හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය වල්ලේමුලන නිවස සමීපයේ ඔහුගේ සමීප ඥාතියකුගේ ඉඩමක බැකෝවකින් ලොකු වළක් හාරා ඇති බවත්, තවත් වළක් හෑරීම ඇරැඹූ බවත් පොලිස් ආරංචි කියයි.
අක්කර තුන්කාලක් පමණ විශාල වූ මෙම ඉඩමේ පොල් වගාවක් ද ඇත.
මෑතදී ඉඩම එළිපෙහෙළි කර ඇති ලකුණු ද පෙනේ.
මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය අධිකරණයෙන් ගත් අවසරයක් මත බැකෝ මගින් හාරා පිරික්සන බව පොලිස් ආරංචි පවසයි.
මේජර් නෙවිල් එහි නැති නමුත් ඔහුගේ නැන්දනිය බව කියන කාන්තාවක් එහි සිටින බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන මහගෙදර පිහිටියේ පල්ලේමුලන සිට කිලෝමීටර දෙකක් ඈතිනි.
පල්ලේමුලන අත්තනයාලේ මේජර්ගේ නිවස ආසන්නයේ ඔහුගේ ඥාතියකුගේ ඉඩමක් බැකෝ යන්ත්‍ර මගින් හෑරීම අද උදේ 10ට ඇරැඹිණි.
පස්වරු 3.30 වන විට වළවල් දෙකක් කපා තිබිණි.
ඒ වන විට කිසිත් හමු නොවූ බව පොලිස් ආරංචි පවසයි.
පස්වරු 6 වන විට වළවල් දෙකක් හරා වසා දැමූ බවත්, එම වළවල්වල තිබුණේ මොනවාද යන්න හා ඒවා හෑරීමට හේතුව ගැන පොලිසිය හෝ එෆ්සීඅයිඩිය නිල ප්‍රකාශයක් නොකළ බවත් වාර්තා වේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැකෝ වලට ඩිපෙන්ඩර් වලට ඩීසල් සල්ලි අපෙන්. ඒ මදිවට තුවක්කුත් අමෝරාගෙන (නි)
එතකොට බටලන්ද (නි)
අයියෝ මෙහෙමත් දේවල්! (නි)
මට නම් උදේ කන්තෝරුවට ඇවිල්ලා පත්තරේ මේ කොටස බලනකොට හිනාව නවත්වාගන්න බැරිවුණා. මගේ ළඟ ඉන්න කෙනා ඇහුවා මොකද කියලා. මම කිව්වා නැහැ මොකුත් නැහැ කියලා. කොහොම කියන්නද මේවා? (නි)
අපිට නම් මේවා තනිකර මාධ්‍ය සංදර්ශන .... (නි)
මේවට බනින්න එපා දැන් හිටවන්න අල බතල ටිකක් ඉතින් කාටද වාසිය. (ර)
මහින්ද හිටියට යුද්ධ කර කර පාරවල් හද හදා හිටියා මිස වළක්වත් හෑරුවද? (නි)
නියම යහපාලනය! (නි)
දැනට අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය මේක තමා (නි)
තෙල් මිල වගේ දේවල් ජනතාව කතාකරන නිසා, ඒවා හංගන්න තමයි මේ ජවනිකා පෙන්වන්නේ. එතකොට හැමෝම මේවට අදහස් දදා ඉන්නවා. යහපාලනේ දිනනවා. මේවා බලන අපි පරදිනවා (නි)
මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ.(හේ)
තුන්වෙනි වළත් හාරයිද? (නි)
මොකටද වලවල් හාරන්නේ.(හේ)
අර ඒ එස් පි පිහිනුම් තටාකේ වැලිටික අයින්කර ගත්ත වගේ. මෙයාටත් වත්තේ වගාවක් වත් දා ගන්න ඕනේ වෙලා මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයට ලණාවක් දිලා වගේ (හේ)
ඔතන නෙමෙයි හැංගුවේ. අන්න අර අපේ ඉඩමේ. හරියටම අපි අලුත් ළිඳ කපන්න හිතාගෙන ඉන්න තැන. (නි)
හිනා කල මැරෙන විහිළු අනේ මේවා . පිස්සුද අප්පා මේ වගේ විහිළු වැඩ කරන්න. රන් රිදී මුතු මැණික් හොයන්න මේ වගේ විකාර වැඩ කරලා ලොවම හිනස්සන්නේ ඇයි කියලා තේරෙන්නේ නැ. අපේ ගෙදරත් වැසිකිලි වල කපන්න ඕන වුනාම මහින්දගේ රත්තරන් අපේ වත්තේ හංගලා තියනවා කියලා කිව්වනම් හරි වගේ.(හේ)
කාටද මේ විහිලු සපයන්නේ? යහපාලනයක් සඳහා යම් මධ්‍යස්ථ මතදාරී පිරිසක් සිය ඡන්දය ලබාදුන්නේ මේ රටේ මහින්ද මහත්තයාගෙන් නොවුණු පරිවර්තනයක් දැකගන්න මිසක් වළවල් හාර හාරා පාලන කාලය පුරා හොරු අල්ලන්න නෙමෙයි. හොරු අල්ලනවට කවුරුත් විරුද්ධ නැහැ. නමුත් ඒක යහපාලනයට පක්ෂ අයට එක ආකාරයටත් විපක්ෂ අයට තව ආකාරයටත් විදියට දේශපාලන පළිගැනීම් ස්වරූපයෙන් කරන එකට කාටවත් එකඟ වෙන්න බැහැ. (නි)
මුළු රටටම වල කපන්නයි හදන්නේ.(හේ)
මොකක්ද මේ සිද්ධ වෙන්න යන්නේ? (හේ)
රට පුරාම නොමිලයේ ළිං නම් කපාගන්න පුළුවන් (නි)
මම ඉන්නේ පිටරටක. මගේ පිනට. මම දන්නවා මහින්ද මහත්තයා යනකොට රටට මේ දේ වෙනවා කියලා. අපි රස්සාව කොළඹ කරනකොට හැමදාම බෝම්බ හඬ. බයටම රට ගියා. (නි)
කෑ ගහන්න එපා. කොහොමද නිකන් හරි කළුගලක් කැඩිලා වතුර ටිකක් හරි ගැලුවොත් පළාතටම ජලය දෙන්න පුළුවන්. ඉතින් හාරපුදෙන් (නි)
යහපාලනය අපේ රටේ සංවර්ධනය පටන් අරන් තියෙන්නේ. මේවා තමයි ඉදිරි කාලයේ අපේ රටේ දියුණුව. අපරාදේ මීට අවුරුද්දකට කලින් රටයි දැන් තත්වෙයි දැක්කම අපේ දරුවෝ පවු කියලා හිතෙනවා. (ර)
රටක් දිනු, නිදහසේ හුස්ම ගන්න මඟපෑදූ අභීත නායකයෙකුට මේ කරන නිගාව! මේවා රට්ටු හිනස්සන වැඩ (නි)
පහුගිය රජය බැකෝ දාලා පාරවල් හැදුවේ ජනතාවට. අද බැකෝ දාලා පුද්ගලික ඉඩම් හාරනවා. අපරාදේ රටේ මහජනයාගේ සල්ලි. මේක දුෂණය නෙමෙයිද? (නි)
යහපාලනය නටපු නැටුමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ (නි)
රටේ කරන්න වැඩ 1000ක් ගොඩගැහිලා තියෙද්දී මේවගේ වැඩ හින්දා රෙදි ගැලවෙන්නේ යහපාලනය ඇත්තටම බලාගෙන ඡන්දෙ දීපු අපේ. (ර)
බොරුවට කාලේ කනවා. (ර)
අනේ මන්දා! මටත් ළිඳක් හාරගන්න නම් උවමනාවක් තියෙනවා (නි)
අර එන්රික්ට විසිකළ මොකක්හරි දෙයක් සම්බන්ධ කැණීමක්ද දන්නෙ නැහැ (නි)
අවුරුද්දත් කිට්ටු කිට්ටු මැතිවරණයක් කිට්ටු කිට්ටු (හේ)
මහින්ද බැකෝ දාලා පාරවල් හදලා වැඩ පෙන්නලා ඡන්දෙ දිනුවා. මෙයාලා බැකෝ දාලා කුණු හාරලා ඡන්ද දිනන්න යනවා! (නි)
කාගේ වලද මේ කපන්නේ (හේ)
නාටක මාරයි සල්ලි හමාරයි කිවුවලු. මැදමුලනේ , හම්බන්තොට පැත්තේ තියෙන කුඹුරු, හේන් ටික අවුස්සලා දුන්නොත් වගා කරගන්න පුළුවන්. මහින්ද මහත්තයට තවත් පින් එකතුවෙනවා. (නි)
තව තව හාරන්න ....අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ (නි)
බලාගෙන ඉන්න තමයි මේ විදියට ගියොත් වෙන්නේ. (නි)
ඔය ආඩපාලි කියන ඔක්කොම මහින්දට කඩේ ගිය අය බව ලංකාවම දන්නවා. මොනවාහරි හමුවුණොත් කියයි දේශපාලන පළිගැනීම් කියලා. ඔහොමම ඉවසලා ඉන්න ළඟදීම මහින්දවාදීන්ට කෑගහන්න පුළුවන් රට බේරාගත් නායකයින් රැකගනු කිය කියා. (නි)
මගේ වත්තක හෑරුවා නම් ආයෙත් ඒක වහන්න දෙන්න නැහැ. ඒ විදියටම තියාගන්නවා. ලෝකෙම හිනස්සන මෝඩ වැඩ (නි)
පොලිසියට අවශ උපකරණ (ස්කෑන් යන්ත්‍ර) සහ තාක්ෂණ දැනුම ලබාදිය යුතුයි. සැකකටයුතු දෙයක් තියෙනවාද කියලා වළවල් හාරන්නේ නැතුව බලන්න. නැත්නම් පොලිස් පරීක්ෂණ මහජනතාවට විහිළුවක් වේවි (නි)
සංවර්ධනය බින්දුවයි ඒවාට සල්ලිත් නැහැ මේ සන්දර්සන වලට ඕන තරම් සල්ලි... (ර)
ගමගේ, ඒ පොලිස් නිලධාරියාගේ සපත්තු දෙක වෙන්න ඇති හොයන්නේ (නි)
මම නම් දුක්වන්නේ අපේ පොලිස් නිල ඇඳුමට ගිය කල ගැන. (නි)
කෝ අර මේකේ හිටපු යහපාලන සෙට් එක . මේ පිලිබදව මොනවත්ම කියන්න බැරිද ? (ර)
මේ හාරන්නේ යහපාලනයේ වළ කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
ඔය වලවල් හාරන්නේ පෙට්රෝල් හම්බවෙනවාද කියලා බලන්නනේ. (ර)
දැන් මොනවා හොයන්නද හෑරුවේ? (නි)
රොමේෂ් මෙල්බර්න්, මීට අඩසිය වසකට පමණ පෙර අපේ රටේ තරම් පරාර්ථකාමීන් ලොව කොහෙවත් සිටින්න නැතුව ඇති. ඒ පරාර්ථකාමීත්වයත්, අහිංසකත්වයත්, සත්‍යවාදීබවත් දඩමීමා කරගන අපේ දේශපාලුවෝ රජවුණා. එනිසාම මිනිස්සු ආත්මාර්ථකාමී වුණා. එයයි සත්‍යය. (නි)
මේවා ප්‍රචාරය කරමින් එක පිරිසක් සතුටු කළාට අපිට කමක් නැහැ. රටේ තොටේ දියුණුවට, පාසල් අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට, රැකීරක්ෂා ඇති කරමින් ජන ජීවිත නඟාසිටුවන්න. අපිට දැනෙන්න යමක් කරන්න කියලයි අපි නම් ඉල්ලන්නේ. අන්තිමට කාලේ ඉවර වෙලා හැරිලා බලනකොට කියන්න දෙයක් ඉතුරුවුණේ නැත්නම් වෙනස වැඩක් නැතිවෙයි (නි)
මොනවද හැබෑටම මේ වැඩ? (නි)
මේවට කියන්න දෙයක් නෑ. (ර)
ඔය හොයන්නේ ඇටසැකිලි කියලයි අපිට හිතෙන්නේ (නි)
දැන් ඒවා ඉවත් කරගෙනත් ඇති (නි)
නිකන් ආවට ගියාට වළවල් හාරන්නෙ ඇහැ. මොකක්හරි හේතුවක් ඇති. මේවා හාරන්න මහජන සල්ලි යනවා වගේම ජනතාව මේ ආණ්ඩුව පත්කළෙත් මේවා හොයන්න. තාම පසුගිය අයට කඩේ යන අයට නම් මේවා දැක්කහම දිරවන්නෙ නැහැ (නි)
මේකේ ප්‍රතිචාර දැක්කහම, දැන් තියෙනේ යහපාලනය ගැන මිනිසුන්ගේ ආකල්පය තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ සිංහල මිනිස්සු හැමවෙලේම හිතන්නේ තමන් ගැන සහ තමන්ගේ බඩ ගැන. පුදුම ආත්මාර්ථකාමි ජාතියක් (නි)
අපේ පැත්තෙත් තිබෙනවා පාලු ඉඩමක්. මට සැකයක් තිබෙනවා මොනවාහරි හොයාගන්න පුළුවන් වේවි (නි)
පරීක්ෂණ කලත් බනිනවා කලේ නැතත් බනිනවා. (ර)
යහපාලනයේ විකාර! තෙල් මිල ගැන කතා නොකර ඒක වහගන්න ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරවන්න කරන වැඩ මේවා. (නි)
හිගන්නාගේ තුවාලේ වගේ මේක කවදාවත් ඉවර වෙන්නේ නැ. රට්ටු හිනස්සන වැඩ. (ර)
මට පෙනෙන්නේ පොල් ගහපුවා වැඩ කරනවා වගේ. (නි)
මේකෙත් මොනවා හරි හේතුවක් තියෙනවා වගේ. කලබල නොවී ඉමු. (ර)
අනේ අපේ ගෙදර ඉඩමේත් වළක් හාරන්න. රත්තරන් තියෙනාවෝ.... (ටොයිලට් වළක් හාරගන්න තියෙනවා...) (ර)
මට දුක වීරෝධාර රණවිරුවන් එස්.ටී.එෆ්.එක වැසිකිළි වලවල් හාරන තත්වෙට වැටිලානේ...(බ)
මේ රෙකෝඩ් නම් ලෝකේ කාටවත් කඩන්න බැරිවෙයි වගේ. අනේ මන්දා... (ර)
හාරන අයට ඕනෙමනම් 88-89 කාලේ අපිත් එක්ක හිටිය අහිංසකයෝ පුච්චලා වලලපු තැන තියෙනවා එවකට පැවතී රජයේම ආශිර්වාදයෙන්.එන්න පෙන්නන්නම්. (බ)
මහ ඡන්දෙට තාජුඩින්ව හෑරුවා. පුංචි ඡන්දෙට තව වලක් හාරනවා. (ර)
මම හිතන හැටියට අපි කාටත් පිස්සු තියනවා. හැබැයි මේකනම් පිස්සු ඩබල් වෙලා වගේ. අසාධ්‍ය වෙන්න ඉස්සර බෙහෙත් ගත යුතුයි කියලයි මම නම් කියන්නේ. කවුද දන්නේ ඕක පොල් හිටෝ ගන්න උප්පර වැට්ටියක්ද කියල. මතකනේ අර වැලි ගොඩ දාපු එක.අනිත් අතට කවුද දන්නේ පොල් හිටවන්න පොල්වලවල් කපනව ඇති ආරක්ෂාව දා ගෙන. කොහොම උනත් මේ වියදම් කරන්නේ අම්ම අප්පාගේ බුදලෙන් වෙන්න ඇති නේද? (බ)
ගණන් ගන්න එපා, පළාත් පාලන ඡන්දයට කලින් කලයුතු අනිවාර්ය කාරියක් තියනවනේ? (ර)
යහපාලනය කියන වචනේ තේරුම මේවගේ ඒවා තමා. තව ටිකක් ඉවසල ඉන්න, හොඳ හොඳ තේරුම් තව නොබෝ කලකින් ඔය කාටත් හොඳට තේරුම් යයි. (බ)
මේවා ඉස්සර වගේ ඉහලින් එන හින්දා කරන දේවල් නෙවෙයි අධිකරණ නියෝගයකින් නීතියට අනුව කරන දේවල් , වැරදි කරලා නැත්නම් මොකටද අප්පා බය වෙන්නේ , මේවා කලහමනේ නිර්දෝසි බව ඔප්පු කරගන්න පුළුවන් , ඉස්සර මතකනේ පරීක්ෂණ නැතුව ඉස්සෙලම කුදලල හිරේට දාල පස්සේ තමයි චෝදනා ඉදිරිපත් කළේ දැන් එහෙම නැහැ පරීක්ෂණ කරලා නිවැරදි බාවය ඔප්පු වෙනවනම් අත්අඩංගුවට ගන්නෙත් නැහැ , වැරදිනම් තමයි ගන්නේ එ්ක රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂනයක් (බ)
මනුස්සයෝ නම් දන්නවා සල්ලි හෝ රත්‍රන් පොලොව යට වලල්ලන්නේ නෑ කියල .එ්ත් සමහරක් දන්නේ නැහැනේ ඒක (බ)
ඉස්සර පාරවල් හැදුවා, සංවර්ධන වැඩ වුණා. එ්ත් දැන් ඒ මොකුත් නැති නිසා බැකෝ වලට, එවල වැඩ කරන සේවකයින්ට අනාතයි. ඉතින් එයාලට වැඩක් දෙන්න මෙහෙම හරි දේවල් කරන්න එපැයි. ඒකයි මේ! (බ)
මගේ ඉඩමේ මහින්ද මහත්තයගෙයි නාමල් ගෙයි රත්තරන් අස්සයෝ දෙන්නෙක් වල දැම්ම,අනේ හාරලා දෙන්නකෝ,මට දැන් එතන කක්කුස්සි වළක් කපා ගන්න ඕනේ (බ)
වළ ගොඩකරපු ගමන් හිටවන්න මඤ්ඤොක්කා දණ්ඩක් (නි)
අයියෝ! (නි)
ලම්බෝගිනි මෙතන වලදාලා කියන්නේ... (ර)
දැන් හොයපු දේවල් හම්බ උනාද ? (ර)
රාජපක්ෂ පාලනය වළපල්ලටම යවන්න වගේ නේද? ඕකෙන් වෙන්නේ මහින්දගේ ජනප්‍රියභාවය වැඩිවෙන එක නේද? තව කොහේ කොහේ හාරයිද දන්නේ නැහැ. (නි)
මෝඩයනී මේ හොයන්නේ තාජුඩීන් සාක්කි? (බ)
යහපාලනයෙන් ජනතාවට දුන් පොරොන්දු අනුවයි මේ කටයුතු කරන්නේ. ඉවසලා ඉන්න. (ර)
අධිකරණ නියෝග ඇතුව නීතියට අනුව තමයි අර නාන තටාකෙත් වැලි ගොඩ දැම්මේ. අන්තිමට ලැබුනේ මොනාද? (නි)
ජගත් ඔහෙලා මේ ආණ්ඩුව පත් කරගත්තේ වැරදි හොයන්නද? අපි නම් මේක පත් කළේ රට වඩාත් හොඳට දියුණු කරයි කියල, ඇත්තටම එහෙම නොවුනට! (බ)
මේ සොයන්නේ මහින්ද මහත්තයා අලුතින් හදපු පක්ෂය කොහේ හරි හංගලා කියලා නේද.? (ර)
අනේද කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලා බැකෝ වලටත් උඩින් යනවා. තමුන්නාන්සේලා වග කියන්න ඕනෑ, අද සිද්ධවෙන දේවල් වලට. (නි)
මේවා මේ අර චන්ද්‍රික නෝනගේ උවමනාවට කෙරෙන ඒවානේ.. එයාගේ කාලෙත් කළේ මේවගේ මිනි වලවල් හාර හාර හිටපු එක විතරයි..දැනුත් මේ ආණ්ඩුවේ අදෘශ්‍යමාන හස්තය මෙයා තමයි (බ)
කෝ අපේ තිලක් ඩුබායි ? මේවට කෝ ප්‍රතිචාර ?(බ)
ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ. ඩොලර්, තියනවද කියල තමයි හොයන්නේ. මේවා තමයි දැනට රටේ තියන විසදිය යුතු දේවල්. තුන්වෙනි වල හාරන කොට එක්කෙනක් දැන් ලෑස්ති පිට ඉන්නේ. (හේ)
තුන්වෙනි පින්තූරයේ ඉන්න පොලිස් නිලධාරියා මෙහේ කෙනෙක් නෙමෙයිද? අපේ අය නම් සපත්තු දානවා. (නි)
අපිටනම් හිනා මේවට (බ)
හිනා යන වැඩ නොකර මේ බැකෝ දාලා අහිංසක මිනිසුන්ට පාරක් කපලා දුන්නා නම්. අඩුම ගානේ යහපාලනයට ඡන්දේ දීපු කේන්තියවත් මඟහැරෙන්න. මේවාටත් හුරේ දාන මෝඩයෝ ඉන්නවනේ (නි)
මොනවද හොයන්නේ? නිදානයක් වත්ද? (හේ)
යහපාලනයක් බදාගන අපට උන දෙයක්... (ර)
සොයන්නාට ලැබේ.. එකතැනක් පමණක් හාරලා නොලබුනට දුක් නොවනු... (ර)
ඊලග ආණ්ඩුවෙන් බටලන්දේ මිනි වල අනිවා හැරීය යුතුය ..මහින්ද හිටියට යුද්ද කර කර පාරවල් හදහදා හිටිය මිස මිනි වලක් වත් හෑරුවද ?(බ)
පැමිණිල්ලක් ලැබුණොත් මුදල් වියදම් වෙනවා කියලා ඊට අදාළ ක්‍රියාමාර්ග නොගෙන බැහැ. 119 ට බොරු පැමිණිලි කරන මිනිස්සු නිසා පොලීසිය කොච්චර නම් අපහසුතාවන්ට පත්වෙනවද? දවසක් මනුස්සයෙක් අසල්වැසි මනුස්සයෙක් එක්ක තියෙන අමනාපයකට 119ට කෝල් එකක් දීලා අල්ලපු වත්තෙ වටිනා ගහක් කපනවා කියලා. ඉතින් පොලීසිය කඩාගෙන බිදගෙන එතනට යනකොට අර මනුස්සයා එයාගෙ වත්තේ කණාටු පොල් ගහක් කපනවලු ගෙට කඩාගෙන වැටෙයි කියලා. මේ වගෙ සිද්ධි ඕනෑතරම්. මේකත් ඒ වගේද දන්නෙ නැහැ. හැබැයි ඉතින් මේ කොයිදේත් පළිගැනීමේ චේතනාවෙන් නොවිය යුතුයි. (නි)
අන්න හම්බ වෙලා මහා පස් කන්දක් නම්.. (ර)
මේවා බොරු වැඩ නේ... පොලොව ඉස්කැන් කොලා නම් තියන ඒවා අහුවෙනවා නේ.. (ර)
අපේ ගෙදර පිටිපස්සේ මහින්ද මහතයාගේ සල්ලි වළලලා තියෙනවා. හාරලා දෙන්න බැරිද දන්නෙ නැහැ. මොකද ටැංකි බස්සන්න වළක් හාර ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. (හේ)
මෙන්න හොඳ ටිප් එකක්. ගෙදර වලක් හාරගන්න ඕන නම්... නිකම්ම වැඩේ කෙරෙයි. (ර)
මේ සොයන්නේ මහින්ද මහත්තයා අලුතින් හදපු පක්ෂය කොහේහරි හංගලාද කියලා නේද? (නි)
අපේ කුඹුරෙත් හෙලිකොප්ටර් 2ක්ම වළ දැම්මා. ලිපිනය කියන්නද? මෙහෙත් හාරලා හොයන්නකෝ. (නි)
මැණික් ඉල්ලමක්වත් මතුවෙලාද? (නි)
වළවල් හෑරීමද රජයකින් කෙරෙන්න ඕනෑ (නි)
ආටක නාටක වගේ.(හේ)
දැන් ලැබුන දෙයක් තිබෙනවද? (නි)
ලැජ්ජයි මේ වැඩ ගැන (නි)
ඒකාධිපතියෙකුගේ වත්කම් හොයනකොට ඊට සහයෝගය දෙන්න. (නි)
කවුරු හරි කියනවද මට, මේ වලවල් හැරලා මුකුත් හමු උනේ නැත්නම්, මේ වලවල් හාරන වියදම් එහෙම පියවන්නේ කාගෙන්ද? මෙතන යොදවලා ඉන්න සේවකයෝ, වාහන , උපකරණ දැක්කම ලක්ෂ ගණනක වියදමක් බව නම් පේනවා...අයියෝ අපේ සල්ලි,,,(හේ)
වළවල් හාරනවා විතරයි (නි)
මේ කිසිදෙයක් හොයන්නේ නැතුව මහින්ද රටේ සංවර්ධනය කියා ගත් මුදල් වලින් සංවර්ධනයට යෙදු කොටස ඉවත්කර අනෙක් සියලු මුදල් මේ කෑගහන හොරු ආරක්ෂා කරන්න පස්සෙන් යන්න සියලු දෙනාගෙන් අයකරගන්න (නි)
තව ජෝක් එකක් වගේ - මේක අර පිහිනුම් තටාකයේ වැලි හැරීමේ ජවනිකාවේ 2 වගේ. මෙහෙමත් විගඩම්. (හේ)
රට බේරාගත් හමුදාවටත් ඊට දේශපාලන නායකත්වය දුන් මහින්ද, ගෝඨාට දිගට හරහට කරදර. (හේ)
යහ පාලනය දොරේ ගලනවා . (හේ)
අපි මේ ජීවත්වෙන්නේ කී වෙනි ශත වර්ෂයේද? (නි)
ඔය ඉඩම් හාරලා ඕවා හොයන්න බැහැ. මම දන්නවා වළලලා තියෙන්නේ කොහෙද කියලා. ඔයාලා දන්නවද? (නි)
ඔහොම යමු... ඔහොමම යමු (නි)
අනේ මන්දා මේවානම්. (ර)
කරන්න වෙන මොකුත් නැද්ද දැන්, මුලු ලංකාවම හාරන්නේ? (නි)
අපේ ඉඩමත් ඔය වගේ සුද්ද කරගන්න පුලුවන්ද? (නි)
දේශපාලන අනාථයෝ ටික මේ වළකට දාලා පස් දානවා මම ඔතන හිටියා නම් (නි)
තමුන්ගේ නොහැකියාව වසාගන්න අනුන්ගේ වැරදි සෙවීම දේශපාලන උපක්‍රමයක් (නි)
අපිට කොකා පෙන්නලා ආණ්ඩුවේ වියදමින් පොල් වළවල් කපලා දෙනවාවද්ද? (නි)
රට නිදහස් කිරීමට කටයුතු කළා මිස බටලන්ද වැනි දේ නැවත විභාගයට ගත්තේ නැහැ (නි)