(ලක්මි කුඩලිගම සහ ප්‍රේමතිලක පෙරමුණ)
තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දෙණියාය ප්‍රදේශයේ තම නිවසේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවිම සදහා පැලවත්ත සිට නෙලුව දෙසට ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත
ඒ මහතා ගමන් කළ ටොයෝටා වර්ගයේ පුද්ගලික කාර් රථය මාර්ගයේ ආරක්ෂක ආවරණ වැටෙහි ගැටි අඩි 30 පමණ ප්‍රපාතයකට පෙරලිගොස් ඇති අතර එහිදී ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා මැදගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
තිනියාවල පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd