ගල්ගමුවේ දරුවා පැහැරගත් සිව් දෙනා රැඳවුම් නියෝග මත රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කප්පම්කරුවන් එම දරුවා අඹන්පොළ නිවසක ද, අඹන්පොල හා මීගලෑව අසල කැලේ මහ ගල් තලාවක ද රඳවාගෙන සිටි බව ද කියති.
ඔවුන් සිම් කාඩ් හතක් පාවිච්චි කරමින් දරුවාගේ සීයා සමග කප්පම් ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එක් සිම් කාඩ් පතක් ලබාගෙන ඇත්තේ කොළඹ නාටාමි කෙනකුගේ හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමිනි.
සිම් කාඩ් සපයන්නකු එම හැඳුනුම්පතට සිම්කාඩ් දෙකක් නිකුත් කර ඇති බවත්, එම පුද්ගලයා ද දරුවා පැහැරගැනීමට ආධාර හා අනුබල දීම යටතේ අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වන්දනා නඩවලට අලුත් තැනක් හොයල දුන්නට ස්තුති කරනවා. දැන් ඉතින් ඔය ගල් ගුහාව බලන්න යමු ඔය ගමේ අහිංසකයින්ට තුට්ටු 2 ක් හොයා ගන්න පුළුවන් (නදී)
අපේ පොලිසිය දේශපාලනය වෙලා නැත්නම් නියම වැඩකාරයෝ ඉන්නේ ලෝකේ හොදම පොලිසියක් (නදී)
ඒ නඩුවේ සාක්කිකාරයා මැරිලා තියෙන්නේ ළිදේ හිටපු ගෙම්බෙක් ගොඩ දාන්න ගිහීල්ලාලු (නදී)
මේ වගේ අයට කකුල් දෙකෙන් එල්ලලා මැරෙනකම් ගහන්න ඕනා (නදී)
ලෝකේ තියන පොලිසි අතරින් අපේ ලංකාව පලවෙනි තැනට අපිට රටට ලොකු ආඩම්බරයක් ඒ වගේම මේ අපරාද කරුවන්ට නැවතත් මේ වගේ අපරාදයක් නොකරන්න උපරිම දඩුවම් දෙන්න ඕනි නෙතිනම් තවත් අහිංසක ජීවිත කියක් බිලිගනිද දන්නේ නැහැ ඉදිරි කාලේදී (දී)
මේවාට සම්භන්ධ සියලු දෙනාටම මරණ දඩුවම දෙන්න (දී)
තිරිසන් සතුන් මොන තරම් තමන්ගේ පැටවුන්ට ආදරෙයිද. තිරිසන් ගතිවත් මිනිස් තිරිසනුන්ට නොමැති එක දුකයි. (දී)
මේ දාමරිකයන්ගේ සිත් දරුවා වෙනුවෙන් දාමරික වෙලා නැහැ කියලා මම කියෙව්වා. ඔවුන් කුඩා දරුවට නුඩ්ල්ස් කන්නදීල නංගියෙකුත් සෙල්ලම් කිරීමට ගෙනත් දීලා. දරුවට කිසි අන්තරාවක් වෙලා නැහැ. කොහොම උනත් කරපු වැරැද්දට දඬුවම් කල යුතුය. (නදී)
මම පොලිසියට පොඩි උපදෙසක් දෙන්නම් ... ඔය කට්ටියව ගල්ගුහාව , කුලී ගෙවල් , ආයුද බලන්න එක්ක යනවා නම් අත් දෙක පිටුපසට කර මාංචු නොදා හොඳ රනින් සූට් ටිකක් එහෙම අන්දලා ගෙනියන්නල ...මොකද එතකොට පැනල දුවන්නත් ලේසියි අර වැඩේ කරන්නත් ලේසියි .. (දී)
මේ අයගේ දරුවන්ගේ වැඩ වලට අන් අයගේ දරුවෝ බිල්ලට තියනවා. අලුත් අපායක් ඉබේම හැදෙයි (නදී)
ඔව් ඔව් දැන් වටේම ඉන්න ගෑවිච්ච් කට්ටියටම තරු පෙනෙයි කොරපු නොසන්ඩාල වැඩේට නේද ? (නදී)
තවම මේ මංකොල්ලකරයන්ගේ මූනුපොඩි ටික රටට පෙන්නුවේ නැත්තේ ඇයි? (නදී)
පොලිසිය සිදු කරන ලද මෙහෙයුමෙන් දරුවාගේ ජීවිතය බේරාගෙන දරුවා පැහැරගත් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීම බෙහෙවින් අගය කරමු. (නදී)
ඇත්තටම මොකද මේ මිනිස්සුන්ගේ පින්තුර පල නොකරන්නේ. කොටහළු වුන ගෑනු ළමයින් ටිකක් හංගාගෙන ඉන්නවා වගේ ඇයි මේ මහජනයාට මේ නොසන්ඩාලයන් ටික නොපෙන්නන්නේ ? (නදී)
පොලිසිය මෙ දවස් ටිකෙ කට්ටිය කොටහලු කරවනව අැති ටිකක් ඉවසල ඉමු. ආයුද ටිකක් පෙන්නන කට්ටියම එක්කන් ගියානම් තවත් හොඳයි (නදී)
සිම් කාඩ් සපයන්න ආධාර හා අනුබල දීම යටතේ අත්අඩංගුවට ගන්න නම් බැහැ නේද? (නදී)
මම හිතුවා හරි. පොලිසිය දක්ෂයි. කප්පම් ඉල්ලු බව හෙළි නොකලේ දරුවා මරයි කියා. (නදී)
මැරයෝ නිදහස් කරන්නම නරකයි. මරණ දඩුවම දෙන්න (නදී)
මොකද මුන්ව මොනවා හරි හොයන්න එක්ක නොගිනිහින් අරන් අාවේ. කිසි කෙනෙක් මුකුත් කියන්නේ නෑ එහෙම කලාට. අඩු ගානේ නම් එක්ක පොටෝ එකක් වත් දාන්න පස්සේ හරි කමක් නැහැ නොඑන ගමන් යවන්න (නදී)
ඔය කොල්ලකරුවෝ ගල් ගුහාව පෙන්නන්න එක්ක යන්න, පරිස්සමින් ගල් ගුහාවෙන් වැටෙයි (නදී)
මේ වගේ අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
මම නං කියන්නේ ඔය හොරු ටික නැතිකරලම දාණ්ඩ ඕනා. නැත්තම් උන් හිරේ ගිහින් තව මගෝඩියෝ එක්ක එකතු වෙලා තව තව දේවල් කරයි. මට නම් පේන්නේ සුබ අනාගතයක් නෙමෙයි මරණ අනාගතයක් (නදී)
පොලිසියට මගේ ප්‍රණාමය. (නදී)
කාට හරි බැරිද මාවත් ඔය වගේ පැහැර ගෙන ගොසස් ගල් ගුහාවක තියල නැවත බෙර දෙන්න (නදී)