දුම්රිය සේවක වර්ජනයක දී කොටුව දුම්රියපොළේදී පොලිසියේ පහර කෑමට ලක් වු දුමින්ද හපුආරච්චි නම් දුම්රිය මගීයාට රුපියල් පනස් දහසක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද නියෝග කළාය.
2014 අප්‍රේල් 22 වැනි දා පොලිස් පහර දීමෙන් හිස තුවාල වී ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබු බව හපුආරච්චි මහතාගේ පැමිණිල්ලේ සඳහන් විය. පොලිස්පතිට හා නීතිපතිට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
හපුආරච්චි මහතා සෙලාන් සංවර්ධන සමාගමේ පරිපාලන කළමනාකාරවරයකු ලෙස සේවය කරයි.
වීඩියෝ හා ඡායාරූප - කෞශල්‍ය සමින්ද


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් මගේ කාර් එක කිසිම වරදක් නැතිව ගිය සතියේ නතර කලා වරදක් නොකළ බව කීවම නිවැරදි බව උසාවියේදී ඔප්පුකරන මෙන් පවසා රියදුරු බලපත්‍රය තබාගෙන උසාවි දිනයක් ලබාදුන්නා . (ර)
බොරු කියන්න එපා චින්තක ඕක වෙන්න ඇත්තේ 2014 අවුරුද්දේ. (අ)
ඔය පහුගිය ආණ්ඩුව කලේ පොලිසිය කරපු තවත් අමන වැඩක් පාරේ ගිය අසරණයෙක්ට ගහල හොද වැඩේ පොලොසියට ලයිසන් චන්ඩි වෙන්න ගිහින් කෝ අර මාගේ..කුරුල්ලා එයාගේ නියෝග තමා මේවා. (රේ)
මේ මුදල් දෙන්නෙත් ජනතාවගේ මුදලින්මයි. ඉතින් පොලිසිය කවදාකවත් හැදෙන්නේ නැහැ. මොන වරදක් කලත් ඔවුන්ට පුද්ගලිකව දඩුවමක් ලැබෙන්නේ නැති බව දන්නා නිසා. (කෞ)
කාගේ පැලුවත් 50000 නම් මටත් ඉන්නවා රජයේ ඉන්න ඇමතිලා කීප දෙනෙක් සහ හිටපු ඇමතිලා කීප දෙනෙක් ඔලු පලන්න.ඊටපස්සේ 50000 ගානේ ගෙවන එක නේ තියෙන්නේ......(කෞ)
වන්දි ගෙවලා විතරක් මදි. මේ වගේ අය පොලිසියෙන් ඉවත්කරන ක්‍රමවේදයක් ඇති කළයුතුයි. නැත්නම් නිලයෙන් පහළ දමා නැවත කිසිදින උසස්වීම් නොදෙන ක්‍රමවේදයක් ඇති කළයුතුයි. නමුත් කාටද ඇත්තටම ගුණාත්මක පොලිසියක් හදන්න අවංක උවමනාවක් තියෙන්නේ? (නි)
ගරු ,විනිසුරු තුමියට අපේ ප්‍රණාමය නිතිය නියම විදියට පොලිසියට කියා දීම ගැන ,(ම)
වන්දි මුදල මදි ..(කෞ)
රුපියල් 150,000 ගෙවන්න තිබ්බේ (හේ)
පොලීසියට විතරක් දොස් කියල හරියන්නේ. ඒ කලේ පොලීසිය හැසිරුනේ පාලකයන්ගේ උවමනාවට. (රේ)