IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මගේ සින්දු දැන් ඇහෙන ගීතවලට වැඩිය වෙනස්

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ගායන ශිල්පිනියන් අතර ප්‍රමුඛස්ථානයක් හිමි කරගත් ගායිකාවක ලෙස ශෂිකා නිසංසලා හඳුන්වාදීම වරදක් නොමැත. අද කතාබහ ඇගේ නවතම ගීතය හා නූතන ගීතයේ වතගොත සම්බන්ධයෙනි.

අලුත්ම ගීතයෙන් කතාබහ ආරම්භ කළොත්?

අලුත්ම ගීතය තමයි 'ඇස් දෙක පුරා'. තිළිණ රුහුණගේ තමයි එය සංගීතවත් කළේ. රචිතා වාකිෂ්ට තමයි පද රචනය කළේ. තිළිණ එක්ක දැනට වසර හතරකට පහකට කලින් හමුවුණු වෙලාවක සින්දුවක් කරමු කියල කතා කළා. නමුත් කරන්න බැරිවුණා. පසුව හමුවුණු වෙලාවක තමයි මේ ගීතයට අවස්ථාව සැලසුණේ. එහිදී තිළිණ මට ගීතය එවල තිබුණා. වීඩියෝවකුත් සමග ජනප්‍රිය රටාවේ එක ගීතයයි වසරකට නිර්මාණය කරන්නේ. මම මගේ සැමියත් එක්කයි ගීත තෝරන්නේ. අපි සින්දු විස්සක් විතර අහල තමයි එකක් තෝරාගන්නේ. මට ඇවිත් තිබුණු ගීත එක්ක තෝරලා ඔහුගේ ගීතයේ වෙනස්කම් තිබුණා. මම හොයන්නෙත් වෙනස් සින්දු. ඒ සින්දුවේ වචන හා තනුව ලස්සනයි කියා සිතුණු නිසා තමයි අපි එය කරමු කියා තීරණය කළේ.

ඔබත් ඒකාකාරී ගීතමයි ගායනා කරන්නේ කියල චෝදනා කළොත්?

නෑ, මෙහෙමයි.. මගේ සින්දු හිට් වෙනවා කියලයි මම නම් හිතන්නෙ, මගේ සින්දු ඒකාකාරියි කියල කියන්න බෑ. අද යන රටාවේ ගීත පටන්ගත්තෙ ගිම්හාන කාලේ සින්දුවෙන්. ඊළඟට මම කළේ දුර යන්න සිතුවාට ගීතය. 'ගිම්හාන කාලේ' සින්දුව ටෙම්පෝ තියෙන 4/4 ස්ටයිල් එකේ ගීතයක්. ලතින් සංගීතයට තමා නැඹුරු. නමුත් හුස්මක් දුරින් ගීතය අඩු රිද්මයක ගීතයක්. මම රැල්ලට යනවාය කිව්වොත් ඒකට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි 'දුර යන්න සිතුවාට' ගීතය.  ඊළඟට මම කළේ 'මල්සර හීසරින්' ගීතය. එහි රිද්මය වැඩියි. ඊළඟට මම කළේ 'අප හමුවුණ තැන' ගීතය. එය අනිත් තුනටම වැඩිය රිද්මයෙන් වෙනස්. එයත් ගොඩක් දෙනෙක් කිව්වා දැන් ඇහෙන සින්දුවලට වැඩිය ගොඩක් වෙනස් සින්දුවක්ය කියලා.

ඊළඟට කළේ 'ඇසිපිය නොහෙළා' ගීතය. හැමෝම කිව්වා මේ ඇහෙන රටාවෙන් හුඟක්ම වෙනස් නිසයි ඒ ගීතය හුඟක්ම හිට් වුණේ කියල. විරහ ගීත ඇහෙන අතරේ මේක ආදර ගීතයක් සහ තනුවත් වෙනස්. එය මං ප්‍රියන්ත අයියට කියල හදාගත්ත එකක්. ෂෙහාන් ගලහිටියාව තමයි ලිව්වේ. ඊටපස්සෙ 'ඇස් දෙක පුරා' ගීතය. දැන් ඇහෙන සින්දුවලට වැඩිය හුඟක් වෙනස්. තාම පිරිමි අය ගීත ගයන රටාව වෙනස් නෑනේ. එකම තනුවේ විරහවට කොටුවුණු ගීතනේ තියෙන්නෙ. මගේ ගීත තියෙන්නේ ආදරය සහ විරහව අතරේ. මම එක රටාවකට කොටුවෙලා නැහැ. මම රැල්ලේ ගීතවලට අහුවෙලා කියලවත් හිතන්නෙ නෑ. මගේ ගීත පැහැදිලිව රසවිඳින කෙනෙකුට එය තේරුම් ගන්න පුළුවන්.'

ඉඳුනිල් සින්දු



අදහස් (0)

මගේ සින්දු දැන් ඇහෙන ගීතවලට වැඩිය වෙනස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site