දරුවන් මෙන්ම දෙමාපියන් ද ආදර්ශමත් විය යුතු බවත්, ඇතැම් දේශපාලනඥයන් ගුරුවරුන් දණගස්වන යුගයක ගුරුවරුන් දරුවන්ගේ පිට පැලෙන්න පහර දෙන යුගයක දරුවන් ගුරුවරුන්ට පහරදෙන යුගයක තමාගේ දරුවන්ට වඳින්නට හිතෙන බව ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ජාතික පාසලේදී අද පැවසීය.
දරුවන් ඉබේ හැදෙන්නට ඉඩ නොදී හැදිය යුතු බවත්, මව්පියන් ඔවුනට ආදර්ශවත් විය යුතු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරකාර තාත්තා කෙනෙක් වගෙයි. (නි)
මේ ශ්‍රි ලංකාවේ දෙමුපියන්ට කොරන්න බැරිවුනේ ඔච්චරයි ඇමතිතුමෝ. අපේ රටේ වැරදි කරන දෙමුපියන්ගේ දරුවෝ යහපත් නම් දරුවන්ට වැන්දට පවු නැහැ. ඔන්න කොරනවා නම් වැඩේ. කරලා හොඳ ආදර්ශයක් දෙන්න රටට (නි)
ශුද්ධෝදන රජතුමා තම පුත් සිදුහත් කුමරුට තුන් වතාවක්ම වැඳ තියෙනවා. ඇමති තුමා පුතාට වඳින්නේ නැහැ කොහොමටවත්. කතාවෙන් තේරුම් ගත යුත්තේ ප්‍රමිත පුතා නොහොබිනා වැඩ නොකරන ශිෂ්ට සම්පන්න දරුවෙක් බවයි. අනෙක් ඇමති දරුවන්ට මෙය ආදර්ශයක්.(නදී)
ඔබේ අදහස් ඉතාම අගය කරමි (නි)
ඔය කියන්නේ ඇත්තටම නම් ඔබ හොද තාත්තා කෙනෙක්. (නි)
දේශපාලනය කරන බොහෝ දෙනෙක්ගේ දිව ඕනෙම විදියට හසුරුවන්න පුළුවන්. මෙයා මේක කිව්වේ අවංකව වෙන්නත් පුළුවන්. සමහර විට ලකුණු දමා ගන්නට වෙන්නත් පුළුවන්.(නදී)
ඔබේ අදහස් ඉතාම වැදගත් , ඔබ දුර්ලබ දේශපාලකයෙකු බව පෙනෙනවා (නි)
ඔබතුමාගේ දරුවන් නම් හොදයි. ඒකට අපේ දරුවෝ ...... (නි)
එතකොට මහත්තයෝ, එහෙම ගුරුවරු දනගස්සන දේශපාලකයින්ට ආපහු නොමිනේසන් දෙන එක.(නදී)
එතුමාගේ කතාවට තව වචනයක් දෙකක් එකතු කලා නම් වටිනවා. "අපේ පක්ෂේ මැති ඇමතිවරුන්ගේ දරුවන් ක්ලබ් වලට ගිහින් අහක ඉන්න මිනිස්සුන්ට තුවාල වෙන්න ගහන යුගයක" කියලා. (නි)
මීට කලින්නේ ඕක කියන්න තිබුණේ (නි)
ජනකගේ හැටි අපි දන්නවා. එත් රටට වැඩක් නෑනේ. මතකනේ දඹුල්ලේ සිද්දිය.(නදී)
දැන් එයා අදහන ආගමේ නම් ඕක හරාම් (නි)
මට මතක් වුණේ සුද්ධෝදන රජතුමා (නි)
ආඩම්බර කතාවක් (දී)
ඔබ තුමා කියන්නේ ඇත්තම නම් ඒක වටිනවා. මොකද මගේ ළමයින් ගැන මටත් බොහොම කලකිරිලා ඉන්නේ දැන්. ඒ අයව හදන්න ලොකු වැඩියි. හැබැහින්ම තාත්තා කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නම් ඒ දරුවෝ යහපත් දරුවෝ වෙන්න ඕනෑ. (නි)
පාරුව පදින තුරු සයුරේ කැලබිල්ල කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල ... (නි)
අනේ මන්දා ඇමතිතුමා. ඔබතුමා කියන්නේ ඇත්ත නම්, ඔබතුමා ආණ්ඩුවේ සියලුම දෙනාට ආදර්ශයක්. (නි)
මම නම් එතුමාගේ ඒ කතාවට එකඟ නැහැ. මොකද දෙමව්පියෝ දරුවන්ට වඳින හේතුවක් කවදාවත් අපි අහලා නැහැ. දරුවෙක් මහණ කලොත් විතරයි දෙමව්පියෝ දරුවට වඳින්නේ. දරුවෝ කොච්චර හොඳ වුනත් එහෙම කරනවා නම් එතුමාගේ පෞර්ෂත්වය කෝ? පළාතක ජනතාවක් නියෝජනය කරන නායකයෙක් එලෙස සිතන එක වැරදියි. මමත් එතුමාගේ පළාතේ කෙනෙක්. හරිම කනගාටුයි මට නම් (නි)
සුද්ධෝදන රජතුමත් සිදුහත් කුමාරයට වැන්දනේ (නි)
රානා,අජිත්,පර්ත්,නන්ද,නාරද, උපාලි, ශාන්ත, රෝහණ,අචිනි ඉන්නේ ලංකාවෙ නම් දඹුල්ල පැත්තේ නිකමට ගිහින් අහලා බලන්නකෝ. එහෙම නැත්නම් දඹුල්ල පැත්තේ කාගෙන් හරි අහලා බලන්නකෝ.(නි)
දැන් ඉතින් අපි කාටත් ඡන්දෙන් පස්සේ දණ ගහන්නයි වෙන්නේ. හැබැයි මහත්තයෝ මේ පාර නම් බොරු බැහැ (නි)
පුතා යුද්ධයක් පටන් ගත්තොත් ජනතාවගෙන් හොරා කාපු වස්තුව ඉල්ලලා දුන්නේ නැත්නම් බිත්තියට තියලා මැටිගහනවා කිව්වොත් අනිවාර්‍යෙයන්ම ඔය ටික කරනවා. මෝඩ ජනයාට මැජික් පෙන්නන්න එපා. නදී)
එතුමා දැන් අදහන ආගමේ එහෙම වන්දනාවක් තියනවද මන්දා. (නි)
ජනක තෙන්නකෝන් ගැන අපි හොදට දන්නවා. ප්‍රමිත තෙන්නකෝන් තවම වරදක් නැහැ. ඒ කතාව හරි. (නි)
වැන්දේ නැතත් දරුවන්ට ආදරයෙන් ගෞරවයෙන් දයාවෙන් සැලකිය යුත්තේ යම් දිනක ඔවුන් ඔබේ මුතුන් මිත්තන් වන නිසයි. ඔබ ගොඩනගනා ලෝකය යම්දිනක ඔබටම හිමිවේවි. එය ඔබට අප්‍රියවූ ඛේදජනක ලෝකයක් වුවහොත් ඒ ඔබේම පෙර වැරදි නිසාමයි. එවිට ජීවිතය ගැන පසුතැවීමේන්වත් නිවන් යායුතුයි කීමෙන්වත් පලක් නැහැ. (නි)
ලංකාවේ අපිට ඉක්මනට අමතක වෙන නිසා ඔහොම කිව්වට කමක් නැහැ. මොකද ඒ දවස් වල අර දැන් හිරේ ඉන්න පොලිස් මහතාගේ පුතත් මලක් කියලනේ කිව්වේ.(නදී)
අනේ ජනක මොනවද මේ කියන්නේ ?(නදී)