ගුවන් යානයෙන් පැන අඩි 10000 ක ඉහළ අහසේ සිට පැරෂුටයක් දිග නොහැර ජාතික කොඩිය රැගෙන ගුවනේ සිට කරනම් ගසමින් අභිමානවත් වාර්තාවක් තැබීමට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සුජිත් සිරංජීව සමත් විය.
අම්පාරේදී ඔහු 1131 වැනි පැරෂුට් පිම්මේදී එම වාර්තාව පිහිටවීය.
අඩි 10000 ක ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් පැන පැයට සැතපුම් 140 ක වේගයෙන් පහළට පැමිණ තත්පර 42 ක කාලයක් පුරා ජාතික කොඩිය ඔසවාගෙන සිටීමෙන් මේජර් සුජිත් සිරංජීව මෙම වාර්තාව තැබුවේය.ආරක්ෂා සහිතව පොළවට ගොඩබැසීමට ඔහු පැරෂූටය දිගහැරියේ අඩි 3000 සීමාවේදීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බර හිතෙනවා ..මගෙත් ආසාවක් තියේ පැරිශුටයෙන් පැනීමට ..එය ඇත්තටම ලොකු අද්දැකීමක් වේවි ..! (අ)
සමහර රටවල චිත්‍රපටි වල විතරයි මේ වගේ දේවල් තියෙන්නේ. අපේ කොල්ලෝ හැබෑ වීරයෝ. යුද්ධය වෙලාවේ ඒ බව ලෝකයම දැක්කා. (නි)
සිංහයන් කොටුකර නරි උඩපනින කාලයක ඔබේ පිම්ම හිතට පොඩි සවියක් (නි)
සොයුර, ඔබට ජාතියේ උපහාරය! (නි)
මේක අවදානම් වැඩක්. (නි)
රූපවතී, ආශාව තිබුණාට වැඩක් නැහැ.ඒ සඳහා මනා පුහුණුවක්,කැපවීමක් සහ ධෛර්යක් තිබෙන්නට ඕනෑ මෙහෙම වීරකම් කරන්නට. (නි)
අපේ කාලයේ සැබෑ වීරයෙක්. මම හිතන්නේ අපේ කොමාන්ඩෝ භටයෝ බොහෝ දෙනෙක් පැරසුට් පැනීමට සුදුසුකම් ලබලා තියෙනවා. (ර)
දෙවන ලෝක යුද්ධයේදී පැරෂුට් හමුදා සේනාංක පිටින් ගුවනින් පන්නවා සතුරු හමුදා යටත් කල සැටි අපේ කාලයේ තිබු චිත්‍රපට වල තිබුනා. අපේ කොල්ලෝ ඒවා දැන් කරන කොට නාකි අපිට හරි සන්තෝසයි... (ර)
හැබෑම දක්ෂයෙක් (නි)
ඒක හොද වැඩක්. (ර)
සැබෑ දක්ෂයෝ. (ර)
ඔබට ජය! (නි)
සුපිරි වීරයෙක් (නි)
ඔබේ හැකියාවට ජාතියේ ප්‍රණාමය ඔබට ජය (අ)
වැඩේ හොඳයි. නියමයි (නි)
රටට ජාතියට ආදරය කරන නුඹලා වගේ කොල්ලෝ නිසා සිංහල ජාතියත්, බුදු දහමත් තවත් අවුරුදු දෙදාස් පන්සීයක් පවතිනවා ඒකාන්තයි ...! (නි)
ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් කරපු හපන්කමක්. (ර)
ඔබ වැනි අය රටට ආඩම්බරයක්. (ර)
සුබපැතුම්! අපේ වීර හමුදාව ලොව ජයගෙන හමාරයි කොයි රටේද මෙවැනි හමුදාවක් ඉන්නේ අපට සතුටක් මෙන්ම ආඩම්බරයක් දැනෙනවා. (ර)
හෙට එක්කෝ ලකුණු දාගන්න සම්මාන දෙවි... (ර)
මට නම් මේක පුදුම හතෙන් එකක් වගේ. සුබ පතමි! (නි)
ඕව ජනපතිට, අගමැතිට, ඇමතිලට එහෙම දැන ගන්න තියන්න එපා. රටට ජාතියට ආදරේ මිනුස්සු දැක්ක ගමන් හිරේ දානවා. (අ)
අපේ කාලයේ සැබෑ වීරයෙක් (නි)
හරිම නිර්භීත ක්‍රියාවක්.ආඩම්බරයි සොයුර. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
හරිම ලස්සනයි. (ර)
මම ආචාරය පුද කරනවා ඔහුට. (ර)
මාගේ හදවතින්ම සුභපතනවා ඔබට... ඔබ සැබෑම වීරයෙක්, ආඩම්බරයක් ඔබ. (ර)
සුද්දන්ගෙන් සමන්විත අධිකරණය පිහිටවූ ගමන් අපේ වීර සෙබළුන්ට කාගේ පිහිටද ? (අ)