‘නිදහස් දවසේ අපේ නිදහස නැති කරලා තියෙනවා මම වසරක් තිස්සේම කොමිසම් වල මගේ පවුලේ අයත් කොමිසම්වල අපේ පක්ෂයේ නායකයා ජනාධිපති වෙලා ඉන්න වෙලාවක පක්ෂයේ අනුශාශකත්වය දරන මට නිදහසේ ඉන්න පුළුවන්ද කියලා තමුන්නාන්සේලා දන්නවා මට මේ දේවල් හොඳට පුරුදුයි පක්ෂය වෙනුවෙන් හිරේ ගිය, පක්ෂය වෙනුවෙන් ගුටි කාපු මට මේ දෙවල් දරාගන්න පුළුවන් ඒත් අපේ පක්ෂයට මේ කරන හතුරුකම දරාගෙන ඉන්න බෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොච්චිකඩේදී පැවසීය.
අපේ පක්ෂයේ පාක්ෂිකයා විඳින දුක මට දරා ගන්න බෑ. මම එදා සියලු දේ අත හැර තංගල්ලට ගියේ විවේකයෙන් ඉන්න ඒත් අපේ පාක්ෂිකයෝ මට එහෙම ඉන්න දුන්නේ නෑ. ඒ පාක්ෂිකයා රැකගන්න ඒ පාක්ෂිකයා අරක්ෂා කරන්න විශ්වාස කෙනෙක් නොමැති නිසා තමයි පැරදිලා ගෙදර ගිය මා හොයාගෙන ඒ මිනිස්සු ගෙදර ආවේ. මිනිස්සු නැත්නම් මහ ලොකුවට නමක් තිබුනට වැඩක් නෑ. බෝඩ් ලෑලි පක්ෂ ඕනෑ තරම් තියෙනවා. අද රට වටේම් මිනිස්සු ඉල්ලන්නේ පාවා දෙන්නෝ ඉන්න පක්ෂයක් නෙමෙයි ඔවුන් ඉල්ලන්නේ තමන් රැක ගන්න නායකයෙක් ඉන්න පක්ෂයක්. මේ රටට රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න මම ඉඩකඩ හදලා දුන්නා අද ඒක මිනිස්සු භුක්ති විඳිනවද ? මාධ්‍ය අරක්ෂා කරනවා කියලා සපථ කරපු මහත්වරුම අද මාධ්‍යට තර්ජනය කරනවා තාම වසරයි ගියේ. ඒ වෙනසට අද අපේ රටේ විපක්ෂය කියා ගන්නා පිරිස මොකද කරන්නේ ඒ අය තවත් ආණ්ඩුවේ හොරණෑවක් විතරයි‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඔබගේ කඳුළු ගැන රටේ මිනිස්සු විවිධ කථා කියනව. එක අදහසක් නම්, “රාජපක්ෂ දරුව හිරේ-විලංගුවේ වැටුන එකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා“ යන්නයි. අනිත් අදහස නම්, “රාජපක්ෂට තාත්තගේ වැඩේ වත් කරන්න බැරි වුනානේ“. ඇත්තෙන්ම බොහෝ අය කියන්නේ ඔබ ඇඬුවේ දරුවා ගැන හිතලා නෙවෙයි ඔබම කරපු පාපකර්ම ඔබ පස්සෙන් පන්නන නිසා ඇති වෙච්ච බය නිසා කියලයි. (බ)
ඒ කියන්නේ මොන වැරදි කළත් තමන්ගේ පක්ෂයේ නම් ඔවුන්ව ආරක්ෂා කළ යුතුයි කියල නේද ? මෙතුමා පැරදුනෙත් ඒ නිසාම නේද ? (බ)
කවුරුහරි හිතනවානම් , දෙමලෙන් ජාතික ගීය ගායනා කරන වගේ දේවල් වලින් , ඊළාම් සිහින බොද කරන්න පුළුවන් කියල ඒක තමයි ලොකුම මුලාව . මේ වයින් තව ඒකට අත් වැලක් සපයපු බව බොහොම ඉකමනට තේරේවි . අපි මොන පක්ෂයකට අයිති උනත් , ඔබ ජාතිය වෙනුවෙන් කල මෙහෙය අප තුල සදා තියේවි (කෞ)
තවත් ආශාව තියෙනවා .වගේ (බ)
ඔබතුමා රට බාරගන්නකොට ඉතිරිව තිබුනේ රටේ කොටසයි. කුහක ජනතාව ඔබ අමතක කළාට අපි සදාකාලිකව ඔබතුමා සමඟයි (නි)
"සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්‍ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.මේ ලක්‍ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්‌ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය" (බ)
ප්‍රබාකරන්ට නිදහස නොදීමේ ප්‍රතිඵලද ,,,,,,නැත්නම් ......දෙවන සිල්පදයට අදාල පලද (බ)
ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. එ්කයි අපි දන්නා සත්‍ය. (බ)
අනේ අම්මප ! ලජ්ජා නැති කමක තරම. (කෞ)
ඔබතුමා දුෂණ නොකලා වෙන්නපුළුවන්.නමුත් නොයෙකුත් සංදර්ශන සහ රාජ්‍ය උත්සව වෙනුවෙන් වියදම් කරපු මහජන මුදල් ප්‍රමාණය කොපමණද,සමහරවිට ඒවා ඔබගේ අනුගාමිකයින්ගේ පසුම්බිය තරකිරීම සදහා වෙන්නත් පුළුවන්,නැවත එනවානම් ඒ වැරදි හදාගෙන එන්න,තව අවුරැද්දක් ගියොත් දැන් ඉන්න ආය රටත් බෙදලා,එක්සත් ශ්‍රී ලංකාවත් නැතිකරලයි යන්නේ. (අ)
ෆොන්සේකා මහත්තයා නම් හොදට නිදහස භුක්තිවිඳිනවා (අ)
ශ්‍රීලනිපයට ඔබතුමාගේ නායකත්වය අත්‍යාවශ්‍යයි.දැන් ඉන්න නායකයා පබයකුටවත් ගැලපෙන්නේ නැහැ .ඔබ තුමාට තෙරුවන් සරණයි !(අ)
ඔබතුමාව හොයාගෙන තංගල්ලට ආපු මිනිස්සු ඔබතුමාට ඡන්දෙ දුන්නා නම් මේවගේ දුක්ගැනවිලි කියා කියා ඉන්න වෙන්නේ නැහැනේ . (අ)
නිතිය මොනවා වුනත්, ධර්මය කියල දෙයක් තියෙනවනේ මහත්තයෝ. එකෙන් ඔබ නිදහස් නම් නිදහස් කරයි. වැරදි නම් දඬුවම් දෙයි. එකෙන් ගැලවෙන්න අපි කාටවත් බැහැ. (අ)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින විටදි දුක් ගෙන දෙයි ගිනි සේ (අ)
ප්‍රබාකරන් මහතයා සිටියා නම් (අ)
ඔබ එය හොඳින් සැලසුම්කරන්න. අපි ඔබට සුබ පතනවා. අපි ඔබේ දිරියට ඉන්නවා. ඔබ නැවතත් ආයුතුමයි....!!එය අපේ පැතුමයි. (ම)
අන්තිම මොහොත වෙනකම් තරඟය අතාරින්න එපා.(හේ)
ලෝකයේ කොහෙවත් සදාකල් රජකම් කරපු නායකයෝ නෑ....ජන්ද පරදිනවා ලෙඩවෙනවා,මැරෙනවා ...මේ මනුස්සයට තාම එක තේරුනේ නැනේද ?(ම)
අනේ තිලක් ඔයාට වැඩනතුව බොරු ලීවට දසම දහදහස් එකක්වත් තවම අැල්ලුවද ඔචර දන්නවා නම් කොමිසමට කියන්න තිලක් ගොන්කතා නොකිය (අ)
වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ. පරීක්ෂණ කරලා හරියටම තීරණේ කරයි හරිද වැරදිද කියලා.(ම)
කෝසල ෆොන්සේකා මහත්තයා මහින්දට පෙර අවූරුදු 30 හමුදාවේ හිටිය මහින්දට පෙර ආණ්ඩුවේ හමුදාපති ඇයි ඒතකොට යුද්දය ඉවර නොකරේ පොල්ගෑවද (අ)
ඔබතුමා නැති අගය යහපාලනයට ජන්දය දීපු අයටත් දැන් දැනෙනවා (ම)
අපේ ගමේ බොහෝ දෙනෙකුගේ ඡන්දය මමම කියලා ඔබට ලබා දුන්නා පහුගිය මැතිවරණ කීපයේදීම. මේ ලක්‍ෂ 2340 කතාව ඇත්ත නම් අපි කොහොමද පාරට බහින්නේ. අද මම දීපු ඡන්දය ගැන ලැජ්ජා වෙනවා. මීටපස්සේ කවදාවත් ඔබගේ ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ. (නි)
ෆොන්සේකාට කලින් කොබ්බෑකඩුව මහත්තය සටන ඉවර කරන්න හැදුව.නමුත් දේශපාලකයන්ට කොන්ඳ පන තිබ්බේ නැති නිසා ,පිට රටට බයේ සටන් නැවතුවා .ෆොන්සේකා මහතාට හමුදාපතිකම නොදුන්නේ කලින් හිටපු නෝනා.කොටින් සතුටු කරන්න. නමුත් සටන දින්නන්න ඕනේ නිසා මහින්ද එතුමට හමුදාපතිකම දුන්නා.මහින්ද සටන කරන්න එපා කිවනම් .බලෙන් ෆොන්සේකා කරන්නද?බෑ එකට දේශපාලන නායකත්වය ඕනේ. (බ)
බෞද්ධයෝ ඉන්දියාවට බයවෙන්න ඕනෑ නැහැ. ඔය බයවීම තමයි අපේ සිංහල බෞද්ධයාට වෙච්ච විපත. (නි)
මේ කතාව අහාල මට තනියම හිනා.(හේ)
ඔබතුමා අපිට නිදහස දුන්නා. දැන් ඔබතුමාට නිදහස නැතිවෙලා (නි)
පව් මහින්ද මහත්තයා දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)
ෆොන්සේකා ඇදගෙන ගොස් හිරේ දාපු එක මතකද? (නි)
අප ඔබතුම සමගයි එදත් අදත් හෙටත් (ම)
මහින්ද මහත්තයෝ අවුරුද්දක්ම පැරදිලා ඇඩුවා. අපි දැන් සිදුවක් කියමු. දුක යන්න වසු ,විමල් ,ගම්මා ,ගන්න ඩොලේ. කාලේ ගෙවියයි ,,,,,,මරුවා ළගා වෙනවා ,,,,සිතුදේ ,,නොම ,,වේ ,,නොසිතු දෙයක් ,,,වේ. ,,,කල කම් පලදෙනවා,,,,(හේ)
සිංහල ජන කොටස් අතර නැවතත් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. මෙය සංසිදවුවේ නැත්නම් නැවතත් කොයි මොහොතක හෝ පීඩනය පුපුරා ගොස් ආරවුල් ඇති වෙන්න පුළුවන්...(ම)
කැල්ලක් ගිය දට ඔබේ වටිනාකම දැනේවි හැබැයි එතකොට ප්‍රමාද වැඩියි (අ)
රාජපක්ෂවරුන්ට ඉදිරියේදී පැවැත්වෙන පරීක්ෂණ වලට මුහුණ දෙන්න නම් බලය අවැසියි.ඒ නිසයි අගමැති සිහිනය,විපක්ෂ නායක සිහිනය,මන්ත්‍රී සිහිනය,...... වගේ සිහින දකින්නේ. (බ)
ලිබියාවේ ගඩාෆිට,ටියුනිසියාවේ බෙන් අලිට,පිලිපීනයේ ෆර්ඩිනන් මාර්කොස්ට පක්ෂ අයත් 20% ඒ රටවල හිටිය. (බ)
බණ්ඩා වැරදිකරුවන්ට ඕව තේරෙන්නේ නැහැ. (බ)
හොඳටම පිස්සු වගේ.මේකට වග කියන්න ඕනේ විමල් , වාසු ගම්මන්පිල ,වෙල්ගම. ලැජ්ජ නැතිකම (බ)
කළ පව් පස්සෙන් එලවනකොට දුවන්න පාරවල් මදි වෙනවා... කියල පැරැන්නන් කියපු කතාව මට මතක් වුණා (බ)
රාජපක්ෂවරුන්ගේ ඉදිරි පැවැත්මට බලය අවශ්‍යයි.ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කැප කිරීමක් කරවී.(කෞ)
අඩුගානේ ඉතිරි අවරුදු දෙකවත් ඉවසන්න බැරිව චන්දෙට ගියනිසා මේ කරදර ඔක්කොම කලින්ම ගෙන්වා ගත්තනේද (කෞ)
තිලක්-ඩුබායි ඔහොම කියන්නවත් ඔබ ඉතරි උනේ මේ මහතා නිසා නැතිනම් වලලපු තැන වල තල් ගසුත් පලවෙලා ඇති. (කෞ)
මහින්ද මහත්තයාට ගිය කළක්.(හේ)
මම ඊයේ ඇමරිකාවේ වශින්ග්ටෝන් නගරයේ පැවැත් වූ ශ්‍රී ලංකා නිදහස් උත්සවයට සහබාගි වුනෙමි. එම අවස්ථාවේදී ද්‍රවිඩ බාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම එතාමත් අගය කරමී. නමුත් 600 - 700 පමණ සහබාගි වූ මෙම උත්සවයේදී එම කොටස සිදු වූයේ CD තැටියක් මගිනි. මෙතරම් ද්‍රවිඩ ජනතාවක් සිටිනා නගරයක අවම වශයෙන් එකදු පුද්ගලයෙක්වත් අපගේ ජාතීන් අතර සන්හිදයාව තහවුරු කිරීමට එම ලබා දුන් අවස්ථාවට එදිරිපත් වුයේ නැත. (කෞ)
සමීර, ඔබ ඔය දන්නේ 0.00001% ක ගැහිල්ලක් පමණයි. ඔබ සම්පුර්ණ ගැහිල්ල දැනගත් දවසට මම වගේ වෛර කරාවි. (නි)
ඔබතුමා රටට අවශ්‍යයි ! (ම)
මහින්ද මහත්තයාට ගිය කළක්-මහත්තයාට නොවෙයි කල ගියේ අපිට.(කෞ)
අපිට නිදහස ලබාදෙන්න ඔබතුමා වගේම සරත් ෆොන්සේකා මහතා සහ අපේ සහෝදර රණවිරුවන් ඔක්කොම දායක වුණා. ඒකට හැම ලාංකිකයෙක්ම ගෞරවය පුද කරනවා. ඒ කියලා බලලෝභීව කළ දේවල් වලට දඬුවම් ලැබෙන එක වළක්වන්න බැහැ. (නි)
ඔබතුමා බය නැතුව පෙරටම යන්න (නි)
සමන්ති , ෆොන්සේකා මහත්තයා නැත්නම් තාමත් උතුරේ යුද්ධය යනවා. (නි)
ඉන්දියානු දෙවිවරු කෝප උනහම හරියට කරදර වෙනවා. එම විශ්වාසය තියනවනම් හරියට පිළිවෙත් කරන්න ඕනේ. (කෞ)
අපිත් ඉතින් දන්නේ නැතුව ඡන්දේ දුන්නනේ මහින්ද මහත්තයට. මහින්ද මහත්තයෝ, දැන්නම් අපිට ඇත්ත නැත්ත හිතාගන්න පුළුවන්. දුප්පත් අපේ බදු සල්ලි වලින් එක රුපියලක් නාස්තිකළත් ඒකත් මහා පාපයක්. (නි)
ප්‍රභාකරන් විනාශ කරන්න අණ දෙන්න කලින් "සිංහලයට ඕනෑ දෙයක් මතක හිටින්නේ සුමාන දෙකයි" කියපු ඔහුගේම රුවන් වැකිය පොඩ්ඩක් සිහිපත් කළා නම් අද ඔබතුමාට මේ කඳුළු උරුම වෙන්නේ නැහැ නේද? (නි)
අදහස් දැක්කහම මොළවල් වල තරම තේරෙනවා. (නි)
ඇයි ඔබතුමා යුද්ධය අවසන්කළේ? යුද්ධය විකුණපු අනිත් අය වගේ කරන්න තිබුනේ (නි)
අපේ රටට ඔබ වැනි නායකයෙකුගේ අවශ්‍යතාවය හොඳටම දැනෙන වෙලාවක් මේක (නි)
ඔබතුමාගේ වටිනාකම දැන් රටට දැනෙනවා. අපගේ ආශීර්වාදය ! (නි)
මොකද්ද ප්‍රශ්නය දැන්? වැඩේ වැරදිලා වගෙයි (නි)
ගින්දර නැමැති දුප්පත් මහජනයාගේ මහා මුදල් සම්බාරයක් කෑ පසුව, පිට කරන්න වෙන්න අඟුරු බව නොදන්නේද? රට බේරාගත් රජවරුන්ටත් ජනයා දඬුවම් කළ බව අපේ ඉතිහාසයේ ඇත.එය අදටද එසේම වලංගු වියයුතුය. (නි)
දිලිප්, ඔයාට තව ඉගෙනගන්න වෙනවා. කැනඩාවේ ,නවසීලන්තයේ භාෂා දෙකකිනුත්, ස්විස්ටර්ලන්තයේ භාෂා 4 කිනුත් ගායනා කරනවා (නි)
රට බේරාදෙන්න ඔබතුමා නැවත එන්න බොරු කියලා බලය ගෙන කරන පළිගැනීම් වලින් රට විනාශ කරන්න නම් එපා (නි)
නිදහසක් දැන් නැතිවෙයි.වෙන දේවල් හැටියට.(හේ)
අවුරුදු 2 ක් කල් තියෙද්දී ඉල්ලන් කෑවේ නැත්නම් මේ අඳෝනා කරන්න ඕනෑ නැහැ නේද? (නි)
ඔබතුමාගේ නිදහස නැතිකර ගත්තේ ඔබතුමාමයි (නි)
අභිමානී ඔය නම ඔබට ගැලපෙන්නේ නැත.එකොහොම උනත් තිබෙන්නේ බයක් නොවෙයි හිරිකිතක් (කෞ)
ඔබතුමාට අපි ණයයි (නි)
අපේ රණවිරුවෝ තමයි ලංකාවේ යුද්ධ කළේ. දේශපාලුවෝ ඉතින් කටින් තමයි (නි)
චතුරි, කැරකිලා නවතිනකොට ඔයත් ඉන්නේ ඊළමේ. (නි)
අයියෝ සමහරු කියනවා එයාට ණයයි ලු ?ණය ගොඩින් බේරගන්න කෝ මෙතන කියවන්නේ නැතුව.මෙයා තාම අර පාට් එකේ ඉන්නේ පෙන්නේ නැද්ද මුනෙන් (බ)
කෝසල ෆොන්සේකා මහත්තයා මහින්ද මහතා රට ගන්න කලිනුත් හිටිය නේද අයි ඒකාලේ යුද්දය දිනන බැරි වුනේ? ඒකාලේ අය පොන්සේකා කෙනෙක් ගැන දැනගෙන හිටියේ නැහැ නේද ඒකාලේ ඔබ හිටියේ නැහැනේද? .නොදන්නා දේවල් ගැන කතා කොරන්න එපා හලෝ (බ)
මෙතන අදහස් බොහොමයක් මට නම් බොහොම බොළඳ ඒවා (නි)
සමන්ති එ්ක අහන්න ඕනෙද එයාට බාර දුන්නේ යුද්දය කොරන්න ජනාධිපති කම කොරන්න නොවෙයි. (බ)
තිලක් ඩුබායි , ඔබ ගැන මට හිතෙන ආකාරය මෙතන ලියන්න අමාරුයි (නි)
කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)
බුදු දහම අනුව නම් කවුරුන් කොතැනක හෝ වරදක් කලානම් දිට්ටදම්මවීදනීය කර්මය අනුව ඔහුට එය පලදෙනවම්යි එක කිසිස්වෙකුට යටපත් කල නොහැක (අ)
ඉහලින් අදහස් ප්‍රකාශ කරන බොහොමයක් කුහකයෝ බවනම් පැහැදිලියි. මොකද එහෙම අදහස් ප්‍රකාශ කරන්නවත් අද ඉතිරි වෙලා ඉන්නේ යුද්දේ නැති නිසානේ. නැත්නම් මේ අයත් බස් බෝම්බයකට හරි අහුවෙලා. (අ)
පුතාට ඒක නීතියක්. වැරදි වහගන්න ඒගොල්ලන්ට තව නීතියක්. එම නිසා දැන් කොමිස් ගහන අයට ඉදිරියට නඩු නැහැනේද (බ)