(අංජුල මහික වීරරත්න)

මෝටර් වාහන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉ- මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය  ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  අන්තර්කාලීන විධිවිධාන සැලසීම සඳහා සහ අනුශාංගික කටයුතු සඳහා මෝටර් වාහන පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ අනුව එම කාර්යය සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා  මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.