ලෝකයේ ප්‍රබලතම ප්‍රහාරක ජෙට් යානාවක් ලෙස බොහෝදෙනා සලකන සෝවියට් දේශයේ නිෂ්පාදිත " මිග්" ගුවන් යානයේ නිර්මාතෘ රෝස්ටිස්ලාව් බෙල්යකොෆ් පසුගිය සිකුරාදා මොස්කව් නුවරදී අභාවප්‍රාප්ත වූබව එම ගුවන් යානා නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත.
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 94 කි.
1941 දී සුළු කාර්මිකයකු ලෙස මිග් සමාගමට බැඳුණු බෙල්යකොෆ් දක්ෂ ලෙස සේවය කරමින් 1957 වනවිට සැලසුම් අංශයේ දෙවැනියා බවට පත්වීමට සමත්විය.
මිග් ගුවන් යාන සමාගමේ ප්‍රධාන සැලසුම් නිර්මාණකරුවා ලෙස ඔහු පත්කරනු ලැබුවේ 1969 දිය.
ඔහුගේ ප්‍රධානතම අභියෝගය වුයේ සෝවියට් ගුවන් හමුදාව සඳහා ප්‍රබල මෙන්ම නවීන පන්නයේ ප්‍රහාරක යානාවක් සැලසුම්කර නිෂ්පාදනය කිරීමයි. ඔහුගේ පාලනය යටතේ මිග් යානය ලෝකයේ බලවත්ම ප්‍රහාරක යානයක් බවට දියුණු කැරිණි.
1971 දී එවකට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ඉල්ලීමක් පරිදි සෝවියට් රජය මඟින් මිග් 17 ප්‍රහාරක යානා 5ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සපයනු ලැබීය.
එතැන් පටන් ක්‍රමයෙන් වැඩි දියුණු කරනු ලැබූ මිග් ප්‍රහාරක බලගණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන තැනක් දරයි.
ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් යානය සමඟ මිග් 27 ප්‍රහාරක ගුවන් යානය කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීම උදෙසා සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.
රුසියන් භාෂාවෙන් " මිග් " යනු "සහ" යන තේරුමෙන් භාවිතාකෙරෙන වචනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා නසන්නට දේවල් තැනු මොහුගේ දක්ෂ තාවයෙන් වැඩක් නැත. මිනිසාගේ දිවි ගමන අවසන් කරන්න වෙර දැරූ මොහුට මිනිස් දිවිය ජය ගැනිමට නව දේවල් නිපදවීම අගය කරන මම මොහුගේ අභාවය පිලිබදව කණගාටු නොවෙමි. නමුත් මිනිසකුගේ අභාවයක් දුටු විට පැහැ වන්නාවූ සංවේගයට පත්වෙමි.(නදී)
ලංකාවත් මිග් වලින් හොදට වැඩ ගත්තා නේද? (නදී)