IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මගෙ දරුවන්ට වඳින්න හිතෙනවා

දරුවන් මෙන්ම දෙමාපියන් ද ආදර්ශමත් විය යුතු  බවත්, ඇතැම් දේශපාලනඥයන් ගුරුවරුන් දණගස්වන යුගයක ගුරුවරුන් දරුවන්ගේ පිට පැලෙන්න පහර දෙන යුගයක දරුවන් ගුරුවරුන්ට පහරදෙන යුගයක තමාගේ දරුවන්ට වඳින්නට හිතෙන බව ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ජාතික පාසලේදී අද පැවසීය.

දරුවන් ඉබේ හැදෙන්නට ඉඩ නොදී හැදිය යුතු බවත්, මව්පියන් ඔවුනට ආදර්ශවත් විය යුතු බවත් ඔහු කීවේය.



අදහස් (0)

මගෙ දරුවන්ට වඳින්න හිතෙනවා

නුවන් Monday, 15 July 2013 02:45 PM

ආඩම්බරකාර තාත්තා කෙනෙක් වගෙයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:47 PM

මේ ශ්‍රි ලංකාවේ දෙමුපියන්ට කොරන්න බැරිවුනේ ඔච්චරයි ඇමතිතුමෝ. අපේ රටේ වැරදි කරන දෙමුපියන්ගේ දරුවෝ යහපත් නම් දරුවන්ට වැන්දට පවු නැහැ. ඔන්න කොරනවා නම් වැඩේ. කරලා හොඳ ආදර්ශයක් දෙන්න රටට (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 15 July 2013 02:48 PM

ශුද්ධෝදන රජතුමා තම පුත් සිදුහත් කුමරුට තුන් වතාවක්ම වැඳ තියෙනවා. ඇමති තුමා පුතාට වඳින්නේ නැහැ කොහොමටවත්. කතාවෙන් තේරුම් ගත යුත්තේ ප්‍රමිත පුතා නොහොබිනා වැඩ නොකරන ශිෂ්ට සම්පන්න දරුවෙක් බවයි. අනෙක් ඇමති දරුවන්ට මෙය ආදර්ශයක්.(නදී)

:       0       0

අජිත් Monday, 15 July 2013 11:29 AM

ඔබේ අදහස් ඉතාම අගය කරමි (නි)

:       0       0

රානා Monday, 15 July 2013 11:31 AM

ඔය කියන්නේ ඇත්තටම නම් ඔබ හොද තාත්තා කෙනෙක්. (නි)

:       0       0

දම්මික පෙරේරා Monday, 15 July 2013 11:31 AM

දේශපාලනය කරන බොහෝ දෙනෙක්ගේ දිව ඕනෙම විදියට හසුරුවන්න පුළුවන්. මෙයා මේක කිව්වේ අවංකව වෙන්නත් පුළුවන්. සමහර විට ලකුණු දමා ගන්නට වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

පර්ත් Monday, 15 July 2013 11:32 AM

ඔබේ අදහස් ඉතාම වැදගත් , ඔබ දුර්ලබ දේශපාලකයෙකු බව පෙනෙනවා (නි)

:       0       0

නන්ද Monday, 15 July 2013 11:35 AM

ඔබතුමාගේ දරුවන් නම් හොදයි. ඒකට අපේ දරුවෝ ...... (නි)

:       0       0

නාරද Monday, 15 July 2013 11:47 AM

එතකොට මහත්තයෝ, එහෙම ගුරුවරු දනගස්සන දේශපාලකයින්ට ආපහු නොමිනේසන් දෙන එක.(නදී)

:       0       0

උපාලි Monday, 15 July 2013 11:56 AM

එතුමාගේ කතාවට තව වචනයක් දෙකක් එකතු කලා නම් වටිනවා. "අපේ පක්ෂේ මැති ඇමතිවරුන්ගේ දරුවන් ක්ලබ් වලට ගිහින් අහක ඉන්න මිනිස්සුන්ට තුවාල වෙන්න ගහන යුගයක" කියලා. (නි)

:       0       0

කුමාර Monday, 15 July 2013 03:29 PM

මීට කලින්නේ ඕක කියන්න තිබුණේ (නි)

:       0       0

ශෂී Monday, 15 July 2013 11:58 AM

ජනකගේ හැටි අපි දන්නවා. එත් රටට වැඩක් නෑනේ. මතකනේ දඹුල්ලේ සිද්දිය.(නදී)

:       0       0

උදය Monday, 15 July 2013 03:40 PM

දැන් එයා අදහන ආගමේ නම් ඕක හරාම් (නි)

:       0       0

ශාන්ත Monday, 15 July 2013 12:05 PM

මට මතක් වුණේ සුද්ධෝදන රජතුමා (නි)

:       0       0

කොඩිකාර Monday, 15 July 2013 12:06 PM

ආඩම්බර කතාවක් (දී)

:       0       0

රෝහණ Monday, 15 July 2013 12:07 PM

ඔබ තුමා කියන්නේ ඇත්තම නම් ඒක වටිනවා. මොකද මගේ ළමයින් ගැන මටත් බොහොම කලකිරිලා ඉන්නේ දැන්. ඒ අයව හදන්න ලොකු වැඩියි. හැබැහින්ම තාත්තා කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නම් ඒ දරුවෝ යහපත් දරුවෝ වෙන්න ඕනෑ. (නි)

:       0       0

පහන් Monday, 15 July 2013 03:59 PM

පාරුව පදින තුරු සයුරේ කැලබිල්ල කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ... (නි)

:       0       0

අචිනි Monday, 15 July 2013 12:17 PM

අනේ මන්දා ඇමතිතුමා. ඔබතුමා කියන්නේ ඇත්ත නම්, ඔබතුමා ආණ්ඩුවේ සියලුම දෙනාට ආදර්ශයක්. (නි)

:       0       0

සනත් අබේකෝන් Monday, 15 July 2013 12:20 PM

මම නම් එතුමාගේ ඒ කතාවට එකඟ නැහැ. මොකද දෙමව්පියෝ දරුවන්ට වඳින හේතුවක් කවදාවත් අපි අහලා නැහැ. දරුවෙක් මහණ කලොත් විතරයි දෙමව්පියෝ දරුවට වඳින්නේ. දරුවෝ කොච්චර හොඳ වුනත් එහෙම කරනවා නම් එතුමාගේ පෞර්ෂත්වය කෝ? පළාතක ජනතාවක් නියෝජනය කරන නායකයෙක් එලෙස සිතන එක වැරදියි. මමත් එතුමාගේ පළාතේ කෙනෙක්. හරිම කනගාටුයි මට නම් (නි)

:       0       0

සරත් Monday, 15 July 2013 12:29 PM

සුද්ධෝදන රජතුමත් සිදුහත් කුමාරයට වැන්දනේ (නි)

:       0       0

සත්‍යපාල Monday, 15 July 2013 12:42 PM

රානා,අජිත්,පර්ත්,නන්ද,නාරද, උපාලි, ශාන්ත, රෝහණ,අචිනි ඉන්නේ ලංකාවෙ නම් දඹුල්ල පැත්තේ නිකමට ගිහින් අහලා බලන්නකෝ. එහෙම නැත්නම් දඹුල්ල පැත්තේ කාගෙන් හරි අහලා බලන්නකෝ.(නි)

:       0       0

දේවා Monday, 15 July 2013 12:42 PM

දැන් ඉතින් අපි කාටත් ඡන්දෙන් පස්සේ දණ ගහන්නයි වෙන්නේ. හැබැයි මහත්තයෝ මේ පාර නම් බොරු බැහැ (නි)

:       0       0

රූපවතී Monday, 15 July 2013 12:54 PM

පුතා යුද්ධයක් පටන් ගත්තොත් ජනතාවගෙන් හොරා කාපු වස්තුව ඉල්ලලා දුන්නේ නැත්නම් බිත්තියට තියලා මැටිගහනවා කිව්වොත් අනිවාර්‍යෙයන්ම ඔය ටික කරනවා. මෝඩ ජනයාට මැජික් පෙන්නන්න එපා. නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 15 July 2013 12:55 PM

එතුමා දැන් අදහන ආගමේ එහෙම වන්දනාවක් තියනවද මන්දා. (නි)

:       0       0

නසා Monday, 15 July 2013 01:07 PM

ජනක තෙන්නකෝන් ගැන අපි හොදට දන්නවා. ප්‍රමිත තෙන්නකෝන් තවම වරදක් නැහැ. ඒ කතාව හරි. (නි)

:       0       0

නීල් රණා Monday, 15 July 2013 01:08 PM

වැන්දේ නැතත් දරුවන්ට ආදරයෙන් ගෞරවයෙන් දයාවෙන් සැලකිය යුත්තේ යම් දිනක ඔවුන් ඔබේ මුතුන් මිත්තන් වන නිසයි. ඔබ ගොඩනගනා ලෝකය යම්දිනක ඔබටම හිමිවේවි. එය ඔබට අප්‍රියවූ ඛේදජනක ලෝකයක් වුවහොත් ඒ ඔබේම පෙර වැරදි නිසාමයි. එවිට ජීවිතය ගැන පසුතැවීමේන්වත් නිවන් යායුතුයි කීමෙන්වත් පලක් නැහැ. (නි)

:       0       0

හරිත Monday, 15 July 2013 01:47 PM

ලංකාවේ අපිට ඉක්මනට අමතක වෙන නිසා ඔහොම කිව්වට කමක් නැහැ. මොකද ඒ දවස් වල අර දැන් හිරේ ඉන්න පොලිස් මහතාගේ පුතත් මලක් කියලනේ කිව්වේ.(නදී)

:       0       0

සරත් අතාවුද Monday, 15 July 2013 01:58 PM

අනේ ජනක මොනවද මේ කියන්නේ ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site