IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මීගමුවේ කඩා වැටුණේ මිනින්දෝරු කුළුනක්

මීගමුවේ කඳවල කඩා වැටුණු කුළුන ඕලන්ද කුළුනක් නොවන බවත් එය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකෝණමිතික ජාලයේ බස්නාහිර පාදක රේඛාවේ උතුරු අන්තය වන කඳවල කුළුන බවත් ලියාපදිංචි බලයලත් මිනින්දෝරු සුනිල් සෝමසිරි මහතා පවසයි.

ගාල්ල කොටුවේ දී 1800 අගෝස්තු 02 දා ඇරඹි මිනින්දෝරු දෙපාර්තමෛ්න්තුවේ ආරම්භක මිනුම්පති බ්‍රිතාන්‍ය ජාතික ස්නයිදර් මහතා ඇතුළු ආරම්භක මිනින්දෝරුවෙන් පස් දෙනා මුලින්ම මිනුම් කටයුතු අරඹා ඇත. ශ්‍රී ලංකාවේ හැඩය නිවැරදිව දැන ගැනීම සඳහා 1857 දී ත්‍රිකෝණමිතික ජාලයක් සකසා ඇති අතර එහි ආරම්භක පාදක රේඛාවේ උතුරු අන්තයේ මේ කුළුන පිහිටා ඇත. එය ඉදිකර ඇත්තේ මිනුම්පති ගොසෙට් මහතාගේ උපදෙස් පරිදිය.අඩි 125ට වඩා උසකින් යුත් කුළුන නිමවා ඇත්තේ ගඩොලිනි. එහි මැද තඹ තහඩු ස්ථාපිත කර තිබූ බැවින් වැරදි වැටහීමකින් කුළුන කඩා දමන්නට ඇතැයි ද සැකයක් පවතින බව සෝමසිරි මහතා කියයි. කටුනායක හල්ගස්තොට ද, මඩකලපුවේ ද මෙවැනි කුළුනු තවමත් දක්නට ලැබෙයි.

සෝමසිරි මහතා පවසන්නේ 2000 වර්ෂය දක්වාම මේ කුළුනු මිනුම් කටයුතු සඳහා භාවිතා කළ බවයි. වර්තමානයේ චන්ද්‍රිකා තාක්ෂණය බාවිතයෙන් ස්ථානයක් නිවැරදිව හඳුනාගැනීමේ ගෝලීය ස්ථානී්‍ය පද්ධතිය (ජී.පී.එස්.) තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නා බැවින් භාවිතයෙන් ඉවත්කැර ඇත. එසේ වුව ද ඓතිහාසික හා අධ්‍යාපනික වටිනාකමක් ඇති බැවින් මෙය මිනින්දෝරු සිසුන්ගේ විශේෂ අවධානයට ලක්විය.

මේ කුළුන සංරක්ෂණය කළ යුතු සම්පතක් ලෙස හඳුනාගෙන තිබූ බවත් වසර සියයකට වඩා පැරණි බැවින් එය ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ බවත් ඔහු පවසයි. මේ කුළුනුවල වැදගත්කම සළකා බලා ඉතිරිව ඇති කුළුනු සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ද මිනින්දෝරුවරු ඉල්ලා සිටිති.

 



අදහස් (0)

මීගමුවේ කඩා වැටුණේ මිනින්දෝරු කුළුනක්

වසන්ජය Thursday, 03 December 2015 04:28 PM

යටත් විජිත සමයේ කොළඹ ගොඩනැගිලි බලන්න ගිය අය මේ ගැනත් සළකා බලත්වා! (නි)

:       0       0

කපිල Thursday, 03 December 2015 07:14 PM

මොකක් වුණත් ඉතින් අපරාදෙනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site