වැලිකන්ද මගුල් පොකුණේ සිවිල් ආරක්ෂක නියාමකයකු අද සවස වල් අලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහු මහ වැසිද නොතකා මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය වැලිනක්දෙන් හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වැලිකන්ද මගුල් පොකුණේ සිවිල් ආරක්ෂක නියාමකයකු අද සවස වල් අලි ප්‍රහාරයකින් මිය යාමත් සමග කුපිත වූ ප්‍රදේශවාසීහු මහ වැසිද නොතකා මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය වැලිනක්දෙන් හරස් කර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගේ වාසභූමි මිනිසුන් ආක්‍රමණය කරලා සතුන් වියරු වැටිලා.ඒක තමා හේතුව (නි)
අලි ගමන් කල පැරණි පාර 'අලිමංකඩ' සිතියම් පවා වනජීවී එකේ තියෙනවා. එයාලට බලයක් නැහැ හොරු, බලවත්තු කැලෙන් අයින් කරන්න? මේක ඉහල බලවතෙක් මුල්වෙලා කරන්න ඕනේ රටටම හදන සැලැස්මකට අනුව. තැන් තැන් වල වෙන වෙන පිළියම් යොදල හරි තේරුමක් නැති 'මෙහෙයුම්' කරලා හරි අලි එලෙව්වට වැඩක් නැහැ. උන් මොලේ තියෙන සත්තු , ආපහු එනවා, නැත්නම් තරහ පෙන්නන්න පහර දෙනවා. කවුරුත් නැද්ද මේ ටික වටහාගන්න පාලකයෝ අතරේ ? (නදී)
නිකන් ඉන්න අලිත් මිනිස්සුම තමයි කුලප්පු කරවන්නේ (නි)
අලින්ට යන්න එන්න තැනක් නැති වුණහම මෙහෙම දේවල් වෙනවා (නි)
වන විනාශය ගැන වටහාගෙන එකමුතුවෙලා සැලැස්මකට සංවර්ධනය නොකළොත් මේ යන විදියට බොහෝ විනාශ සිදුවේවි. අලි ප්‍රහාර තව වැඩිවේවි. පාර වැහුවා කියලා අපරාධකාරයෝ කැළෑ පාළුකිරීම් නවත්වන්නේ නැහැ. හමුදාව දාලා හරි සතුන්ගේ ජනාවාස නිදහස් නොකළොත් මේ මරණ වැඩිවෙයි. විසදුම් ගැන පාලකයෝ හිතන්නේ නැහැ. පාලකයෝ දැන්වත් රටේ ප්‍රශ්න විසදන්න ඕනෑ (නි)
අලින්ගේ ඉඩම් ඔවුන්ට ස්ථිරව වෙන්කර දෙන්න බලධාරීන්ට නැණස පහළ වේවා! (නි)
වෙන කවරදාවත් නැති විදියට වල් අලි ප්‍රහාර වැඩි වෙලානේ (නි)
ඔය ගොල්ල පාරවල් වහල උද්ඝෝෂණ කරන්න ඕනෑ ඔය අලින්ගේ වාසස්ථාන අහිමි කරද්දී. එක්කෙනෙක් මැරුණට පස්සේ පාරේ යන මිනිස්සුන්ව අමාරුවේ දමල වැඩක් නැහැ. (නදී)
ගැමියන්ට තියෙන්නේ සත්තුන්ගේ දේපළ,ජීවිත විනාශ නොකර ඉන්නයි. එතකොට ඔවුනුත් එසේ කරාවි. මිනිසුන්ට වඩා මෙම සතුන් ගුණධර්ම වඩන බවකුයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. (නි)
ඔය යාපනේට යන රේල් පාර හරස් කරනකොට නිශ්ශබ්දව හිටියට හිතන්න එපා ගොයියෝ බස් පාර හරස් කරනකොට නිශ්ශබ්දව ඉදී කියල. එකෙක් තියා සීයක් මැරුණත් කමක් නැහැ.(නදී)
කුමාරි ඔබ හරි. උද්ඝෝෂකයෝ වහල තියෙන්නේ අලි යන පාර නෙමෙයිනේ. මිනිස්සු යන පාර. කරදරේ මිනිස්සුන්ටයි. ඒ නිසා අලින්ගේ වාස භූමිය උන්ට අහිමි කරන වැඩ වලටයි එරෙහි විය යුත්තේ. කොහොම වුනත් මේක නිතර සිදුවෙන දෙයක් නිසා බලධාරීන් 'සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත්' වෙන්කරලා දෙන්න දැන්වත් ක්‍රියා කල යුතුයි. (නදී)
අලින්ට දැන් කේන්ති ගිහින් තියෙන්නේ. මොකද එයාල දන්නවා මෙහෙම ගියොත් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ කියලා.(නදී)
අපේ කට්ටිය යු එන් පී එකේ (අලි) සද්දන්තයින් ව දණ ගස්සන අලි මන්තරේ දන්නවා. ඒ අය ලග ඔය මන්ත්‍ර ගොඩ ගැහිලා තිබුනට දුප්පත් ගොවියන් ට එදා වේල කන්න වත් සල්ලි නැහැ. ඉතින් හෙනහුරා වැටෙන්නෙත් රජාගේ පිඟානට නොවෙයි හිඟන්නාගේ පාත්තරේට. අහෝ ඛේදයකි.(නදී)