මීගලෑවේ දිනුඳු යෂේන් දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවන් හතර දෙනා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඡායාරූප-සංජීව රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම පමණයි තියෙන්නේ දෙන්න (දී)
මරණ දඩුවම හෝ නීතිප්‍රකාර දඩුවම දෙන්න ඕනේ, හැබැයි අධිකරණයේ සාධාරණ නඩු විභාග කරලා අධිකරණය විසින් නියම කරන ආකාරය අනුව. රටක නීතිය තිබෙන්නේ එක එක්කෙනා හැගීම් පල කරන ආකාරයට ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න නොවෙයි. එහෙම වුනොත් හෙට ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නේ නිර්දේශි ඔබ වෙන්නත් පුළුවන්. එනිසා අදහස් ප්‍රකාශ කරද්දී මොළෙත් ටිකක් පාවිච්චිකරන්න. (දී)
පද්මිනීට උණු වෙලා වගේ. (නදී)
මේ දරුවාට ඇතිකළ කම්පනයට වග කියන්නේ කවුද ? හැම රැයකම දරුවා අම්මා ඉල්ලා අඩන්නට ඇති. මදුරු දැලක් සහ සෙල්ලම් කිරීමට ළමයෙක් හොයාදෙන්න ඇත්තේ දරුවා අඩන එක නතර කරගන්න වෙන්න පුළුවන්. (නදී)
සමහර බෞද්දයන්න්ගේ කිසිම සංවේදී කමක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන් උපයන දෙයින් හතරෙන් එකක් පිනට දෙන්න. ලක්සෙට 25000 ක් අවශ්‍ය නැහැ. අල්ලපු ගෙදර ඉගෙන ගන්න දරුවෙකුට ඇදුමක් , පොතක් අරන් දීල පොඩි උදව්වක් කෙරනවා නම් අපරාධ අවමයි. අපි දන්නා කෝටිපති ගෙවල්වල අය හැසිරෙන ආකාරය අපි දකිනවා. (නදී)
මොවන්ට ආදරය පෙන්වන්න එපා කරුණාකර අපාය පෙන්වන්න (දී)
මොකද මේ බන්දුල පෙරේරා , තමන්ටම ආයෙත් ලංකා තිලක් නමින් නමින් අදහස් ලියන්නේ ? පිස්සු හැදීගෙන එනවා වත්ද ? එයාමනේ මීට කලින් අර බවලතෙකු සම්බන්ධ පුවතකදී මේ තීරයේ සඳහන් කලේ නම් දෙකෙන්ම පෙනී සිටින්නේ එයා කියලා. අනේ මන්ද මේ දේවල් කියවලා අපිටත් ඔලුවේ අමාරුව හැදෙනවා . (නදී)
මොකද මේ කොටහළු වුන ගෑනු ළමයින් ටිකක් වගේ මේ කට්ටියව වහගෙන ? . මනමාලියෝ බලන්න කියලා ගිහින් තව ගෙවල් කීයක් අත පත ගාගෙනද දන්නේ නැහැ. ඡායාරුප පල කළා නම් මහජනයා ගෙන් තව තොරතුරු ලැබේවි. (නදී)
අහල පහල අයට මුණ පෙන්නන්න හොඳ නැති නිසා ඔලුවේ ඉඳන් වහගෙන ඉන්නේ මේ හොරු ටික කොටහළු වෙලා ද ? (දී)
මම දරුවා ලැබුන විට ගොඩක් සතුටු උන පුද්ගලයෙක්. මේ සිදුවීමට සම්බන්ද පුද්ගලින් ලෙස අවේග සීලි නොවී බලන්න . දරුවාට සලකු අකාරයෙන් මට මේ වැරදිකරුවන් ගැන සිතුනේ මනුස්සකම හිතේ තිබෙන දරුවන් ගැන ආදරයක් ඇති පුද්ගලින් කියාය . මොකද මදුරුවන් කන නිසා දරුවට නෙට් සැපයීමත් , සෙල්ලම් කිරීමට වෙන දරුවෙකු රැගෙන ඒමත් , දරුවට හැකි පමණින් කෑම සැපයීමත් යන කරුනුයි . මොවුන් මේ තත්වෙට වැටීමට හේතු කරුණු සොයා බැලිය යුතුයි . මොවුන් මහා දාමරික වැඩ කල පුද්ගලයින් සමග සිරගත කලොත් අවුරුදු ගානකට පසු සිරෙන් නිදහස් වෙන්නේ මහා පළපුරුදු දාමරිකයින් ලෙසයි . එබැවින් ඔවුන්ගේ පෙර වැරදි නොමැති නම් කල යුත්තේ පුනරුත්ථාපනය කිරීමයි (දී)
ඇයි නිහාල් මහත්තයෝ බුදු දහමේ එතකොට උට්ඨාන වීරියෙන් කටයුතු කරලා නිවැරදි කර්මාන්ත වලින් ආදායම උපයාගෙන අඹු දරුවන් පෝෂණය කරන්න කියලා නැද්ද ? සල්ලි තියෙන තැනැත්තාගෙන් නොලැබුන නිසා මෙහෙම කඩා වඩා ගන්න එක කොතනද සාධාරණීකරණය කරලා තියෙන්නේ. මොකද මේ නරුමයන්ට සාධාරණ කර්මාන්තයක් දාඩිය මහන්සියෙන් කරන්න බැරි වුනේ ? (නදී)
මෙයාලගේ ඔලු වසාගෙන යන්නේ මෙයාල තව නීතියෙන් වැරදීකරුවන් නොකළ නිසයි. මෙයාලව හදුනා ගෙනීමේ පෙරට්ටුවක් තියන තුරු ඔලු වසා ගෙන යාම සාමාන්‍ය දෙයක් (නදී)
හරි වැඩේ නේ නිහාල් මහත්තයා , දැන් එතකොට මිනිස්සු ආදායමේ තරමට වියදම් කරන්න දන්නේ නැතිව ලක්ෂ ගණන් බැංකු වලින් ණය අරගෙන ඒවා ගෙවා ගන්න බැරි වුනා ම පලි, තමන්ගේ ආදායමෙන් කොටසක් ඒ කට්ටියට නොදුන්න මිනිස්සුද ? (නදී)
දිනුදු අවුරුදු 4 ක පොඩි දරුවෙක්නේ. තාත්තට තුවාල කරලා ඒ අය කෑගහද්දි මෙයාව මූණු වහගත්ත මිනිස්සු ටිකක් අරගෙන යද්දි කොයිතරම් නම් බයක් දැනෙන්න ඇද්ද? ඔය වගේ දරුවෙක් එක රැයක් අම්මාවත් තාත්තාවත් නැතුව දන්නේවත් නැති මිනිස්සු ටිකක් එක්ක ඉදියිද?පව් ඔය ටික දවසට උනත් මේ දරුවගේ හිතේ ඇති කරපු බයට දුකට ඒ පව්කාරයෝ කොච්චර කවලා පොවලා මේ දරුවට සැලකුවත් වැඩක්ද? මම නම් කියන්නේ ඔය ගෝනි බිල්ලෝ 4 දෙනාට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දිය යුතුමයි (නදී)
නිහාල් මහත්තයා අපි පවුල් කීපයක් එකතු වෙලා අසරණ කාන්තාවකට ඔබ කියන විදියට විදේශයකදී උදව් කළා. අන්තිමේ ඒ ගුණමකු කාන්තාව නැවතුනේ උදව් කල පවුලක තරුණ සැමියාට අයිතිවාසිකම් කියලා. ඒ නිසා ඔබතුමා කියන දෙය අද කාලයේ සැමවිටම ප්‍රායෝගික නැහැ. (නදී)
නරකද ආයුධ පෙන්නන්න එක්කන් ගියානම්? (නදී)
මරණ දඬුවම දෙන්න (නදී)
මේවා ඉතා සුළු දේවල් කියල සමහරුන්ට පෙනුනට , මේ වයස හතරේ දරුවාට කුඩා කල වූ මේ සිද්ධිය වැඩිහිටි වියේදී මොන අයුරින් බලපාවිද ? මෝටර් සයිකලයක අඬවා අඬවා තමා රැගෙන ගිය හැටි , සිරගතව මව් පියන්ගෙන් ඈත්ව හිටපු හැටි , මේ දරුවාගේ මානසික මට්ටමට කොහොම බලපාවිද ? කෝටිපතියන් කියලා දරු දුක වල දාන්න කියල ද කියන්නේ ? මේ ප්‍රධාන සැකකරුටත් ළමයෙක් ඉන්නවාලු .(අ)
අනේ මේ ගොල්ලෝ තාමත් ආයුද පෙන්නුවේ නැද්ද ? (නදී)
මේ වැරදි කල වූන්ම තමන් කල වැරැද්ද පිළිගත්තා නම්, තවත් කුමකටද ඔවුන්ව වසන් කරන් අරන් යන්නේ. එත් මොනවා උනත් මේ වන තුරු පොලිසියෙන් කල රාජ කාරියට අනුව ඉදිරි වැඩත් අකුරටම වෙයි එය පැහැදිලියි.(නදී)
ඇයි මුහුණ වහ ගෙන අරන් යන්නේ.පෙන්න අරන් යන්න .ඉක්මනින් දඩුවම් දෙන්න. (දී)
නෙහාරා ඔබට තේරුම් ගන්න පුළුවන් දෙය මෙතන කොමෙන්ට් දමන හුඟක් දෙනාට තේරුම් ගන්න බැහැ. බුද්ධියට වඩා හැගීම් වලට ඒ අය තැන දෙන්නේ. (නදී)
දැන් මේ වෙනකොට අපේ නීතිඥවරු සමහරක් සෙට් වනවා ඇති මේ අය වෙනුවන් පෙනී ඉඳලා හොඳ ගානක් කඩා ගන්න. (නදී)
මේ වගේ අයට එල්ලුම්ගහ ගෙන්න බැරිද ?ජනාධිපතිතුමනි මේ ගැන ඔබේ කාරුණික අවධානය යොමුකරන්න .(අ)
වැරදි කරන අයව මොකටද වහගෙන යන්නේ? රටටම පෙන්නා දෙන්න (නි)
සම ගේ අදහසට මමත් එකයි. අපේ රටේ දනය උගසට තබා හොරකම් කරන අය රජ සැප විඳිද්දී, මේ තරුණයින් ඇයි මෙහෙම දේකට පෙළඹුනේ කියා සොයා බැලිය යුතුයි , මේ අයව පුනරතාපනය කොට අවුරුදු 5ක් පමණ මේ අයගේ ක්‍රියාවන් ගැන සෝදිසියෙන් හිටිමු. මේ අය කලේ වැරද්දක් ඒත්කර ඇති ආකාරය අනුව නිවැරදි කල හැකි චරිත වගෙයි පෙන්නේ. (දී)
තීන්දුව ඉක්මන් කරන්න (දී)
සමගේ අදහස හරි (දී)
පින්තුර වලට ස්තුතියි (දී)
නීතිඥයො කරන්නෙ ඒ අයගේ රස්සාව අපරාධකාරයො වෙනුවෙන් පේන්නෙ නැතුව ඒ අය මොනව කරන්නද? (දී)
මමත් අසරණ අයට උදව් කරන්න කැමතීයි. (අ)
රිමාන්ඩ් බාරයේ පසුවන මොවුන් නැවත එලියට නොදමා , නඩුව ඉක්මනින් අසා නිමකර උපරිම දඬුවම අවුරුදු 20 හිර ගෙදරට යෙව්වා නම් , ඉදිරියේදී මෙවෙනි ක්‍රියා කරන සෙලසුම් කරනා අයට පාඩමක් බියක් ඇති වනවා (දී)
මේ අපරාධකාරයින්ව රටේ ජනතාවට පෙන්වන්න.වහගෙන යන්නේ මොකටද? මිනිස්සු දැක්කහම එයාලට ලැජ්ජා හිතෙයි කියලද? දේශපාලනේ පිහිටෙන් නිදහස් දිනේක මේ තිරිසන්නු කවදා හරි එළියට ආපු දවසට අපිට අපේ දරුවන්ව පරිස්සම් කරන්න වෙනවා මේ ගෝනි බිල්ලන්ගෙන්. (දී)
ඔය අයට දෙනවා නම් හොඳම දඩුවම තමයි ඔය උසාවිය ළඟ බලා ඉන්න ජනතාවට ඔවුන්ව භාරදෙන එක (නි)
පිටබැද්දර ජයා. ඔබගේ කතාව 100% සත්‍යි. (නදී)
නෙහාරා සහ සමා, ඔබ දෙපලගේ අදහස් සැබවින්ම අගය කල යුතුය. (දී)
අදිකරණය නියම දඩුවම දෙනු ඇතැයි තරයේ විස්වාස කරනවා (දී)
මමත් සාමා ගේ අදහස් සමග එකගයි. මේ මිනිස්සු මේ තත්වයට වැටුනේ මොකද කියල අපි හැමෝම හිතන්න ඕනේ. පැහැරගැනීම කොහෙත්ම අනුමත නොකරනවා වගේම ඒ දෙමවුපියන් වින්ද දුක අපිටත් හොදටම දැනුනා. වෙනස් විදියට හිතන කිහිප දෙනෙක් හරි සීටීම ගෙන ඇත්තටම සතුටුයි. (දී)
කිරි දරුවට දීපු දුකත් දෙමව්පියන්ට දීපු වේදනාවත් ඇති අායුද පෙන්නන්න (නදී)
මොවුන් සැකකරුවෝ නෙවේ නියම කප්පම් කාරයෝ මුහුනුටික පෙන්නන්න (නදී)
ඔලුව වසාගෙන යවන එකෙන් තවත් හොර වැඩ කරනවා. ඔලු කුඩුකර රැගෙන ගියානම් මීට වඩා හොදයි.(නදී)
යහමින් සල්ලි තිබෙන යහමින් බලය තිබෙන අය ලස්සන තරුණ ගැහෙනු ළමයින්ට සහ නිළියන්ට නම් ඕනේ තරම් පැනලා උදව් කරනවා. ඇමතුමක් දුන්න ගමන් ඕනෙම දෙයක් කරන්නට ඔවුන් බලන් ඉන්නේ. අර ගුවන් තොටුපලේ නිලියට උදව් කරෙත් ඇමති පුතෙක්. (නදී)
සම ගේ අදහසට මමත් අනුමත කරනවා මොකද අද තියෙන ආර්ථික අපහසුතා නිසා මේ මිනිසුන් මෙවැනි නරුම වැඩ කරන්නේ මොනවා උනත් කරපු නරුම වැඩේට නිසි දඩුවම් නම් දිය යුතුය මේ මිනිස්සු මෙහෙම වහගෙන යන්න දෙන්න එපා ජනතාවට පෙන්න. (දී)
මේ විෂබීජ සමාජයෙන් ඉවත් කළ යුතුයි (නි)
ඔකේ අහන්න දෙයක් නැහැ ජීවිතාන්තය දක්වාම යවන්න (දී)
මේ අයට ගතේ වීරියෙන් හම්බ කරගන්න බැරි ඇයි? දෙන්න ඕන දඩුවම නම් හොදට පස් පෙරලලා වැඩ කරලා හම්බකරන විදිය කියලා දෙන්න (නදී)
දැන් හැමෝම මේ සැකකරුවන්ට දක්වන අනුකම්පාවෙ විදියට හෙට අනිද්දට නිදහස් වේවි වගේ. (දී)
ගරු අපේ නීතිඥයන්ගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලසිටිනවා මේ වගේ දරුණු අපරාද කරුවන් වෙනුවෙන් පෙනිසිටින්න එපා කියලා. (දී)
දැඩි දඩුවම් දීලා ජිවිත කාලෙම හිරේ තියන්න (දී)
මොවුන්ට දියයුත්තේ රජකාලේ දඬුවම්ය (නි)
හරි ඇයි එහෙනම් කවුරුවත් නොහිතන්නේ , බහුතරයක් මිනිස්සු බඩට කන්න නොතිබුනත් අනුන්ගේ දෙයක් අමානුෂික විදියට කඩා වඩා නොගෙන , තියෙන හැටියට ජීවත් වෙන්නේ ඇයි කියලා . අනේ අපිට හිතේ හැටියට කන්න අඳින්න නැහැ කියලා රටේ හැමෝම මේ තත්ත්වයට වැටුනා නම් කොහොමද ? බාහිර තත්ත්ව සාධක නිසා තමන් කප්පම් ඉල්ලන්න තරම් පහත් අඩියකට වැටුනා කියන එක නිදහසට කාරනාවක් නෙවෙයි. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් නැති බැරිකම් තිබෙනවා. (ස)
දැන් පේන හැටියට කට්ටිය කියාවි මේ ගොල්ලන්ට මෙහෙම වුනේ සමාජයේ ඇති නැති පරතරය නමැති ප්‍රශ්නය නිසා. ඒ නිසා මේ අපරාධකරුවන් නිර්දෝෂී කියලා. (ස)
කරුණාකර මේ අය ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න (නි)
නඩු තීන්දුව අාපුදාට තේරේවි. (ස)
මේ මිනිස්සු අනෙක් අපරාධ කරුවන්ට සාපේක්ෂව හොදයි කාරුණිකයි (දී)
මේ අය බරපතල වරදක් කර ඇති බව ඇත්ත. දෙමාපියන් දෙපල නොමරා දින ගානක් තිස්සේ මර මරා ඉප්පද්දුවා. කෙසේ වෙතත් මොවුන් දරුවට සලකා ඇති ක්‍රමය අනුව මනුස්සකම් තිබෙන බවක් පේනවා. ඒ නිසා කල යුත්තේ ආයුද පෙන්විමට ගෙනියාම නොව නිතිය සාදාරනව ක්‍රියාත්මක කිරීමයි. මේ රට තුල ඉතාම දරුණු අපරාද කරන, මිනි මරණ කොටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් ගසාකන අයට නිදැල්ලේ ඉන්න දෙන්නේ ඇයි ? (නදී)
රිමාන්ඩ් එකේදී මේ අයට හොඳ දඬුවම් ලැබෙනවා (නදී)
සමහර අය මෙතන ගැහැනු නම් වලින් දමන ප්‍රතිචාර ඉතා අගනා හැටියට මතුකර පෙන්වා, අනික් ඒවා මන්ද බුද්දීකයන්ගේ ප්‍රතිචාර සැටියට හුවා දක්වන්නේ. ඔවුනගේ තිබෙන යම් කිසි මානසික රෝගයක් වන්නට පුළුවන්. මෙහි ප්‍රතිචාර දාන්නේ එක එක අයගේ අදහස් අනුවය . හැමෝම එකම අදහස් දැමිමෙන් කිසිවක් වටහා ගැනීම අපහසුය. එනිසා මම සිතන්නේ මෙහි ප්‍රතිචාර දමන සියල්ලන්ගේ අදහස් වටිනවා කියා (නදී)
මේ සම්බන්ධයෙන් පොලිසිය සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කරලා තියෙනවා. අප සියල්ලන්ගේම පැතුම, ප්‍රාර්ථනාව වී තිබුනේ මේ දරු පැටියා ජීවග් රහණයෙන් බේරා ගැනීම. දැන් ඒ පැතුම ඉටුවෙලා තිබෙනවා. අල්ලාගත් සැක කරුවන් දැන් නීතිය ඉදිරියේ. ඒ නිසා අප සියල්ලෝම නැවත ප්‍රාර්ථනයක් කරමු නීතිය අකුරටම ක්‍රියාත්මක වේවා කියල. (නදී)
අපට ආසයි මේ මාමලාගේ මූණු පොඩි ටික දැක ගන්න. (නදී)
ඉතින් දැන් හැමෝම කියාවි මම මේකට පෙළඹුවේ අහල පහල ඉන්න රස්සා කරලා හරි හම්බ කරන උදවිය. ඒ කට්ටිය තට්ටු දෙකේ ගෙදර ඉඳන් වාහන වල ලස්සන නෝනල පුෂ්ටිමත් බබාලා එක්ක සතුටින් ඉන්නවා දැකලා තමයි මමත් කාට හරි ගිනි ගෙඩියක් අඹරලා සල්ලි සොයන්න හැදුවේ. මේක දැන් පවතින සමාජ ක්‍රමයේ වැරද්දක් මගේ නෙමෙයි. (නදී)
තංගල්ල සභාපතිගේ නඩුව මෙන් මෙයත් හැකි ඉක්මනනින් අසා මෙම වැරදි කරුවන්ට උපරිම දඩුවම් කරන්න (දී)
මේක බෙන්ස් වෑන් එකක් නේද? මේ අයට සැප දෙන්න හොඳ නැහැ.(නදී)
මෙරටේ කවදාවත් නීතිය සදාරනව ඉටුවෙන්නේ නෑ. (දී)
සමාජයේ වැරැද්ද නිසා මම වරදට යොමු වුනා කියල තමන් කල අපරාධයෙන් නිදහස් වෙන්න පුලුවන්ද ? පසුගිය කාලයේ මෙහෙම සල්ලි වංචා කල කෙනෙක් එහෙම කලේ ඉහල විදියට මගුල් උත්සවය ගන්නලු. මධුසමයට පොහොසතුන් වගේ ආසාවට හෙලිකොප්ටරේ ගිහින් තියෙන්නේ. දැන් කවුරු හරි කිව්වොත් අනිත් හැමෝම විවාහ වෙන්නේ මෙහෙම ජයට මගුල් කාල නිසා මෙයත් කොහෙන් හරි වැරදි විදියට හරි සල්ලි සොයාගෙන මගුල් කන එකේ වැරද්දක් නැහැ කියලා. මට නම් ඔය සමාජ ක්‍රමයේ වැරැද්ද නිසා මෙහෙම වුනා කියල නිදොස් වෙන්න යනඑක අනුමත කරන්න බැහැ. (නදී)
දෙමාපියන් හරි හම්බ කරන දෙයින් ජීවත් වෙලා. නිසි අධ්‍යාපනයක් නොලබා තරුණ වියට පත් උන සමහරක් වෙහෙසක් නොවී මුදල් උපයන්න හදන එක් ක්‍රමයක් මේක. තවත් සමාජයට පිළිලයක් නොවෙන්න උපරිම දඩුවන් දෙන්න දෙන්න ඕනේ. (නදී)
බාහිර සමාජ සාධක නිසා මේ තරුණයන් මීට පෙළඹුනා ඒ නිසා මොවුන්ට අනුකමපා කල යුතු යන කාරණාව මම නම් පිළිගන්නේ නැහැ. නැති බැරි කම් තියනවා කියල සමාජයේ හැමෝම සොරකම් කරන්න මංකොල්ල කන්න , කප්පම් ගන්න පෙළඹෙන්නේ නැහැනේ.(නදී)
මට නම් සැකයි මේක කලින් සැලසුම් කරපු දෙයක්ද කියලා....අපේ උදවිය හරිම හැඟීම්බරයි. ඒ නිසා මෙහෙම දෙයකින් රටේ සිදුවන මීට වඩා දේවල් අමතක කරවන ගමන් ලකුණු දා ගැනීමේ අභිමතාර්ථයක් වත්ද කියල සැකයක් පමණි......(ස)
මේ මිනිමරුවන්ව බේරගන්නත් ,නීති නිලදාරීන් ඉදිරිපත් වෙනවද ? (ස)
මම නම් මේ අපරාධය සාධාරණීකරණය කරන්න යන්නේ නැහැ. මේ ගොල්ල කෝටිපතියෝ එයින් ටිකක් අපිට දුන්නම මොකද වෙන්නේ කියලා අනුන්ගේ දාඩිය මහන්සිය කඩා වඩා ගන්න එක හොඳයි ද? (ස)
මට පේන හැටියට මේ සැකකරුවන් වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන නීතිවෙදියොත් මෙතන ඉන්නවා වගේනේ. මොවුන් මේ වැරැද්ද කලේ පවතින සමාජ ක්‍රමය වැරදි නිසා යනුවෙන් ජනමතයක් ගොඩ නගන බව දැනෙනවා. (ස)
දැන් මේ සැකකරුවන්ට අනුකම්පා කරන පරිත්‍යාගශීලින්ට පුළුවන් , ප්‍රධාන සැකකරුගේ ලක්ෂ 25 බැංකු ණය ගෙවල දාන්න උදව කරන්න. මේ වගේ නරුම වැඩ කල අයට මෙහෙම වෙන්න සාධාරණ හේතු ඇති කියල හිතනවා නම් දැනට හිරේට එල්ලුම් ගහට නියම වුන වෙනත් කට්ටියත් නිදහස් කරන්න වෙනවා. ඔය කියන පෙළඹීම් හේතු ඒ අයටත් ඇතිනේ .(නදී)
විරාජ්, මොවුන්ට නීතියෙන් දඩුවම් දිය යුතුයි . දරුවාගේ ජීවිතයට අනතුරක් නොකළ බැවින් ආයුද පෙන්වීමට යාම සැර වැඩියි . එහෙම කලොත් තම බිරිද සහ දරුවන් මරණ පුද්ගලයින්ට කරන්න දෙයක් නැතුව යනවා. (දී)
ගාමිණීගේ කතාව 100% හරි. (දී)
අල්විස්ට මට පේන විදිහට ගෑනු අජීරණයක් තියනවා වගේ,(ස)
මම සමස්තයක් වශයෙන් පොදුවේ කියපු දෙය වැටහිලා නැහැ. බැකු නය ගෙවන්නවත් ලක්ෂ ගණන් දෙන්න අදහසක් එම යෝජනාවේ නැහැ. මම කිවේ දුප්පත් දරුවෙකුට ඇදුමක් ,පොතක් අරන් නොදෙන සමහර ධනවතුන් ගැන. උට්ටෙන විර්යෙන් දියුණු උනා කියන හුග දෙනෙක් එහෙම නොවෙයි. මුලදී පවුලේ කෙනෙක් හෝ උදව් කරලා තියෙනවා .පසුව ඒ ගැන නොකියයි (නදී)
ගාමිණී මහතාගේ කතාව 100% හරි. ලංකාවේ මේ වගේ දේවල්වල අඩුවක් නැත්තේ අල්ල ගන්න අයගේ මුහුණු වහගෙන යන හින්ද තම. මොන ලබා ප්‍රයෝජන බලාගෙනද දන්නේ නැ ආරක්ස කරන්නේ (දී)
අන්තිමට කියාවිද දන්නේ නැහැ, අගතියට පත් දරුවාගේ පාර්ශවය කෝටිපතියන් බවට පත් වී මේ අවිහිංසක තරුණයන් මේ අපරාධයට පෙළඹුවා කියලා. මට නම් එදා ළමයා අරන් ගියාට දෙවියන්ට පොල් ගගහා අදහස් පල කරපු සමහරු අද කියන දේවල් ගැන පුදුමයි. (ස)
මරණ දඩුවම දෙන්න (දී)
තමන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරගන්න , ලැබෙන විදියට ජීවත් වෙන්න අකමැති සමහර උදවිය අන්තිමට කරන්නේ අනුන් දුක් මහන්සියෙන් ඉපයූ දෙය බලෙන් ගන්න හදන එක. තමන්ට ආර්ථික දුෂ්කරතා තියනවා කියලා කාගේ හරි දරු පැටියෙක් උස්සාගෙන ගිහින් කප්පම් ඉල්ලන එක සාධාරණීකරණය කරන්න මට නම් බැහැ. (නදී)
දැන් පුදුම රැල්ලක් විලාසිතාවක් යනවා. නැති බැරි කම් , සමාජ විෂමතා නිසා වැරදි මාර්ගයෙන් හරි සල්ලි සොයා ගත්තට කමක් නැහැ කියලා. තමන්ට අනුන්ගෙන් ලැබුනේ නැහැ කියලා ආඩපාලි කියලා හරියනවද උත්සාහයෙන් තමන් හරි හම්බ කරන්නේ නැතිව. ඊට පස්සේ වැරදි වැඩ කරලා අහු වුනාම සමාජ විෂමතාව නිසා මෙහෙම කළා කියල නිදහස් වෙන්න පුලුවන්ද ? (නදී)
දැන් සමහරු හිතන්නේ අසවල් උදවියත් මෙහෙම වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ , මේ බලවතා මෙහෙමලු දියුණු වෙලා තියෙන්නේ ඉතින් අපි කලොත් නරකද ? මේ ආකල්පය වැරදි බව දෙමව්පියන් විසින් කුඩා කලම තමන්ගේ දරුවන්ට ඒත්තු නොගැන්වීමේ විපාක තමයි මේ . අනුන්ගේ දේ කඩා වඩා ගැනීමේ වැරැද්ද කුඩා කාලයේ මේ තරුණයන්ට පෙන්වා නොදුන් වැඩිහිටියන්ට තමයි මේ වැරැද්දේ භාගයක් . යහපත් පවුල් පසුබිමක හැදුනා නම් මේ ටික කරගන්නේ නැහැ. (නදී)
තමන්ගේ ආදායමේ හැටියට ජීවත්වෙන්න අකමැති, මහන්සියෙන් සාධාරණව හම්බ කරන්න අකමැති, අනුන්ගේ දේවල් පැහැරගෙන ජීවත්වෙන අයට අනේ අපොයි කියන්න මම නම් ලැහැස්ති නැහැ. (නි)
කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න තිබුනා නේ. අනුන්ට මෙහෙම ගිනි ගෙඩි දෙන්නේ නැතිව. මොකටද ලක්ෂ ගණන් ණය ගත්තේ ගෙවන්න බැරි නම්. මේවා ට සුළුවෙන් දඬුවම් දීලා හරියන්නේ නැහැ. නැතිනම් අපිට ඉස්සරහට හැදෙන අපේ තරුණ කොල්ලන්ව වත් හරියට හදා ගන්න ලැබෙන්නේ නැහැ. (නදී)
මේ කට්ටියට අනුකම්පා කලොත් අනිත් තරුණයන්ට වැරදි පුර්වාදර්ශයක් වෙන්න පුළුවන්. මම සරසවි සිසුවෙක්. ආර්ථික අපහසුතා නිසා මම අමතර පන්ති පවත්තා සල්ලි ටිකක් සොයා ගන්නවා. අප්පච්චිගේ කුඹුරු වැඩටත් උදව් කරනවා. අපිට සල්ලි නැහැ කියන එක අනුන්ට ගිනි ගෙඩි දෙන්න නිදහසට කාරනාවක් නෙවෙයි. (නදී)
මහත්වරුනේ , මේ මිනිසුන්ට දඬුවම්නම් දීම අනිවාර්යයි නමුත් , මේ රටේ ඉන්න අය මිලියන ට්‍රිලියන බ්‍රිලියන වලින් හොරකම් කරනකොට පාගා ගහන කොට කොමිස් ගහන කොට මේ වගේ දේවල් මේ රටේ වෙන එක වලකන්න බැහැ. එහෙමනම් මේ හැමෝටම එකම හැන්දකින් බෙදන්න ඕන නේද ? මෙන්න මේ සමාජ විසමතාවය නැති කරපු දාට මේවා නවතී . නැත්නම් මේ මිනිස්සු නවතපු තැනින් හෙට තව කවුරු හරි පටන් ගනීවි (දී)
ආන්ටි පද්මිණි කියන විදියට ලංකාවේ තරුණ අයට දීමනා ලැබුනොත් ඔක්කොමලා පස්සට එලිය වැටෙනකන් නිදා ගෙන රස්සාවක් වත් සොයන්නේ නැතව තැන තැන තැන රස්තියාදු ගහාවි. ඒ විතරක් නෙවෙයි ටික දවසකින් තරුණ දීමනාව වැඩි කරව් කියල උද්ගෝෂණ පටන් ගනීවි. අපේ රටේ නිකම් ලැබෙන දේවල් වල අගයක් නැහැ . දියුණු රටවල පවතින සමාජ සුභ සාධන පටන් ගන්න කලින් අපේ රටේ අයගේ නිකම් ඉඳලා සල්ලි ලැබෙන්න ඕන කියලා හිතන ක්‍රමය වෙනස් කරන්න වෙනවා. නැතිනම් කිසිම කෙනෙක් අතක් පයක් හොලවා වැඩක් කරන එකක් නැහැ. මැරෙනකන් දීමනාවෙන් ජීවත් වෙන්න බලයි. ඒ බරත් වැටෙන්නේ මේ රටේ රස්සා කරලා බදු ගෙවන අයගේ කරට. අනේ මන්දා මට හිතෙන දේ තමයි මේ ලිව්වේ. (නදී)
මේ අපරාද කරුවන් සිව් දෙනා දරුවට අමානුෂික ලෙස සලකලා නැහැ. ඇත්තටම මේ මිනිස්සු දරුවා අරන් ගියාට දරුවට හොදට සලකලා තියෙනවා. මොනවා උනත් අපේ රටේ අද අපරාදකරුවන් දෙස බලන විට මේ මිනිසුන් දරුණු අමානුෂික නොවන බව තේරෙනවා. කරපු වරදට දැඩි දඩුවම් දීල අවුරුදු 20 ක් හිරේ නොතබා පුනරුත්ථාපනය කරන එක ගැන සලකා බලනවා නම් වඩාත් හොදයි (නදී)
අතක් පයක් කපල දැම්මොත් නරකද? . දැඩි දඬුවම් නැත්තම් අයෙත් ඕවගේ සිද්දි දකින්න ලබෙයි (දී)
උල තියන්නයි ඕනේ (නදී)
උපරිම දඩුවම් දෙන්න (දී)
මොකද මෙයාලව පෙන්නන්නේ නැතුව ගෙනියන්නේ (දී)
නිහාල් මහත්තයෝ දැනට ආහාරවලට ගහන බද්ද ආසන්න වශයෙන් 30% -50%ක් වගේනේ. ඉතින් ඔයා කියන්නේ ඒවා ඉවත් කරලා මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු කරපුවහම අපරාද අඩුවෙනවා කියලද? (නදී)
හොද 30%-50% ගල් පැලෙන බොරු කියන්න එපා බන්දුල මහත්තයෝ. එළවලු ගේන ලොරියට ගහන බදු, තෙල් වලට ගහන බදු, කෑම වලට ගහන බදු, අසුරන වලට ගහන බදු, උයන ගෑස් වලට ගහන බදු, පිටි පැකට් එකට ගහන බදු, කියන්න ගියොත් එලි වෙනකල් කියන්න වෙනවා . මේ ඔක්කොම එකතු කරලා බලන්නකෝ (නදී)
පිටබැද්දර ජයාට තේරුනාට බහුතරයකට ඕවා තේරෙන්නේ නැහැ .(දී)
පිටබැද්දර ජයා හරි (දී)
පොලිස් නිලදාරීන් හරියට වැඩ කරනවා දේශපාලනය නැති තැන. මේ මෝඩ, හොරු රැලට දියහැකි උපරිම දඩුවම් දිය යුතුයි. එවිට මෙවෙනි වැඩ කරන අය දෙපාරක් සිතාවි (නදී)
බන්දුලටත් ඉඳලා හිටලා වත් කටුකෑල්ලක් ලැබෙන පාටයි. එ්කට කමක් නැහැ . අවංකව කතා කරන්න. හිතට එකගව කතා කරන්න. එහෙම නැතිනම් නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න. (නදී)
සමහර අයට කොච්චර උදව් කලත් වැඩක් නැහැ . පහත් ගතිය එහෙමමයි. අපේ මහ ගෙදර අම්ම ගේ වැඩට සහයට ඉන්න ගෑනු කෙනාට අපි පවුලේ කෙනෙකුට වගේ උදව් කරනවා. කොටින්ම එයාගේ දුවගේ මගුල් ගෙදරට අපි දෑවද්දෙන් පවා උදව් කළා. එ්ත් දැන් දුව බැඳපු කෙනාගේ ආදායම මදි කියා කියා නිතර අම්මගෙන් සල්ලි ඉල්ලලා කරදර කරනවාලු. ඒ මදිවාට මම ඉන්නේ පිටරට බව දන්නා නිසා , එහෙ ඩොලර් වලින් හම්බු කරන ඒවා අපිට ටිකක් දුන්නට මක් වෙනවද කියා කියා ගමේ වටේ යන්න පටන් අරන්. මම අක්කට කිව්වා වෙනින් කවුරු හරි අම්මට උදව්වට සොයා ගන්න කියලා. අන්තිමට මේ රටේ වෙන දේවල් වල හැටියට අපි ළඟ කෝටි ගණන් සල්ලි ඇති හිතල අම්මාව උස්සන් ගිහින් කප්පම් ඉල්ලන්නත් බැරි නැහැ . (නදී)
හරි ලංකා තිලක් මහත්තයෝ කොහොම බදු ගැහුවත් ඒ මුදල් අපතේ යන්නේ නැහැනේ. අපගේ ප්‍රාදේශීය, පළාත් සහ ජාතික නායකයින් සහ ඔවුන්ගේ නිලදාරීන් විදේශ සම්බන්දතා දියුණු කර ගැනීම සදහා වසරකට ඇති විශාල විදේශ සංචාර ප්‍රමාණයක යෙදෙනවා. ඒ වගේම අපගේ නායකයන් ආරක්ෂා කර ගැනීමට යොදාගන්නා වාහන , නව ව්‍යාපෘතීන් , ඒවා විවෘත කිරීමේ උත්සව යනාදී පලදායි කටයුතු සදහා තමයි මෙම මුදල් ආයෝජනය කෙරෙන්නේ. (නදී)
විජේතිලක, ඒ දරුවට දෙමා පියන්ට දැනුනේ මරණ බය..නේද? (නදී)
දැන් ලංකාව අපරාද කාරයන්ගේ පාරාදීසයක් වෙලා .. (දී)
මේ තරුණයින් මෙවන් දේට පෙළබුනු හේතුන් සමාජ විශ්ලේෂකයින් විසින් සොයන්න ඕනා. ඔවුන් දරුවට භීතියක් ඇතිකරලා නැති බව දරුවාගේ මුහුණෙන් පේනවා. වයස 25 න එහා රැකියා නැති තරුණයින්ට රජයෙන් ජීවනාධාර දීමනාවක් ලබා දෙනවා දියුණු රටවල. (නදී)
ආ ! එහෙමනම් අපි දැන් හිරේට වැටිලා වෙලා ඉන්න අනෙකුත් කප්පම් කාරයොත් එලියට අරන් පුනරුත්තාපනය කරමු. කප්පම් කරුවන් කියන්නේ මානුෂික ගති ගුණ වලින් හෙබි අයවලුන් නේ (නදී)
මේ අපරාධකාරයන්ට , තරුණ කම , නැතිබැරිකම, අසරණකම, සමාජ විෂමතා ආදී කරුණු මත අනුකම්පා කර වරදට දඬුවම් ලබා දෙන්න ඕන නැහැ කියල හිතන කට්ටිය ඉස්සරහට කප්පන් කාරයන් ගෙන් තමන් ගේ දරුවන්ගේ ආරක්ෂාව තමන් බලා ගනීවි කියල මම බලාපොරොත්තු වෙනවා. (නදී)
පලවෙනි විත්තිකරු කියලා තිබෙනවාලු ඔහු මේ අපරාධයට කලින් සමුර්ධි සමිතියෙනුත් ඔහුගේ ලේකම් නිලය පාවිච්චි කරලා සල්ලි සොරකම් කළා කියලා. බැංකුවෙන් ලක්ෂ 25 ක අරගෙන ගේ උගස් තියලා. ඒක ගෙවන්නලු මේ අපරාධය කලේ. අනේ දැන් මේගොල්ලන්ට අනුකම්පා කරන කට්ටිය බැංකු උගස් නිසා පීඩාවට පත් අනිත් අයටත් අනුකම්පා කරන්න . මේගොල්ලන්ට විතරක් විශේෂ අනුකම්පා සාධාරණ නැහැනේ. (නදී)
මේකේ දාන කමෙන්ට් දෙක්කහම හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් කොච්චර පිරිහිලද , දරුණු වෙලාද කියල .. (දී)
මේ නඩුව දිගට වැඩි කල් අද්ද අද්දා ගෙනියන්න ඉඩ දෙන්න නරකයි. එහෙම වුනොත් ඒකෙන් වාසිය සැකකරුවන්ටමයි. චුදිතයන් නිදහස් කරගන්න හරි දඬුවම ලිහිල් කර ගන්න හරි , අර කළු කෝට් මහත්තුරු මොකක් හරි උප්පරවැට්ටියක් සොයා ගනීවි. (නදී)
රහස් පොලීසියේ විශිෂ්ට කාර්යබාර්යට අපගේ ප්‍රණාමය! (දී)
රාසික් කතාවට මමත් කැමති.අත පය ගලෝල අංගවිකල කරලා දමන්න ඕන.(දී)
පද්මිණි , ඇත්තටම විශ්ලේෂණය කරන්න ඕන මේ අයගේ දෙමව්පියොත් දරුවන් හැදුවේ මේ ක්‍රමයට සල්ලි සොයලාද කියලා. (නදී)
මරණ දඬුවම දෙන්න ඕන (දී)
අනේ පොලිස් මාමේ මේ මාමලා ටික ආයුද පෙන්නන්න එක්කගෙන යන්න කොහොම හරි (නදී)
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ . මෙහෙව් අපරාදයක් කරපු උන්ව බෙන්ස් වෑන් එකක එක්කගෙන යන්න ? අනේ පයින්ම දක්කාගෙන යන්න ආයුද පෙන්නන්න. (නදී)
මෙයාල මෙහෙම කලේ ඇයි කියල විශ්ලේෂණය කර කර ඉන්නකොට , තවත් ගෙවල් වලින් කවුරු හරි උස්සගෙන ගිහින් කප්පම් ඉල්ලලා විශ්ලේෂණයේ ප්‍රතිපල පෙන්වාවි. (නදී)
මක්ක කියනවද මේ පද්මිණි නැන්දේ. අපි දැන් මේ අයට දීමනාවකුත් දෙන්න ඕනෙද ? තමන් කරන බලු වැඩ වලට අනුන්ට වැරැද්ද පටවලා හරියන්නේ නැහැ (නදී)
ළමයාට හානි කලේ නැතිලු . හොඳට සලකලාලු . ඒ නිසා ලොකු වැරද්දක් නෙවෙයි ලු. බැරිවෙලාවත් ළමයා නැති දුකට අර මව් දෙමව්පියන්ට රුධිර පීඩනය නැගලා වැරද්දක් සිද්ධ වුනා නම් ඒකටත් සුළු දෙයක් කියනවද ? (නදී)
උඩ ඉන්න දෙවියෝ මේවාට දඩුවම් දෙනවා (දී)
වෙන්නේ මොකද්ද කියලා හරියාකාරව මිනිස්සුන්ව දැනුවත් කරන්න (දී)
මේවගේ වැඩ නැවත නොවෙන්න වැඩ කරන්න (දී)
නිතියට අනුව දඩුවම් දෙන්න (දී)
බන්දුල පෙරේරාට ඉක්මනින්ම ලගම තියෙන මානසික වද්‍යවරයෙක් හමු වෙලා බෙහෙත් ටිකක් අර ගත්තොත් නරකද. ඔය ලෙඩේ උත්සන්න වෙනකම් ඉදල පිස්සන් කොටුවේ ලගිනවට වඩා. (නදී)