(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටින නමුත් තමා වෙනුවෙන් පෙනී සිටින්න කිසිවකුත් නැතැයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් විජේසිරි මහතා මේ බව කීය.
පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් හංස අබේරත්න මහතා සමග ඇතිවූ ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මන්ත්‍රීවරුන් පිරිසක් තම මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා අනීතික ලියවිල්ලක් අස්සන් කර තිබෙන බව කී විජේසිරි මහතා එහිදී තමා වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකුත් සිටියේ නැති බව ද සඳහන් කළේය.
තර්ජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් තමාට ඇති නඩුවක් ගැන අධිකරණ රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කියූ බව පැවසූ චමින්ද විජේසිරි මහතා මෙයින් තම වරප්‍රසාද කඩ වී තිබෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd