බෙදුම්වාදය හා ආත්මාභිලාභය උදෙසා කටයුතු කිරීමෙන් බැහැරවීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ගෞරවාන්විත දේශපාලඥයකු වන ආර්.සම්බන්දන් මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පත්කිරීම රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රීලංකාවට ඇති කැපවීම පෙන්වා දීමක් බව ඔහුගේ අදහසයි.අලුත් ශ්‍රීලංකාවේ කිසිදු පුද්ගලයෙක් හට තම ආගම,ජාතිය,කුලය, හෝ ස්ත්‍රී- පුරුෂ භාවය නිසා සමාජයේ හිමිවිය යුතු තැන අහිමි නොවනු ඇති බවද ඔහු කියයි.
රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට මෙම ජාතික ආණ්ඩුව කැපවී කටයුතු කරනු ඇති බව කියන අමාත්‍යවරයා ජනතා අයිතිවාසිකම් සහතික කෙරෙන නව ව්‍යවස්ථාවක්ද සම්මත කිරීමට කටයුතු කරන බව පවසයි.මෙම ක්‍රියාමාර්ග වලින් රටට වගකිවයුතු රජයක් නිර්මාණය වනු ඇතැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදෙයක් ගැනම සුබවාදීව සිතන්න. රට කොටියාට දුන්නා කියලා මොරදෙන,පාවා දුන්නා කියලා කෑගහන උදවිය හිතන්න දැන් සම්පන්දන් ක්‍රියාකළ යුත්තේ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහය තුළ සිටයි. ඔහුට අවශ්‍ය දේවල් ලෝකයා ඉදිරියට ගෙනයන්න බැහැ වගේම දෙමළ ජනතාවට බැහැ ලෝකයාට කියන්න අපිට ශ්‍රී ලංකාවේ තැනක් නැහැ මහා ජාතිය සුලු ජාතින්ට සළකන්නේ නැහැ කියලා.විපක්ෂ නායකකම දීලා අනික් අය ඇස් පියාගෙන ඉන්නේ නැහැ නේද? අපේ හමුදාව ශක්තිමත් සේම ඔවුන්ගේ සෑම ඉරියව්වක්ම දැන් විනිවිදබාවයක් දැරිය යුතුයි. මන්ද ඔවුන් දැන් කරනා සියලු කාර්යන් ජාතික වේවා දේශීය විදේශීය වේවා ඔවුන්ට පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය ප්‍රතිපත්ති හරහා විතරයි යාහැක්කේ. එනිසා කලබල නොවී ඔවුන්ට රජයත් සමඟ ඉදිරියට යාමට ඉඩ සළස්වන්න. අපි දැනටමත් ලෝකය තුළත් ආසියාතික රටවල් අතරෙත් සෑහෙන පසුබෑමකට ලක්වෙලා ඉන්නේ. අපිට හැකියාව තිබෙන්න ඕනෑ ඔවුන්ගෙන් රටට සේවාවක් ලබාගෙන රටක් වශයෙන් ඉදිරියට යාමට (නි)
තම සතුට ප්‍රකාශ කිරීමේ වරදක් මා නම් දකින්නේ නැහැ (නි)
චතුර හරි (නි)
ජාතික නායකත්වයක් වෙනුවෙන් සුබ පැතුම්! (නි)
දැන් හරි ඕනේ කට්ටිය සෙට් වුණා.. වැඩේ පටන් ගන්නය් තියෙන්නේ (අ)
ඉතා හොඳ සාමකාමී මැතිවරණයක් පවත්වන්න පුළුවන් කියලා කවුද හිතුවේ? ඒ වගේම ජාතිවාදයටත් නැවතීමේ තිත මෙවර තැබෙයි. එතකොට ජාතිවාදීව හිතන අයටත් සත්‍යය අවබෝධ වේවි. (නි)
දැන් කට්ටියට සනීප ඇති නේද? (නි)
කොහිද ජාතික ආණ්ඩුවක් සන්ධාන අය බලන්නේ ආණ්ඩුවට ගත්තේ (අ)
ජයවේවා!(නදී)
මංගලට, ඕනේ ලංකාවත් එයාට හුරු පුරුදු යුරෝප රටක් කරන්න. නමුත් අපි කැමති ලංකාව, ලංකාව විදිහට දකින්න. අපි අපේ ශ්‍රී ලංකික අනන්‍යතාවය රැකගත යුතුයි. ලෝකයා දකින්න කැමති ඒ විදිහට. (අ)
මංගලට ඕනේ රටට හෙන ගැහුවත් තමුන් වැජඹෙන්න. (අ)
චතුර හරියට හරි. අනේ අපේ රට වෙච්ච වින්නැහියක්? (නි)
ජිවිත පරිත්‍යාගයෙන් නිදහස් කරගත් රට පවා දුන්නොත් සටන් කරන්න අපි ලැහැස්ති (අ)
අපේ රටේ සමහර මිනිස්සු වෛරයට පුදුම ආදරයක් තියෙන්නේ. ඔය සිංහල කියාගන්නා අයට බරපතල අසනීපයක් හැදුනහම ප්‍රතිකාර ගැනීමේදී දමිළ වෛද්‍යවරයා හොඳයි. ඊළමට හොඳම වැට ජාතික සමගිය බවයි මගේ වැටහීම (නි)
අහෝ සිංහල ජාතිය. බල ලෝබීකම නිසා වැනසෙන හැටි. ජනතා සංධානය විපක්ෂයේ සිට රජයේ හොඳ වැඩ වලට සහය දුන්නා නම් කෙතරම් අගනේද. (අ)
ජාතිවාදය තාමත් කියන්න එපා..වපුරන්න එපා..දෙමළ ජාතීන්ට මේ දුන්න අවස්ථාව නිසා ඔවුන්ට අපි සලකන්නේ නෑ කියලා ලෝකයට කියන්න බෑ..ලෝක ප්‍රජාවත් අපට එරෙහි වෙන එක නවත්වාවි..සම්බන්දන්ට සුබ පතමු..(අ)
හැමදේම සුබවාදීව විසඳෙයි (නි)
එයා සම්බන්දන්ට සුබ පතන්නේ ඇයි? (නි)
ජාතික නායකත්වයක් වෙනුවෙන් සුබ පැතුම්! (නි)
සමහරුන්ට නම් රටට මොනවා වුණත් වැඩක් නැහැ (නි)
මංගල සමරවීර වැනි හසල දේශපාලන බුද්ධියක් ඇති කෙනෙක් ගන්නා තීරණ රටට යහපතක් සහ ලෝකයට අප ගැන යහපත් ප්‍රතිචාර ගෙනදීමට ඉවහල් වෙනවා (නි)
සම්පන්දන් මහතා විපක්ෂ නායකත්වයේ තැබීම ප්‍රශ්නයක් නැහැ. නමුත් පළමු කතාවේම එතුමා කී දේ මෙහෙ අදහස් දාන උගත් අය එක දැක්කේ නැද්ද? ගණන් ගන්නේ නැද්ද? සම්පන්දන්ගේ මතය ජාත්‍යන්තර ගතකරන්න හොඳ වේදිකාවක් දැන් තියෙනවා (නි)
රොහාන්, ඔයා මොනවා කරන්නද? අපිට දැන් ඇත්තේ දෙන දෙයක් කාලා වෙන දේ බලාඉන්න එක පමණි. (නි)
දැන් ඉතින් සම්බන්දන් කියන ඕනෑ දෙයක් ලෝකෙට යන්නේ විපක්ෂ නායක විදිහට. ඉතාමත් නීත්‍යානුකූලව. කලින් කියපු කතා වැඩිය කවුරුත් ගණන් ගත්තේ නැහැ. අපේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ. (නි)
මේ රටේ අයට දවසක තේරෙයි (නි)
චතුර හරි. දැන් සම්බන්දන් කියන දේ ලෝකෙට යන්නේ නීත්‍යානුකූලව. පාර්ලිමේන්තුවේ පළමු කතාවේදී පැහැදිලිවම කිව්වේ මොකක්ද කියලා චතුරට ඇහුනද දන්නේ නැහැ. චතුර වගේ උදවිය බලාඉන්න. මේ ආරම්භය පමණි. (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
කළගුණදත් ආණ්ඩුවක් කියලා ඔප්පුකළා (නි)
සමහරු කියන්නේ සම්බන්දන් ජාතික වීරයෙක් කියලනේ. (නි)
මොනවා වෙනවද කියලා අපිට නම් හිතාගන්න බැහැ. අපි ඔහේ බලාගෙන ඉන්නවා (නි)