ගිය රජය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට ඉදි කළ වරායථ ගුවන්තොටුපොළ ඇතුළු ව්‍යාපෘති වැඩියෙන්ම විවේචනය කළේ තමා බවත්, ඒත් මහජන මුදලින් ගොඩනැගූ එම යෝජනා ක්‍රම සුදු අලියන් වීමට ඉඩ නොතබන බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හම්බන්තොට දී ප්‍රකාශ කළේය.
සජිත් ප්‍රේමදාස හා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරුන් ද, නිලධාරීන් ද සමඟ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට, අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව, උද්භිද උද්‍යානය, පරිපාලන ගොනැගිලිසි සංකීර්ණය, සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය හා සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගනය පරීක්ෂා කළ අගමැති නිලධරයනට උපදෙස් දුන්නේ මෙම යෝජනා ක්‍රම වැඩට යොදාගෙන ආදායම ඉපයිය යුතු බවයි.
නිදසුනක් වශයෙන් සමුළු ශාලාව මංගල උත්සව වලට පවා ලබා දීමේ ඉඩකඩ සොයා බලන ලෙස ද ඔහු නිලධරයනට උපදෙස් දුන්නේය.
ඉන්දියා හා චීන ආයෝජකයන් මෙම පෙදෙස්වලට විශේෂයෙන්ම මත්තල වරාය ආශ්‍රිත කර්මාන්ත සඳහා ගෙන්වා ගැනීමේ ඉඩකඩ සොයා බලන ලෙස ද අගමැති ඔවුනට කියා සිටියේය.
(ජායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මහින්දගේ වැඩ.....? අතිවිශිෂ්ටයි සර්... (නි)
සමහරුන්ට ගලේ පහරපු බළලුන්ට වුණු දේ දැන් වෙලා තියෙන්නේ (නි)
මට නම් මේකේ අදහස් බලනකොට දුකත් හිතෙනවා. කොයි රජයෙන් කළත් ඕවා ගොඩනගන්නේ මහජන මුදල් වලින්. අනිත් රටවල් විශේෂයෙන් යුරෝපය , ඇමරිකාව වගේ රටවල් දියුණු වුණේ මහජන මුදලින් හදන දේවල් මොන රජය බලයට ආවත් ඒවා ඉදිරියට ගෙනයන නිසා. නමුත් අපේ රටේ මේ ආණ්ඩුවෙන් හදන දේ ඊළගට එන ආණ්ඩුවෙන් නතර කරනවා. ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ? (නි)
බලය ගන්න එක එක කතා කියනවා. බලය ලැබුනහම කියපු බොරු වක්‍රාකාරයෙන් සාධාරණීකරනය කරනවා. ඒක තමයි ලංකාවේ දේශපාලනය. ඡන්දදායකයා හැමදාම රැවටෙනවා. (නි)
කවදාහරි මේ රටට ඉතුරු වෙන්නේ එතුමා කළ දේවල් විතරයි. දැන් ඉන්න අය දන්නේ කියවන්න විතරයි. (නි)
මේවට අපි රැවටෙන්නේ නැහැ. අපිට ඕනෑ මහින්ද මහත්තයාමයි. (නි)
මෙයයි නියම බුද්ධිමත්කම (නි)
මේවා කියලා විතරක් නම් මදි (නි)
හොඳ කතාවක් (නි)
ඇත්තටම හොඳ අදහසක් නේද අහන්න ලැබුනේ. (ර)
දැන් ඉතින් කරන්න තියෙන්නේ ඒ කාලේ මහින්ද කරපු මහා පරිමාන වැඩ බලන්න සාක්කු දෙකේ අත් දෙක ඔබාගෙන රට වටේම ගිහින් ඔය වගේ මොනවා හරි කියන එක තමයි .. අපි නම් හිතුවේ ඡන්දෙට කලින් ගහපු කයියේ හැටියට දිනන දාට පහුවෙනිදා ඉඳල ඇමරිකන් , එංගලන්ත ප්‍රංශ ජර්මන් ආයෝජකයෝ , සංචාරකයෝ මේ රටට පෝලිමේ එයි කියල .. දැන් බලද්දී මෙයා ඉන්දියන් චීන ආයෝජකයන්ට අඬගහනවා.. (බ)
හොඳ දේවල් වෙනස් කරන්න ඕන නැනේ. (ර)
මොකද්ද ඒ වෙනස.? (ර)
සමහරු මෙතන පුම්බගෙන හරියට ඒගොල්ල කරපු දේවල් වගේ පෙන්නුම් කරාට මොකද මුළු රටම දන්නවා කවුද කරේ කියලා. (ර)
අපිත් මෙයාලට දුන්න තමයි. ඒත් පසුගිය කාලේ කරලා තිබෙන සංවර්ධන වැඩත් එක්ක සසදලා බලනකොට යහපාලනේ කළ වැඩක් නැති බව තේරෙනවා. අපිට වැරදුනා කියල හිතෙනවා වෙලාවකට.පක්ෂේ මොකක් වුණත් අපේ රට ගොඩ ගන්නේ නැත්නම් ඒ පක්ෂෙන් අපිට වැඩක් නැත. (බ)
ඔය එන්නේ වටින් ගොඩින් පොල් පැලේ කාගෙන. (ර)
කවුරුත් දැනගන්න ඔය මිනිස්සු බොරුවට දැඟලුවට මේවා ඉස්තරම් ආයෝජන. (නි)
ඔය වරාය හදන්න හදපු හැම වෙලාවේම එදා හිටපු නායකයන්ට රටවල් කිහිපයකින් ( ඉන්දියාව, සිංගප්පුරුව) බලපෑම් ආව මේක කරන්න එපා කියල. හේතුව ඔවුන්ගේ වරායවලට එයින් පහරවදින නිසා. 1990 ගණන්වල ජපානය සල්ලි දෙන්න ගියත් සිංගප්පුරුවේ බලපෑම නිසා අන්තිමේදී එම මුදල් හම්බන්තොටට නොදී ගාලු වරායට දුන්න. මේකයි සත්‍ය. නමුත් මහින්ද සුපුරුදු විදිහට බලවතුන්ගේ බලපෑම්වලට යටත්නොවී මේකත් කළා. අන්තිමට මහින්ද ගෙදර යවන්නට මේ රටවල් උපරිම බලපෑම් කළා. ඒ තමයි ලෝක දේශපාලනේ. අන්තිමට අපි අපේ රට ගොඩගත් එකාට වැටෙන්න ගහනවා.හිරේ යවන්න බලනවා. රූකඩ ආණ්ඩු තියන එක විදේශයන්ට වාසී සහගතයි. (බ)
පුදුමයි නේද? හිතා ගන්නවත් බැහැ නේද? කොටි පරාද කල එකත් පුදුමයි නේද? හිතා ගන්නවත් බැහැ නේද? මහින්දට යන යන තැන ජය ගෝසා. හිතා ගන්නවත් බැහැ නේද? (ර)
ලිඳෙන් වතුර බීල ගඟට ආවඩන්න එපා. (ර)
බුද්ධිමත් නායකයෙක් එහෙම තමයි කළයුතු. තැන ගැළපෙන්නේ නැති වුණාට රටට වරායවල් සහ ගුවන් තොටුපොළවල් අවශ්‍යයි. ඒ ළඟ කර්මාන්තපුර ඇතිවෙද්දී ඔය දෙකම ප්‍රයෝජනවත් වෙයි. කවුරු කළත් ගිය වියදම උපයන්න ඕනෑ. (නි)
රටට වැඩක් වෙන දේකට අපේ සහයෝගය. (ර)
උපන් ගමන් දරුවන් ඇවිද්දවන්න බැහැනේ. ඒ වගේම තමා වරාය හා ගුවන්තොටුපළත්. ඒක නොදැන නෙමෙයි පසුගිය කාලයේ සමහර දේශපාලනඥයින් මේවාට අවමන් කළේ. මෙම ව්‍යාපෘතිවල නියම ඵලය 2020 දී විතර බලාගන්න පුළුවන්. එදාට මහින්දට මිනිස්සු දේවත්වයෙන් සළකාවි. (නි)
ඇත්ත විය යුත්තේ එයමයි. මහජන මුදල් වලින් ගොඩ නැගු ව්‍යප්පෘති රටට පලදායි ලෙස කළමනාකරණය කිරීම රජය සතු වගකීමකි. ගිය ආණ්ඩුවෙන් සිදු නොවුණු ඒ දේ මේ ආණ්ඩුවෙන් හරි විය යුතුය. (ර)
මාගම්පුර ගුවන් තොට කෙසේ වෙතත් වරයා නම් සුදු අලියෙක් නොවේ . ඒ සම්බන්දයෙන් සියලු ගෞරවය හිටපු ජනාදිපති තුමාට දෙන්න ඕන. කෙසේ වෙතත් ඔබ තුමා දුරදර්ශි නායකයෙකු ලෙස මේ දේවල් රටට හිතකර ලෙස කළමනාකරණය කල යුතුය. (ර)
හොද අදහසක්. කර්මාන්ත පුර දැම්මොත් අඩුමගානේ කාර් හරි ගෙන්න ගන්න පුළුවන්. (ර)
හොඳ වැඩකට අපගේ සහයෝගය. (ර)
රටට ආදායමක් ඵන විදිහට සංවර්ධනය කළයුතුය. මොකද 2050 වෙනකම් පොළිය සමඟ ණය වාරික, ජනතාවට බදු මුදල් ගෙවන්නට සිදුව තිබෙනවා (නි)
හොඳ කතාවක් (නි)
හොද දෙයක් කියලා තියනවා. එහම තමයි වැඩ කරන්න ඕන. මහින්ද හදුපු දේවල් කියලා වල් වැදෙන්නේ දෙන්නේ නැතුව එයින් ප්‍රේයෝජනයක් අරගන්න ඕන. (ර)
කතාවනම් ඇත්ත , කවුරු හැදුවත් මේවා රටේ සල්ලි අනාගත දරු පරපුරට යහපත් ගෞරවනිය දිවියකට මේවා ආයෝජනය විය යුතුයි. (ර)
දියුණු කර භාවිතයට අරන් අදායම් ලබන ඒකතමා යහපාලනය. ඔබලාට ජය.! (ර)
මේවා සුදු අලි කළේ හිටපු විපක්ෂේ කට්ටිය. දැනුත් කරන්නේ ඒකම. රටට වැඩක් කරනකොට හිනාවෙනවා බලය ලැබුනම කරගන්න බැහැ (බ)
මේවා බලන්න ආවට මේවායෙන් වැඩක් වෙයිද? (නි)
හිතාගන්නවත් බැහැ නේද? (ර)
හොඳ වැඩක්. (ර)
මම මේ ටික කියන කොට මට බැන්නා. මම කිව්වේ මේක කොච්චර මුදල් නාස්තියක් කරලා කරපු ඉදිකිරීමක් උනත් එකෙන් ප්‍රයෝජන නොගෙන ඉන්නේ නැහැ කියලා. (ර)
ඇඟිලි ගහන දෙයක් නැහැ මේ තමයි ඉදිරි අනාගතය ගොඩ නගන්න් කල දේ. සංවර්දනය හොදින්ම පේනවනේ. (ර)
ඒ දවස් වල කරපු කියපු දේවල් දැක්කම දැන්නම් හිනා නොවීම බැහැ. (ර)
රාජ්‍ය නායකයෙක් ඉදිරිය දෙස බැලිය යුත්තේ ඔය කල ප්රෙකාශය ආකාරයෙන්මයි පෙර රාජ්‍ය නායකයොත් එලෙස කලා නම් අද අපි දිනුම් . (ර)
මේවා අහනකොට හිනා යනවා. (ර)
කොහොමද මහින්දගේ වැඩ ? අති විශිෂ්ඨයි සර්. (ර)
ඉතා අනගි කියමනක් ජයවේවා.! (ර)
හොදම කොමෙන්ට් එක ටෙනිසන් ගෙනි (බ)
හොඳයි අපි බලමුකෝ... (නි)
අනාගත ශ්‍රී ලංකාවේ අගමැති නිමල් සිරිපාල මැතිදුන් තමයි ..(බ)
මේ අර ප්ලේන් එන්නේ එයාර් පෝට් එකයි නැති නැව් නැති හාබර් එකයි නේද? (ර)
වී ගබඩා කළේ සුදු අලියා කළු කරන්න ඕනෑ නිසා වෙන්න ඇති. (නි)
බුද්දිමත් තීරණයක්. (ර)
බොහොම හොඳ තීරණයක් .රටේ අද දවසේ සිදුවන දේශපාලන හැලහැප්පිලි එක්ක තව අවුරුදු කීයකට මෙවැනි සංවර්දන කටයුතු සිදුවේද කියා කියන්න බෑ එනිසා තිබෙන දෙය රැකගෙන එය තවතවත් වර්ධනය කරගැනීම ඉතාම හොඳ දෙයක්. (ර)
මොන ආණ්ඩුවක් හැදුවත් දැන් හදලා ඉවරයි. අවසානයේදී මේවට ගෙවලා තියෙන්නේ, ගෙවන්න වෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි. ඒක නිසා ආණ්ඩුවට වගකීමක් යුතුකමක් තියෙනවා මේවායෙන් සල්ලි උපද්දවන්න. එහෙම නොකළොත් මේවා අටවලා සල්ලි ගසාකාපු අයගේ චෝදනා සනාථ වෙනවා. බොහොම හොඳ පියවරක් අගමැතිතුමනි. (නි)
කාටද ආඩම්බර අපේ නායකයාගේ වැඩ අති ගරු මහින්ද මැති තුමා. (ර)
මනින්ද මහතාගේ ඉඳිකිරීම් පාච්චල් කලාට එම ඉඳිකිරීම් තිබෙන්නේ කොහෙද කියා සොයනවා වගෙයි. (ර)
මේකනම් හොඳ දෙයක්. (ර)
සරත් ඔබ හරි. (ර)
ශාන්ත..දුප්පත් ජනතාවගේ නෙමෙයි ..රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි..(බ)
පේනවා නේද මහින්දගේ වැඩ. මේවා කොහොම කරාද කියලා හිතෙනවා නේද. (ර)
තිලක් ඩුබායිට මොකක් වෙලාද සද්ද නැත්තේ . (ර)
දැන් කළයුත්තේ මෙම ව්‍යාපෘති රටට ධනයෝජන මාර්ග බවට පත් කරගැනීමයි. ඒකට පක්ෂ විපක්ෂ භේද අවශ්‍ය නැහැ. (නි)
මේවා මහජන මුදලින් කළ දේවල් මිසක් කවුරුත් පුද්ගලික මුදල් යොදවා නැත. රටේ මුළු ජනගහණයම කෝටි ගණන් ණය වීමෙන් එක පළාතක් සංවර්ධනය කර ඇත. මේ පළාතේ අධික අවුවට පිච්චෙන නිසා සංචාරක ආකර්ශනයක් නැත. පළාතේ අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා කර්මාන්ත කළහැකියි. (නි)