තම පක්‍ෂය තුළ කිසිඳු බෙදීමක් නැති බවත්, අවලාද නැගීමෙන් හෝ මඩ ප‍්‍රහාරවලින් ජනතා විමුක්ති පෙරමුණේ ගමන නැවැත්විය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (08) පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් එක්තරා සතිඅන්ත පුවත්පතක පළ කර ඇති කරුණු සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් හා දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ජේවීපී එක ඒගොල්ලන්ගෙ දැනුමේ හැටියට වැඩ කළා. හරි උගත් බුද්ධිමත් කට්ටියක්. (නි)
අනේ! අපි නොදන්නා ඔබතුමන්ලාගේ කතා? (නි)
ජවිපෙ කුමන හෝ සාමාජිකයෙකුගේ විනයවිරෝධී ක්‍රියාවක් පක්ෂයට දැනගැනීමට යන්නේ ඉතා සුළු වෙලාවයි. මාධ්‍යයට බොහෝ අභ්‍යන්තර දේ වාර්තා වෙන්නේ නැහැ. එසේවුවත් වන්නේ ඉතා විශාල කාලයකට පසුයි. ඒ වනවිට පක්ෂය ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන අවසන්. ජවිපෙ යනු කාණ්ඩයක් ලෙස ක්‍රියාකරන සංවිධානයක්. කුමන හෝ සාමාජිකයෙකුගේ විනයවිරෝධී ක්‍රියාවකට අවශ්‍යය තීන්දු ගන්න පක්ෂය පසුබට නොවන බව ඇතිතරම් ඔප්පු කර තිබෙනවා. (නි)
ශෂික,ඔයාගේ අවබෝධයේ තරම ඔයාගේ ප්‍රකාශයෙන් තේරෙනවා. ජවිපෙ කරන කාර්යයභාරය යම් ප්‍රමාණයක හෝ මොළයක් තියෙන අයෙකුට වුණත් තේරෙනවා (නි)
සේනක, ඕනෑම නායකයෙකු නියමිත වයසකදී දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතුයි යන කාරණය හොඳින් තහවුරු කළ තවත් කෙනෙක් තමයි සෝමවංශ අමරසිංහ. ජගත්චන්ද්‍ර, සමහරවිට ඔබ හරි. (නි)
වාසියට හොරුන්ට කඩේ යන කවරෙකුගේ වුවද බොරුවට එතරම් ආයුෂ නැහැ (නි)
ජවිපෙ අභියෝගය බාරගෙන මුහුණට මුහුණ සංවාදයකට ඇවිල්ලා ඔය කියන දේවල් ඔප්පු කරලා පෙන්නන එකයි හොඳ. නැත්නම් ඉතින් අපිට වෙන වෙන දේවල් හිතන්න වෙනවා. (නි)
අපිට නම් දැන් ජවිපෙ ගැන තිබුණ විශ්වාසය නැතිවෙලා (නි)
ජ.වි.පෙ ට බැනපු කිසි කෙනෙක් ජ.වි.පෙ මොන වගේ පක්ෂයක්ද කියල දන්නේ නෑ.. දන්නවා නම් ඔහොම කියන්නේ නෑ.. දැකලා කිසි දෙයක් තීරණය කරන්න එපා සහෝදරවරුනේ අත්විදලා බලල තීරණය කරන්න.. අර ටිල්වින් සහෝදරයා කිව්වා වගේ ඌරට අසුචි වලින් ගැහුවට වැඩක් නෑ මොකද ඌරෝ කන්නේ අසුචි නිසා... ඇතුලට ඇවිල්ලම බලන්න පක්ෂෙක තියන විනය. අන්න එක තමයි මේ රටට සේරටම කලින් ඕනේ. (බ)
රතු අලියට මේ මොකද වුණේ? (නි)
ජවිපෙ කලබල වියයුතු නැහැ. මඩ හඳුනන්න ජනතාව දන්නවා. හොරු එළිකිරීම නවත්වන්න එපා. (නි)
ඕකනේ ඉතින් ඔයලා හැමදාම කියන්නේ (නි)
මඩ ගැහුවට සැළෙන්න එපා. ඉදිරියටම යන්න (නි)
මඩ ගහලා වට්ටන්න බෑ වෙඩි උණ්ඩවලින් නවත්වන්න බැරිවුණ පක්ෂය වෙන ඒවාට නවත්වන්න පුළුවන්ද? (බ)
ජවිපෙ කාටවත් මඩ නොගසයි, ඔව්න් ඇත්ත ඇතිසැටියෙන් කෙලින් කියන පිරිසකි . ප්‍රධාන පක්ෂ දෙකෙහිම වංචා දුෂණ එලි කිරීම වරදක් ලෙස මම කිසිවිට නොදකිමි. (බ)
මේ පිරිස නිසා තමයි රටට ඇත්ත හෙළිවන්නේ . ඉදිරියටම යන්න. (බ)
සේනක? කොහෙද යන්නේ ,මල්ලේ හොරපොල්! සෝමවංශ විශ්‍රාම ගත යුතුයි කියල කිවා මිසක් විශ්‍රාම ගත්ත කියල කිව්වේ නැහැනේද? ඔහුගේ දැන් හැසිරීම දැක්කහම සෑම නායකයෙකුම නියමිත වයසකදී දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතුයි යන කාරණය හොඳින් තහවුරු කළ තවත් කෙනෙක් තමයි සෝමවංශ අමරසිංහ කියලයි කීවේ. (අ)
මඩ ගහල පක්ෂ නායකත්වය වෙනස් කරන්න බැහැ කිව්වට මඩ ගහල රටේ නායකත්වයත් වෙනස් කළානෙ. ඒ කරපු චෝදනාත් එකක්වත් ඔප්පු කරගන්න බැරි වුනානෙ. ඕව දිට්ඨ ධම්ම වේදනීය කර්ම. (බ)
මේ හොරුන්ට හොරු කියන එක වෙන්න ඇති මේ මඩ ගහනව කියල කිව්වේ. (අ)
අද ලංකාවේ මඩගහන එක විලාසිතාවක් වෙලා (නි)
මඩක්වත් හරියට ගහගන්න බැරිතරමට අද සමහරු බංකොලොත් වෙලා. මඩ ප්‍රතික්ෂේප කරන ලංකාදීපයට ප්‍රණාමය..! (නි)
අපටත් ආරංචියි. සමහරු ජ.වි.පෙ. ට මඩගැසීමේ ව්‍යාපාරයක් කරගෙන යන බව. අපි ඔබේ දේශපාලන මතවාද වලට එකඟ නොවුණත් ඔබට හෝ කවර පක්ෂ නායකයෙකුට හෝ මඩ ගහනවට විරුද්ධයි. (නි)
අපොයි! ඔයාලව ඉවත් කළත් නොකළත් රටට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය කාගෙ කාගේත් කයිය විතරයි කියලා අපි නම් තේරුම් අරගෙන ඉන්නේ (නි)
අපි නොහදුන ජේවීපී අනුන්ට ගහන මඩ තමා වටේ ඇවිත් දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම (බ)
ජනතාව හැමදාම බොරුවෙන් රවට්ටන්න බැහැ (බ)
සෝමවංස අමරසිංහ ඒ පරිණත නායකයා පක්ෂයෙන් යන්න දවස් කිහිපයකට කලිනුත් මේ කතාවම තමයි කිවුවේ. මොකද වුණේ? (නි)
දිරාපත් නොවන්නාවූ ද විරූපී නොවන්නාවුද චන්දි ලියන්නා කෙලෙසක මොනවා ලීවද බලන්නා ට එය කියවා තේරුම් ගන්නට හිමි සිහි බුද්ධියක් ලබා දීමට හැකියාවක් නොමැති වීම කනගාටුවට ම කාරණාවක් නොවන්නේද? (බ)
චන්දි ටිකිරි කුමරියණි, සෝමවංස අමරසිංහ නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පරිණත සහෝදරයා දැන් ජනතා සේවක පක්ෂයේ නායකයා කියලා දන්නෙම නැද්ද? (ර)
කෝ ඉතින් හැමදාම කියනවා එදිරියට යනවා කියල අපටනම් පෙන් නැහැ ඉදිරියට යන බවක්. (ර)
මෙන්න සැබෑ මානව හිතවාදීන්. ජයවේවා! (නි)
මඩ ගැහුවට නායකයා ඉවත්කරන්න බැහැ කිව්වා වගේ, මොවුන්ගේ මඩ වලටද වෙනත් පක්ෂ වල නායකයන් ඉවත් කිරීමට බැරිය. ජේ වී පි එක කරන්නෙත් අනිත් පක්ෂ වලට පුද්ගලයන්ට මඩ ගැසීමය. එසේ අනුන්ට මඩගසන අය මොකද ඔවුන්ට මඩ පාරක් වැදුනහම කලබල වෙන්නේ (නි)
අදාළ ජනප්‍රිය පුවත්පත කළේ වරදක්ද? එසේත් නැත්නම් අනාවරණය කර ඇති කරුණු සත්‍යද? ජනතාව දෙලොවක් අතරය. ජ.වි. පෙරමුණද ජනතාවගේ විශ්වාසය කඩ නොකළ යුතුය. (නි)
මම නම් කියන්නේ ලාල් මහතාට නැවත තැනක් දුන්නොත් හැරගිය සියල්ල නැවත එක්වෙන බවයි (නි)
දැන් නවත්වන්න ගමනක් තියෙන්න එපායැ මහත්තයෝ. ඔය කතාව ඔය විදිහටම කිවුව කීදෙනෙක් දැන් එළියේ ඉන්නවද? (නි)
සත්‍යය පැහැදිලි කිරීම ඊට හොඳයි. නැත්නම් ජනතාව මුලාවෙනවා (නි)
අපේ ආචාරය වෙස් මුණු ගලවා සැබෑ මුණ පෙන්වා දුන් මාධ්‍යයට ස්තුතිය (ම)
මඩ ගැහුවට නායකයා ඉවත් කරන්න බැරි, ඇයි නායකයා මඩ කාගෙනද ඉන්නේ. අනේ අපොයි! නායකයා කාටවත් මඩ ගහන්න ගිහින් මඩේ වැටුන හැටි. දැන් මඩ නාගෙන එන්නකෝ එහෙනම් (නි)
ඇත්තටම ඇයි ලොක්කා අයර්ලන්තයට ගියේ? අපි දැනුවත්ව එහෙ ලංකාවේ මිනිස්සු ඉන්නේ ඉතාම සීමිත පිරිසක්. පක්ෂ වැඩකටයුත්තක් බව හෝ පෞද්ගලික කටයුත්තක් බව කිසිම සඳහනක් නැහැ. අපි කවුරුත් මතක තියාගන්න ඕනෑ නිරපරාදේ මිනිසුන්ගේ චරිත ඝාතනයන් කළාම ඒවා පස්සෙන් එන බව (නි)
මෙයාලා මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද? දැන් කරන්නේ රාජපක්ෂවරුන්ට බනින එකයි විතරයි. නායකයෝ කී දෙනෙක් පක්ෂය දාලා ගියාද? (නි)
ජ.වි.පෙ ඉන්නෙත් දැන හෝ නොදැන වැරදි සිදුවෙන මිනිසුන්නේ. එ්ත් සමාජය තුළ මෙවැනි දේ සංවාදයට ලක්වීම එම පෙරමුණේ පැවැත්මට හොඳ දෙයක් නොවෙයි. (නි)
මම හොඳ යූ.එන්.පී කාරයෙක්. එහෙත් ජවිපෙට නඟන චෝදනා ජනතාව තරයේ හෙළාදැකිය යුතුයි. (නි)