‘රැකියාවක් නැති නිසා මගේ ලොකු පුතා වැලිවේරියේ ඇඟළුම් කම්හලක රැකියාවකට ගියා ඔහු මාස නවයක දරුපැටියෙක්ගේ පියෙක්.’
වැලිවේරිය උද්ඝෝණයේදී වෙඩි වැදී මිය ගිය ගම්පොළ කුරුඳුවත්ත කොලුවල නිලන්ත පුෂ්පකුමාර (27) මහතාගේ පියා පී ආර් පී ධර්මසේන මහතා පැවසීය.
නිලන්තගේ මව කිසිවක් කතාකරගත නොහැකිව ශෝකයෙන් වැළපෙමින් උන්නාය. විපත ආරංචි වු ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද නිවසට පැමිණ සිටියහ.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු නිලන්ත අද දහවල් මිය ගියේය.
මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ඔහු රැකියාවක් නැතිව නිවසේ බොහෝ කාලයක් සිටියා . අනතුරක් සිදුවීමෙන් මමත් වසර 10 ක් එක්තැන් වි සිටියා.ආර්ථික අමාරුකම් නිසා පුතා විවිධ රැකියා කළා.සුළු වැටුපෙන් පුළුවන් විදියට අපට සැලැකුවා.
පුතා ඇගළුම් කම්හලේදි හදුනාගත් දියණියක් සමග විවාහ වුණා. පුතාට මාස නවයක දරුවෙකුත් සිටිනවා.ජීවීතය ජයගන්න පුතා බොහෝ වෙහෙසුනා.
ඔහු රැකියාවට ගියේ වැලිවේරියේ බෝඩ්මක නතර වෙලා පුතා බසය එනතුරු බස් නැවතුමේ සිටියදී වෙඩි වැදී තිබෙනවා. පසුව අපට අනතුර ගැන වැලිවේරිය පොලීසියෙන් දැනුම් දුන්නා. කොළඹට එන විට පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර සිටියා. මුදල් හදල් හිග නිසා පුතාගේ අවසන් කටයුතු කිරීමත් ප්‍රශ්නයක් වෙලා.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කියන්නද? අර මුහුදු ගිය කට්ටියට දුන්නේ ජීවිතේ ගොඩ එන්නම ගානක්, ඒ වගේ දෙයි. (නි)
මීට ආරක්ෂක අමාත්‍යංශයෙන් උදව් කළ යුතුයි. ජීවත්වන අයගේ ජීවන තත්වය නංවන්න යම් අයුරකින් රජයෙන් උදව් කළ යුතුයි.දරාගන්න බැරි තරම් කණගාටුදායක සිද්ධියක්. බබාට මාස නමයයි කියන්නේ කොච්චර පව්ද? සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට රජයක් ලෙස යමක් කළ යුතුව තිබුණා. (නි)
ලංකාවේ රාජ්‍ය සේවය ගැන මහජනතාවට ලොකු කළකිරීමක් තමා තිබෙන්නේ.නමුත් ත්‍රිවිද හමුදාවට අපේ රටේ පුදුම ගෞරවයක් තිබුණා. ලංකා ඉතිහාසේ අවස්ථා කීපයකදී වුණු සිදුවීම් ඒ තරම් හොද නැහැ. ජාත්‍යන්තරය අපේ හමුදාවේ වැරදි සොයමින් ඉන්න වෙලාවක මෙවැනි දේ සිදුවීම ඒගොල්ලන්ට ලොකු වාසියකුත් වේවි. එනිසා වැරදිකරුවන්ට ඉක්මනින් දඩුවම් දීම අවශ්‍යයි. (නි)
තියෙන එකා සැප විදිනවා. නැති කෙනාට මොකුත් නැහැ (නි)
රටේ සිවිල් පාලනය අගාධයටම ගිහින් වගේ. කවදා හරි දවසක කියන්න වේවිද නොදැනීම ප්‍රබාකරන් හිටියා නම් මීට වැඩිය හොදයි කියලා (නි)
අහක සිටපු පාසල් සිසුවෝ,බස් හෝල්ට් වල හිටපු මිනිස්සු මරලා සිදු වුණේ හමුදාවේ තත්වය ඉහළ දා ගැනීමක්ද?මෙයාගේ පවුල් වලට සාධාරනයක් ඉටුකරන්න. (නි)
තව කී දෙනෙක් මැරුනත් අපි අපේ මනාපය දෙමු. කොන්ද පණ තිබෙන විපක්ෂයක් අපිට නැහැනේ. (නි)
නැවත නම් මම හමුදාවට ලේ බිදක් නොදෙමි (නි)
ඔබට සුළු උපකාරයක් කරන්න මට හැකිය. හැකිනම් මට බැංක ගිණුම් අංකය එවන්න (නි)
මේ මැරුන ළමයි ඔක්කොම ගැටුමට සම්බන්ධ නැහැනේ.එහෙනම් මෙයාලා කොහොමද මැරුනේ. ඒකයි දැන් මෙතන තිබෙන ප්‍රශ්නේ. (නි)
හිතක් පපුවක් ඇති වගකිවයුත්තෝ සිටී නම් මේ අය වෙනුවෙන් දිගුකාලීන යමක් කරත්වා! දයාබර ලංකාදීපය, හැකිනම් මේ අයගේ නමින් ගිණුමක් ඇත්නම් ඒ පිළිබද විස්තර ලබා දුන් මැනවි.අර අහිංසක දරු පැටියාට පාසල දිවිය හමාර වනතෙක්ම උදව් කිරීමට ක්‍රමයක් අපට සැදිය හැකිය. (නි)
ජල ප්‍රහාර, කදුළු ගෑස් තියෙන්නේ මොකටද? ඒවා කොළබට විතරද? ගම්පහට වැටවල් වලින් පොලු කඩාගෙන ගහන්නේ අපි සත්තු ද? (නි)
අහිංසක දරු පැටියා. මේවට වග කියන්න ඕනෑ කව්ද? ලංකාවට ගිය කලක්. (නි)
මේ අපරාදේ කළවුන්ට හොදක් නම් වෙන්න එපා (නි)
කරන්න දෙයක් නැහැ අම්මේ. ලබන ආත්මෙදිවත් මේ වගේ රටක නොඉපදෙන්න ප්‍රාර්ථනා කරනවා හැරෙන්න (නි)
මාස 9 ක ළමයෙක් කියන්නේ , ඒ ළමයාගේ අනාගතයට කවුද වගකියන්නේ? මේවා අපරාධ. (නි)
අපි එකතුවෙලා මේ අයට උදව් කරමු.ලංකාදීප මහත්වරුනි, ඔයාලා මේ වැඩේට මුල් වෙන්න.අපි හැකි පමණ දායක වෙන්නම්. (නි)
කියන්න වදන් නැහැ. අපි අශ්චර්යේ නැවතිලා. අහෝ! සුබ අනාගතයක් පතා අපි ගහපු කතිරේ (නි)
මේ මරණවලින් පෙනෙන්නේ කොහෙත්ම මේ සිද්ධියට සම්බන්ද නැති අයට තමා ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණේ. මේවා මහා අපරාධ. දේශපාලුවෝ රටේ සම්පත් සුරා කමින් සැප විදිනවා. රටේ අහිංසක ජනතාව රවටමින් පිඩාවට පත්කරනවා. (නි)
මේ අය වටේ හිටපු අයටද වෙඩි තියලා තියන්නේ? (නි)
සියලු ජනතා නැගිටීම් මර්ධනය කර ආසියාවේ පමණක් නොව මුළු ලෝකයේම ආශ්චර්ය කරා පිය නගමු.
උද්ගෝෂණය, වෙඩිතබිම, මළගමට රජයේ ආදාර, ස්තුතියි ....ජයවේවා !
දැන් කෝ ඒ විනාශය කල නරුමයෝ
කොන්ද පණ තිබෙන කෙනෙක්ට චන්දය දෙමු
අර විනාඩි පහක් ඇතුලත යන්න කිව්ව පුද්ගලයාට මෘත ශරිරය භාරදුන්නා නම් හරි (නි)
අහිංසකය හමුදාවට මොනවා වෙත්වා කියලා පතමුද? (නි)
මේ වගේ අහිංසක ඡිවිත බිලිවෙද්දි පාලකයෝ නිහඩයි .මේ දේ කරපු අයට ශාප කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? පව් අහිංසක ඡිවිතයක් (නි)
යුද්දේ අවසාන කලේ හමුදාවට ගත්තේ 8 වත් පාස් නැති අය සති 2ක් 3ක් පුහුණු කරලා. ඔය ඉතින් පුහුනුවෙයි, දනුමෙයි මහත තමා. ඔය කට්ටියම තමයි අර පැනගොස් මංකොල්ල කතියි කියන්නේ.
දෙවියනේ !මේවට මොනවා ලියන්නද? (නි)
දේශපාලන නායකත්වයක් නැතුව යුධ හමුදාවට වෙඩි තියන්න බැහැ කියලා ඒ දවස්වල පුරසාරම් දෙඩුවේ ඉතින් මේකත් එහෙමම තමයි . කව්රු මොනවා කිව්වත් උඩින් ආපු අණට තමයි වෙඩි තිබ්බේ. (නි)
කුමා, වැඩක් බලාගෙන ඉන්නවා (නි)
මේකද ආශ්චර්යය?මහ මග හිටපු අහිංසකයන්ටත් වෙඩි. ආයෙත් භීෂණ කාලෙ ඇවිල්ලාද? තුවක්කුවෙන් ජනතාව මෙල්ල කරන්න පුලුවන් වෙයිද? (නි)
මේ පවුල් වලට වහාම වන්දි ගෙවන්න. ජිවිතයක් මුදලට සීමා කරන්න බැහැ. බලධාරිනි, අපි බලාගෙන ඉන්නවා. (නි)
සොයුර, ඔබට නිවන් සුව අත් වේවා! (නි)
බස් කොහෙද යුද්දයක් අස්සේ ?????
ජනපතිතුමනි, මේ අප අතරින් වෙන් වුණු සහෝදරගේ පවුලේ උදවියට සාධාරණයක් කරනු මැනවි! (නි)
මේවට වග කියන්න ඕනෑ කවුද? (නි)
කෝ අපේ සේනාව? (නි)
මොවුන්ට වස් කවි කියනවා ඇති මිනිසුන් (නි)
ලංකාවේ තියන්නේ හොරුන්ගේ කුදුකාරයන්ගේ හා කොම්පැනිකාරයන්ගේ බලයක්. පොදු ජනතාවට ලැබෙන්නේ වෙඩි. (නි)
හැමෝටම මොනවාහරි තේරෙන්නේ තමන්ට වුණහම තමා. කටුනායක කොල්ලව මැරුවම සමහරු එක සාදාරනීකරණය කළා. හලාවත මැරුවම ඒක සාධාරනීකරණය කළා.දැන් මොකද කියන්නේ? මේකේ වේදනාව තේරෙන්නේ වැලිවේරියේ අයට විතරයි.අන්තිමේ කොහොමත් මේවට වගකියන්න ඕනෑ කට්ටියටම අප්පුඩි ගහලා ජයවේවා කියලා ඔය කට්ටියම කියයි. (නි)
මේ බන්දුල කියන වගේ අය තමා විදුලි බිල වැඩිකළ එක හොඳ කියලා පෙළපාලි ගියේ. මොවුන්ට විරුද්ධව ඔයාලා ලියන්න යන්න එපා. (නි)
මට නම් තේරෙන්නේ " වන සිව්පාවන් වැනි මිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත කියා " ගොඩාක්ම හොදයි ඔයාලා. අපි මෙයාලට උදව් කරමු. ඔයාලට තෙරුවන් සරණ පතමි. (නි)
දැන් ඉතින් මේවා සමාජයේ සාමාන්‍යය දේවල් වෙලා. ආශ්චර්යක මහත! (නි)
රණවිරු හමුදාවත් දැන් දේශපාලනීකරණය වෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
ලංකාව එන්න එන්නම ආගාධයට යනවා .මේක බලාගෙන ඉන්න බැහැ.බුදුන් ගේ දේශයට ගිය කල! (නි)
මේ අහිංසකයින්ට ආධාර කළ හැකි ක්‍රමයකුත් පල කරන්න. (නි)
ඇයි අහවලා වියදම් බලා ගන්නෙ නැද්ද? (නි)
ප්‍රියංකර, ප්‍රශ්නය අහන්නේ අර අහිංසක පියාගෙන් ද?ඕකට උත්තරය මට මේකේ ලියන්න බැහැ. කිවුවයි කියලා හිතාගන්නවා. පරිත්‍යාගයක් කළහැකි ක්‍රමයක් දෙන්න පුලුවන් නම් හොදයි (නි)
හරිම දුක්බරයි ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත. මන්ත්‍රීවරු සැප ගන්නවා. නැති එකාට මුකුත් නැහැ. පළාත් සබා මන්ත්‍රීවරුත් දුක බලලා උදව් කළොත් හොදයි (නි)
අර බන්දුල මහත්තයට ප්‍රශ්නයක් වෙලා තිබුනනේ ගම්පොල කෙනෙක් කොහොමද උද්ගොෂණයට ආවේ කියලා. මෙන්න තියෙනවා උත්තරේ. පැත්තෙවත් නොගිය අහිංසකයෙක් මරලා දාලා තියෙන්නේ. දැන්වත් මේ මනුස්සයා චරිතයෙනුත් මරා දැමීම නවත්තන්න. (නි)
දේශපාලකයෝ එහෙනම් අන්තිමේදී හමුදාවත් තමන්ගේම වළටම දාගත්තා? (නි)
ස්තුතියි සනත් මහත්මයාණෙනි (නි)
ලංකාවෙ අවම බලය = මරණ 1 නම් උපරිම බලය යනු ,මරණ කීයක්ද? (නි)
දැන් මේ දරු පැටියටයි, ඔහුගේ බිරිඳටයි අත්වෙන ඉරණම මොකක්ද? උද්ඝෝෂණය කළ අය වගේම අහල පහල හිටපු අයටත් මැරුම් කන්න සිදු වුණා. (නි)
ලංකාවේ හමුදාවට ගරහන්න එපා. ඔවුන් නිසයි තමුන්ට පින් පිණිස, අනුන්ට අනුකම්පා කර අදහස් දාන්න හරි මේ අය ජීවත් වෙන්නේ. අහක යන කලබල වලට ඔලුව දාන්න ගිහින් ඉස්සරත් බොහෝ දෙනෙක් බෝම්බ පිපිරීමෙන් මැරුණු බවත් දැන් අමතකයි. මරණයකදී පැය 24 ක් ඇතුලත අවසන් කටයුතු තමන්ගේ ශක්ති පමණින් ඉටුකිරීමයි සුදුසු. දින ගණනක් මළගෙදර බුරුවා ගහලා, කසිප්පු බීලා, අන්තිමේ 'නිවන් සැප ලැබේවා' කියලා බැනර් එකක් ගහලා කනත්තට ගිහින් දැම්මට නිවන් යන්න බැහැ. (නි)
කෝ අර තණකොළ කන බන්දුල ? මිනිහ අහලා තිබුනා නේද ගම්පොල මනුස්සයෙක් කොහොමද වැලිවේරිය හිටියේ කියලා (නි)
වගකිවයුත්තන් තම වගකිම නිසියානාරව ඉටු කරනවානම් පවුල් ජිවිත අසරණ වන්නේ නැත. පුතාගේ අවමඟුල කරගෙන යන්නත් මුදල් නැති අසරණ පියාට අද සරණ වීමට ඉදිරිපත් වන්නට පුළුවන් කාටද? වගකිව යුත්කන් කුමක් කරයිද? (නි)
ඉතුරුවෙලා ඉන්න සිංහලයෝ ටිකත් මැරෙනවා (නි)
මේ වගේ අහිංසක මිනිසෙකුට වෙඩි තැබූ අයට නැවත ආත්මයක් නැහැ (නි)
මේවා මේ ආත්මයේම පල දෙනවා දෙයියනේ! (නි)
මුදල් හදල් හිග නිසා පුතාගේ අවසන් කටයුතු කිරීමත් ප්‍රශ්නයක් වෙලා සිටින අසරණ පවුලට කවුරුත් එකමුතූ වී උදව් කළයුතු අවස්ථාවකි. (නි)
මම හිතුවේ නැහැ හමුදාව මෙහෙම කරයි කියලා (නි)
ජාත්‍යයන්තරය ඉදිරියේ අපේ හමුදාව විනයක් නොමැති හමුදාවක් බවට පත්කළ සියළු දෙනා ගැන අපගේ බලවත් කණගාටුව. (නි)
දුක් විදින මිනිසුන් පෙනෙන ඔවුන්ගේ දුක දකින සැබෑ මිනිසුන් කවදා බිහි වෙයිද? (නි)
මේ වගේ දුප්පත් අය ඕනෑ තරම් අපේ ගම් වල ඉන්නවා. අපි කරන්න ඕනෑ එයාලගේ ආර්ථිකය ශක්තිමත් කරන එක. ඒකට හොද සංවිධානයක් තියෙන්න ඕනෑ. දැන් තියෙන සංවිදාන වලින් කරන්නේ අනිත් අයගේ දියුණුවට ඉරිසියා කරන එකයි. (නි)
ඔන්න ආශ්චර්යයේ තරම.බස් නැවතුම් පොළෙහි සිටියේ රාජ්‍ය විරෝධී සටන්කාමියෙක්ද දන්නෙ නැහැ (නි)
මේකද ආශ්චර්යය? (නි)
තුවාල වුණ හැම කෙනෙක්ම ගෙවල් වල යන්න හිටි කට්ටිය. එතකොට උද්ගෝෂණය කළ ඔක්කොම ගෙවල් වල යන අයද? (නි)
මේ කරන වැඩ ශ්‍රී ලංකාවාසි අපි සැවොම දැඩි ලෙස හෙළා දැකිය යුතුයි. අසරණ බිරිද සහ දරු පැටියාගේ ජීවිතය බලාගන්නේ දැන් කවුද? (නි)
මේ අය වෙනුවෙන් ලංකාදීපය හරආ අරමුදලක් පිහිටවමු. අවශ්‍ය අයට උපකාර කරමු. (නි)
අනේ ජනාධිපතිතුමනි, ඔවුන්ට උදවු කරන්න. ඒක ලොකු පිනක් (නි)
දැන් නම් ආශෟචර්යය බේරෙනවා (නි)
කම්කරුවෙක් , ධීවරයෙක්, ශිෂ්‍යයෙක්... සාමාන්‍ය ජනතාවට වෙඩි තියනවා නම් ඒ රටට දෙවි පිහිටයි. (නි)
කවුද මේවට වග කියන්නේ? පවු අහිංසක දරුවා (නි)
රවිනාථ මහත්තයාගේ පුදුම තර්කනේ තියෙන්නේ.මැරුණට පස්සේ ඔක්කොම අහිංසකයෝ. එතකොට පාර හරස් කරලා හමුදාවට ගල් ගහලා තියෙන්නේ අපි ගිහින් වෙන්න ඇති. (නි)