර දෙසක්කාරයන්ගේ තාන්න මාන්න බලාගෙන එදා ආගම ජාතිය පාවා දුන්නවුන්ගේ කතාවල උජාරුව? ඔය අදහන ආගම් මෙරටට ගෙනා අයට විරුද්ධව ලක්දිව සුජාත පුතුන් දස දහස් ගණනක් දිවි පුදා ඇති බව අමතක නොකළ යුතුයි. (ස)
නීල් රනා කරුණාකර මේ දේ තේරුම් ගන්න.අපි මිනිස්සු විදියට දන්නා දේවල් වගේම නොදන්නා දේවල් ගොඩක් තියෙනවා,ඔබට කතෝලික ආගම ගැන වැඩි දැනුමක් නැ,එක නිසා ඒ ගැන වැරදි තොරතුරු ඇතුලත් කරන එක නවත්වල දන්නා දේ ගැන කතා කරන්න...ෆ්‍රැන්සිස් ක්ෂේවියර් කියන්නේ කතෝලික අපේ සාන්තුවරයෙක්.එතුමා ලංකාවට ආවේ නැ.ඉන්දියාවට ආවා.ඔබ හැමදේම පටලගන නොදන්නා කම නිසා.ඔබ දන්නා දේ ගැන කතා කරන්න.අනිත් එක රදගුරුවරු කියන්නේ මිනිස්සු,කොටි ඒ අයට තුවක්කු දිග් කරලා මේක කරපන් කිව්වම අකමැත්තෙන් උනත් කරන්න වෙන වටපිටාවක් තියෙන්න ඇති.පුද්ගලයන්ට බනින අය කල්පනා කරලා බලන්න ඔබට එවන් දේකට මුණ දෙන්න සිදු උනොත් මොනවද කරන්නේ කියල....අනිත් වැදගත්ම දේ ,මඩු මෑණියන්ව කවුරුත් බේර ගන්න උවමනාවක් නැ,මොකද එතුමිය ඔබ මම වගේ නොවන නිසා.ඒක නිසා දේශපාලකයන්ට වරම් දෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඔබේ ආගම අනුව රට නිවැරදිව පාලනය කරන්න,මම කතෝලිකයෙක් වෙමි. (ස)
අනේ හැමෝටම වගේ මටත් මෑණියන් දෙපා ලගට එන්න උදව් කරන්න .අනේ ඔබ තුමිගේ පා සෙවන මොන තරම් සැනසීමක්ද අපි සියල්ලන්ට ආශීර්වාද කල මැනවි.(නදී)
සෙනෙවි, ඔයා කියන විදිහට අනුව සැළකුවොත් බෞද්ධ ධර්මයත් ගෙනවිත් පතුරවපු ධර්මයක් මිස ලංකාවේම උපන් ධර්මයක් නෙමේනේ. බෞද්ධ ධර්මය ලංකාවට එනවිට එය සියලුම දෙනා වැළඳ ගත්තේත් ඔය කියන විදිහේ නොයෙකුත් ඇදහිලි අදහමින් උන්නු පිරිසක්ම තමා. එහෙනම් එයත් උපන් දේශයටත් වැදු මවටත් එරෙහි වීමකි. කරුණාකර අන්‍ය ආගම් විවේචනය (නි)
ලෝකෙටම ලංකාවෙන් ආදර්ශයක් සපයනවා (දී)
මඩු මෑනියන්ගේ ආශීර්වාදය නොඅඩුවම ලක්මට ලැබේවා (දී)
සියලු දෙනාට මරද මඩු මැනියන්ගෙ පිහිටයි (දී)
දිවි පුදා මඩු පල්ලිය බේරා දුන් රණවිරුවන්ට මඩු මෑණියන්ගේ දේව පිහිට ලැබේවා!! (ස)
මඩු මෑණියන්ගේ පිහිටින් ලංකාව ආරක්ෂා කර දුන මැනවි (නි)
1670 දී ලංදේසීන්ට බයේ වන්නියට පැනගිය යාපනේ වැසියන්ගේ මූලිකත්වයෙන් බිහිවූ මඩු පල්ලිය කොටි ත්‍රස්තවාදය පරාජයට පත්වීමෙන් පසු යලිත් ජනතාව රැස්වන ස්ථානයක් බවට පත්වීම හොඳයි. නමුත් ඉන්දියාවේ සිට පැමිනි ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ගේ කාලයේ සිටම අවි බලයෙන් ජනතාව මත පැටවූ ආගමක් වුවත් සියලුදෙනා මෙහි රැස්ව ඇති ආකාරය ප්‍රශංසනීයයි. මාතෘ වන්දනාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නක්. ක්‍රිස්තියානිය ඒබ්‍රහම් ආගමක් වුවත් ලංකාවේ රාවණා රජුගේ පියා වූ 'වෙසමුණි' බිහිකල මුණි සම්ප්‍රදායට අයත් බොහෝ ලක්ෂන ඊට ආවේනිකයි. එසේ වුවත් අහිංසක අලි ඇතුන් යොදා ගෙන පෙරහැර නොපැවැත්වීම අගයකල යුතුයි. (දී)
1670 දී ලංදේසීන්ට බයේ වන්නියට පැනගිය යාපනේ වැසියන්ගේ මූලිකත්වයෙන් බිහිවූ මඩු පල්ලිය කොටි ත්‍රස්තවාදය පරාජයට පත්වීමෙන් පසු යලිත් ජනතාව රැස්වන ස්ථානයක් බවට පත්වීම හොඳයි. සියලුදෙනා මෙහි රැස්ව ඇති ආකාරය ප්‍රශංසනීයයි. මාතෘ වන්දනාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නක්. (ස)
සුබ දසුනක්.... (ස)
මඩු පල්ලියේ කොටින්ට බංකර් හදන්ඩ අනුබල දීපු මහා කොටියත් පූජාව තියන්න ඇවිත්. (ස)
මඩු මෑණියන්ගේ පිහිට හැම දෙනාටම ලැබේවා. එහෙත් මෙතැන මරණ සත්තුන්ට කාගේ පිහිටක්ද? (නි)
සම්පත්, ඇසින් දකින කනින් අහනදේත් බොරුවෙන කාලේ හැමදෙයකම වැරදි හොයන්න එපා. කොටින් ලංකාවේ යුද්ධ කළේ අවසර අරගෙන නෙමෙයිනේ. (නි)
අද බොහොම නිදහසේ බැතිමතුන්දෙවියන්ට කන්නලව් කරනවා දකින්ට ලැබීම මහත් සතුටක්. මධු පල්ලිය බේරාගැනීමට දිවිදුන් රණවිරුවන් වෙනුවෙනුත්, රදගුරුතුමන්ලා වෙනුවෙනුත් යාඥා කරලා තිබුනානම් තවත් සතුට වැඩි වෙන කාරණිවක් වෙයි.කරනවා
ජනාධිපතිතුමණි, මේ දේවල් ඔබතුමා කරපු උතුම් වැඩ. ජනතාව අද පුදුම නිදහසකින් ඉන්නේ බොහොම පින්. (ස)
සෙනෙවි,ලංකාවේ ඉතිහාසය ගැන හොයා මට ආගම් ගැන තර්ක කරන්න වුවමනා නැහැ,ආගමක් අදහන්න ක්‍රමවත් පිළිවෙලක් ඕනෑ නැහැ. එය විශ්වාසය මතයි අදහන්නේ. එදා ඔයා ප්‍රාථමිකයි කියා හැදින්වූ ඇදහිලි බිඳ දමා මිනිසුන් බෞද්ධ ධර්මය වැළඳ ගත්තා නම් ඒ එය කෙරෙහිවූ විශ්වාසයට මිස වෙන දෙයකට නෙමේ. ඔබ මෙවැනි ආගම් බේද ඇතිකරන විදිහේ ප්‍රතිචාර දමන්නේ ඔබේ ආගමට තියෙන ගෞරවය විදහා පාන්න නොව අනෙකුත් ආගම් කෙරෙහි වූ වෛරයටයි, අදටත් ලංකාව බෞද්ධ යැයිද සිංහලයා බෞද්ධ යැයිද බෙදා ගන්න බැරුව ලතවන්නේ ඔබලා වැනි පිරිස මිස අප නොවේ, අපි රටට ජාතියට බරක් නැහැ ඒ අතින්, මේ වගේ ආගමික උත්සවයකට ගරු කරන්න බැරි මිනිස්සු, මිනිස්සු නෙමෙයි (නි)
සුබ පැතුම්...!! (නි)
නීල් රණා කියන විදිහට නෙමෙයි කතෝලික ආගම ලංකාවට ආවේ. සිංහල රජ්ජුරුවෝ ආගම තහනම් කරලා තියනකොට,ජෝෂප් වාස් පියතුමයි නැවත ආගම ලංකාවේ ඇතිකළේ.ලංකාවේ නියගයක් තිබුනා, ඒදවස්වල ජුසේ වස් පියතුමා කිව්වා රජ්ජුරුවන්ට වැස්ස ලබා දෙන්නම්, ආගම අදහන්න ඉඩ දෙන්න කියා. රජු එකග වුණා. එතකොට නුවර අම්පිටියේ දේව මෙහෙයක් තිබුණා. එය අවසන් වෙන්න කලින් වැස්සා.නුවර අම්පිටියේ මෙහෙය තිබුණු තැන තෙමුණේ නැහැ.අදටත් අම්පිටියේ(සේමනරිය) එතන වහිනකොට තෙමෙන්නේ නැහැ.රජු පල්ලි පහක් හදන්න අවසර දුන්නා.එහෙමයි ආගම ආවේ.වැඩි විස්තර ඔබට දැනගන්න ඕනෑ නම් මාව අමතන්න (නි)
සුභ පැතුම්! (නි)
දේව අම්මේ, කරුණු නොදැන අදහස් ලියන අයට සමාව දුන මැනවි! (නි)
ඔබ දිගින් දිගටම වැරදි දේවල් ඉදිරිපත් කරමින් තමන් මුදුනා වෙන්න හදනවා.ඔබේ අන්තවාදී කම නිසා ඔබත් එක්ක තර්ක කිරීම තේරුමක් නැහැ. එම නිසා කිසිම ආගමක් ලොකු පොඩි නැ.හැම ආගමකටම ලෝකයේ එකම ගරුත්වය ලැබිය යුතුය.ඒවා මගින් කරන්නේ ඒවා වලට අයත් අයගේ යහපත ඇති කිරීමය.ඔබ ඔබේ තේරුමක් නැති තර්කයේ එල්ලී සිටිනවා .ඔබ ආගම පණ්ඩිතයෙක් උනත් දැන ගන්න තමන් නොදන්නා දේ කියලා දෙයකුත් තියෙන බව....ඔබ ඒ දේ පිළිගන්න තුරු ඔබ එකම දේ කියාවි.ෆ්‍රැන්සිස් තුමා ඉන්දියාවට එන්න කලින් බුදු සමය හා සමගාමිව කිතුනු දහම ශ්‍රී ලංකාව තුල තිබුණා.සෙනවි කියන පුද්ගලයා කරන්නෙත් තමන්ගේ මතය විතරක් හරි කියන්න තමන් ගැබුරින් නොදන්නා දෙයක් කියවන එක.මේ දෙදෙනාම කතෝලික බීතියකින් පෙළෙනවා.සියලු ආගම යහපත්ය.අවසන් නිගමනය එය වේ.(නදී)
මට ඇයව මගේ ඇස් දෙකින්ම දැකගත හැකිනම්... (නි)
සෙනවි මම ඔබේ අදහස අගයමි. (නදී) .
මඩු මෑණියෝ කොටින්ට බිලිදෙන්න ප්‍රබාකරන් ළඟට අරගෙන යන්න හදපු පුල්ලි තියෙන සමහරු ගැනත් අපි දන්නවා. රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න මඩු මෑණියෝ කොටින්ගෙන් බේරුනා. මිනිසුන්ට දැන් නිදහසේ වන්දනා කරන්න යන්න පුළුවන්. අලුතින් පාරවල් හදලා, කෝච්චියකුත් දාලා, ඔක්කොම පහසුකම් තියෙනවා. (නි)
මෙවෙනි උතුම් කාර්යයකට මග පාදා දුන්නේ කව්ද කියල ජෝස්සෆ් පාදිලිතුමා දන්නවද දන්නේ නැහැ.(නදී)
මේ වගේ සෙනග ගොඩක් දකිනකොට සමහරුන්ට බොහොම හිතට අමාරු බව අපි දන්නවා (නි)
හරිම දුකයි සහභාගී වෙන්න බැරි වුන එකට... (ස)
මඩු මෑණියන්ග පිහිටි ලැබේවා.(නදී) .
සෙනෙවි, එය විය හැකියි. නමුත් එය බලහත්කාරකමින් සිදුකල යමක් නොවේ (නි)
අර හිරේට නියමවුන රණවිරුවෝ නොහිටියානම්.(නදී)
ජනාධිපතිතුමා සහ රණවිරුවන්ට දේව පිහිට ලැබේවා!! බුධිමත්ව ඉදිරියටත් වැඩ කරන්න. තුවක්කුවට වඩා ඔලුව පාවිච්චි කරන්න. (නදී)
පිහිට දෙන්න ඕන කාටද ,නොදෙන්න ඕන කාටද කියල එතුමිය දන්නවා.හැම දෙයක් දිහාම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.අපිට නොපෙනෙන දේ මෑණියන්ට පේනවා.අපි හැම වෙලාවෙම කරන්නේ මේ ලෝකෙට වැඩක් වෙන දේවල් විතරයි.. (දී)
ලංකාදීප කතෘ වෙත, අනෙකුත් පිරිසගේ ස්වාදීන ආත්මාර්ථකාමී අදහස් හමුවේ එයට එරෙහිව ඇතැම් අදහසක් ඉදිරිපත් කරන විට කරුණාකර එහි අවශ්‍ය කොටස් ඉවත්කර සංස්කරණය කිරීමෙන් වලකින්න, ඔබත් බෞද්දයෙක් විය හැකි, නමුත් මන් බෞද්ධ ධර්මය එහි විවේචනය කොට නැති හෙයින් ස්වාධීන අදහස් වලට ඉඩ දෙන්න,(නදී)
තෙශාන්, ඔයා වගේම මමත් හරියට දුක් වෙනවා සහභාගී වෙන්න නොලැබුනාට. හරිම ආශාවකින් හිටියා, ඒත් බැරිඋනා. මඩු දේවස්ථානය බේරාදුන් රණවිරුවන්ට උපහාරය...!! (දී)
නිල් රාණ ඔයා දන්නා ඉතිහාසයක් නැහැ. ඔයා ඔක්කොම පටලවාගෙන, අමිල විස්තර කරලා තියනවා ප්‍රැන්සිස් ෂෙවිර් කියන්නේ කවුද කියලා. එය ගැන නෙමෙයි මම කිව්වේ. මට සියල්ලම මෙමගින් ඔයාට පැහැදිලි කරලා දෙන්න අමාරුයි. ඔයා ඉතිහාසය දන්නෙම නැහැ. ,ඔයා කැමතිනම් මට ඔයාගේ දුරකතන අංකය හෝ ස්කයිප් එක දෙන්න මම කතාකරන්නම්.(නදී)
අනේ මන්දා! මේ "සෙනෙවි,නීල් රණා" ඔක්කොටම කලින් එයාලා හැදු මවටත් දිනු රටටත් බරක් වගේ (නි)
නවතම දේවාඥා දහයක් (දී)
සෙනවි, ඔයා විදේශයක ඉන්නේ කියලා මට තේරුණා. මම ඉන්නෙත් ඔයා කියලා තියන රටවල් වලින් එකක,ලංකාව හොදට තිබුනා නම් ඔයයි මමයි පිටරට යන්නේ නැහැ. මම දියුණු නැහැ කියන්නේ ඉතිහාසය නෙමෙයි.වර්තමාන තත්වයයි. අපිට තරම් ඉතිහාසයක් නැති රටවල් අද කොච්චර දියුණුද? මම කියන්නේ කොන්ක්‍රීට් වලින් නෙමෙයි (නි)
මම, බුද්ධාගමේ ඒ උනත් මට මේ රටේදී මෑණියන්ගේ පිහිට තියෙනවා අපි අන් ආගමිකයන් කියල පිහිට නොවී ඉදල නැහැ කළගුණ සැලකීමක් වශයෙන් එක් වරක් හෝ එනවා වැඩ ගන්න (දී)
ඔය කාගේ කාගෙත් අර පුල්ලි තියෙනවා . රට බෙදල වෙන් කරන්න ඒ අය විශාල උත්සාහයක් ගත්තා. ඒ සියලු බාදක බිදගෙන ත්‍රිවිධ හමුදාව මානුෂික මෙහෙයුම සිදු කොට සුළු ජාතික ආගමිකයන්ටත් නිදහසේ වැඩ කරන්න හැකි විදිහට රට හැදුව. ඒ නිසා දිවි පිදූ දහස් ගණන් හමුදාවට පින් පතා සහ ආබාදිත අයට තුනුරුවන්ගේ සරණ පතා ඔය ආගමික වතාවත් කිරීමට පෙර නිහඬ තාවයක් පවත්වා තුන් වතාවක් සාදු කාරයක් දී පටන් ගත්තා නම් අගේ.(නදී)
කොතරම් සුන්දර දසුනක්ද .? (නදී)
සුභ පැතුම්! සතුටුයි (නි)
සංජීව ඔයා වහින වෙලාවක අම්පිටියට ගිහින් බලන්න.(නදී)
රොෂාන් මම ක්‍රිස්තු භක්තිකයෙක් නමුත් ඔයාගේ ඔය වහින කොට තෙමෙන්නේ නැති ගොන් කතා පිළිගන්න බැහැ. ඒ වගේම මන්නාරම සහ යාපනගේ අග රදගුරු වරුන්ගේ කොටි හිතවාදී වැඩ පිලිගන්නත් බැහැ.(නදී)
ධිනා, ඔයා ලංකා ඉතිහාසය නොදැනයි කතා කරන්නේ. සර්වකාලීන දහමක් වන බුදු දහම ලක්දිවට ගෙන එන විට ප්‍රාථමික ඇදහිලි සමුහයක් මිස ක්‍රමවත් කිසිඳු ආගමක් නොතිබුණි. එනිසාම මානව සදාචාර සංවර්ධනයට ක්‍රමවත් ආගමක අවශ්‍යතාව දැනුණි. එකල බුදු දහම බලෙන් දරදඬු නීති දාලා හඳුන්වා දෙන්න ගියේද නැත.අනුරපුර පොළොන්නරු වැනි රාජධානි ගොඩනගා ලෝකය මවිතයට පත්වෙන ලෙස බෞද්ධ සංස්කෘතිය ඇසුරෙන් දියුණු ශිෂ්ටාචාරයක් බිහිකොට තිබූ රටකටයි ක්‍රිස්තියානිය එන්නේ. ඔවුන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ සන්හිඳියාවෙන් යුතු දියුණු ආගමක් තිබෙන සමාජයකට එක අතකින් කඩුවත් අනිත් අතින් බයිබලයත් ගෙන ආගමට නාවොත් අහිංසක මිනිසුන් මරණ බවට තර්ජනය කරමින් ආගම පතුරුවන්න. අසවේදු වැනි පාලකයින් ඇතුළු අනිකුත් අය කලේද ඒ දෙයමයි. හොඳින් ලංකා ඉතිහාසය කියවලා අදහස් දානවනම් හොඳයි. එසේම මිහිඳු හිමි තාන්න මාන්න දී හෝ බය කරලා හෝ ආගමට බඳවා ගත්තේ නැත. ඉතිහාසය පුරාම එය කලෙත් දැනට කරන්නෙත් ඔය ගොල්ලොම මිස වෙන කවරෙකු දැයි ඇස ඇර නුවනින් බලන්න.(ස)
මම බුද්දාගමේ....ඒත් මේක දකිද්දි මටත් මෙතනට යන්න ආසයි.(නදී)
රොෂාන්, නුවර සිංහල රජවරු හිටියේ නැහැ. එහි හිටියේ ප්‍රාදේශීය බලය කොල්ලකාපු කොනප්පුගෙ අය සහ තමිල්නාඩු නායක්කර්වරු පමනයි. ඔවුන් අදකාලෙ පලා බබාලා වගේ. සැබෑ සිංහල රජවරු වැස්ස පාලනය කරනවා. ඔවුන්ට වැසි වස්සවන්න කාගෙවත් උපකාර අවශ්‍යය නැහැ. කොනප්පු හෙවත් කෝනාර් පරපුර තමිල්නාඩුවෙන් මෙහි ආ මිනිසුන්. ලෝකයේ වෙනත් ප්‍රදේශවල පීඩිත මිනිසුන් උදෙසා ආගම් බිහිකිරීමට අඩිතාලම දැමූ අපිට ඒ ආගම්වල සරණ අවශ්‍යය නැහැ. (නි)
මඩු මෑණියනි, ඔබගේ තීව්‍රර වූ දෙනෙත් විහිදා බලන්න මේ ලක් වැසියන් කෙලෙස දුක් විදින්නේද කියා. තියෙන දනාට ලැම්බෝගිනි ,නැති දරුවන්ට අද ජීවත් වුණා හැර හෙට ජීවිතය ඇඟ හිරිවට්ටන සිහිනයකි. මඩු මෑණියනි, අසරණ රට වැසියාට පිහිට වන්න මෑණියනි (නි)
අනිවාර්යෙන් දෙසැම්බර් මංගල්‍යයට නම් යනවා (නි)
මඩු මෑණියන්ගේ පිහිට ලක්මවට ලැබේවා! (නි)