‘අද සමහර මාධ්‍ය මිත්රයින් ගහන ගැහිලි දිහා බලපුවාම සමහරවිට ඒ අය හිතනවා ඇති අපිට ගහන්න මෙහෙම තරම් ජනාධිපති කෙනෙක් නම් හම්බුනේ නෑ කියලා ඇති. උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා. මම සතුටු වෙනවා ඒ හැම ගැහිල්ලකටම මම ඉඩ දීලා තියෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 61 වැනි සංවත්සරය වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
‘2015 ජනවාරි මාසේ 8 වැනිදාට පෙර ඔය ගහන අයට ඔය පිටකොන්ද තිබුණානම්, ඔය වීරත්වය තිබුණානම් ඔය දක්ෂකම තිබුණානම් කොච්චර හොඳද කියලා මම අහනවා. නමුත් ඒ සියල්ල රට හැර ගියේ මාධ්‍යවේදීන්ගේ ජීවිත ඝාතනය වුණේ පවුල් පිටින් බරපතල ඛේදවාචකයන්ට ලක්වුණු යුගය සිහිපත් කරමින් ඒ ගහන ගැහිල්ල ගහන්න‘ යැයි ජනපති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ඉස්සර ඒ කට්ටිය ඔහොම ගැහුවේ නැත්තේ මොකද ? (අ)
ගහන්නෙත් ඉතින් ගුටිකන වැඩ කරන නිසානේ. ඉතින් නොගහා කොහොමද? අනෙක ගහන්නේ මාධ්‍ය නොවෙයි. එකම මාධ්‍යයක්වත් මහින්දට තරම් ඔබට ගහන්නේ නැහැ. ඒවා මර්දනය කරලා තියෙන්නේ හිමිහිට. කතා ඔහොම වුණාට හැබෑවටම වෙන්නේ වෙන වෙන දේවල්. (නි)
කොහොමද මහ බැංකු ගැහිල්ල? ඒවටත් කියන්නේ ගැහිලි තමයි (නි)
ගහන්න ගහන්න වඳින කෙනත් මෝඩයා, වඳින්න වදින්න ගහන කෙනත් මෝඩයා කියලා කියමනක් මතක් වුණා (නි)
පුදුම අන්න්දවිල්ලක් තමා කරන්නේ ජනාදිපති තුමාට , ඔහු බලයට ආපු දාපු දවසේ ඉඳලා නොයෙක් නොයෙක් විදියට අන්දලා , කලින් තිබු පුරුෂත්වයත් වෙනස් වෙලා (අ)
කවුරුත් ගහන්න හදන්නෙත් නැහැ, ගහන්නෙත් නැහැ. ඒත් අකමැත්තෙන් වුණත් කියන්න තියෙන්නේ මෙතෙක් දන්නා තරමින් කිසිවෙකු ගහලා නැහැ කියායි. මෙයට ගැළපෙන වචනයක් තියනවා අපේ ශබ්දකෝෂයේ. එහි ප්‍රතිඵල තමයි දැන් තියෙන්නෙත්, තව ඉස්සරහට දකින්න වෙන්නෙත්. සමාවෙන්න මෙය කිවුවට. එයින් පස්සේ කෙනෙකු කෙරෙහි තිබෙන විශ්වාසය සීමාසහිත කළා (නි)
ජනවාරි 8 ට කලින් කියපු කිසිදෙයක් දැන් වෙන පාටක් පෙනෙන්නේ නැහැ (නි)
අපිට නම් පෙනේනේ නැහැ කවුරුවත් ඔබතුමාට ගහනවා. හැබැයි එකක් නම් විශ්වාසයි! ඒ ඔබතුමා, ඔබතුමාටම ගහගන්නවා. ඔබතුමා හිතනවා නම් කවුරුහරි ගැහුවා කියලා, ඒ හැමදෙයක්ම වුණේ ඔබතුමා කියපු, කරපු දේවල් නිසා! (නි)
කවුරු මොනවා කෙසේ කිවුවත් රනිල් මැතිතුමාට තරම් ලංකාවේ හිටපු සහ සිටින කිසිම දේශපාලකයකු බැනුම් අසා නැත. කවුරු කොහොම බැන්නත් එතුමා නොසැළී, නොනැවි මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා මිස රට වටේ ගොස් මට ගහනවෝ මට ගහනවෝ කියා අඬන්න ගියේ නැත (නි)
ජනාධිපතිතුමාව බොක්සින් ක්‍රීඩා පුහුණුවීම් වලදී ප්‍රයෝජනයට ගන්න පන්චින්ග් බෑග් එකක් වෙලා වගේ. අනේ පව් (නි)
මාධ්‍ය මිත්‍රයන් ගහන ගැහිලි මොනවද? ඔය තියෙන්නේ මහා බැංකු ගැහිල්ල වගේ ගැහිලි ඕනෑතරම් (නි)
මේවා තම යහපාලන විහිලු. පම්පෝරි ගැහුවට වැඩක් කෙරෙන පාටක් නැහැ (නි)
ඕනෑවට වඩා ඉවසන්න යන්න එපා (නි)
ගණන් ගන්න එපා ජනාධිපති තුමා , ඔහේ ගහපුදෙන් , උන් ගැහුවොත් උන්ට තියේවී අපි ගැහුවොත් අපට තියේවි. (බ)
මට ඌ ගහනවා, ඌ මට ගහනවා ... බලනකොට මටමනේ ගහල තියෙන්නේ (බ)
මට හිතෙන්නේ තාම ගහන්න පටන්ගත්තේ නැහැ. මහා බැංකු කොල්ලයේ සිද්ධියටයි මහජනයා ගහන්න පටන්ගන්නේ. (නි)
ඉවසන්න. සැනසීම ලැබෙයි. ඔහේ ගහපුදෙන්! (නි)
සිංහල කියමනක් තිබෙනවානේ ගහන්න ගහන්න වඳින කෙනාත් මෝඩයා කියලා. (නි)
ජනපතිතුමනි, ඔය ගහන්න දීලා නිකම් ඉන්න එකෙන් රටට වැඩක් වෙනවද කියලා හිතන්න. තමන්ගේ සතුට එය වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාගේ පුද්ගලික සතුටෙන් රටේ සතුට යටපත් වෙන්න දෙනවද කියලා හිතන්න. (නි)
මාධ්‍ය මිත්රයින් පමණක් නොවේ පොදු ජනතාවත් ගහනවා කළ කතාවට. අපි වරම් දුන්නේ දූෂිතයන් ආරක්ෂා කරන්න නොවේ. (නි)
ඒ කාලේ ඇමතිලා පස්සෙ ගිහින් හොරකම් කරලා වතුපිටි ගෙවල් හා වරප්‍රසාද ගත්, හීන්නූලෙන් වැඩ කරගත්, අදටත් රාජ්‍ය ආයතන වල යහතින් සිටිමින් පවතින ආණ්ඩුවේ වැඩ වලට යටින් ගේම් දෙන නිලධාරී පන්තිය ගැනත් තීරණයක් ගන්න. (නි)
අන්න නියම ඉවසීම! ජයවේවා! (නි)
විධායක බලය ළඟ තියාගෙන නිකන් බලාසිටිම තේරුමක් නැහැ. හොරු ඇල්ලිය යුතුයි. දඩුවම් දියයුතුයි. වල්බූරු නිදහස නැති කළයුතුයි. (නි)
මට පෙනෙන්නේ ඔබතුමාලගේ අාණ්ඩුව දන්නේ ගුටිකන හැටි විතරයි! (නි)
මාධ්‍ය මිත්‍රයෝ ගැහුවහම මොකද, ඉන්දියාව ඇමරිකාව එහෙමත් අපිට ගහනකොට. (නි)
ගුටිකන්න ආසානම් තනතුරට අගෞරව නොකර එතනින් ඉවත්වී ගුටිකන්න. (නි)
ඔබ තුමාට ගැහුවට කමක් නැත්නම් අපිටත් කමක් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ සිංහලයන්ටයි අපේ බුදු දහමටයි ගහන එකයි. එ්කයි අපිට තියෙන ප්‍රශ්නේ. (නි)
ඔහොම ගුටි කන්න අච්චර මහන්සි වෙලා විධායක බලය ගත්තේ මොනවටද? රටට වැඩක් කළයුතුයි. හොරුන්ව ඇල්ලිය යුතුයි. පොලිසියකට ගියාම සාමාන්‍ය මිනිහට සාධාරණයක් ඉටු වියයුතුයි. අල්ලස නැතුව රජයේ ආයතන වලට ගිහින් කාර්යක්ෂම වැඩක් කරගත හැකිවිය යුතුයි. ඒවයි ජනතාව බලාපොරොත්තු වුණේ. (නි)
මීට අවුරුදු දෙක තුනකට කලින් ඔබතුමා ගිය ආණ්ඩුවේ ඇමති කෙනෙක්. ඒ කාලේ මාධ්‍යයට චෝදනා කළා ඔබට නිරපරාදේ කරදර කරන බව. ඒ සමාන කතාවක් රංගේ බණ්ඩාර ඇමැතිතුමාත් ඊයේ පෙරේදා මාධ්‍ය ගැන කිව්වා. කොහොමහරි ඔබේ ඒ කතාවෙන් පසු මාධ්‍යට අකුලාගන්න වුණා. හැබැයි දැන් ඔබතුමා කතාකරන්නේ ඒ වගේ දෙයක් වුණේ නැහැ වගේ. 2008 ජනවාරි 15 කලින් ඔබතුමා කොහෙද හිටියේ. (නි)
වපුරන විදියට තමයි අස්වැන්න (නි)
එයා මට ගහනවා, මට එයා ගහනවා කියල තමයි කියන්න වෙන්නේ. (නි)
නැගෙනහිර වෙරළේ සිද්ධියක් වාර්තා කළා කියලා ගිය ආණ්ඩුවේ හිටපු ඇමතිකෙනෙක් මාධ්‍යයට චෝදනා කරපු හැටිත් අපිට මතකයි (නි)
කොන්ද නමාගෙන ගුටිකනවාට වඩා කොන්ද කෙළින් තියාගෙන මියයන එක සැපයි මට නම් (නි)
අන්න නියම ජනාධිපතිවරු. අනිත් අයත් ඉගෙනගත්තොත් හොඳයි (නි)
හොර ඇමතිලයි, හොර වන්දිබට්ටයොයි ඇල්ලුවේ නැත්නම් තව බනියි. (නි)
රටට යහපාලනය ගේන්න ඡන්දය දුන් අපිට, ඒකාලේ හිටිය පල් හොරුන් විසින් තවත් වද දෙනවා. හොරු තාම ඒ ඒ තැන් වල ලොක්කෝ. ඒ ලොකුකම් නිසා දන්නා අඳුනනකම් නිසා සාමාන්‍ය මිනිහව තවමත් හොඳටම පෙළනවා හැම තැනකදිම. විශේෂයෙන් රජයේ තැන් වලින් වැඩක් කරගන්න ගියාම. මේවා නැති කරන්නෙ කවදාද? (නි)
මොන රජය ආවත් වැටෙන්නෙ නැති පිරිසක් තමයි හැරෙන හැරෙන පැත්තට කතා කරන නිලධාරි පන්තිය. (නි)
ගුටිකන්නත් විධායක බලය ඕනෑද? (නි)
වටේ අය කරන ගැහිලිවලටත් ඉඩ දීලා තියෙන බව නම් මහා බැංකු සිද්ධියෙන්ම පෙනෙනවා. (නි)
මරු කතරේ දහදුක් විඳලා ලංකාවට බිලියන 8 ක් විදේශ විනිමය ගෙනෙන අහිංසකයින්ගෙ සල්ලි වලින් බාල් නටපු, අවභාවිතා කළ කණ්ඩායමට රටට පේන්න දඬුවමක් දෙන්න. බනින එක සෑහෙන දුරට අඩුවෙනවා සිකුරුයි. (නි)
අපිට ගහන්නවත් ගුටිකන්නවත් නෙමෙයි අවශ්‍ය, කියපු විදියට රට සංවර්ධනය කරලා පෙන්වන්න මිනිස්සු අන්දන්න අනවශ්‍ය කතා නොකියා. ඔබ රටේ ජනාධිපතිවරයා මිසක් සාමාන්‍ය පුරවැසියෙක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ තනතුරට ගැළපෙන විදියට කතාව වගේම වැඩ කිරීමත් කෙරෙන්න ඕනෑ. (නි)
ඔබතුමා පපුවට ගහගත්තේ නැතිවුණාට නියම බෞද්ධයෙක් බව මොළය හොඳින් වැඩ කරන උදවියට තේරෙනවා (නි)
ටිරෝන්, සුපුන්, මතක නැද්ද මෙතුමාත් ගිය ආණ්ඩුවල හිටපු බලවත් ඇමති කෙනෙක් කියලා. (නි)
අන්න කිළිනොච්චියේත් පොලිසියට ගහලලු නේද? (නි)
අපි නම් දැන් හොඳටම කළකිරිලා ඉන්නේ (නි)
තව ටික කාලෙකින් ආයේ කොටිත් නැගිටීවි. නැගිටලා ගහනවා. මම ෂුවර් එකටම කියනවා, ඔබතුමා එතකොටත් කියන්නේ උඩ පැන පැන ගහනවා. හරවා හරවා ගහනවා. වට්ටලා නැගිටලා ආයේ ගහනවා. මම සතුටු වෙනවා ඒ හැම ගැහිල්ලකටම මම ඉඩ දීලා තියෙනවා කියලයි (නි)
ඔබතුමාට ඉවසගෙන ඉන්න තනතුර හරි තියෙනවා. අපිට ගහන ගැහිල්ල අපි කාට කියන්නද? පණ බේරාගෙන රස්සාව පරිස්සම් කරගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්. වෙනසකට ආ යහපාලනයවත් අපි දිහා බලන්නේ නැහැනේ! (නි)
ජනාධිපතිතුමා මෙහෙම දෙයක් කියයි කියලා අපි හිතුවෙ නැහැ (නි)
දුන්නත් අතේ නම්, කඩුවත් අතේ නම් තවත් මොකටද බලාඉන්නේ? ඔබතුමාට අපි ඡන්දය දුන්නේ දූෂණයෙන් තොර යහපාලනයකට. එහෙව් එකේ, හොඳින් හෝ නරකින් ඒ දේ කරන්නට ඔබතුමා බැඳිලා ඉන්නවා. (නි)
අනේ මැතිතුමනි, ඔය තනතුරේ ගෞරවය රැකෙන විදිහට කතාකරන්න. (නි)
මොකක්ද මේ කියන කතාව? (නි)
දැන් නම් හිතෙනවා ගහලා මදි කියලා. (නි)
ඒක නම් එච්චර සුබ නැහැ (නි)
ගහන්න ගහන්න නැගිටින්න ඕනෑ ඔබතුමා. ජයවේවා! (නි)
කොහොමද මහ බැංකු ගැහිල්ල? හැබැයි ඒවාට ඇහැ කණ පියාගෙන ඉන්නකොට ජන මාධ්‍යයට කියන්නෙත් එහෙමම ඉන්න කියලද? ජනමාධ්‍ය තවම ගැහුවෙ නැහැ, ගහන විදිය පෙන්නුවා විතරයි! (නි)
මෙතන අදහස් නිරීක්ෂණය කළොත් 66%ක් වත්මන් රජයේ වැඩපිළිවෙල ගැන අප්‍රසාදයෙන් ඉන්නේ. එතකොට 12%ක් තවමත් අවස්ථාවක් දෙන බව පේනවා. ඉතුරු 22%ක් තවමත් මේ වැඩපිළිවෙල සාර්ථකයි කියනවා. (නි)
ඉවසීමෙන්ම සැනසිම ලැබෙයි. චිරන් ජයතු ! (බ)
ඩඩ්ලි ජටා බැඳගෙන ටයි සුට් කාරයොත් එක්ක පිස්සු කෙලියේ නැහැ මේවා විකාර වැඩ. (බ)
ඔබතුමා අනිත් අයටත් ගහන්න ඉඩදෙනවා... කොහොමද මහ බැංකු ගැහිල්ල....? (බ)
ගහන්න. ගහන්න,නීති දැඩි කරන්න අවුරුදු 8 ක් නමන් හිටිය. කොන්ද දැන් දිග ඇරලා. හතර වටේට. ගහනවා ,ජනපති තුමනි දුශිතයින්ට ඔලුව උස්සන්න. දෙන්නම. එපා. දැඩි නීති පමුණු වන්න දැන් තමයි. කට්ටියගේ ඇස් ඇරිලා තියෙන්නේ. (බ)
ගුටිකාල.. ගුටිකාල අපිටනම් කියන්න එපා තෙල්ගාන්න කියල.. (බ)
ඔබතුමා මැරිලා ඉපදුනේ නැහැනේ. අවුරුදු ගානක් ඔබ හිටියෙත් ඒ ආණ්ඩුවේ කියන එක අමතකයිද? (නි)
අනේ මොනවා කියනවද මන්ද. (අ)
ඔව් ඉතින් මොනවා කරන්නද? කියපු දේවල් වලට වඩා හාත්පසින් වෙනස් ක්‍රියා සහ කතා සිදුවනවිට ඔබගේ අතින්, දුකකුත් සිතට ඇතිවෙනවා. අපි ඔබට රැවටුනා කියා (නි)
ඉල්ලන් කන්න එපා මහත්තයෝ. ඇත්තට මුහුණ දෙන්න. (නි)