‘මම පළාත් සභාව නියෝජනය කළ වසර 22ක කාලයේ දී මට වැටුප් ඇතුළු සියලූ සම්පත් ලබා දුන්නේ රටේ ජනතාව නිසා ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලූ යුතුකම් සැමදා නොපිරිහෙලා ඉටු කරනවා’ යැයි බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ ගම්පහ ඡන්දය ජයගත් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.
හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයට සමුදීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභා ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් කොළඹ 07, ශ‍්‍රාවස්ති මන්දිරයේ පිහිටි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාල පරිශ‍්‍රයේ සංවිධානය කළ උපහාර උළෙල අමතමිනි.
පළාත් අධ්‍යාපන, රැකී රක්‍ෂා හා මිනිස්බල අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ප‍්‍රසන්න රණතුංග මහතා අතින් සිදුකෙරිණි.
බස්නාහිර පළාත් කාර්ය මණ්ඩලය තමන්ට දුන් හොඳම උපහාරය වන්නේ පළාත් සභාව තුළ කටයුතු කිරීමේ දී ලබාදුන් සහයෝගය බව කී ප‍්‍රසන්න රණතුංග මහතා එය කිසිදිනෙක අමතක නොකරන බව ද කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මේ කාර්ය මණ්ඩලේ කාගේද කකුල් දෙක කඩනවා කියල කියල තිබුනේ පසුගිය කාලේ? (නදී)
ඔබ තුමා කල දේවල් රජයේ සේවකයෝ හොඳට දන්නවා. බස්නාහිර පළාතේ රාජ්‍ය සේවකයෝ නම් හරිම සතුටු වෙයි නිදහසේ රාජකාරිය හරියට කරන්න ලැබීම ගැන. (නදී)
අනිත් අයත් මේ වගේ හිතනවා නම් ගොඩක් හොඳයි (නදී)
මහ ඇමැති කම බිම දමා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන එක එච්චර හොද නෑ වගේ නේද?(හේ)
ඒ විදියට කරානම් හොදයි.ජනතාව ඔබ සමඟ ඉදියි.(හේ)
ලඟදිම යකඩ කූරු ගණන් කරන්න වෙයි වගේ (නදී)
නඩුවක් තියෙන හින්දා ඒක අධිකරණයට බාරදීලා කාගේ කාගෙත් වෙනත් වැඩ කිඩ ගැන ටිකක් කතාකළොත් හොඳයි. ඇඟ පත දිහා දැක්කම ගොඩක් දේවල් පැහැදිලියි. (නි)
දැන් හැම ප්ලෑන් එකක්ම ඉවරයි නේද?(හේ)
බොහොම හොඳයි. ජයවේවා! (නි)
ද්‍රෝහීන් පන්නන සටන දිගටම ගෙන යන්න ජනතාව වෙනුවෙන්.....(හේ)
ජය වේවා.(හේ)
වැල යන අතට මැස්ස ගහන අවස්ථාවාදීන්ට වැඩිය මෙතුමා වැනි අය තමයි රටට උවමනා.(හේ)
නව පෙරමුනට ජයවේවා (හේ)
කෙලින් කතාකරන හොද මහත්මයෙක් ..ඔබට මගේ උණුසුම් සුබපැතුම් ...(හේ)
මේවා අහලා දැන් මට පිස්සු වගේ (නි)