IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාගාල්ල තෙල් ගබඩාවේ සේවකයින් 03 ක් නිරෝධායනයට

(ජේ.කේ.එල්. චාමින්ද)

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන  රියදුරෙකු ඇතුළු සේවකයින් දෙදෙනෙකු  නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර අද (27) ඔවුන් පි. සි.ආර් පරීක්ෂණයට ලක්කිරිමට නියමිතව ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

තෙල්ගබඩාවේ සේවය කරන  සේවකයින් ගමන්ගත් කැබ් රථයක වැලිසර නාවික කඳවුරේ රාජකාරිකොට  නිවෙස්බලා යමින්  සිටි නාවික සෙබලුන් දෙදෙනෙකු ගමන්කොට ඇති බව පොලිසිය කියයි.

මින් එක් නාවික සෙබලෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති නිසා  මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන සේවයකයින් තිදෙනා පි. සි.ආර් පරික්ෂණයට  යොමුකිරීමට කටයුතු කරඇති බවද පොලිසිය පවසයි.

තෙල්ගබඩාවේ සේවය කරන සේවකයින් තිදෙනා  රාජකාරි කටයුත්තක් සඳහා   සංස්ථාවට අයත් කැබ් රථයකින් බෙලිඅත්තට යමින් සිටියදි  නාවික සෙබලුන් දෙදෙනා පින්නදුව අධිවෙගි පිවිසුමේ දී මෙම කැබ්රථයට නංවාගෙන ඇත.

මාගාල්ල තෙල් ගබඩාවේ සේවය කරන රියදුරු හා සේවකයින් තිදෙනා  ඉමදුව ගොනාමුල්ල හා හපුගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්  බවද පොලිසිය පවසයි. 

මාගාල්ල තල්ගබඩාව විෂබිජ හරණයට ලක්කළ බව ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින්ද කුමාර මහතා පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  අධික්ෂණය යටතේ මොවුන් ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

 

 



අදහස් (0)

මාගාල්ල තෙල් ගබඩාවේ සේවකයින් 03 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site