මහකන්නයේ වගා ආරම්භ වි ඇති අවස්ථාවේ වෙළඳ පොළේ පොහොර සඟවා ඇති බවට තොරතුරු ලැබිම නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පොහොර කඩ වැටලිමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන මහතා සඳහන් කලේය.
රජය ඉදිරියේ දී පොහොර සහනාධාරය වෙනුවට ගොවින්ට මුදල් ලබා දිමට දැනට පියවරක් ගෙනඇති බවට තොරතුරු ලැබිමෙන් පසු වෙළඳ පොළෙන් ගොවින්ට පොහොර මිළ දී ගැනිමට සිදුවන හෙයින් පොහොර තොග සඟවා ඇති බවට ගොවින් ගෙන් පැමිණිලි ලැබි ඇති හෙයින් මෙම වැටලිම් පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන්ගේ මෙහෙය විමෙන් දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩව සිදු කරන බවද ලෝචන මහතා කිය.
මෙවර මහකන්නයේ පොහොර සහනාධාරය සඳහා පොහොර වි වගාවට ලබා දුන්නද අතිරේක වගාවන් සඳහා ගොවින්ට පොහොර වෙළඳපොලෙන් මිලදි ගැනිමේ දි වෙළඳ පොලේ පොහොර නොමැති බව ගොවියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd