මතුගම හා පිඹුරේ නිවාස හතරක විදුලි මිටර තුනකට ආයකටු ගැසීමෙන් ද, මීටරය මඟහැර වයරයක් ඇදීමෙන්ද අනවසරයෙන් විදුලිය ගෙන ඇති බව අද සොයා ගත්තේය.
මේ ගෙවල් හිමියන්ගෙන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෝ ය.
තව අයෙක් ලංගම සේවකයෙකි.
අනෙක් තැනැත්තා පෙදරේරුවෙකි.
එක් නිවසක කාමර රැසකටම උණුවතුර ගීසර තුබූ බව ද පොලීසිය කියයි.
මතුගම පොලිස් ස්ථානාධිපති ටී ලුඩොවයික් හා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ සහකාර විමර්ශන නිලධාරී ෂෙල්ටන් ගුණසේකර මහත්වරු මේ වැටලීම මෙහෙය වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය වැඩිවෙනවට පක්ෂව පෙළපාලි ගියේ මේ ගොල්ලෝ වෙන්ටැති. (දී )
පාඩු ලබන ආයතනයක් වෙලා තියෙන්නේ එකයි (දී)
මම නම් දැක්කේ නැහැ වගේ ඉන්නවා (දී)
මේ යන විදියට අපිටත් ගහන්න වෙයි.... (නි)
විදුලිබිලට ඒකක ගණනය කරන අසාධාරණ මිල ගණන් හා ක්‍රමවේදය දැක්කහම මීටරයට ආයකටු අනින්න නෙමෙයි ගල් ඉන්නෙන් අනින්නයි මිනිස්සුන්ට හිතිලා තියෙන්නේ. (නි)
ආයට කටු ගහන්න තැනක් තිබිලම නැද්ද මන්දා (නි)
නීල් ඔයා හරියටම හරි (නි)
වැරදි වැඩක් තමයි. ඒත් මිනිසුන්ට බිල ගෙවන්න බැරිකොට ඔහොම තමා වෙන්නේ. (නි)
වර්තමාන පාලනය වේතනය වැඩි නොකළ අතර අවම වසයෙන් විදුලිය වෙනි මූලික යටිතල පහසුකම් වත් සාදාරන මිලට ලබා දීමට අසමත්ය. එම නිසා මෙවෙනි අවස්ථා පිළිබද අප තැකීමක් කලයුතු නැත.(නදී)
මිල ඉහල යාමේ අතුරු පල.(නදී)
මතුගම කොහොමත් කපටි මිනිස්සුනේ ඉන්නේ.(ස)
අයියෝ සල්ලි
හොරෙන් විදුලිය ගැනීම හොද වැඩක් අද කාලේ හැටියට (නි)
මේවා මිල ඉහල යන්න කලින් ඉඳලම සිදු වන වංචා. විදුලි බල මණ්ඩලයට අය විය යුතු මුදල් වංචා කළාම විකල්පයකට මිල ඉහල යන්න ඕනෑ. ලෝකයේ හැම රටකම සියලු දේවල මිල ඉහල යාම සිදුවෙනවා.අපේ අය ඔක්කොම පිනට නිකන් බලපොරොත්තු වෙනවා (නි)
මීටරේ හිලක් වගේ (නි)
තත්වය එලෙසින්ම දිගටම කරගෙන යාමට වත්මන් ලොකු ලොක්කෝ ජනතාවට දොර විවර කර දීම ගැන ස්තුතියි (නි)
ඔය හොරබිල් වලටත් දුප්පත් අපටම තමා ගෙවන්න වෙන්නේ. ව්‍යාපාරිකයාගේ සෑම නාන කාමරයටම වතුර රත්කරලා තියෙන්නේ දුප්පත් අපේ සල්ලි වලින්. ගහන්න ඕනෑ මිලියන ගණනක අමතක නොවන දඩයක්. (නි)
පෙදරේරුවා සහ ලංගම කෙනාට දඬුවම පොඩ්ඩක් අඩුකළා නම් තමා හොඳ. එයාලාට ලැබෙන පඩිය මදි ඇති. ඒත් ව්‍යාපාරිකයාට කිසිම බුරුලක් දෙන්න එපා.ඔන්න අපි බලාගෙන ඉන්නේ... (නි)
ඉතින් ආණ්ඩුව පාඩු ලබන එක බොරුද (දී)
ලංකාවටම ආය කටු ගහන කාලය වැඩි ඈතක නොවේ (නි)
මොනව වුනත් හොර වැඩ හොද නැහැ. (නි)
විරාජ් කියන්නේ පඩි මදි හින්දා අපේ මුදල් හොරකම් කළත් කමක් නැහැ කියලද? මේ අයගේ හොර බිලත් අවසාන වශයෙන් එකතු වෙන්නේ අපේ බිලටයි කියල තේරුම් ගන්න. (නි)
විදුලි බිල වැඩි කළා කියා පෙලපාලි ගිහින් නම් කරන්න දෙයක් නැහැ, විදුලිබිල ගෙවිය යුතුයි (නි)
විරාජ් වගේ අය ඉන්න ඕනෑ පාර්ලිමේන්තුවේ . (නි)
අනේ කතා කරන්න එපා ඒ ගැන නම් (දී)
මමත් කරලා බලන්න ඕනි.(ස)
හොරවැඩ කරන්න ගියාම එහෙම නොකරන මිනිස්සුන්ට අනුන්ගෙ ඒවටත් එක්ක ගෙවන්න වෙනවා.(ස)