2010 අගොස්තු 15 වැනි දා හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ නර්ථන ප්‍රසංගය සඳහා රුපියල් ලක්ෂ 150ක් ගෙවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියේ මූල්‍ය අධ්‍යක්ෂිකා ශිරානි වන්නිආරච්චි මහත්මිය ලබන 28 වැනි දා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව එහි ආරංචිමාර්ග කියයි.
චන්න උපුලි රංග ආයතනයේ චන්න විජේවර්ධන සහ උපුලි පණීභාරත ද රුපියල් 6888125ක ගෙවීමක් ලද බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් තහවුරු වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 68 ක් කියන්නේ ලොකු මුදලක් බව ඇත්ත. නර්තන ශිල්පීන් 200ක් මාස 2ක් පුහුණුකර, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් ලබාදී, ශාලා සහ ශබ්ද විකාශන යන්ත්‍ර කුලී ගෙවා, ඇඳුම් ආයිත්තම් 200ක් නිර්මාණය කර, තවත් නර්තනයට අවශ්‍ය උපකරණ නිර්මාණය කර, වේශ නිරූපණ ශිල්පීන් ආදී අයට ගෙවීම් කර, ලක්ෂ 68කින් කරපු එකත් ලොකු දෙයක්. නිකන් මුදලේ අගය විතරක් දිහා බලලා අදහස් දාන්න එපා. (නි)
කොච්චර ලොකු වියදමක්ද? (නි)
නැවක් එන්නෙත් හරියට හාවා හඳ දකිනවා වගේ අවුරුද්දකට එකයි.මේ වියදම් කරන්නේ අසරණ මිනිසුන්ගේ හාල් ටිකට පාන් ගෙඩියට ගහන බදු මුදල් වලින්. (නි)
ලක්ෂ 68ක් නැටුමට ගියා නම් 150න් ඉතිරි සල්ලි වලට මොකෝ වුනේ ? (බ)
ඉතිරි 82 අති ගරු තුමා සාක්‍ය වංශයෙන් පැවත එන කෙනෙක් කියල කියපු කෙනා ගත්තද දන්නෙත් නැහැ එයත් ඕකට සම්බන්ධයි නේද? (බ)
අහවලා ප්‍රසිද්ධ කලාකරුවන්ට අත දිගහැර ජාතික ධනය වියදම් කරා ඔවුන්ගෙන් මතු ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්. මේවා අල්ලස් ගණයටයි වැටෙන්නේ (බ)
ලක්ෂ 68ක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මේ ආකාරයට තමා රට සංවර්ධනය කරලා තියෙන්නේ (නි)
මුළු රටම කාල අපිවත් කෑවා (බ)
මේ දෙන්නා එසේ මෙසේ කලාකාරයෝ නෙමෙයි. එවැනි මිනිසුන්ටත් අපහාස කරන්න නම් එපා. මොවුන් උසස් කලාකරුවන් (නි)
කලාකරුවන්ට ගෙවලා තියෙන්නේ 68 නම් ඉතිරි 82 ට මොකද වුණේ? මේවා දුප්පත් මිනිසුන්ගේ සල්ලි. (නි)
මේක නැටුමක්ද නැත්නම් නැට්ටක්ද (අ)
තුන් පාරක් නැටුවනම් ජීවිතේටම ඇති (බ)
මොන නැටුමක් වත් නැතුව බැඳුන්කර නිකුත් කිරීමෙන් කෝටිගාණක් ජනතාවට අහිමි වුනේ. (බ)
නැටුමට ලක්ෂ 150? අපි ඒ දවස්වල පැට්‍රල් ලීටරයට රුපියල් 170 ගෙවුවා. අපේ බදු සල්ලි වලට කරපුවා තමා මේ. ඒ දවස්වල ආණ්ඩුවේ ඇමතිකම් දරපු දැන් යහපාලන ආණ්ඩුවේ ලොකු ලොකු ඇමතිකම් දරන මිනිස්සු සහ ඔවුන්ට ඡන්දෙ දෙන ඡන්දදායකයනුත් මේවට වගකිවයුතුයි (නි)
රෝහිත- පත්තරවල යන හැම දේම ඇත්තද නැත්තද කියලා කොණ්ඩයගේ සිද්ධියෙන් පේනවනේ. තමුන් බැඳුම්කර ගැන ඉගෙන ගත්තෙ තොත්ත බබෙක්ගෙන් නම් තමුන්ගේ ඔලුව ගැන හිතා ගන්න පුළුවනේ.තාමත් ප්‍රශ්නය විවෘතයි.මහ බැංකු බැඳුම්කර නිකුතුවෙන් රටට වෙච්ච පාඩුව මොකක්ද?එක එක දවසට එක එක ගණං කියන්නේ නැතිව හරියටම ගාණ හදලා කොහොමද වුනේ කියලා කියමුකො බලන්න. (බ)
ප්‍රසන්න දැන් ඉන්න විපක්ෂේ ඒවා ගැන අහන්නෙවත් නැහැ, කෝ දාපු නඩු ඉල්ලා අස් කරගත්ත, කොතන උනත් වංචාව වංචාවමයි (රේ)
ප්‍රසන්න කියන්නකො බලන්න බැදුම්කර වලින් කොහොමද අහිමිවුනේ කියලා? නොදන්න දේවල් කතානොකර ඉන්න....(රේ)
මේගොල්ලන්ට මොකද ණයට ගත්ත සල්ලි වලට ගිනි පොලිය ගෙවන්නේ අනාගත පරම්පරවනේ ? (ර)
68 ලක්ෂයක් අරගෙන කළ නැටුම රූපවාහිනියෙන් පෙන්වන්න තරම් වටිනවා. බුදු අම්මේ! හිතාගන්නත් බැහැ. ලක්ෂ පහක්ද? දහයක්ද? 68 ලක්ෂයක්? අනේ කොහොමහරි ඔය නැටුම නැවත විකාශනය කරන්න කියන්න. (නි)
කුලසිරි බුදවත්ත, පියාසර සිල්පදිපති වැඩේ ඇය තමඊ නියම ශ්‍රී ලංකික කලා කරුවෝ. මේ කණ්ඩායම ලාංකික නැටුම් ඉන්දියානු බොලිවූඩ් නැටුම් සමග කලවම් කරලා බාගෙට හෙලිකොට්ටෙන් නටන ඇය. පරණ ආණ්ඩුවේ අයට තමයි මෙවැනි නැටුම් ලක්ෂ ගනම් දීලා පෙන්නුවේ....(රේ)
මේ නාමල්ටයි කියන්නේ.ප්‍රසන්න කියලා තියන දේ මුළු ලංකාවම දන්නවා. ඔයා දන්නේ නැතිවුණාට. පහුගිය පත්තර ටිකක් අරගෙන බලන්න. නැත්නම් පාසල් යන ළමයෙකුගෙන් අහන්න. (නි)
තවත් කලාකරුවෙක් කොමිසමට කැඳෙව්වා නේද? ඒ පිළිබඳ තොරතුරු මොනවාදැයි කියාත් දැනගන්න කැමතියි (නි)
ඔය නැටුමට ගිය මුදලින් අංග සම්පූර්ණ පාසලක් හදන්න තිබුනා. රෝහලකට බෙහෙත් දෙන්න තිබුනා. දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලට මේවද කලේ.(හේ)