IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මඤ්ඤොක්කා සොරා සෙරෙප්පුවෙන් අසු වේ

බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ මඤ්ඤොක්කා ගලවාගෙන ගිය සොරෙකු ග්‍රේරෝ නම් පොලිස් සුනඛයාගේ ඉවෙන් අල්ලා ගැනිමට බණ්ඩාරගම පොලිසිය සමත් වුහ.

හේනේ තිබු සෙරප්පුවක් ඉව කිරීමෙන් පසු  ග්‍රේරෝ සොරා සොයා ගියේය.



අදහස් (0)

මඤ්ඤොක්කා සොරා සෙරෙප්පුවෙන් අසු වේ

කාන්ති Monday, 05 August 2013 09:42 AM

බඩගින්න නිසා කළ පුංචි සොරකමක් වෙන්න ඇති. (නි)

:       0       0

රුවන් Sunday, 04 August 2013 11:25 PM

අනේ ඔය වගේ පොඩි හොරකමකට ග්‍රේරෝව යවන්න එපා. මීට වඩා ලොකු හොරකම්, දුෂණ නැද්ද මේ රටේ? (නි)

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 03:39 PM

බණ්ඩාරගම වල්ගම මීට වඩා හොද හොරු නිදැල්ලේ ඉන්නවා (නි)

:       0       0

මාටින් Monday, 05 August 2013 10:40 AM

කවුද මේ බල්ලව මේ වැඩේට දාලා තියෙන්නේ? (නි)

:       0       0

සරත් Monday, 05 August 2013 10:42 AM

මඤ්ඤොක්කා හොරු අල්ලන්න පොලිස් බල්ලෝ මෙහෙයවන්න පොලිස් නිලධාරීන් හිටියට ඔය රටේ අතුරුදහන් වෙන මිනිස්සු පාරේ මරලා දාන උදවිය අල්ලන්න ලංකාවේ ඔය කියන එක බල්ලෙක්වත් නැහැ. රටේ මිනිස්සු බල්ලෝ වගේ මරල දාද්දි රටේ නීතිය මඤ්ඤොක්කා හොරු අල්ලනවා. (නි)

:       0       0

මාටින් Monday, 05 August 2013 10:49 AM

බණ්ඩාරගම පොලිසියේ මහත්තුරුත් අති දැවැන්ත වැඩක් නේ කරලා තියෙන්නේ. අර පොල් ගෙඩි 4 ට හිරේ දැම්ම කතාවට දෙවෙනි නැහැ මේකත් (නි)

:       0       0

චන්දි Monday, 05 August 2013 12:46 AM

අයියෝ!!මඤ්ඤොක්කා අලේටත් පොලිස් බල්ලෝ ගෙනැල්ලද?ෂා... මරුනේ !!! ඔන්න දැන්නම් පොඩි පොඩි හොරු අඩු වෙයි. එහෙත්,ලොකු හොරු?? (නි)

:       0       0

මානවී Monday, 05 August 2013 01:00 AM

බඩගින්නට කන්නට දෙයක් සොරකම් කළ මිනිසා අල්ලන්න පොලිස් බල්ලා දාලා.මහා පරිමාණ හොරු අල්ලන්න කිසිම සතෙක් නැහැ .මේක තමා( අ)මුතු ඇටේ නම් රටේ හැටි.අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

අනිල් Monday, 05 August 2013 11:00 AM

රටේ තිබෙන ආර්ථිකය ජීවත් වන්න අමාරු නිසා හොරෙන් මඤ්ඤොක්කා කන එක සාධාරණයි (නි)

:       0       0

අනිල් Monday, 05 August 2013 11:00 AM

රට තිබන අර්ටික ය හමුවේ ජිවත් වෙන්න අමාරුයි

:       0       0

අනිල් Monday, 05 August 2013 11:00 AM

රටේ තිබන අර්ටිකයෙන් ජිවත් වන්න අමාරු නිසා හොරන් මඤ්ඤොක්කා කන එකසාධාරණයි

:       0       0

ස්ටැන්ලි Monday, 05 August 2013 11:03 AM

උසස්වීමක් දියයුතුයි.

:       0       0

මැණික් Monday, 05 August 2013 02:00 AM

ඔය කියන සුනඛයාට බැයිද රටේ ඉන්න මත් කුඩු ජාවාරම්කාරයන්ව අල්ලන්න? (නි)

:       0       0

දම් Monday, 05 August 2013 02:25 AM

ඇයි මේ බල්ලා වැලිවේරියට යවන්නේ නැත්තේ? (නි)

:       0       0

බණ්ඩාර Monday, 05 August 2013 11:42 AM

අර ග්‍රේරෝලගේ නෑදෑයෝද? (නි)

:       0       0

අශෝක Monday, 05 August 2013 11:44 AM

මේ සේරම දේ කරන්නේ අහිංසක මිනිස්සුන්ට නේද ? (නි)

:       0       0

ධනුෂ්ක Monday, 05 August 2013 11:49 AM

මේක සුනඛයට කරපු අසාධාරනයක්. (නි)

:       0       0

උපාලි Monday, 05 August 2013 05:01 AM

ඒ වගේ වැදගත් සුනඛ නිලධාරියෙකුගෙන් ගන්න කෝටියක් වටිනා වැඩ තියෙනවා කියලයි මං නම් හිතන්නේ. (නි)

:       0       0

ගිම්හානි Monday, 05 August 2013 11:57 AM

රටේ මේ තරම් අපරාධ වෙද්දී මඤ්ඤොක්කා හොරු අල්ලන්න බල්ලෝ දානවද?මේවට කියන්න වචන නැහැ (නි)

:       0       0

ලලිත් Monday, 05 August 2013 06:03 AM

ඔයිට වඩා ලොකු හොර කම් වෙනවා ආයුබෝවන්

:       0       0

ලියනගේ Monday, 05 August 2013 06:31 AM

මිනිස්සුන්ට එදා වේල හොයා ගන්න එකත් ප්‍රශ්නයක් වෙලා.බඩගින්නට ගලෝගන්න ඇති අනේ. අරහේ කුඩු ගේන ලෝක හොරු නිදැල්ලේ. (නි)

:       0       0

රන්ජිත් Monday, 05 August 2013 07:05 AM

දැන් පොලිස් බල්ලනටත් 'බල්ලා මාර්ක්' කරන්න වගෙයි යන්නේ (නි)

:       0       0

කමල් Monday, 05 August 2013 12:37 PM

බල්ලට ති‍බෙන ඉව පොලීසියට තිබෙනවා නම්... (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 05 August 2013 07:09 AM

මඤ්ඤොක්කා කොටුව කාගේ හරි ලොකු එක්කෙනෙක්ගේ වෙන්න ඇති (නි)

:       0       0

රූපා Monday, 05 August 2013 07:40 AM

පොලිස් බල්ලෝ මඤ්ඤොක්කා හොරු අල්ලන්න? වීර මෙහෙයුමක් නේ? කුඩු,අපරාධ, මහා පරිමාණ හොරු නැද්ද අල්ලන්නේ. (නි)

:       0       0

බන්දුල Sunday, 04 August 2013 09:39 PM

මේ රටේ වෙන අපරාධ වෙන්නේ නැද්ද මේ පොලිස් බල්ලෝ මඤ්ඤොක්කා හොරු අල්ලන්න දාන්නේ (නි)

:       0       0

වසා Monday, 05 August 2013 05:47 PM

මෙවෙනි විහිළු අපේ පොලිසියත් කරනවා ඒවා මාද්‍යයෙන් උලුප්පා පෙන්වා විහිළුව ඩබල් කරනවා.

:       0       0

අචිනි Monday, 05 August 2013 01:24 PM

කාගේ හරි ලොක්කෙක්ගේ වත්තක් වෙන්න ඇති. ඒකයි පොලිසිය ඔච්චර උනන්දු (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 04 August 2013 09:52 PM

මඤ්ඤොක්කා හොරා අල්ලන්නත් පොලිස් සුනඛයෝ යොදාගෙන වීර මෙහෙයුමක් කරලා. ඒත් කටුගෙයි සොරා අල්ලගන්න මොනතරම් නම් කරදර වුණාද? (නි)

:       0       0

ජානක Monday, 05 August 2013 08:02 AM

මේකත් ලොකු හොරකමක් තමා. විශාල මහන්සියක් දරලා හේනක් හදලා, ඒකට බෙහෙත් පෝර දාලා, වල් නෙලලා, වතුර දාලා, මහා පරිමාණ වගාවකින් අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නකොට වැඩක් නොකර අනුන්ගේ මහන්සිය සොරකම් කරන පල් හොරෙක් ඒ අස්වැන්න අරන් යන එක විශාල හොරකමක්. පොලිස් බල්ලො දාලා හරි අල්ලපු එක හොඳයි. (නි)

:       0       0

විමල් Monday, 05 August 2013 08:06 AM

දුප්පතා මඤ්‍‍‍ඤොක්කා හොරකම් කළ ඒවා ඇල්ලුවාට මහා පරිමාණ වංචා අහුවෙන්නෙම නැති හැටි? (නි)

:       0       0

වරුණ Monday, 05 August 2013 08:28 AM

බල්ලාගේ නමයි අර අහවලාගේ නමයි ටිකක් ළගින් යනවා වගේ නේද? (නි)

:       0       0

උපුල් Sunday, 04 August 2013 10:12 PM

අයියෝ! බල්ලන් දානවද මඤ්ඤොක්කා හොරු අල්ලන්න? (නි)

:       0       0

උපුල් Sunday, 04 August 2013 10:15 PM

මිනීමරන උන් හොයන්න බැරි අය බල්ලන් දානවද හොරු අල්ලන නොදෝමකින් ,,,,,(අ)

:       0       0

රත්න Monday, 05 August 2013 02:06 PM

පත්තරේ දැම්මම ග්‍රේරෝට ලේජ්ජ හිතිලා ඇති. පවු අහිංසකයා (නි)

:       0       0

හේමන්ත Sunday, 04 August 2013 10:34 PM

ඔය වගෙ දෙයක් නම් කරයි. හැබැයි මඤ්ඤොක්කා හොරු තමා අල්ලන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site