පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකාන නිවසට පොලිස් ආරක්ෂාව සලසා ඇත.
උදේට පොලීසියේ දෙදෙනෙකු ද රාත්‍රීයට දෙදෙනෙකු ද වශයෙන් මෙසේ ආරක්ෂාව දී ඇත.
පෙර දින රාත්‍රී සොරුන් පැනීම ගැන සෙවීමට පොලිස් සුනඛ කොන්සෝ ද රැගෙන එනු ලැබීය.
ඇගිළි සලකුණු විශේඥඥයෝද පරීක්ෂණ සඳහා පැමිණි සිටිති.
සොරුන් විසින් අවුස්සා දමන ලදැයි කියන මේස ලාච්චුවේ චෙක් පතක් හා තවත් ලියැවිලි තිබු බව පොලීසිය කියයි.
ගෙදර මුරකරු කියා ඇතිතේ කවුදෝ නාඳුණන මිනිසකු ලාච්චුව අවුස්සා පැන දුවනු දුටු බවයි.
තමාට ආරක්ෂාව සලසන ලෙස සමරවීර මහතා සතියකට පමණ පෙර පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.
ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට පොලිස්පති කැඳවන බවද කථානායක ඔහුට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චර ලොකු ගෙදර ලාච්චුවක් විතරද හොරු ඇදලා දැම්මේ ? ඇයි මෙයාගේ දේවල් හොයන්නේ? (නදී)
මේවා තිර නාටක ද? (ත)
දැන් ඉතින් මොකටද පොලිස් ආරක්ෂාවක්. හොරු ඇවිත් ගියානේ.(නදී)
ඔන්න අපි නම් ඕවට අල්ලන්න එපා.පසු ගිය නිවාඩු දිනවල අපි කොළඹ හිටියෙත් නැහැ.වෙනසකටත් එක්ක ඇවිදින්න ගියා.(දිල්)
"තමාට ආරක්ෂාව සලසන ලෙස සමරවීර මහතා සතියකට පමණ පෙර පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද කළේය" අනේ පව් එයාට එයාම ගහගෙනද දන්නේ නැහැනේ.(නදී)