IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෝටර් රථ අලෙවි සමාගම් සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කරයි

service

 

වගකීමේ සහතිකයේ වලංගු කාලය තුළදීත් තම වාහනය තමන් කැමැති තැනකින් සේවා කටයුතු හෝ අලුත්වැඩියා කටයුතු කිරීමේ අයිතිය වාහන හිමියන්ට ලබාදීමට රජය තීරණය කිරීමත් සමගම ගනුදෙනුකරුවන් අකාර්ෂණය කරගැනීම සඳහා සිය නඩත්තු ගාස්තු පහළදැමීමට වාහන අලෙවි සමාගම් තීරණය කර ඇත.


සලේ අල් හමාඞ් අල් මානා සමාගම සිය සියලුම නිසාන් වාහන අලුත්වැඩියා කිරීමේ ගාස්තු සියයට 23ත් 48ත් අතර ප්‍රමාණයකින් පහළ දමා ඇති බව ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පවසයි. අනෙක් වාහන වෙළෙඳ සමාගම්ද ඉදිරියේ දී සිය ගාස්තු අඩු කිරීමට නියමිතය.


ඉහත සමාගම සිය නව ගාස්තු ලැයිස්තුවට අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර නව ගාස්තු අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය පවසයි. එම මිල ලැයිස්තුවට අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇත.


අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ වගන්ති 9ට අනුව වගකීමේ සහතිකයට කිසිදු බලපෑමක් නොමැතිව තම අභිමතය පරිදි සහතිකලත් ගරාජයක් ලවා තම වාහනය අලුත්වැඩියා කරගැනීමේ අයිතිය අදාළ වාහනයේ හිමිකරුවාට ලැබෙයි. මෙම නව නීතිය ප්‍රදර්ශනාගාරවල තිබෙන අලුත් වාහනවලට පමණක් නොව පැරැණි එහෙත් වගකීමේ සහතිකයේ කල් ඉකුත් නොවූ වාහනවලටද අදාළ වෙයි.


“මෙම පියවර ගැනීමේ ප්‍රධානම අරමුණ තමයි වගකීමේ සහතිකයේ සඳහන් කාලය තුළදී වාහනය නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම තරගකාරී මට්ටමකට ගෙනඒමයි. ඊට අමතරව ගනුදෙනුකරුවන්ට තරගකාරී විකල්පයන් කිහිපයක්ම ඒ හරහා ලැබෙනවා” යැයි අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

මෝටර් රථ අලෙවි සමාගම් සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site