මිහිර සිරිතිලක නළුවා සාපරාධි බිය ගන්වා ඔහුගේ බිරියගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ජේ.එම්. ජයසුන්දර මහතා ඉදිරියේ පැවැති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී නළුවා විසින් හදුනා ගනු ලැබීමෙන් පසු ශරීර ඇප මත මුදා හරින ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේය.
රංගන ශිල්පීන් වන ඩබ්ලිය.එස්. පැට්‍රික් මයුර සහ ඩබ්ලියු. චරිත් කාන්චනමාල ප්‍රනාන්දු යන දෙදෙනා මෙසේ හදුනා ගනුලැබූ සැකකරුවෝය. පෞද්ගලික රූපවාහිනි නාළිකාවක වැඩ සටහන් ඉදිරිපත් කරන්නකු වන රිමාන්ඩ් බාරයේ පසුවූ සෙසු සැකකරු එස්.එච්.සුනෝජ් ප්‍රනාන්දු හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරනු ලැබුයේ නැත.
කොන්දේසි සහිතව පැමිණිල්ල සමථයට පත්කර ගැනීමට පැමිණිලි පක්ෂය ඉදිරිපත්ව ඇති බවද අධිකරණයේදී කියවිණි. පැමිණිල්ල විභාග කළ කොච්චිකඩේ පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට වැඩිදුර කරුනු වාර්තා කළේය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 10 වැනිදාට කල්තබනු ලැබීය.
රූපවාහිනී නාලිකාවකින් විකාශය වන ‘මෙගා බයිට්‘ නම් වැඩසටහනකින් මිහිර සිරිතිලක මහතා අපහසුතාවට පත් විණැයි මේ නඩුව පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හිනස්සන මෙගා බයිට් (දී)
සමහර නාලිකාවල ඔවුන් විහිලු දමනකොට ඔවුන්ම හිනාවෙලා,තව කලින් පටිගත කරපු සිනහවක් දමලා ඔවුන්ම සන්තෝෂ වෙනවා (නි)
ඕනෑම කෙනෙක් ඔය වගේ වුනාම හරියට අසරණ වෙනවා . මොවුන්ව ටීවි එකට ගෙනාපු අයට ගහන්න ඕන. (ස)
සමතයකට පත්වීම මෙවැනි අයට උඩගෙඩි දීමකි. උපරිම දඬුවම් දීම මිස සමාදානය අනුමත නොකරමි. එසේ කලොත් පමණි ඉස්සරහටවත් අනෙක් අය හැදෙන්නේ . මෙවැනි අමන වැඩ කරන කාට උනත් උපරිම දඬුවම් ලබාදිය යුතුමය. මිනිසුන් වේදනාවට පත්කොට සිනාසීමට තරම් අප ජාතිය පහත වැටී තිබීම කනගාටුවකි. (අ)
ඕව ඉතින් ගොන් වැඩ තමා....දැන් ඔක්කොම ඇතුලට වෙලා මෙගා බය්ට් රගපානවා ඇති .(අ)
මට මතක් වුනේ නවක වදේ. අන්න උන්ට නම් මේවා විහිලු. (ස)
මෙගා බයිට් හොදයි එත් මෙතැනදී සීමාව ඉක්මවා ගියා. කවුරු කොහොම කීවත් වැඩසටහන් ඉදිරිපත කරන සෑම කෙනෙකුටම නිසි පුහුණුවක් දිය යුතුයි. (දී)
ඉතින් කමල්, වෑන් වලින් ගිහින් උස්සන එකත් ලංකාවේ සංස්කෘතියේම කොටසක් තමයිනේ. (නි)
මෙගා බ්යිට් තුල තියෙන්නෙ පර පීඩක කාමුකත්වය .මේක මානසික රෝගයක් (දී)
මෙගා බයිට් වැඩසටහන බයිට් වුණා.. (දී)
මෙවැනි ඉතාමත් බරපතල ලෙස දුර දිග නොයන විදියට එම අවස්ථාවට සම්බන්ද වන පුද්ගලයට හානියක් නොවන පරිදි සිදු කල යුතුයි.(නදී)
දෙසැම්බර් 10 වෙනිදාට මිහිරි කියයිද දන්නැහැ !!! ඔන්න මම උබලව බයිට් කරා කියලා (නැත්නම් අවසානයේදී මයික් එකක් අරන් මිහිරි අහවිද දන්නැහැ මොකද මේ වැඩසටහන ගැන හිතෙන්නේ ,ඇත්තටම ඔයා බයිට් උනාද කියලා ) (ස)
ජාතික නාලිකාවකින් නම් මේ වගේ මිනිසුන් අපහසුතාවයට පත්වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහැ ........මේවා හරියන්නේ මෝඩයන්ට....... දැන් තේරෙනවා නේද? ජාතික නාලිකාවක තියෙන ප්‍රමිතිය.......(දී)
ඒ නාලිකාව නිකං බයිට් උනා (දී)
මේ මෙගාබයිට් කට්ටියට හොද දඩුවමක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මුළු ටීවී නඩයම ගිගාබයිට් වෙයි (නි)
මේ සිද්ධියෙන් පස්සේ මමත් මේ වැඩසටහන බැලුවා. කිසිම කමකට නැහැ වැඩිහරියක්. අනේ! පොඩි ළමයෙකුට ඉගෙන ගන්න දෙයක් ,වැඩිහිටියෙකුට මොලේට ගන්න දෙයක් ඔය එක ටිවී චැනල් එකක හරි දානවද? (නි)
අපේ අයියලා පිටරට වැඩසටහන් කොපි කරලා,ඔහේ කරනවා. හැම දෙයකටම, සීමාවක් හා රතු ඉරක් තිබෙනවා.ඒ නිතිය ආරක්ෂා කරන්න.(නදී)
මිහිර කියපු විදියට එයාගේ අම්මට හෝ එයාගේ බිරිඳට මොනවහරි වුණා නම් මොකද කරන්නේ ? සල්ලි වලින් ගන්න පුලුවන්ද ජිවිතේ? (නි)
කිසි වැඩකට නැති වැඩ සටහනක්. (නදී)
මේවගේ දේවල් තියෙන්නත් ඕනි.. මේක ටිකක් බරපතල සීන් එකක් . එකයි අව්ල් ... සමහර නාලිකා වලින් අනුන්න්ගේ කුණු අදිනවා . මේ වගේ වෙනස් දෙයක් කරන එවන්ට මඩ ගහනවා. මිහිර අහිංසක නළුවෙක් . එක ඇත්ත.. එත් මෙතන තියෙන්නේ යටින් යන සීන් එකක් (අ)
තුට්ටු දෙකේ මදිය ,,,,අනේ මන්ද මේ විගඩම් අපිටත් බලන්න උනානේ (දී)
මිහිරට අමිහිරි අද්දැකීමක් (දී)
දැන් ලංකාවේ පෙන්නන හැම රියැලිටි වැඩසටහනක්ම පිටරට රූපවාහිනී චැනල් වලින් කොපි කරපුවා. ලංකාවේ නිර්මාණ යට යනවා. කිසිම හැදියාවක් සංවරයක් නෑ මේ රියැලිටි ටීවී වැඩසටහන් වල. (ස)
මෙගා බයිට් .. අතින් කයිට්..!! (ස)
කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ බහුබූත මල විකාරයක් විතරයි.හැබැයි පහත් රුචිකත්වයෙන් නරබන්නන්ට, ගැලරියට නියමයි. (දී)
විහිලු නොවෙයි මේවා
අපේ රටවල් වලට මේ වගේ වැඩ සටහන් ඔබින්නේ නැහැ?ඕව යුරෝපයටනම් ඔබිනවා එමිනිස්සු සල්ලිවලට කරන්න දේවල් නැතුව ඉන්නේ?අපේ රටේ මිනිස්සු පොඩි පීඩනයකින්ද ජීවත් වෙන්නේ?ඔය වැඩෙන් බය උන බය විල්ලට ඒ මනුස්සය හාට් ඇටක් එකක් හැදිලා මලනම් අන්තිමට සොරි කියල වන්දියට පොඩි ගානක් දීල මට මුකුත් මතක නැහැ කියල ශේප් වෙයි (දී)
මේ වැඩේ නම් කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
අන්තර්ජාලය හරහා මේ කියන මෙගාබයිට් එකේ කොටස් කිහිපයක් බැලුවා යුරෝපයේත් හාස්‍ය උත්පෝදක වැඩසහටන් තියනවා, ඔවුන් හාස්‍යයට ලක්වන්නාගේ ආත්මය නැති කරන්නේ නැහැ. තමන්ගේ සංස්කෘතියට ගැලපෙන්න තමයි වැඩසටහන හසුරවන්නේ. අවශ්‍ය සම්පත් හොදට භාවිතා කරනවා.
මෙලෝ හසරක් නොදන්නා එවුන් රූප පෙට්ටි වලට, වැර්ලස් රේඩියෝවට, පත්තර කන්තෝරුවලට රිංගලා මුන්ගේ ඔළු ගෙඩි වලට එන ඕනෙම දෙයක් නව නිෂ්පාදනයක් කියලා එලියට දාල රට විනාශ කරලා ඉවරයි.මට වෙලාවකට හිතෙනවා මේ රට ගොඩ ගන්න බැරි තරමට ගොඩක් දුර ගිහින් නිසා ඉතිරි ටිකත් විනශ වෙන්න අපිත් මොන මොනවහරි පිස්සු ටිකක් නටලා විනාසේ ඉක්මන් කරන එක හොඳඳ කියලා. හරියට අර බේරගන්න බැරිම දුක් විදින ලෙඩෙක් මැරෙන්න ඉන්ජක්ෂන් එකක් ගහනවා වගේ.ඇයි කරන්නෙම පිස්සු වැඩනේ.මේ රටේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු.....// (ස)
නැවත තිබ්බොත් බලාගෙනයි (දී)
මොකෙක්වත් නොකරන මෝඩ වැඩ ආයුබෝං
ප්‍රේක්ෂකයන් ආදරේ කරන නළු නිළියන්ට හාස්‍යය මුසුවූ නොසිතු අපහසුකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්න ඉඩ සලසමින් කරන වැඩ සටහන් ලෝකයේ ඉතාමත්ම ජනප්‍රියය. නමුත් 'මෙගා බයිට්' නමැති වැඩ සටහන මේ පිලිබඳ 'මෙලෝ හසරක්' නොදන්නා නුපුහුණු පිරිසක් කරන, ඔවුන්ම බයිට් වෙමින් තම මෝඩකම එම වැඩසටහන බලන මෝඩයින්ට පෙන්වන වැඩසටහනකි. මිහිරි සිරිතිලක කෙසේ වෙතත් ඔහුගේ 'රෝම කූපයක්' වත් මෙම වැඩ සටහනින් පෙන්වීම උසස් රංගන ශිල්පියෙකුට කරන අපහාසයකි. (මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු මම මෙම වැඩසටහන් කීපයක් නැරඹුවෙමි). (දී)
මෙතුමා කල මේ වැඩේ මම හද පතුලෙන්ම අගය කරනවා. නඩු දාන්න තිබ්බේ මිරත් ඉස්සර මහත්තයෝ (දී)
මේ වගේ චැනල් තහනම් කරන්නේ නම් මැනවි . මේ චැනල් එක මීට කලිනුත් අද බාල වැඩක් කළා .මේවා බලන අයටත් මොලේ කචල්.(නදී)
ඔය කියන නාලිකාව තුට්ටු දෙකේ වෙඩසටහන් කරන්නේ . එකේ නිවේදක නිවේදිකාවන් බොහොම අමාරුවෙන් විහිලු කරගන්නවා .පසුබිමින් යන සිනහව පටිගත කරපු එකක් වාදනය කරන ගමන් . රටේ සංකෘතිය කන නාලිකාවක් . සල්ලි ගෙවනවා එක අසනවට . මේවට තමා මෙගා බයිට් කියන්නේ
මේ නාලිකා දුවන්නේ කගේ සල්ලි වලින්ද කියල දන්නවනේ?අනික යුද්ධේ කලේ වැරදි පුවත් කියල මුළු මාද්‍ය ජාලයම තහනම් කරා.මේ මාද්‍ය ජාලයම වැහුන කියන්නේ තමන්ගේ අවසානය බව දැනගත් නිසා පොඩි බල්ටියක් ගහල ගොඩ දා ගත්ත අන්න එහෙම මාද්‍ය කලාවක් තමා තියෙන්නේ? (දී)
මේව මොඩ සතුටු ,දෙයක් කරන්න බැරි උන්ට තැන දුන්නම මේවගේ දේවල් වෙනව.කොහේහරි දැකපු විගඩමක් මෙහෙත් නටන්න යනව.(දී)
අවංකවම කිව්වොත් මේ වැඩසටහන බලලා අපි ගොඩක් සතුටු වෙලා තියනවා. මෙගා බයිට් කියන්නේ ඒකේ එක අංගයක් පමණි.සීමාවට වැඩියෙන් ගියහම ඕක තමා වෙන්නේ. (ස)
මෙවැනි දේවල් පොදුවේ අනුමත කිරිමට නොහැක.මන්ද එය හුදෙක් පුද්ගලිකත්වයට හානි වන අයිරින් කිරිම වැර්දිය (දී)
සම්පත් කියන්නේ සම්පුර්ණයෙන් ඇත්ත. (ස)
මෙගා බයිට් එකෙන් දේශපාලන වාසි ගන්න බැරිද
මේ වගේ වැඩසටහන් මේ වන කොට සෑම රටකම විකාශනය වෙනවා. නමුත් මේ වගේ ලොකු වෙලාවක් ඒ සඳහා ගත කරන්නේ නැ. ඇත්තටම කලාකරුවන් මේ වැඩසටහනින් ගොඩක් අපහසුතාවයට පත්වෙනවා.. දෙයක් දරාගන්න බැරි දෙමාපියන් අපි අතර ඉන්නවා.. ඇත්තටම මේ වගේ දෙයකින් ඒ අයගේ ජිවිත බයිට් කරන්න හොඳ නෑ. (ස)
මිහිර නිවැරදිම තීරණය අරගෙන තියෙන්නේ , මිහිරට මගෙන් මල් මිටක් (නි)
මහා මෝඩ වැඩ, කිසිම හරයක් නැති දේවල්..... (ස)
"අනුන්ට කළ දේ තමන්ට පල දේ....." (නි)
මටනම් නිකන් පිස්සුවගේ මෙය....... (දී)
නියම මෙගා බයිට් එක දැන්නේ තියෙන්නේ... නිෂ්පාදක, අධ්‍යක්ෂක සහකරුවෝ ඔක්කොම කූඩුව ඇතුලේ එකට රඟපානවා ඇති. (දී)
ඇත්තටම මේ නාලිකාව ප්‍රවර්ධනය කරන්නේ රටට නොගැලපෙන දේවල්. අපේ සංස්කෘතියේ තව කෙනෙක්ට රිද්දල හිනා වෙන දේවල් අනුමත කරන්නේ නැහැ. (දී)
මෙගා බයිට් කරන අයයි, බලන අයයි, හිංසා විදින අයයි ඔක්කොම අපායේ. විහිලුවට නාන තැනකදී මිතුරාගේ ඇඳුම් හංගුවා නම් පෙරේත ලෝකේ ඇදුම් නැතිව උපන් හැටි ලෝවැඩ සගරාවේ ඇති කියවා බලාගන්න. බුදු හිමිට හොන්ද කල නොහැකි හිසේ ඇම්ම හැදුන හේතුව කියවා බලන්න.
අද රටේ රුපවාහිනී නාලිකාවල පෙන්වන බොහෝ දේවල් මෙගා බයිට් තමයි. සමහර ටෙලි නාට්‍ය, වැඩ සටහන් මෙලෝ රහක් නැහැ. මේ තරම් රසිකයින්ගේ රසඥතාවයට හානි සිදුවූ කාලයක් මතක නැත. සමහර වැඩ සටහන්වල ඉදිරිපත් කරන සෘතියෙන් තොර ගායනා බලන විට, මේ කියන්නේ සින්දුද නැතහොත් කවිද යන්න විටෙක සිතේ. සමහර වැඩ සටහන් ඉදිරිපත් වන්නේ සිංහල කැවූ කැඩිච්ච ඉංග්‍රීසියෙනි. එහි, සිංහලත් වැරදියි, ඉංග්‍රීසිත් වැරදියි. සමහර රුප රාමුවලින් පෙන්නන්නේ ගීතයේ තේරුමට හාත්පසින් වෙනස් දෙයකි. (නි)
කිසියම් කෙනෙකුට හානිකර දෙයක් විකාශය කිරීමෙන් එම නාලිකාව පහත් පෙලේ නාලිකාවක් බවට පත්වේ. (නි)
පිටිගල කිව්වා වගේ මේවා හොඳ ලාබාල නුගත් ගැලරියට සහ පහත් පෙලේ රුචිකත්වයක් තිබෙන අයට . අනුන්ගේ දේවල් කොපි කරන විදියක් තියෙනවා . බයිට් කිරීමේත් ප්‍රමිතියක් තියෙනවා . මෝඩයන්ට රුපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවල රැකියා දුන්නම ඇති වන ප්‍රතිපල. (ස)
ඔවුන් පෙරට වඩා මෙගා බයිට් යැයි කියා අමුතුම බයිට් එකක් කරති (නි)
සත්‍යපාලගේ කතාවත් හරි බලාගෙන යනකොට. ඒත් අපේ රට ගැන දුකයි. මේ සමහර මාධ්‍ය රට කනවා හරි හරියට. මේවට වග කියන්න ඕන ඒ ආයතන වල ලොකු පුටු වල ඉන්න අය... කෝ දැන් ඉස්සර තිබුණු විනය සහ මාධ්‍ය සදාචාරය??? (දී)
පිස්සන්ට රස්සා දුන්නාම ඒවා වෙනවා. පොතක් කියවන්න පුරැදු කළා නම් ඉවරනෙ (දී)
පහත් වැඩ මේවා (නි)