IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


මට ආදරේ අයට මමත් ආදරෙයි

2016-10-15-ent-09

 

මනීෂා චංචලා දුනුකාර මේ සුන්දර රුවැත්තියගෙ සම්පූර්ණ නමයි. වැඩි දෙනා ඇය අමතන්නෙ මනීෂා නමින්. නමුත් අද ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ ‘‘සිඳු’’ නාට්‍යයේ ‘‘තෙරුණි’’ නමිනි. සිඳුගේ අක්කා ලෙස සිඳු නරඹන බොහෝ දෙනා අතර ජනප‍්‍රියව සිටින මේ මනීෂා කවුද? සමන් එදිරිමුණිගේ කතාවකට අනුව ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයෙන් තිළිණ බොරලැස්සගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘දෙරණ’’ ගෙන එන සිඳු හැඩ කරන මනීෂා එක්ක අපි කතාබහක යෙදෙමු.

 

මනීෂා චංචලා දුනුකාර ඒ හැර තවත් නම් තිබෙනවා ද?

2016-10-15-ent-08හැමෝම කතා කරන්නෙ මනීෂා කියලා. වෙන නම් නැහැ.

 

දැන් වයස?

අවුරුදු 20යි.

 

කියමුද පාසල, ගම ගැන එහෙම විස්තර?

ගම නුවර. මුලින්ම පාසල් ගියේ මහනුවර ස්වර්ණමාලි බාලිකාවට. සාමාන්‍ය පෙළින් පසුව කොළඹ ශාන්ත ලෝරන්ස් කොන්වන්ට් එකට ගියේ.

 

මොන වගේ විෂයන්ට ද ප‍්‍රිය කළේ?

සංගීතය ජීවිතයට බෙහෙවින් සමීප වුණා. ඒ අංශයෙන් යන අතරේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයටත් ආසයි. දැන් ඒ ගැන හදාරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.

 

මනීෂා කරළියට ආවේ?

හත වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේදී කඳුරට ගුවන් විදුලියට ළමා නිවේදිකාවක ලෙස එක්වෙන්න ලැබුණා. ඒත් එක්කම දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් 2 එකට මගේ පුංචි අම්මා අයදුම්පතක් යොමු කරලා තිබුණා. සංගීත ජීවිතයට වඩාත් නැඹුරු වුණේ එතැනින්. එදා ලිට්ල් ස්ටාර් අවසාන වටයේදී මට ලැබුණෙ හතරවැනි තැන. පසුව චැම්පියන් ස්ටාර් වැඩසටහනට එක්වීමට ලැබුණා.

 

රඟපෑමට ආවේ?

රඟපෑමට පෙර වී. සිවදාසන් සර්ගෙ දරුවනේ චිත‍්‍රපටයේ ‘‘දේදුන්නේ පාට අරන්’’ ගීතය ගැයීමට ඉඩ ලැබුණා. ඉන්පසුව ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘‘සිංහයා’’ චිත‍්‍රපටයේ ගීතයක් ගැයීමටත් අවස්ථාව ලැබුණා. ‘‘සඳ නැගී’’ ඒ ගීතයයි. ඉන්පසුවත් සිවදාසන් සර්ගෙ ‘‘පාටක් නැති ආදරයක්’’ වෙනුවෙනුත් ගීයක් ගැයුවා. රඟපෑමට මුලින්ම අවස්ථාවක් ලැබුණෙ ජානක සිරිවර්ධන අධ්‍යක්‍ෂණය කළ ‘‘වස්සාන සිහිනය’’ ටෙලි නිර්මාණයෙන්. එහි මනුෂා නමැති චරිතය රඟපෑවා.

 

මනීෂා - මනුෂා වෙලා ඊළඟට මොනවද කළේ?

ඉන්පසු ටික කාලයක් රඟ නොපා හිටියා. A/L ඉවර වෙලා සිටියදී තමයි සිඳු (මලී-3) වෙනුවෙන් මාව තෝර ගත්තේ. ඒ වෙනුවෙන් මා ගැන මුලින්ම කියලා තිබුණෙ දෙරණ ප‍්‍රධානි ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා. පසුව ප‍්‍රදීප් මානවඩුගෙ සහය අධ්‍යක්‍ෂතුමා තිළිණ බොරලැස්ස අධ්‍යක්‍ෂකට හඳුන්වා දුන්නා. මනීෂා වූ මට රඟපෑමේදී මනුෂා වෙලා පසුව තෙරුණි වුණෙත් ඒ විදියටයි.

 

‘‘තෙරුණි සහ මනීෂා’’ සැසඳුවොත්?

තෙරුණිගෙ සමහර ගතිගුණ මනීෂාගෙ ගතිගුණම තමයි. ටිකක් තරහා යන ඒ වගේම බොහෝම සංවේදී කෙනෙක්. මාව විශ්වාස කරන අයට වගේම ළඟින් ඉඳන් මට ආදරය කරන අයට මාත් ගොඩාක් ආදරෙයි. තෙරුණි එංගලන්තයේ හැදුණු කෙනෙක්. නමුත් දේශීයත්වයට සමීප චරිතයක්. මාත් ලංකාවේ සංස්කෘතියට අනුව ජීවත් වන තරුණියක්.

 

පවුලේ විස්තර?

අම්මා - අප්පච්චි, අක්කලා දෙන්නා සහ මම.

 

අක්කලාත් කලාවට සම්බන්ධද?

ලොකු අක්කා විවාහ වෙලා. දෙවැනි අක්කාත් ළඟදීම විවාහ වේවි.

 

එතකොට ඔබ?

මා ඉතින් ඒ ඔක්කෝගෙම හුරතලා. ආදරය ගොඩාක් ලැබෙන මට ආදරය කරන අයට මාත් ගොඩාක් ආදරය කරන චරිතයක්.

 

දවස ගෙවන්නෙ කොහොමද?

නිදහසේ ඉන්න කැමති චරිතයක්. ඒත් ඒ නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගන්න කැමැති නැහැ.

 

තෙරුණි විදියට සංවේදී වූ අවස්ථා තියෙනවා ද?

තෙරුණිට දෙබසක් කියන්න තිබුණා.

‘‘අම්මයි මල්ලියි නැතුව අපි දෙන්නා විතරක් ආරක්ෂා වෙලා වැඩක් නැහැ’’ කියලා ඒ දෙබස මාව බොහෝම සංවේදී කළා.

 

හේතුව?

පුද්ගලික ජීවිතේ ගත්තොත් මාත් ගෙදර අයට ගොඩාක් ආදරය කරන කෙනෙක්.

 

දැන් රැකියාවකුත් කරනවා නේද?

දෙරණ ලිට්ල් ස්ටාර් සහ චැම්පියන් ස්ටාර් පුහුණු වන සහාය නිෂ්පාදිකාව ලෙස කටයුතු කරනවා.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-10-15-ent-10
2016-10-15-ent-07
2016-10-15-ent-06
2016-10-15-ent-04
2016-10-15-ent-05



අදහස් (0)

මට ආදරේ අයට මමත් ආදරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site