IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන

(ගයාන් සූරියඅරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍ර දේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව නිලධාරීන් කළ විමර්ශනවලදී සැකකරු විසින් පොදු දේපොළ සාවද්‍ය පරිහණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (4)

මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන

බේරේ ගඳ නෑරේ Wednesday, 30 April 2025 04:19 PM

මොහු කාගේ ආධාරකරුවෙකු විය හැකිද? දේශපාලනයත් බැරි, ක්‍රිකට් ගහන්නත් බැරි... හැබැයි කප්පංවලට ප්‍රසිද්ධ නමක් එළියට එයිද? සම හරක්ට මේ රටේ ආරක්ෂක දේවතාවෝ තමයි ඉතින්.

:       2       24

Kamal Koyrala Wednesday, 30 April 2025 04:29 PM

පොදු දේපල නම් ඇප නැහැ .එමෙන්ම කොපමණ කාලයක් කාගේ අවසරයකින් මේ ව්‍යාපාරය කලාද සහ පොදු දේපල සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් මෙතෙක් කල් කොහෙද හිටියේ කියාත් සොයා බැලිය යුතුයි

:       0       0

ravin Wednesday, 30 April 2025 04:53 PM

ලොම් හැලිච්ච පප්පගේ අර්ථ කථනය අනුව නම් මෙහි වරදක් දකින්න පුළුවන්ද? නිකන් තිබුණු යන්තරය ප්‍රෙයා්ජනයට ගත්තා කියාවි...

:       2       17

Neel Wednesday, 30 April 2025 07:07 PM

මේවගේ අවබාවිතා වැඩ නිසා තමයි NPP එකට පසුගිය මැතිවරණ වලදී බහුතර ජනතාවක් බලය දුන්නේ..., ඒත් තව කීපදෙනෙක් ඉන්නවා ඉතිරි වෙලා. ඒ අය වෙනුවෙන් කඩේ යන සෙට් එකක් මෙතැන ඉන්නවා.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site