IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


මට ලැබුණෙම බටහිර පන්නෙ චරිත

2016-10-30-ent-138

මේ දිනවල පුංචි තිරයේ පේ‍්‍රක්ෂකාගාරයේ උන්මාදනීය හෝරාව ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ඔස්සේ ඔබ හමුවට එන ආදරණීය චරිතයක් සඳැල්ල අපේ කථාබහට එකතු කරගන්න හිතුවා. කලකට පසුව වෙනස්මවූ චරිතයකින් කරළියට ආ ඇය රොෂානා ඔන්ඩච්චි අපේ කතාබහට එකතුවූයේ මෙලෙසින්.

 

රොෂානා කොහොමද ඉතින්?

2016-10-30-ent-137වෙනදට වඩා ගොඩක් සතුටින් ජීවිතේ ගත වෙනවා.

 

ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

මම ජීවිතේ ගොඩක් දුක් විඳපු කෙනෙක්. ගෙවුණු කාලය පුරාවටම මගේ දුවයි මමයි දෙන්නම දුක් වින්ඳා. ඉස්සරට වඩා දැන් මමයි දුවයි ගොඩක් සතුටින් ඉන්නවා කියලා දැනෙනවා.

 

රොෂානා කාලයක්ම බටහිර චරිතවලට කොටුවෙලා ඉඳලා දැන් ඒ චරිත වලින් ඈත් වෙන්න හිතුවෙ ඇයි?

ඔව්, මම කාලයක් බටහිර, කොමඩි චරිත වලට කොටුවෙලා හිටියා. මගේ පෙනුම නිසාද මන්දා මට ලැබුණෙම බටහිර චරිත. ඒත් මම ලැබුණ චරිත ගොඩක් ආසාවෙන් කළා. ඇත්තටම මම ආස කරන චරිතයක් ලැබුණේ සිඳු ටෙලිනාට්‍ය හරහා.

 

කොහොමද අලූත් චරිතෙට ලැබෙන ප‍්‍රතිචාර

ප‍්‍රතිචාර නම් ගොඩක් හොඳයි. සිඳු කථාව, ඒ චරිතය නිසා ඇත්තටම ජීවිතේ ගොඩක් වෙනස් වුණා.

 

අලූත් චරිතය ගැනත් කථා කරමු

සල්ලිකාර පවුලක අහිංසක අම්මා කෙනෙක්. ඒ වගේම එයාගේ දුවගේ අසනීප තත්ත්වය නිසා ගොඩක් දුකෙන් ඉන්න අම්මා කෙනෙකුගේ චරිතයක්. තමන්ගේ ස්වාමියාගේ රහස් වැඩ, ජීවිතේ ප‍්‍රශ්න මේ සියල්ලටම මැදිව හිතින් දුක් විඳගෙන දියණිය සනීප කරගන්න උත්සාහ ගන්න මවක් විදිහට සිඳු ටෙලිනාට්‍යයෙන් ඉදිරියේදී බලන්න පුළුවන්.

 

කොමඩි චරිත, බටහිර චරිත වලට කොටුවෙලා ඉඳපු රොෂානාට ‘‘සිඳු’’ අත්දැකීම දැනෙන්නේ කොහොමද?

ඇත්තටම එදා රූගත කිරීම් කරන තැනට යනකම්ම මම දැනගෙන හිටියේ නැහැ මම මේ රඟපාන්න යන්නේ ඔසරියක් ඇඳගෙන ඉන්න අහිංසක අම්මෙකුගේ චරිතයක් කියලා. මට පිටපත දෙද්දි තමයි කිව්වෙ මේ ‘‘මලී 3’’ කියලා. පිටපත කියවද්දි මගේ චරිතය හිතන තරම් සරල චරිතයක් නෙමෙයි කියලා මට දැනුණා. කොමඩි චරිත රඟපාලා මේ වගේ චරිතයක් භාර දෙද්දි මට ටිකක් බය හිතුනා. ඒත් දැන් ඒ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර එක්ක ඒ චරිතයට මම සාධාරණයක් කළා කියලා හිතෙනවා. ඒ චරිතයේ ඇඳුම්වලට පවා මම ගොඩක් කැමතියි. මම ඔසරිය අඳින්නේ හරිම ආසාවෙන්.

 

රොෂානා ටික කාලයක් රඟපානවා. ආයෙම නොපෙනී යනවා. ඇයි ඒ රංගන ක්ෂේත‍්‍රය එපා වෙලාද?

ක්ෂේත‍්‍රය එපා වෙලා නෙමෙයි. තට්ටු ගෙවල් වලින් ක්ෂේත‍්‍රයට ආපු මට විවාහයෙන් පස්සේ රංගන කටයුතු ගොඩක් මග ඇරුණා. කලකිරීම් ඇතිවුණා. ජීවිතේ ප‍්‍රශ්න ගොඩක් ආවා. දැන් මගේ දුව ලොකුයි. ඒ නිසා කලාකටයුතුවලට දැන් කාලය වෙන්කරන්න පුළුවන්. දැන් නම් දිගටම ක්ෂේත‍්‍රයේ ඉන්න තමයි බලාපොරොත්තුව.

 

රොෂානා කරලියට එන්නේ තට්ටු ගෙවල් වලින්. ආපු දුර ගැන මොකද හිතෙන්නේ.

දුක, සතුට ප‍්‍රශ්න මේ හැමදෙයක් එක්ක ඇත්තටම ආපු දුර ගැන සතුටුයි. තට්ටු ගෙවල්වල රඟපානකොට මම රැකියාවක් කළා. ඇත්තටම මම නර්තන ශිල්පිණියක් සහ මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත‍්‍රයට ආවේ. විනෝදයට මම ගොඩක් ටෙලිනාට්‍ය වල රඟපාලා තියෙනවා. ඒත් ඒ රඟපාපු චරිත වලට මට ලොකු ප‍්‍රතිචාරයක් හම්බවුණේ නැහැ. රඟපාපු ටෙලි නාට්‍ය අතුරින් මාව ගොඩක් පේ‍්‍රක්ෂකයා අතරට ගියේ ‘‘සිඳු’’. සිඳු කියන්නේ මගේ වාසනාවට ලැබුණ ටෙලියක්. ඇත්තටම ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන ජානක සිරිවර්ධන අයියාට. මේ චරිතය කරන්න ඔහු මාව ගොඩක් දිරිමත් කළා. කොමඩි චරිත, බටහිර පෙනුමෙ චරිත වලට කොටු වෙලා හිටපු මට සිඳු චරිතය නිසා විවිධ චරිත රඟපාන්න පුළුවන් කියලා පෙන්වන්න හැකියාව ලැබුණා.

 

චිත‍්‍රපට වලට රොෂානාට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?

එහෙම නැහැ. ආරාධනා ලැබෙනවා. ඒත් මම චිත‍්‍රපටි වලට එතරම් කැමැත්තක් නැහැ. වේදිකා නාට්‍ය කිහිපයකට නම් සම්බන්ධ වුණා. වැඩි තැනක් දෙන්නේ ටෙලි නාට්‍යවලට.

 

අද ගොසිප්, නළු නිළියෝ හිට් කරන අලූත්ම මාධ්‍ය වෙලා. පසුගිය දවස්වල රොෂානාත් ගොසිප් නිසා හිට් වුණා නේද?

මේ ක්ෂේත‍්‍රයේ මට තරහාකාරයෝ කිසිම කෙනෙක් නැහැ. මිනිස්සු මොන කථා කිව්වත් මම ජීවත් වෙන්නේ මගේ විදිහට. විවිධ කථා නිසා හිත් රිදවීම්, ඕන තරම් වෙලා තියෙනවා. ජීවිතේ කලකිරුණු අවස්ථාත් තියෙනවා. ඉස්සර මම ඒ දේවල් වලට ගොඩක් කඩා වැටුණා. ඒත් දැන් මම ගොඩක් ශක්තිමත්. මම කියන්නේ බල්ලෙක් අපිව කෑවා කියලා අපි බල්ලව හපා කන්නේ නෑනේ. හැබැයි මුලදී කිව්වා වගේ මට ක්ෂේත‍්‍රයේ නම් තරහකාරයෝ නැහැ.

 

එතකොට ‘‘සිඳු’’ ටෙලි නාට්‍යයේ චරිතයට රොෂානා ගැලපෙන්නේ නැහැ කියලා දෙරණට කෝල් කරපු කෙනා කවුද?

සිඳු නිෂ්පාදන කණ්ඩායමට කෝල් කරලා කියලා තියෙනවා මාව ඒ චරිතයට ගැලපෙන්නේ නැහැ. ඇයි මාව ගත්තේ් කියලා. ඒ වෙලාවේ දෙරණේ ලක්සිරි සර් කියලා තිබුණා අපිට ඕන කෙනාවයි අපි ගත්තේ කියලා. ඒ සිදුවීම විතරක් නෙමෙයි මෑතකදී මට ටෙලි නාට්‍යයකට ආරාධනා ආවා. මම ඒක භාරගත්තා. ඒත් චරිතෙට යනකොට මාව අයින් කරලා වෙන කෙනෙක් අරගෙන. මම ඒවා ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒත් ඒ මිනිස්සු මාත් එක්ක හොඳට කථා කරලා හිනාවෙලා යන අය. තව සිදුවීමක් වුණා. මෑතකදී අලූතින් පටන්ගත්ත චැනල් එකක සජීවී වැඩසටහනකට මට කථා කළා. අන්තිම මොහොතේ මාව ගන්න එපා කියලා. මම දන්නේ නෑ මේ දේවල් කරන අයට මම කරපු වරද මොකද්ද කියලා. දෙරණට කෝල් කරපු කෙනා, මේ දේවල් කරන අය මම දන්නවා. ඒත් දැන් මාව වට්ටවන්න කාටවත්ම බෑ. ඒවා මට දැනෙන්නෙත් නැහැ. කොහොම වුණත් මම උඩබලාගෙන කෙළ ගහන්නේ නැහැ.

 

තනිකඩ ජීවිතේ ඉදිරියේදී වෙනසක් වේවිද?

හැමදාම තනියම ඉන්න බැහැ. දැන් මගේ දුව ලොකුයි. මගේ දුවත් මමත් පහුගිය කාලය පුරාවටම ගත කළේ ජීවිතේ දුෂ්කර කාලයක්. ඒත් ළඟදිම ජීවිතේ ලොකු වෙනසක් වේවි.

මම ජීවිතේ ගොඩක් කඩා වැටුන කෙනෙක්. මට ආර්ථික අතින් ගොඩක් කරදර ආවා. ජීවිතේට එන ප‍්‍රශ්න දරාගන්න බැරුව මම දුවත් එක්ක කෝච්චියට පවා පනින්න ගිහින් තියෙනවා. ඒ දවස්වල මට දුවව මොන්ටිසෝරි යවන්නවත් සල්ලි තිබුණේ නැහැ. එදා මම හිතාගත්ත දෙයක් තමයි කාටවත් මට ඇඟිල්ල දික්කරගන්න බැරි විදිහට මම මොන දුකක් විඳලා හරි වැටුන කකුල් දෙකෙන්ම නැගිටිනවා කියන එක. අද මම තැනක ඉන්නව නම් ඉන්නේ මගේ දුව නිසා.

 

මෙනාෂා දුව ගැනත් කියමු. එයත් ඉදිරියේදී අම්මගේ අඩිපාරේ යාවිද?

එයා පොඩි කාලේ නම් වෙළඳ දැන්වීම් වල රඟපෑවා. ඒත් එයා රඟපාන්න කැමැත්තක් නැහැ. ඉගෙනීමට දක්ෂයි. එයා නිතරම කියන්නේ එයාගේ තාත්තා වගේ කවදාහරි දේශපාලනය කරනවා. එයාට දැන් මේ දේවල් හොඳට තේරෙනවා. දැන් දුවට වයස දහතුනයි. මියුසියස් විද්‍යාලයේ අට වසරේ ඉගෙන ගන්නේ. එයාට එයාගේ තාත්තා ගොඩක් උදව් කරනවා. මගේ ජීවිතේ කවුරු නැති වුණත් මගේ දුව ඉන්නකම් මම මේ ලෝකේ කවදාවත් තනි නැහැ.

 

නදීශා අතුකෝරළ

 

2016-10-30-ent-139



අදහස් (0)

මට ලැබුණෙම බටහිර පන්නෙ චරිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site