‘මම සේයා ඝාතනය කළ බවට කිසිදු පාපොච්චාරණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ නැහැ. ඔවුන් සියලූ දේ ලියා මගෙන් බලෙන් අත්සන් ගත්තා. මට පහර දුන්නා.‘ යැයි සේයා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට පසුව නිදහස් කළ දුනේෂ් ප්‍රිශාන්ත අද (23) පැවසීය.
තමා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන් නිර්දෝෂි බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට නොහැකි වු බවත් තමන්ගේ නිර්දෝෂි බව බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුට පැවසු බවද දුනේෂ් පි්‍රයශාන්ත පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අයිතිවාසියම් සදහා නීතිඥයෝ එකමුතුව සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව අද මරදාන සමාජ හා සමාහික කෙන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ය.
තමන් කිසි දිනක සේයා දැරිය දැක නොමැති බවද තමන් අත්අඩංගුවට ගත්තේ සේයාගේ ඝාතනය වෙනුවෙන් කියා දැන නොසිටි බව ද එය දැනගත්තේ අත්අඩංගුවට ගෙන සී අයි ඩි යට ගෙන ගොස් පහර දෙන අවස්ථාවේ දී බවද ප්‍රියශාන්ත කීවේය.
‘මම අමු මාළු කනවා කියන කතාව බොරු. බොහෝදෙනා මට බොරු චෝදනා කරන්නේ. මම එහෙම දේවල් කර නැහැ. මට කතා කරන්නේ දුනේෂ් නැතිනම් පොඩී කියලා.. පොලිසියෙන්වත් මට කොණ්ඩයා කියා කතා කළේ නැහැ. කොණ්ඩයා කියන එක මාධයෙන් මට දාපු හදපු නමක් විතරයි.
මම කියන්නේ මම නිවැරදියි. මා දිහා වැරදි විදිහට බලන්න එපා. මට කටුගස්තොට පැත්තේ පෙම්වතියක් හිටියා. මේ සිද්ධියෙන් පස්සේ එයත් නැතිව ගියා. ‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාගේ අයියය ගේ නේද පොඩි කෙල්ලව මරපු එකට ඩීඑන්ඒ සමාන එවුනේ. පොලිසිය ,මෙයාට කන්න බොන්න දීල,හුරතල් කළානම් මෙලහකටත් මෙයාගේ අයියය තව කෙල්ලක් මරල (බ)
පොලිසිය තමන්ගේ මෙවැනි අශිෂ්ට වැඩ වහාම නතර කල යුතුයි සහ ඔවුන් කල මෙම ක්‍රියාවන් සම්බන්ධව ලජ්ජා විය යුතුයි. එමෙන්ම ඔවුන් සමාජයෙන් සමාව ගත යුතුයි. උදුල මහතා ප්‍රමුඛ කණ්ඩායමට ශිෂ්ට සමාජයේ ප්‍රණාමය පුද කලයුතුයි මෙවැනි පහත් වැඩ සමාජය හමුවේ එලි දරවු කිරීමට ඉදිරිපත් කිරීම සම්බන්ධව. මෙවැනි ක්‍රියා නිසා උදුල මහතා ඇතුළු කණ්ඩායමට ජිවිත අනතුරු හෝ තර්ජන පවා ඇතිවිය හැකිය. එබැවින් බොහොම ප්‍රවේසමෙන් සහ විමසිල්ලෙන් පිඩිත පන්තිය සහ අසරණයින් වෙනුවෙන් පෙනී සිටීමට ඔබ සැමට ශක්තිය දෛර්යය ලැබේවායි පතමි.(රේ)
අජිත් හොද හෝ නොහොද නාමෙන් හිටියයි කියලා පොලීසියට ඒක මිනිස්සුන්ට තඩිබාන්බ දෙන ලයිසන් එකක් නෙමේ... ඕවා වැඩවසම් යුගයේ කතා... ලෝකයේ පහරදීම් වලින් තොරව ප්‍රශ්නකරන ක්‍රම ගැන උගන්වන වෙනම පොලිස් විද්‍යාවක් තියෙනවා... යූ ටියුබ් එකේ ඇමරිකාවේ එෆ් බී අයි එක ගැන සැකසුනු වාර්තා වැඩසටහන් බලන්න..(රේ)
අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ. ලංකාවේ පොලිසිය ගල් යුගයටත් එහා. අද ලෝකේ සාක්ෂි අහන්නේ මිනිස්සුන්ගේ අතපය කඩල නෙමෙයි. ඒවාට මිනිස්සු බොරු කියනවද බලන්න අධිතාක්ෂණික මෙවලම් තියනවා. හරි විහිළුවක් අමු මාළු කතාව . මම ජපානේ ඉන්නේ අපි අමු මාළු ඕන තරම් කනවා. ගින්දර හොයාගන්න කලින් මිනිස්සු වගේ නෙමෙයි අමුමාලු කෑවේ(රේ)
මෙයාගේ ඇස් වහන්න එපා. වැරදි කාරයෙක් නෙමෙයිනෙ. (රේ)
මේ "අචිර" කියල කමෙන්ට් කරපු කෙනාට පෙන්නේ සල්ලි ගන්න හැටි විතරයි. (රේ)
මෙයා දැන් බබා වෙන්න හදනවා මෙයත් නරත රෙකෝර්ඩ් තියෙන කෙනෙක් පොලීසිය නිකන් මෙයාව ගත්තා නෙවෙයි ඔතන විවිධ වැරදි සිදු වෙන්න පුලුවන් එහෙම වෙන්නේ පරික්ෂණ කරනකොටයි (රේ)
ඔයාට කොන්ඩයා කිව්වේ අපි ඇ රංජානේ....(රේ)
අචිර, ඔයා කියන විදිහට මේ මහත්තුරු ටික කට වහගෙන ඉන්න ඕන අවනීතියක් ඉදිරියේ. ඔබ කියන ලෙසට ලංකාවේ ආණ්ඩුවට, පොලිසියට ඕන විදිහට මිනිස්සුන්ට ගහන්න පැහැර ගන්න පුළුවන් සමාජය විශ්වාස කරනවානම් ඒ මිනිහ නරකයි කියල. මම ඔය කණ්ඩායමේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. නමුත් උදුල හොඳ විකුණන එක තුල කිසි වරදක් මම දකින්නේ නැහැ. මෙමගින් ඒ අයට වාසියක් උනත් සමාජයට වන වාසිය ඊට ගොඩක් වැඩියි. ඔබල වැනි අය කරන්නේ වැඩක් නොකර වැඩ කරන යටත් අකුල් හෙලන එක. සරත් කුමාර, ඔයාවත් අවාසනාවන්ත දවසක කරපු නැති වරදකට අරගෙන ගියාම තේරෙයි. (රේ)
හෝද හෝද මඩේ දන්නා හදන්නේ මේ කුහක සමාජයමයි. වැරදි නොකළ කෙනෙක් මෙතන නැතුව නෙමෙයිනේ.බෝධිසත්වයෝ වගේ කතා කරනවා අනුන්ව පහතටම ඇද දමලා. (රේ)
පරීක්ෂන කරන අතරතුර පොලිසිය වටකළා අපරාධකරයා වහාම අල්ලනු කියා, පරීක්ෂණය පාඩුවේ කරන්න ලැබුනේ නැහැ. ඊට පස්සේ උද්ගෝෂණ කළා, අපරාධකාරයා හෙළි කරව්, එල්ලා මරව්, කියා. ඊට පස්සේ දිගට හරහා නිර්දෝෂී අයගේ ඡායාරූපත්, විස්තරත් මාධ්‍යවලින් පළකලා, වගක් නැතුව. කොටදෙනියාව පොලිසිය මේ තත්ත්වයට පත් කළ ඔබ නිර්දෝෂීද? මදක් සිතා බලන්න...(රේ)
ඔහු විසින් විකෘති ප්‍රකාශයක් කර තිබුණා නිවස තුලට ගොස් සේයා පැහැරගත් බවට, රජයේ මත්පැන් බිව් විට ඔහුට ලිංගික ආශාව වැඩිවෙන බව ඔහු විසින් ප්‍රකාෂකර තිබුණා, දැන් කොහොමද ඔහු නිර්දෝෂී වන්නේ..........(රේ)
අනේ මෙහෙමත් ලෝකයක් දැන් කොන්ඩයා හොඳ වෙලාද?කොන්ඬයා අපරාධ කාරයෙක් නෙවෙයිද?මෙයාගේ සහෝදරයා මේ අපරාදේ කලේ මෙය කිසිම අපරාධයක් නොකළ කෙනෙක්ද?අනේ දෙවියනේ මිනිස්සු මේ තරම් මේ දේවල් වහන්න හදන්නේ මට හිතෙන්නේ මෙයාලට දේසපාලන රැකවරණයක් තියනවා.අනේ අර අහිංසක දරු පැටියා.මටනම් මෙතන පොලීසියේ වරදක් පෙන්නේ නෑ.මොකද අපරධකරයෙක් අල්ලාගත්තම අනේ පනේ ගාලා ප්‍රශ්න අහන්න බැනේ.මෙයා බබා.මෙහෙමත් ජරා රටක්.(රේ)
ඩි.එන්.ඒ තාක්ෂණයක් පසුගිය කාලේ වුණා නම් නොකළ වරදකට ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා (අ)
අපරාධ සම්බන්ධ පරීක්ෂණ කරන කොට කොහොමත් කිහිප දෙනෙකුම ඇත් අඩංගුවට ගන්න වෙනවා කොණ්ඩය කියන පුද්ගලයත් සමාජයේ හොඳ පුද්ගලයෙක් නෙවෙයිනෙ එයාගේ අයියනේ මේ වැඩේ කරලා තියෙන්නේ (රේ)
රහස් පොලිසියෙනුත් අදහස් දාලා තියෙන්නේ .තමන්ගේ දරුවෙකුට මේ විදියට විනාශයක් වුනු දවසට තේරුම් ගන්න පුළුවන් ....(රේ)
මේ අචිර, සරත්, සරත් කුමාර, සමන් පෙරේරා අර මනුස්සයව වරදකාරයෙක් කරලා, එල්ලලත් අනේ මෙහෙමත් මෝඩයෝ. පොලීසියෙන් කරපු, ලියපු ප්‍රකාශවලට මෙය මිනිහට බලෙන් අ ත්සන් අරගෙන තියනවා කියලා කියන එකවත් තේරුම් ගන්න මොලයේ . උඩද වාඩිවෙලා ඉන්නේ?(රේ)
මේ වගේ දේවල් වලට අදහස් හරියටම විස්තර දැනගෙන දාන්න. කොණ්ඩයා කියන්නේ කවුද කියලා බෙම්මුල්ල ගමට ඇවිල්ලා විස්තර හොයලා බලන්න. එයා හිතන තරම් බබෙක් නෙමෙයි. දැන් එතකොට වරදකාරයා සේයා දැරියද? අපිත් ඒ ගමේ හිටියා. එහෙනම් අපිවත් ගෙනියන්න තිබුනනේ. ගමේ අපි නම් කවුරුත් එයාට කියන්නේ කොණ්ඩයා කියලා තමා. මේ වගේ දේවල් අනුමත කරන්න එපා. අද සේයාට හෙට ඔබේ දරුවාට මේ දේ වෙන්න පුළුවන්. (නි)
ලක්ෂ, මොලය හිරි වැටිලද .....ඔහු විසින්ම කරපු ප්‍රකාශ අමතක උනාද.....අහිංසක දරුවා නිවසින් පිටතට ආවේ කොහොමද ??.....මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා.....දැන් මානවහිමිකම් යන්න හදනවා....ඔහුගේ කලින් අපරාද කීපයක පරීක්ෂණ තවම නිරීක්ෂණය වෙනබව අමතක කරන්න එපා ....(රේ)
ඩී.එන්.ඒ තාක්ෂණයක් නොතිබුණු පසුගිය කාලේ උනා නොකළ වරදකට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා .දස වද දීදී පිලිගනින් කියනකොට බේරුමක් නැති නිසා කෙරුවා කියනවා.පෙර වැරැද්දකට කුරුම්බා ගෙඩිය කඩපු මිනිහත් ,ගමේ අවට ඔක්කොටම ඩි එන් ඒම පිහිට තමා.ඔය අදහස් දාපු අයගේ අහල පහල ගමේ අපරාදයක් වුනු දුක් නොවනු.(රේ)
පිවිතුරු යහපාල වගේ අඳ බාලයෝ නම් ගඟේ මුදේ පැනල මැරෙන එකම තමා හොද.තවත් මේ රටට පව් දෙන්නේ නැතුව (රේ)
ඔය සුද්ධ වන්තයෝ වෙගේ කතා කරන අයත් තමනගේෙ ජීවිෙත්දී පොඩි පොඩි හරිනාෙ නොබිනා වැඩ කරල අැති. ඒ් නිසා පෙම් තරුණයට තවත් ගල් ගහන්නෙනැතිව ඔහුව යහපත් පුරවැසියෙකු වශෙයන් සමාජ ගතකරන ඒකයි වග කිව යුත්තන්ගේ යුතුකම.(රේ)
මේ ප්‍රසිද්ධිය හොඳටම ඇති ලබන සැරේ චන්ද ඉල්ලන්න. පැරදිලත් මැතිසබේට එන්න පුළුවනි නම් අයි මෙයාට බැරි?(රේ)
හැම පුවත් පතකම තියෙන්නේ එකම දේ මොකද?මෙතරම් මෙයාව සුද්ද කරන්න හදන්නේ.මේවා දකින අර දරු පැටියාගේ දෙමාපියන්ට ජීවිතේ එපාම වෙලා ඇති.මොකද මේ මාධ්‍ය මේ තරම් මෙයා හොඳ කරන්නේ.නීතිය අද කොහෙද?අපේ රටේ හොඳ මේ දේවල් වලින් පේනවා....(රේ)
මේවගේ අයව මාධ ඉදිරියට ගෙනල්ල සංදර්ශන පෙන්නල කරන්නේ ලොකු වැරද්දක් සාධාරණව බලන්න මෙයාගේ සහෝදරයා නේද මේ අපරාධය කලේ මෙයා ඒගැන දන්නැත්නම් කොහොමඩ් සහෝදරය කියපු විස්තරයම කියන්නේ ගහේ කටු උල්කරන්න ඕනේ නැහැ නේද එහෙම කටුවලට මල් කැකුලු තලන්න දෙන්න බැහැ..(රේ)
ගහන්නත් ඕන පොලිසියට අරන් ගියැන් පස්සේ නිකම් කියන්නෙත් නෑ නේද (බ)
ඔහු විසින්ම කරපු ප්‍රකාශ අමතක වුණාද.සමන් පෙරේරා සෞදි ඔබ වැරදී. ඔහු කිසිවක් ප්‍රකාස කර නැත, අහිංසක දරුවා නිවසින් පිටතට ආවේ කොහොමද ? එක අපි දන්නේ කොහොමද එකට කොණ්ඩයා පලිද? මෙතන මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. ඒ කොණ්ඩයගේ අයිය කොණ්ඩය පටලවීමට උත්සාහ කරපු එක. ඔහුගේ කලින් අපරාද කීපයක පරීක්ෂණ තවම නිරීක්ෂණය වෙන බව අමතක කරන්න එපා. උසාවිය වත් ඒවා මේකට ඈඳන්න උත්සහ කරන්නේ නැහැ අයි ඔබ උත්සහ කරන්නේ? (අ)
මේ නීතිවේදියෝ මේ මනුස්සයා වෙනුවෙන් ඉදිරිපත් වුනු එකට මගේ ආචාරය. නීතිවේදියෝ ගැන දන්නා නිසා මට තිබෙන්නේ පුදුමයක්.(රේ)
රිය අනතුරක් උන වෙලාවක මනුස්සයෙක් මැරුනම රියදුරාට ගහන මෝඩ මිනිස්සු නැද්ද ලංකාවේ .වැරැද්ද කලේ පාරේ ගිය මනුස්සය වෙන්න පුළුවන්.පොලිසියට දිවැස් නෑ නේද ...(රේ)
කෝ මේ අසාඩාරණය පෙන්නන්න බැරි රන්ජා?කොණ්ඩය කෙරුවයි කියල ඇහින් දැක්ක වගේ බොඩිය පුම්බාන් ටීවී එකේ කෑ ගැහැව්වා නේද?දැන් මේ තරුණයට මොකද කියන්නේ එයා?(රේ)
නීතිඥයෝ සල්ලිවලට ඕනම අපරාධකරුවෙක් වෙනුවෙන් පෙනී හිටිනවා..අපරාධ කාරයෙකුට සැරෙන් කතා කරන්නේ නැතුව ඔළුව අතගාලා මහත්තයෝ කියල කථා කරන්නද කියන්නේ සේයා දැරියගේ සිද්ධියට සම්බන්ධ කොණ්ඩයාගේ සහෝදරයා.ඉතින් අපිට එක පාරටම කියන්න බැහැ මේ කොන්ඩයා කියන මනුස්සයත් හොද මිනිහෙක් කියල.අනික මෙයාට පෙර වැරදිත් තියනවා.නීතිඥයන් තමන්ගේ සාක්කුව පුරවා ගන්න ඔනම කුනු ගොඩක් වෙන්ුවෙන් පෙනී හිටනවා කියල සමහර මෝඩ ජනතාව දන්නේ නැහැ.එත් අපි ඒ බව දන්නවා. අහස පොලව නුහුලන අපරාධ කාරයන් වෙනුවෙන් ඔවුන් බේරා ගැනීමට අර අදින මේ නීතිඥයන්ගේ දරැවෙකුට සේයා දැරියට වෙච්ච දේ සිදුධ වුන දවසට මේ අයට තේරෙයි අපි මොකටද මේ අපරාධ කාරයන් නිදොස් කිරීමට දගල්න්නේ ඇයි කියල.අද ලංකාවේ අපරාධ එන්න එන්නම වැඩි වෙනවා.ඒක හේතුව තමයි අපරාධ කරුවන් අපරාධ කරන්නට තියෙන බිය නැතී වීම. ඒහෙම බිය නැති නේන ප්‍රධානම හේතුව තමයි අපරාධ කරැවන් හිතනවා ඔ්නම වරදක් තමන් විසින් සිදුකලොත් තමන් වෙනුවෙන් පෙනී හිටින නීතිඥයන් හා මානව හිමිකම් සංවිධාන ඉදිරියට එනව කියල.ඉතින් ඒ අය දන්නවා ඔවුන් පොලිසියකට ගෙනාවත් ගහන්න බැහැ .ගැවුවොත් ඒ වෙනුවෙන් නීතිඥයන් හා මානව හිමිකම් සංවිධාන කතා කරනවා කියල දන්නවා.ඉතින් අපරාධ එන්න එන්නම වැඩි වෙනවා.ඔවුන්ට අපරාධ කරන්න තියන බිය සැක ඉබේම නැති වී යනවා.ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර වලට සම්බන්ධ අය,මිනී මැරැම් වලට සම්බන්ධ අය වගේ අහස පොලොව නුහුලන අපරාධ කරන එවුන්ට ඇත්ත දැනගන්න නම් ටිකක් සැරෙන් ඉන්න ඕන.එහේම නැතුව සර්.මහත්තයෝ වාඩිවෙන්න,ඔයා මේක කලාද ඇත්ත කියන්න වගේ දේවල් කතා කරල කොහොමද අපරාධකාරයන්ගෙන් ඇත්ත දැන ගන්නේ.කිරි සප්පයන් දූෂණය කරන වයසක අම්මාලා දූෂණය කරන ඒ වගේ තිරිසනුන්ට ජාතක වෙච්ච එවුන්ට ගහන්න නෙමෙයි තියෙන්න ගහල ...., ඔය දේ අපි කිවුවට තේරෙන්නේ නැහැ. (රේ)
මෙතැන තියෙන ප්‍රශ්නේ අපරාධයට සම්බන්දයක් නැති අයට අමානුෂික විදියට පහර දෙන එක .දඩුවම් දෙන්නේ උසාවියෙන් .මෙම නිර්භීත නීතිඥවරුන්ට රටේ ප්‍රණාමය (රේ)
මේ නීතිඥයෝ ටික බොර දියේ මාළු බාන්න ලැහැස්තිවෙලා ලැබන වන්දි වලින් හොද ගානක් කඩාගන්න පුළුවන්නේ (රේ)
ලංකා, ප්‍රශ්නය ඔයා නීතියේ මුලධර්ම නොදැන ගැනීම. සුද්දෝ ලංකාවට නීතිය හඳුන්වල දුන්නට ලංකාවේ සමාජයට එය තේරුම් ගැනීමේ හැකියාව ගැන ඒ තරම් තැකීමක් කලේ නැහැ. මේ සමාජ ජාල දෙක හරි වෙනස්. සුද්දෝ හරි තාර්කිකයි. උන්ගේ සමාජයට හරි ඉක්මනට මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා නීතිමය රාමුව ශක්තිමත්ව පවත්වාගෙන යනවා. නමුත් අපේ සමාජය තර්කනයට ඒ තරම් හුරු නැහැ. ගොඩක් චිත්තවේග වලින් තමයි සිතුවිලි පාලනය වන්නේ. සුද්දෝ තර්කනය සිතුවිලි පාලනයට බහුලව යොදා ගන්නවා. මෙතන තියෙන්නේ නීතියට ගරු කරන සමාජ ජාලයක් අපිට ගොඩ නගා ගැනීමට නොහැකියාව මිස වෙනකක් නෙවෙයි. ඔබ කියන කරණය නම් අපරාධකරුවෙකුට පෙනී නොසිටිය යුතුය යන්නයි. ඔබ කරන ප්‍රකාශය නීතියට අනුව විශාල වරදක්. විනිසුරුවෙකු අපරාධයක් දැක්කොත් ඔහු තවත් සාක්ෂි කරුවෙක් පමණයි. ගල් යුගයේ සිතුම් පැතුම් වෙනස් කරන්න මුල් වෙන්න ඕනා ඉහල දේශපාලකයෝ ත් බහුලව නීති කැඩීම බරපතල ප්‍රශ්නයක්. එකයි අපේ රට තවමත් මේ එක තැන පල් වෙන්නේ. මේ වැරදි ආකල්ප වෙනස් කරන මේ මහත්තුරු කරන ක්‍රියාව වැදගත් වන්නේ මෙන්න මේ නිසයි. (රේ)
දැන් හරි ෂෝක් මෙයට මාර තැන.පුවත් පත් සාකච්චා තියනවා.ටීවී එකේ පෙන්නනවා.වැඩේ කියන්නේ මෙය දැන් ගෙදර ගිය කියල වෙබ් එකකත් දල තිබ්බා.අනේ මේ නිතිවේදියෝ සහ මානව හිමිකම් සන්විධානයි රටකට කරන අපරාදයක්.(රේ)
මෙතරම් සුද්ධ කරන්නේ මේ තරුණයට දීපු දස වද නිසයි .සේයා පවුලේ අයත් මොහුට අනුකම්පා කරනවා .මොකද ඒ අයටත් වෙන්න ගියේ මෙවන් ඉරණමක් පාරට බහින්න බැරි තත්වයක් උදාවෙලා තිබුනේ ඒ පියාගේ ළමා අපචාර නඩුවක් තවම විභාග වෙන නිසා. නියම සැකකරු අසුවී ඇති නිසා නිර්දොසින්ට අපහස නොකරන්න (බ)
අපරාධ කාරයෙකුට සැරෙන් කතා කරන්නේ නැතුව ඔළුව අතගාලා මහත්තයෝ කියල කථා කරන්නද කියන්නේ. කොහොමද දන්නේ එයා අපරදකරයෙක් කියල. නීතිඥය ට කොහ්නේද බලයක් සැකකාරයෙකුට සැරෙන් කතා කොරන්න. සැරෙන් කතා කොරන්න ගිහිල්ල කූඩුවේ ඉඳන් උත්තර දෙන අයගෙන් හොඳට අහගන්න නීතිඥයෝ ඉන්නවා. දැනගන්න ඕනෙනම් බණ්ඩාරනායක නඩුවේ මලලසේකර මහතාගේ උත්ත්රදෙම් කියව බලන්න. (අ)
මොනවද මේ මහත්වරු කරන්නේ? කොන්ඩගේ අතීතය දන්නා සමීපතමයෝ පිරිසක්ද, මේ මාධ්‍ය සංදර්ශන පවත් වන්නේ. අපේ රටේ පොලිසිය වැරදියි කියලද කියන්න හදන්නේ ? උසාවියේදී ඕනෙම කෙනෙකුට අවසර අරන් තමන්ට කියන්න තියෙන දෙයක් මහේස්ත්‍රාත් තුමාට කියා හිටින්න පුළුවන්. පෙරකදෝරු මහත්වරුන් අවශ්‍ය නැහැ. දැන් ඔය මනුස්සය ඔහොම කියනවා. මොන කරුමෙකට හරි ඩී එන් ඒ වාර්තාව නොගැලපුනා. ඒකයි වෙච්ච වැරැද්ද. මොනවා උනත් තමුන් මෙම වරද කලානම් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන එක නවත්වන්න ඔය වටේට ඉන්න මහත්වරුන්ටවත් බැරිවෙයි. . (අ)
අපිට එක පාරටම කියන්න බැහැ මේ කොන්ඩයා කියන මනුස්සයත් හොද මිනිහෙක් කියල. අපට කියන්න ඕනෙත් නැහැ.(අ)
නීතිඥයන්ගේ දරුවෙකුට සේයා දැරියට වෙච්ච දේ සිදු වුන දවසට මේ අයට තේරෙයි. ඉතින් එ්කට වැරදි නොකරපු කෙනෙකුට දඬුවම් දීල හරියන වද? ඔබට තේරෙයි ඔබව නිසකරණයේ වැරැද්දකට අසු වුන දවසක. (අ)
පෙර වැරදි තිබුණා කියල නොකරපු දෙයටත් දඩුවම් ගැන කියන මොනවද මේ ගොඩ පෙරකදොරුවන්ගේ බහු බුතකතා?මේ කලින් කතා පොලිසිය කියපුව ඒවා අහල නිල නොලත් පෙරකදොරුවරු සැකකරු දඩුවම් තීන්දු කරලත් ඉවරයි.ජේලර් වරුන්ගෙන් අහල බලන්න නොකරපු වරදට දඩුවම් ලබපු, ලබන දිලිදු මිනිස්සු ගැන.මන් දන්නා නොකළ වරදකට අවුරුදු 7 රිමාන්ඩ් ඉදල අවා.ඔහුගේ පවුලේ අයට ඉහල උසාවි වලින් ඇප ගන්න සල්ලි තියා එදා වෙල හොයා ගන්නේ අමාරුවෙන් (අ)
අවුලක් නැහැ ශානිකා..හෙට අනිද්දා ගෙවල් වලට පැනල මහා දවල් දැරිවියෝ පැහර ගනීවි.ඩි එන් ඒ වලින් බේරෙන හැටිත් දැන් කට්ටිය කියල දීලනේ තියෙන්නේ..ආයේ මැටි බුරුවෙක් මිසක් ඔය පරික්ෂනේන්නම් අල්ලන්න බැරි වේවි...මේ කාක්කෝ පොරකකා අපරාධකරුවන්ගේ මානව හිමිකම් රකිවී.පොලිසිය ඇග බේරාගෙන පැත්තකට වේවි..අපිට වෙන්නේ අඹු දරුවෝ එක්ක ගගේ මුදේ පැනල මැරෙන්න තමයි..එ්ක අතකට ඉතින් මෙයාල මහින්ද මහත්තයව එලෙව්වනේ.. ඒ හින්ද කමක් නැහැ..ඕව විද දරා ගමු..(අ)
ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර වලට සම්බන්ධ අය,මිනී මැරැම් වලට සම්බන්ධ අය වගේ අහස පොලොව නුහුලන අපරාධ කරන එවුන්ට ඇත්ත දැනගන්න නම් ටිකක් සැරෙන් ඉන්න ඕන. කොහෙන්ද ඕව ඉගෙන ගත්තේ. අනේ පුෂ්ප දන්නා දෙයක් කතා කොරන්න. (අ)
ලංකා ගෙන් අහන්නේ. දුනේෂ්ට ළමාවියේ සිට මේ දක්වා සිදුවී ඇති පාහරකම් වලට වන්දි ගෙවන්නේ කවුද? (අ)
කොණ්ඩය කරපු ප්‍රකාශය පුවත් පත් වල දල තිබුන ඒ ප්‍රකාශයේ ඇතැම් දේවල් පුවත් පත් වල ලියන්ඩ බැරි තරම් අශික්කිත ඒවා බව කියා තිබුන එහෙනම් මේ කතාව පොලිසියෙන් ගෙතුව නම් ඒ පොලිස් මහතාගේ මානසිකත්වය ගැන අපිට තියෙන්නේ කලකිරීමක් නිතිය සාමය ආරක්ෂා කරන්නේ මේ වගේ මහත්වරු ද කියා හිතෙනවා(අ)
යහපාලට ඉතින් බඩ බුරුලට ගියත් මතක් වෙන්නේ මහින්ද හිටියනම් මෙහෙම වෙන්නේ නෑ කියල. (අ)
මෙන්න නියමකතාවක් 'මොන කරුමෙකට හරි ඩී එන් ඒ වාර්තාව නොගැලපුනා. ඒකයි වෙච්ච වැරැද්ද.' කරුමෙකට නොවයි මේ මිනිහ වරදට සම්බන්ද නැති නිසයි ගැලපුනේ නැත්තේ. අජිත් තාම නොදියුණු මනසක ඉන්න කෙනෙක්. (අ)
ඩි.එන්.ඒ ගැලපීම කරුමෙට හෝ,වාසනාවට වෙනස් වෙන දෙයක් නොවයි .ඒකනේ නියම පුද්ගලයා අහුවුණේ.ඔහු මුලින්ම පොලිසියේ කනින් රිංගුවා. (අ)
අපේ ජනධිපති මෛත්‍රීපලගේ සහෝදරයා වැලි රාජු කරපු වැරදි වලට ජනාධිපතිට දඩුවම් කලාද? (රේ)
මමනම් කියන්නේ කව්රු හරි ළමා අපචාරයකට හරි කාන්ත දුෂණයකට හරි සම්බන්ධයි කියල ඔප්පු උනොත් ඔහුව සමාජයෙන්ම ඉවත් කලයුතුයි .....(රේ).
පවු අහිංසක මිනිසෙක් ඔහු! (නි)
මෙයාගේ පිට වැරදි පටවද්දී, සමහර ගම්පහ පැත්තේ දේශපාලකයින් බලාහිටියා වගේ විස්තර කියද්දී කවුරුත් මෙයාගේ පැත්තට සාධාරණයක් කළාද? (නි)
ඕනෑතරම් පොලීසියෙන් ගුටිකන්නේ නැති බැරි එකාම තමයි. මෙරටේ වැඩිපුරම අපරාධ, ස්ත්‍රී දුෂණ, වංචා කරලා තියෙන්නේ කවුද? ඔය ඉහළ උසස් කියන පුද්ගලයන් නේද? මොවුන් ළඟට කිට්ටු වෙන්නත් පොලීසියට ඉඩක් නැහැ. මේවට මුල සමාජයේ තිබෙන සමානකම,නීතියේ තිබෙන අසමානකම සහ අනෙකුත් සමාජ ප්‍රශ්න ගොන්නක එකතුවක්. උඩින් පල්ලෙන් මොකක් හෝ කියවලා තීරණ ගන්න බැහැ. මුළු මහත් සමාජයටම පරිවර්තනයක් අවශ්‍යයි. මුං වපුරා තල වේළන්න බැහැ කියලා තිබෙනවා (නි)
සරත්, හදවතේ කොණකවත් කරුණාවක් කියලා දෙයක් නැද්ද? ඔබට මේ සිදුවීම සිද්ධවුණා නම්? (නි)
එහෙම හරි කවුරුවත් උදව් නොකළානම් පොලිසිය කරන මේ වගේ වැඩ අපි දැනගන්නේ කොහොමද? පොලිසිය බලන්නේ කාටහරි වරද පටවලා එයාලගේ පරීක්ෂණ සාර්ථක වුණා කියා ලකුණු දාගන්න. මේ වගේ හෙළිනොවුණු සිද්ධි තව කොච්චර ඇත්ද ? (බ)
පුෂ්පගේ කතාව ඔය කවුරුත් නැවත කියෙව්වොත් හොඳයි. කළයුත්තේ පොලිසියේ පර්යේෂණ හැකියාව දියුණු කිරීමයි (නි)
කොහොමින් කොහොමින් හරි මෙයා සමාජයේ බොහොම ජනප්‍රිය චරිතයක් වුණා (නි)
මෙයා හොඳ මිනිහෙක් විදියට ඒ සමාජයේ හිටියා නම් මෙයා ගැන සැක හිතනවද? මෙයා වැරදි කළ කෙනෙක් නිසා තමයි මෙයාව සැකකරන්නේ. දැන් මේකේ ඉන්න සමහර අය මේ වගේ අය වීරයෝ කරන්න හදන්නේ මෙයා හරියට හතර පෝයට සිල්ගත්ත සිහිනෙන්වත් පව් නොකළ ශික්ෂාකාමී දස සිල් උපාසකයෙක් වගේනේ. (නි)
පවු! අවසානයේදී ඔහුට ඔහුගේ ප්‍රේමයත් අහිමිවුණා (නි)
බමුණුගේ බමුණු පැනයට නිසි පිළිතුරක් පිවිතුරු යහපලගේ අදහස් දැක්මෙහි මුල කොටසෙහි තිබෙනවා. ඒකම තමයි ඔබට මටත් කියන්න තියෙන්නේ. ඔය කියන පුද්ගලයාගේ මව ඔහු පිළිබඳව පුවත්පත්වලට කියා තිබුණු ප්‍රකාශයන් හොඳින් කියවන්න. ඒ සමඟම මීට ඉහළින් තිබෙන අජිත් මහතාගේ අදහසත් බලන්න. (නි)
මේ නීතිවේදියෝ මේ මනුස්සයා වෙනුවෙන් ඉදිරිපත් වුනු එකට මගේ ආචාරය (බ)