ගල්ගමුව ගිරිබාව පාලු වැව මංසන්ධියේදී රාජාංගනයේ වම් ඉවුර ඇළට මෝටර් රියක් පෙරැළී ගිරිබාව පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි ගිරිබාව පොලීසිය කියයි.
ඔහු රාත්‍රි 11 ට පමණ සිය මොටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී අනතුරට ලක්විය.
මිය ගිය ඩබ්ලිව් එම් සෙනරත් බණ්ඩාර (31) එක්දරු පියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසක් හන්දියකදී වෙන වාහනයකින් ඇහුවා අතු පාරකට යන්න හැරෙන තැන දැනගන්න. මේක දැක්ක රාළහාමි මහත්තයා කිව්වා ඔහොමද වාහන එළවන්නේ, ගන්නවා ලයිසන් එක කියලා. මම කිව්වා මම මේ කාලෙකින් වෙන රටක ඉඳලා ආවේ. යාලුවෙකුගේ ගෙදරට හැරෙන තැන දැන ගන්න අනික් වාහනේ අයගෙන් පාර ඇහුවා කියලා. එහෙමද රට ඉඳලද ආවේ. එහෙනම් පොලිසියටත් සල්ලි ටිකක් දීලා පාර හොයා ගන්න මහත්තයා කියලා මට දඩ කොළයක් දුන්නා. මම දඩ කොළේ අරන් ආවා. වරද මම වෙන රටක ඉඳලා ඇවිල්ලා පාර අහපු ඒක. යුනිෆෝම් රජවරු තමා.හොඳ අයත් ඇති. මේ රාළහාමිට මම නිවන් සුව පතනවා. (නි)
අධිකාරී මහත්තයෝ, ඕස්ට්‍රේලියාවේ පොලිසියේ නිලධාරීන් ගැන නම් ඔබ කියන සාධක ගැළපෙනවා.නමුත් ලංකාවේ පොලිසියකට ගියොත් පෙනේවි මෙහෙ නිලධාරීන් ක්‍රියා කරන්නේ පිටසක්වලින් අාවට වඩා අන්ත විදියට. මෙහෙ පොලිසියේ අවංක නිලධාරීනුත් ඉන්නවා නමුත් ඉතා සුළු ප්‍රතිශතයක්. ඔබ කියන පරිදි පොලිසියකට යාමට ප්‍රථම වෛද්‍යවරයකු හමුවී පරීක්ෂාවක් කරවාගැනීම සුදුසුයි, අද ශරීර සෞඛ්‍යයෙන් පොලිසියට යන මිනිස්සු එළියට එන්නේ වෙනස් විදියට. ඕස්ට්‍රේලියාවේ පොලිසිය ජනතාවට කතා කරන්නේ සර් කියලා. මෙහෙ මිනිස්සුන්ට කතාකරන වචන මෙහි ලිවිය නොහැක (නි)
අධිකාරී කියන්නේ සහතික ඇත්ත,ද සිල්වා කියන විදිහට පොලිසියට ගන්නකොට එහෙනම් හැම දේම රාජසන්තක කරනවා ඇති (දිල්)
මම හිතන්නේ මෙතන සමහර අය අය අදහස් පළකරන්න ඕනෑවටද කොහෙද ඔහේ අදහස් පළකරනවා. ඔහුගේ මරණය වු විදිහ, පොලිසියේ මහත්වරු සොයා ගනීවි. පොලිස් රාළහාමි කෙනෙක් රාජකාරියට කාර් එකකින් එන එක ගැන සතුටුවෙන්න ඕනෑ අන් සැපතට ඊර්ෂ්‍යා නොකර. මම දන්නා පොලිසියේ රාළහාමිලා ඕනෑ තරම් ඉන්නවා වාහන තිබෙන. සමහරුන්ට පරම්පරාවෙන් එන ආදායම් මුදල් තිබෙනවා. ඒ අය තමන්ගේ කැමැත්ත අනුවයි තම වෘත්තිය තෝරාගෙන තියන්නේ. ඒවා හෙළා දකින්න හොඳ නැහැ. මියගිය එම නිළධාරියාට නිවන් සුව අත්වේවා! (නි)
රූපයේ දිස්වන ආකාරයට නම් මරණයක් විය හැකි අනතුරක් නොවෙයි වගේ. වාහනයේ හිටියට ජලයේ නොගිලී ඉන්න පුළුවන් මට්ටමක නේ ජලය තිබෙන්නේ.(නදී)
සැකයක් නැද්ද? (නදී)
නුවන් ඕක හිමින් සැරේ වතුරෙ පාවෙන්න ගත්තෙ නැහැනෙ. ගැඹුර තරමට යට ගිහිල්ලා උඩ එන්නෙ. ඒ වෙලාවෙ සීට් බෙල්ට් දාගෙන හිටියනං ටිකක් අමාරුයි ඇරගන්න. තේරුණැයි. මියගිය අයට නිවන් සුව! (නදී)
අඩුවෙන් ගිලුනට කම්පනය මරණයට බලපාන්න ඇති. (ස)
මාදවන්ගෙ නිගමනය මමත් අනුමත කරනවා.සමහර විටක මදුවිතක් අරගෙන නොතිබුණාම කියලා අපට කියන්නත් බැහැනෙ. (ස)
තරුණ ජිවිතයක් අපරාදේ, හදිසි අනතුරක්ද, නැත්නම් ? නිවන් සැප ලැබේවා (ස)
ප්‍රශ්නයක් ?? (ස)
කොහොම මැරුණත් ජිවිතයක් වටිනවා. ඒ නිසා මෝඩ අදහස් දාන්න එපා...! (ස)
මෙයා හොද කොල්ලෙක්. (නි)
දැන් ඉතින් කොහොමහරි මරණයක් වෙලානේ .. මරණ පරීක්ෂණය කරන්නැතිව ඉමුද අයුබෝවන්ට ... මිය ගිය අයට නිවන් සුව !!! (ස)
මින්පසු ඇල මාර්ග වල වාහන පදවන්නන් ආසන පටි පැලඳීම තහනම් කළ යුතුය. (ස)
අද රටේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 160 කට වැඩි, කාර් එකෙන් රාජකාරියට යන්න එන්න කොස්තාපල්ට රාජකාරියට අමතරව හොඳ ආදායම් මාර්ගත් තිබුනා වෙන්න ඕනේ. මට මේ ගැන සැකයි. මේ අනතුර දුටු කෙනෙකු නැද්ද? (ස)
තියෙන්නම ඕනා.(නදී)
ජීවිතං අනියතං මරණං නියතං. (එතකන් ජීවිතං යහපතින් ගතකරන්) (ස)
සිල්වා මහත්තයෝ, පොලිසියේ කොස්තාපල් මහත්වරුන්ටත් කාර් එකක යන්න පුළුවන්. ඇයි පටු විදියට හිතන්නේ. පොලිසියේ ඉන්න හැමෝම එක වගේ නෙමෙයි. එහෙම ලියන එක වැරදී එයාලටත් කාර් ගන්න පුළුවන්. (ස)
වාහනයේ කාර්මික දෝෂයක් නිසා සිදු උනූ විපතක් වෙන්නත් පුළුවන්.(නදී)
ඇයි මෙහෙම මරණයක් අත් වුණේ? (නි)
හේරත් මහතයෝ මම ලියුවේ (අද රටේ වාහන , වාහන අමතර කොටස් සහ ඉන්ධන මිල සලකල බලලා ) වෙන ආදායම් මාර්ගයක් තිබෙන්න ඕනේ කියල විතරයි. ඒක වැරදි ආදායම් මාර්ගයක් කියල මම ලිවුවේ නැහැ, පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැටුපෙන් මෙවැනි දෙයක් කිරීමට අපහසු බවයි මගේ වැටහීම. මම පටු විදියට හිතල නැහැ. පුළුල් විදියට හිතල උපකල්පනයක් පමණි කලේ. සමහර විට මොහු උපතින්ම සාමාන්‍ය ධනයක් ඇති පුද්ගලයෙක් වෙන්න පුළුවන්., නමුත් පින්තුර බැලුවම මෙම ඇල මාර්ගය එච්චරම ගැඹුරු නැහැ , මේ සාධක සියල්ල විශ්ලේෂණය කරලා බැලුවහම මෙහි යම්කිසි රහසක් තිබෙන බවයි මගේ වැටහීම (ස)
බුද්ධිමත් අදහස් පල කරන්න. මෝඩකම් ප්‍රදර්ශනය නොකරන්න. පොලිසියේ අයට වැටුප් ලැබෙන් නැද්ද?? බිරින්දෑවරු රැකියා කරන්නැද්ද?? පරම්පරාවෙන් තියෙන ආදායම් නැද්ද?? පොලිසියට පිටසක්වලින් එන අයද බදවා ගන්නේ. ඔය මහත්වරු වෛද්‍යවරයෙකු හමුවෙලා පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි වගේ මට හිතෙන්නේ. තමන්ගේ තියෙන කැත දුෂිත මෝඩ අදහස් නොදා ඉන්න. (ස)
සිල්වා මහත්තයා, ඔබතුමා ලංකාවෙද ජීවත් වන්නේ? නැත්නම් වෙන කොහෙවත්ද? ඔබතුමා ලංකාවේ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් යොදාගෙන සමීක්ෂණයක් කරන්න, පොලිසිය ඇතුළේ මහජන සේවය සදහා පමණක් රජයෙන් ලැබෙන සොච්චම් මුදලට වඩා කොපමණ මුදලක් වැය කරනවද කියලා. මම පොලිසියේ නොවුණත් ඒ ගැන දන්නවා. බොහෝ පොලිසියේ අය මහජනයාගෙන් ඉල්ලන්න බැහැ කියලා තමන්ගේ පඩියෙනුත් වියදම් කරනවා. ඒවා දන්නේ නැතුව කතා කරන්න එපා. පොලිසියේත් ඉන්නේ අපේම පවුල් වලින් බැදුන සහෝදරයෝ. ඒක නිසා උඩ බලාගෙන කෙළ ගහ ගන්න එපා. රටේ පුරවැසියන් වෙනුවෙන් තරුණ කාලය ද කැපකරමින් සේවය කර අකාලයේ මියගිය නිලධාරී මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)
සිල්වා මහත්තයා 95% අධිකාරී 5% (ස)